අරහත් ධජය හෙවත් චීවරය
උනන්විටියේ
ශ්‍රී විජයාරාමාධිපති රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රාචාර්ය
වැයිහේනේ සුමන නා හිමි
කසාවත යනු සිවුරට තවත් නමකි. ගස්වල කොල , පොතු මුල්, ආදිය තම්බා එම කහට පොවා සකස්
කර ගන්නා බැවින් එසේ කියනු ලැබේ. මෙසේ ඖෂධීය ගුණයෙන් යුතු කහට නිසා මැසි මදුරු ආදී
සතුන්ගෙන් වන උවදුරු අවම වේ. විශේෂයෙන් අරණ්‍යවාසී භික්ෂුවට එයින් වැඩි ප්‍රයෝජනයක්
ලැබේ. එහෙත් දැනට වෙළෙඳ පොළේ ඇති විවිධ ඩයි වර්ග යොදා සකස් කරන ලද සිවුරුවලින් ඉහත
කී ප්‍රයෝජන ලැබීම උගහටය. විවිධ වර්ණයන් ගෙන් යුත් සිවුරු ඇතත් ඉදුනු නුග ගෙඩියේ
පාට සිවුරු සඳහා වඩා සුදුසු බව කියනු ලැබේ.
මිනිස් සමාජයේ මූලික අවශ්‍යතා හතරකි. එනම් ආහාරපාන, ඇඳුම්, නිවාස හා ලෙඩට බෙහෙත් යන
මේවායි. මෙහි දී ප්‍රමුඛස්ථානය ලැබී ඇත්තේ ආහාරයටයි. ඊට හේතුව නම් ආහාරයෙන් තොරව
කිසිවෙකුටත් ජීවත් විය නොහැකි වීමයි. භික්ෂුවටද මේ අවශ්‍යතා අනිවාර්යයි. එහෙත්
වෙනසකට ඇත්තේ චීවරයට හෙවත් ඇඳුමට ප්‍රමුඛස්ථානය දීමයි. පැවිදි ජීවිතයේ ආහාරයටත් වඩා
අවශ්‍ය සාධකය වන්නේ හිරි ඔතප් රැක ගැනීමයි.
බුද්ධ කාලය වන විට දඹදිව බහුල වශයෙන් දක්නට ලැබෙන අචේලකාදීන්ගේ දර්ශනයෙන් විපිළිසරව
සිටි සමාජයට ත්‍රිමණ්ඩල හැඳ පෙරවා මනා සංවරයෙන් සැරිසරන ශ්‍රමණ සමාජය පි‍්‍රයමනාප
දර්ශනයක් වූවාට සැක නැත. චීවර ප්‍රත්‍යය හෙවත් සිවුරු පරිභෝග කිරීමේදි ඉන් ලබන
ප්‍රයෝජන කවරේදැයි ප්‍රත්‍යවේක්ෂාවේදී පැහැදිලිව දක්වා ඇත. එනම් ශීත උෂ්ණාදීයෙන්
මැසි මදුරුවන්ගෙන්, වාතයෙන්, අව්වෙන්, සතුන්ගේ ස්පර්ශයෙන් ආරක්ෂා වීම හා ලජ්ජා සහගත
තැන්වසා ගැනීම ඉන් අදහස් කෙරේ.
තුන් සිවුර යනු අටපිරිකරට අයත් අඳනය, තනිපට සිවුර හෙවත් උත්තරාසංගය සහ දෙපට සිවුර
යන මේවායි. මෙයින් දෙපට සිවුර සංඝාටි යන නමින්ද හැඳින්වේ. සඟල සිවුර යනු හෙළ වහරයි.
සිවුර සකස් කිරීම මෙන්ම පාවිච්චි කිරීමද විනයානුකූලවිය යුතුය. ත්‍රිමණ්ඩල
පටිචිජානයෙන් හෙවත් දෙදණ නැබ යන තුන් තැන වැසෙන සේ අඳනය හෙවත් අන්තරවාසකය හැඳිය
යුතුය. ඒ මත කාපහන් හෙවත් පටිය බැඳිය යුතුය. පටිය නොබැඳ අරමින් බැහැර නොයා යුතුය.
(කාය බන්ධනං බද්ධෙමව ගන්තුං වට්ටති) භික්ෂු ජීවිතයට අයත් අටපිරිකර පමණි. බහුල
වශයෙන් කවර පිරිකරක් හෝ සතුව සිටීම බහුභණ්ඩික වීමේ වරදට හසු වන්නකි. වැඩිපුර ඇති
පිරිකර ආදිය සබ්‍රම්සරුන් වෙත පරිත්‍යාග කළ යුතුය. අට පිරිකරින් පමණක් සෑහීමට පත්
විය යුතුය. (සෙය්‍යථාපි භික්ඛවේ පක්ඛිසකුණෝ සපත්තභාරෝව ඩයති) පක්ෂියෙකු පියාපත්
පමණක් රැගෙන යන්නාක් මෙන් භික්ෂුව ද අරමින් බැහැර යන විට අටපිරිකර පමණක් රැගෙන යා
යුතුය.
කසාවත යනු සිවුරට තවත් නමකි. ගස්වල කොල , පොතු මුල්, ආදිය තම්බා එම කහට පොවා සකස්
කර ගන්නා බැවින් එසේ කියනු ලැබේ. මෙසේ ඖෂධීය ගුණයෙන් යුතු කහට නිසා මැසි මදුරු ආදී
සතුන්ගෙන් වන උවදුරු අවම වේ. විශේෂයෙන් අරණ්‍යවාසී භික්ෂුවට එයින් වැඩි ප්‍රයෝජනයක්
ලැබේ. එහෙත් දැනට වෙළෙඳ පොළේ ඇති විවිධ ඩයි වර්ග යොදා සකස් කරන ලද සිවුරුවලින් ඉහත
කී ප්‍රයෝජන ලැබීම උගහටය. විවිධ වර්ණයන් ගෙන් යුත් සිවුරු ඇතත් ඉදුනු නුග ගෙඩියේ
පාට සිවුරු සඳහා වඩා සුදුසු බව කියනු ලැබේ.
සිවුර සකස් කර ගැනීමේදී පස් කඩට හෝ සත් කඩට මසා ගත හැක. සිවුරේ ආකෘතිය මගධ
ක්ෂේත්‍රයේ නියර යොදා ඇති පරිදි සකස් කරගැනීමට බුදුන් වහන්සේ අනුදැන වදාරා ඇත. ඒ
අනුව විනයානුකූලව සිවුරක් සකස් කර ගැනීමේදී ගැබ, නුවා, ගණ්ඨිය හා ගණ්ඨි පාසය යෙදීම
අනිවාර්ය වෙයි. හැඳ පෙරවීමට නුසුදුසු සිවුරක් පාවිච්චියෙන් ඉවත් කිරීමේදීද
පච්චුද්ධරණය කිරීමත් (ඉමං උත්තරාසංගං පච්චුද්ධරාමී) අලුත් සිවුරක් පාවිච්චියට
ගැනීමේදී (ඉමං උත්තරාසංගං අට්ටඨාමි) අධිෂ්ඨාන කිරීමත් අවශ්‍ය වේ.
භික්ෂුව චීවර පරිභෝගයේ දී සෙසු ප්‍රත්‍යයන් කෙරෙහි මෙන් අල්පේච්ඡ විය යුතුය.
(පංසුකූල චීවරං නිස්සාය තේ පබ්බජ්ජා) අතිරේක වශයෙන් ලැබෙන චීවර ගැන අපේක්ෂා නොකළ
යුතුය. පංසුකූල වස්ත්‍ර යනුවෙන් අදහස් කරනු ලබන්නේ පොදු ජනතාව පාවිච්චියෙන් ඉවත්
කොට බැහැර ලන ලද වස්ත්‍රය. පුරාණ කාලයේ මළ මිනි රෙදි කඩක ඔතා අමු සොහොනට ගෙනගොස්
දැමීම බහුලව සිදුවූ දෙයකි. කසල ගොඩවල ඇති රෙදි කැබලිද කිසිවෙකු අයිතිවාසිකම් නොකියන
ඉවත දමා ඇති රෙදි කැබලිද පාංසුකූල සංඥාවෙන් ගෙන සකස් කර ගන්නා ලද සිවුර පංසුකූල
චීවර නම් වේ.
තථාගත බුදුපියාණන් වහන්සේ සතුව තිබුණ පාංසුකූල චීවරය ( පසුල් මහ සිවුර) මහා කාශ්‍යප
මහ රහතන් වහන්සේගේ පංසුකූල චීවරය සමඟ ටික වේලාවකට මාරු කර ගත් බවක්ද සඳහන් වේ. එසේ
කරන ලද්දේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ගෞරවයක් වශයෙනැයි ද සඳහන් වේ. |