මතු පිටින් දුටු පමණින් පූර්ව නිගමන එපා
කොළඹ මාලිගාකන්ද,
විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය,
පොළොන්නරුව,ධනංජය රජමහා විහාරාධිකාරී,
රාජකීය පණ්ඩිත, දර්ශනපති
කන්දේගම දීපවංසාලංකාර හිමි
බුදු දහමේ උගන්වන විශිෂ්ඨතම සූත්‍ර දේශනාවක් ලෙස කාලාම සූත්‍ර දේශනාව හඳුන්වා දිය
හැකිය. විශේෂයෙන් ම කාලාම සූත්‍ර දේශනාවේ දී බුදු දහමේ සිතීමේ හා විමසීමේ නිදහස
පිළිබඳව ඉතාමත් ම හරවත් ඉගැන්වීමක් සඳහන් වෙනවා.
තථාගතයන් වහන්සේගේ සමයේ එසේ නැතිනම් ක්‍රි. පූ. 6 වන සියවස පමණ වන විට සිතීමේ සහ
විමසීමේ නිදහස යම් ප්‍රමාණයකට අව ප්‍රමාණය වී හෙවත් නැති නම් සීමා සහිතව තිබුණා. ඒ
නිසාම තමා තථාගතයන් වහන්සේ ‘භද්දවග්ගිය” කුමාරවරුන් තමන් වහන්සේ හමුවට පැමිණ
දූතිකාවක් නැතිවීම පිළිබඳව විමසන අවස්ථාවේ දී තථාගතයන් වහන්සේ මේ කුමාරවරුන්ට
ව්‍යංගයෙන් ඉඟියක් කළාදෝයි සිතෙනවා. ‘තමන් ගැන තමන් ම සොයන්න කියා’ පැවසීම
බුදුරජාණන් වහන්සේ සමාජයට පළමුවෙන් ම එනම් කාලාම සූත්‍රය දේශනා කරන්නටත් පෙර
භද්දවග්ගිය කුමාරවරුන්ට ඉඟියක් දෙනවා තමන් අන්‍යයන් ගැන සොයනවාට වඩා අන්‍යයන්ගෙන්
පිහිටක් ප්‍රාර්ථනා කරනවාට වඩා තමන් ම තමන් ගැන සොයන එක හොඳයි නේද කියා. ඒ නිසා
මෙහි නවමු දිගුවක් ලෙස ‘කාලාම සූත්‍රය’ අපට හඳුනාගන්නට පුළුවනි.
අප භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයේ ‘කාලාමයන්’ වාසය කරන ‘කේසපුත්ත’ නම් නියම් ගමට
භික්ෂු සංඝයාත් පිරිවරාගෙන වැඩම කර වැඩ වාසය කරන බවට ආරංචිය පැතිර ගියා. එම ගමෙහි
වාසය කළ කාලාමයන් තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයකින් කටයුතු කළා.
තථාගතයන් වහන්සේ හමුවට පැමිණි කාලාමයෝ පවසනවා. ස්වාමිනී, මේ පළාතේ ඉන්නා සමහර ආගමික
නායකයෝ, බ්‍රාහ්මණ නායකයෝ තමන්ගේ ම ඉගැන්වීම් ශ්‍රේෂ්ඨයි, අන්‍යය ඉගැන්වීම්
ශ්‍රේෂ්ඨ නැහැ කියා තමන්ගේ ම දහම උළුප්පා දක්වන එනම් ඉහළට ඔසවා තබන ස්වභාවයක්
පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේට කරුණු සඳහන් කරනවා. ඒ මොහොතේ දී තථාගතයන් වහන්සේ
‘අත්තුක්ඛංසනය’ තමන් ඔසවා තැබීමේ ස්වභාවයත්, එලෙසම අන්‍යයන් හෙලා දැකීමේ ස්වභාවයත්
අත්හැර දමා තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ඔබලා මා ළඟට එන්න, ඔබලාගේ විමසීම හරි.
තථාගතයන් වහන්සේ සෑම වෙලාවකදීම යමක් ප්‍රශ්න කරනවාට විරුද්ධ බවක් ද දැක්වූයේ නැහැ.
සූත්‍ර දේශනාවට අනුව,
‘අලං හි වෝ කාලාමා කංධිතුං
අලං විචිකිච්ඡිතුං කංඛනීයේ ද
පන වො ඨානේ විචිකිච්ඡා උප්පන්නා’
‘කාලාම’ මේ නුඹලා සැක කරන්නට ඕන තැන සැක කරනවා. සැක කරන්න ඕනම වෙලාවේ දී සැක කරනවා.
විචිකිච්ඡාව ඇතිවිය යුතු තැනමයි විචිකිච්ඡාව ඇතිවෙලා තියෙන්නේ. කාලාමයෙනි, ඔය
ඇතිවෙලා තියෙන සැකය බොහෝම සාධාරණයි.
එසේ සඳහන් කර තථාගත බුදුරජාණන් වහන්සේ කාලාමයන් සියලු දෙනාට මෙලෙස දේශනා කරනවා.
‘කාලාමයනි’, මේ ලෝකයේ යම් කෙනෙක් යමක් පිළිගත යුතු ස්වභාවයන් කීපයක් පවතී. එහි පළමු
කරුණ නම්
‘මා අනුස්සවේන’ – ආරංචි මාර්ගයෙන් කටකතා මාර්ගයෙන්, එනම් තමන් දැකලත් නැහැ, අහලත්
නැහැ, තමන්ට කියූ පුද්ගලයා දැකලත් නැහැ, අත්විඳලත් නැහැ, අත්දැකීමකුත් නැහැ. එනම්
‘ලූ’ ප්‍රත්‍යයෙන් යුක්තව කිව්ව ලු, මෙහෙම වුණා ලු, ගියා ලු,..... යනුවෙන් තව
කෙනෙක් අසා තවත් කෙනෙකුට කියපු ආරංචි පිළිගන්නට එපා යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා
කරනවා.
‘මා පරම්පරාය’ – පරම්පරාවෙන් ආවා කියා ගන්නත් එපා. දැන් සමහර අය ඉන්නවා නුවණ
තියෙනවා. බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන්. ඒ අය දන්නවා පරම්පරාව කරගෙන ආ ක්‍රමය
වැරදියි කියා. නමුත් අත්හරින්නේ නැහැ. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන් ආ නිසාය කියා.
තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරම්පරාවෙන් ආ නිසා පිළිගන්නත් එපා කියාය.
‘මා ඉතිකිරාය’ - මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න ඇති කියා උප කල්පනය කරනවා. මෙන්න මේ
කරුණ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න ඇතියි කියා මේ අය කල්පනා කර යම් කිසි කරුණක්
කියනවා.
මා පිටකසම්පදානේන’ - පොත්පත්වල මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ හැටියට නම්
මේක හරි හෝ වැරදි හෝ කියා පිළිගන්නට උත්සාහ කරන්න එපා.
‘මා තක්ක හේතු’ – තර්කයට එකඟයි කියා පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට එපා.
‘මා නය හේතු’ – න්‍යායට අනුව බැලූ පසු මේ දේ මේ ආකාරයට ගලපා ගන්න පුළුවන් කියා හෝ
ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියා ගන්න එපා.
‘මා ආකාරපරිවිතක්කේන’ – අප යම් කිසි දෘෂ්ටියක බැසගෙන එම දෘෂ්ටියට මෙය ගැළපෙනවා කියා
ගන්නට එපා.
‘මා දිට්ඨිජ්ඣානක්ඛන්තියා’ - සොයන්නේ බලන්නේ නැතිව දෘෂ්ටියට එකඟයි කියන මතවාදයට
බැසගෙන තීරණ ගන්න එපා.
‘මා භබ්බරූපතාය’ - ගෞරවයක් තිබෙන නිසා, ගෞරවයෙන් පිළිගන්න ඕන කියන භක්තියෙන්
පිළිගන්නත් හොඳ නැහැ.
‘මා සමණෝ නො ගරූති’ – අපගේ ශාස්තෘවරයා, ගුරුවරයා කියූ නිසා පිළිගන්න එපා කියා තථාගත
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ.
තථාගත බුදුරජාණන් වහන්සේ වීමංසනය නැතිනම් පරීක්ෂා කිරීමේ ස්වභාවය තථාගතයන් වහන්සේගේ
දේශනාවේ උදාහරණයක් ලෙස, දක්ෂ රන්කරුවෙක්ට බිම වැටී පොළොවට යට වී තිබූ රන් කැබැල්ලක්
හමුවෙනවා. මෙම රන්කරුවා එය දුටු පමණින් රන් කියා භාරගන්නේ නැහැ. එම රන් කැබැල්ල
තලා, පුච්චා, කපලා මෙහි නිවැරදි තත්ත්වය පරීක්ෂා කර බලා අවසන මෙය රත්තරං ද? නැද්ද?
කියා තීරණයකට පැමිණෙනවා. එලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා යමක්
මතුපිටින් දැක්ක පමණින් තමන් පූර්ව නිගමනයකට නොපැමිණ, ගවේෂණය කර, ප්‍රශ්න කර,
සාකච්ඡා කර නිගමනයකට පැමිණිය යුතුයි කියාය. එලෙසම ධර්මය අසා සිටීමට පමණක් නොව එහි
යම් ගැටලුවක් පවතිනවා නම් සාකච්ඡා කරන්න කියන දේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා
කරනවා. සාකච්ඡාවෙන් ප්‍රඥාව දැන ගන්න පුළුවන් බව වරක් තථාගතයන් වහන්සේ කොසොල්
රජතුමාට සඳහන් කරනවා. යම් ගැටලුවක් උද්ගත වූ අවස්ථාවක තැති ගැනීම් තත්ත්වයකට පත්
නොවී යමක් දිහා යථාර්ථවාදීව බලන්න පුළුවන්නම්, ඒක තමයි ශ්‍රේෂ්ඨ වන්නේ කියා දේශනා
කරනවා. එපමණක් නොව තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, වසා තැබුවොත් ධර්මය බබළන්නේ
නැහැ. ධර්මය බබළන්නට නම් ධර්මය විවෘත විය යුතුයි. යම් කිසි භාජනයක කළු බැඳිලා එම
භාජනය පිරිසුදු කරන්නෙ නැති නම් ඒක හොඳින් මදින්න ඕනෙ. මේ ධර්මයත් එහෙමයි. නොයෙකුත්
සම්ප්‍රදායන් තුළින් සැබෑ ධර්මය වසා, එනම් සම්ප්‍රදායන් විසින් ගොඩනැගූ බාහිර කරුණු
නිසා යථාර්ථය වසා සම්ප්‍රදායන් ඔස්සේ දුවනවා.
බුදු දහමේ එන සමහර අංග දිහා බැලූ විට ඒවායේ මූලික හරය යටට ගිහින් නිස්සාර දේ උඩට
පැමිණ ඇත. ඒවා දෙස බැලූ විට ‘මා පරම්පරාය’ මේක පරම්පරාවෙන් ආපු නිසා, ආචීරණ සංකල්ප
හැටියට අත්හරින්නෙ නැතිවම ගුරු පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන එනවා. මෙය නොවෙයි තථාගතයන්
වහන්සේ දේශනා කරන්නේ. මේ ධර්මයත්, සත්‍යයත් සෙවීමේදී විස්තර කර, විවරණය කර, පරීක්ෂා
කර බලන්න. අර කලින් සඳහන් කළ රන්කරුවා රන් කැබැල්ල පරීක්ෂා කළා සේය.
‘මා නය හේතු’ න්‍යායාත්මක වශයෙන් සමහර දේට අපට එකඟ වෙන්න බැහැ. සමහර අය පවසනවා
දිව්‍ය ලෝක තියෙනවා නම් අපට පේන්න ඕන කියා. ඒක න්‍යායාත්මකව හරි. නමුත් ඒක
න්‍යායාත්මක වගේ ම තාර්කිකයි. ‘මා තක්ක හේතු’ අප ඇස් දෙකට දකින දේත් බොරු වන අවස්ථා
පවතිනවා. ‘පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤූහිති’ මේව ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැනගත යුතුයි.
විඤ්ඤූති – නුවණැති පුරුෂයන් ඒක අවබෝධයෙන් ම දැන ගන්න ඕනෙ, තථාගත බුදුරජාණන් වහන්සේ
දේශනා කළ ඒ ධර්මය පුරුදු කරන්න ඕනෙ. තමන්ගෙ ජීවිතයට ප්‍රායෝගිකව ගොනු කර ගන්න ඕන.
එහි රසය, දැනීම හැඟීම ලබාගන්න නම් තමන් ධර්මයෙහි යෙදෙන්නට ඕනෙ. මතුපිටින් දැක්කට,
බැලුවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය දැකිය නොහැකිය.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සෑම දෙයක් ම වීමංසනයෙන් කළ යුතු බවයි. ප්‍රබල
හින්දු රාජ්‍යයක උප්පත්තිය ලැබූ හින්දු රජකෙනෙක්ගෙ පුතෙක් වූ අප බෝසතාණන් වහන්සේට
මේ මැද මාවත තෝර ගන්නට හැකි වූයේ වීමංසනයෙන් කටයුතු කළ නිසාය. නැතිනම් උන්වහන්සේ
උපතේ සිට සරණ මංගල්‍යය දක්වා වු සුබ සෑම කටයුත්තකදිම බමුණු දහමට අනුව කටයුතු සිදු
කළ උතුමෙක්.
කාලාම සූත්‍රය දෙස බැලූ පසු අපට පැහැදිලි වන්නේ වීමංසනය ඒ කියන්නේ වසා තිබූ බුද්ධිය
විවෘත කළ දෙයක් ලෙසය. තථාගත බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ
සඳහන් කරන්නේ ‘පුබ්බේ අනනුස්සු තේතු ධම්මේසු’ කලින් මෙහෙම ධර්මයක් අසා නැහැ. පඤ්ඤා
උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි දැන් තමයි ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ වන්නේ
කියා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් වීමංසනය කෙතරම් ශ්‍රේෂ්ඨ ද කියා වැටහෙනවා.
ලෝකයේ අති පූජනීය සුත්‍රයක් බවට මානව සංහතියේ ඉදිරි පැවැත්ම සඳහා සුවිශේෂී
සූත්‍රයක් දේශනයක් ලෙසත් කාලාම සුත්‍රය හඳුන්බවා දිය හැකිය. |