අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016:
ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)
දහම් පාසල් ගුරු උපදේශක
ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
9 වන අභ්‍යාසය
1) කිසිවකු නොරවටා මුලා නොකර සත්‍ය ගරුකව ක්‍රියා කිරීම සත්‍ය පාරමිතාවේ අරමුණ වේ.
බෝ සතුන් මෙම පාරමිතාව පිරූ ආකාරය පැහැදිලි කරන ජාතක කතාව නම්,
1.වට්ටක ජාතකයයි
2.මහා කපි ජාතකයයි
3.ලෝමහංස ජාතකයයි
4.උම්මග්ග ජාතකයයි
2) පාරමිතා ගුණ ධර්ම පුහුණු කරන්නෙක් ඒවා කරුණු පහකින් සම්පූර්ණ කරනු ලැබේ. මෙම ගුණ
ධර්මයන්ට අයත් නොවන කරුණ මින් කුමක්ද?
1.තණ්හාවෙන් තොරව දාන ශීලාදී ගුණ ධර්ම පිරීම
2. මානයෙන් තොරව ගුණ ධර්ම පිරීම
3.මිථ්‍යාදෘෂ්ඨියෙන් තොරව ගුණ ධර්ම පිරීම
4. අට ලෝදහමින් කම්පා නොවී ගුණ ධර්ම පිරීම
3) සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පාරමී, උප පාරමී,
පරමත්ථ පාරමී යන ත්‍රිවිධාකාරයෙන්ම දස පාරමී වැඩිය යුතුය. පසේ බුද්ධත්වය ප්‍රාර්ථනා
කරන බෝසත්වරු පිරිය යුතු වන්නේ,
1. පාරමී පමණි
2. පාරමී සහ පරමත්ථ පාරමී පමණි
3.පාරමී සහ උපපාරමී පමණි
4. උප පාරමී සහ පරමත්ථ පාරමී පමණි.
4) අප මහ බෝසතුන් දාන උප පාරමිතාව පූර්ණය කළ බව දැක්වෙන ජාතක කතාව වනුයේ,
1. වෙස්සන්තර ජාතකයයි
2. සිවි ජාතකයයි
3.සස ජාතකයි
4.දහම්සොඬ ජාතකයයි
5) බෝසත්වරු පාරමිතා ගුණ ධර්ම පුහුණු කිරීමේ පරමාර්ථ දෙකකි. එනම්, අත්හැරීම් හා
ජීවිතයට එක් කිරීම යන කරුණු දෙකයි. මින් ජීවිතයට එක් කරනු ලබන්නේ,
1. කරුණාවෙන් යුක්තව දාන ශීලාදී ගුණ ධර්මයන්ය
2. කරුණාව ඉවසීම ආදී ගුණ ධර්මයන්ය
3.ප්‍රඥාව හා ඉවසීම පුරුදු කිරීමය
4. අලෝභය හා අමෝහය ආදී කුසල චේතනා වැඩි දියුණු කිරීමය
6) දූරංගමං ඒක චරං
අසරීරං ගුභාසයං
යේ චිත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්කන්ති මාර බන්ධනං
මිනිස් සිතේ ස්වභාවය පැහැදිලි කරන මෙම ධම්ම පද ගාථාව අයත් වන්නේ කිනම් වග්ගයටද?
1.චිත්ත වග්ගයටය
2.සුඛ වග්ගයටය
3.බාල වග්ගයටය
4.පණ්ඩිත වග්ගයටය
7) යම්කිසි පුද්ගලයෙකු හෝ වස්තුවක් පිළිබඳ හෝ යම් ක්‍රියාවක් ගැන හෝ අප්‍රිය
ස්වභාවය බුදු දහමේ හැඳින්වෙන්නේ,
1. ථීන මිද්ධය යනුවෙනි
2. ව්‍යාපාදය යනුවෙනි
3. විචිකිච්චා යනුවෙනි
4.උද්ධච්ච කුක්කුච්ච යනුවෙනි
8) සමථ භාවනාවේ යෙදීමට බලාපොරොත්තු වන යෝගියා කම්මට්ඨානාචාර්ය වරයකු වෙත එළඹිය
යුතුය. එමෙන්ම, තම චරිත ලක්ෂණ වලට අනුව කමටහන් හෙවත් උපදෙස් ලබා ගත යුතුය. එවැනි
පුද්ගල චරිත හයකි. ඉන් මෝහ චරිත ඇති තැනැත්තාගේ ලක්ෂණය නම්,
1.ආශාව අධික බවය
2.ද්වේශය අධික බවය
3. මුලාව හෙවත් මෝඩකම අධික බවය
4. ශ්‍රද්ධාව අධික බවය
9) සම්බුදු සසුන රඳා පවතින්නේ සිල්වත් ගුණවත් උගත් ශ්‍රාවකයන් වහන්සේලා මතයි.
කෙතරම් බුදු පිළිම තිබුණත්, චෛත්‍ය, වෙහෙර විහාර තිබුණත් එම වස්තූන්ට බුදුසසුන රැක
ගැනීමට හැකියාවක් නොමැත. සම්බුදු සසුන රැක ගැනීමට පහළ වූ “ පාරමිතා ප්‍රකරණය” නම්
වූ ග්‍රන්ථය රචනා කළ යතිවරයාණන් වහන්සේ නම්,
1. බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමි
2. රේරුකානේ චන්දවිමල නා හිමි
3. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නා හිමි
4.හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි
10. ක්‍රි.ව. 1873 දී ඇති වූ පානදුරාවාදය පංචමහා වාද අතර විශාල ප්‍රසිද්ධියක් ඉසුලූ
වාදයකි.එම වාදයෙහි ප්‍රධාන තැනක් ඉසුලූ මහා තෙරණමකි,
1. වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි
2. දැවමොට්ටාවේ අමරවංශ නා හිමි
3.මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි
4. තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නා හිමි
11) පරම විඥ්ඥානාර්ථ නම් බෞද්ධ සමාගම පිහිටු වීමට මුල් වී ක්‍රියා කරන ලද්දේ,
1. බ්ලැවැට්ස්කි මැතිනියයි
2. දොන් ඩේවිට් හේවාවිතාරණයි
3. කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කොට් තුමායි
4. එඩ්වින් ආනෝල් පඬිතුමයි
12) ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ මූලිකත්වයෙන් ඉන්දියාවේ කල් කටාවේ පිහිට වූ
මහා විහාරය හඳුන්වන්නේ,
1. කල්කටා බෞද්ධ විහාරය නමින්ය
2. කල්කටා ධර්ම රාජික විහාර නමින්ය
3. මූලගන්ධකුටි මහා විහාරය නමින්ය
4. කල්කටා මෛත්‍රී විහාරය නමින්ය
13) නතං කම්මං කථං සාධු
යං කත්වා අනු තප්පතී
යස්ස අස්සූ මුකෝ රෝධං
විපාකං පටි සේවතී
ධම්ම පදයේ බාල වග්ගයේ සඳහන් වන මෙම ගාථාවෙන් කියැවෙන්නේ,
1. යම්කිසි ක්‍රියාවක් කොට පසු තැවෙන්නට සිදුවේද? ඒවා කළ යුතුය
2. යම්කිසි ක්‍රියාවක විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විඳින්නට සිදුවේද
ඒවා කළ යුතුය
3.යම්කිසි ක්‍රියාවක විපාක නිසා පසු තැවීම, ඇඬීම ආදියට මූණ පෑමට සිදුවේයැයි දන්නේ
නම් ඒවා කළ යුතුය
4.යම් ක්‍රියාවක විපාකය නිසා පසුතැවීම කඳුළු පිරි මුහුණින් යුතුව ඇඬීම විඳින්නට
සිදුවේනම් එබඳු දේ නොකිරීම යහපත්ය
14) සූකරාණී අසාධූනි
අත්ථනෝ අහිතානිච
යංවේ හිතංච සාධුංච
තංවේ පරම දුක්ඛරං
ධම්ම පදයෙන් විභාගයට නියමිත මෙම ගාථාව ඇතුළත් වන වග්ගය නම්,
1. ජරා වග්ගයටය
2. අප්පමාද වග්යටය
3.අත්ථ වග්ගයටය
4.බාල වග්ගයටය
15) බෞද්ධයාගේ හස්ථසාර ග්‍රන්ථය ධම්මපදය වශයෙන් සලකනු ලබන අතර මෙම පොත ඇතුළත් වන්නේ
සූත්‍ර පිටකයෙහි,
1.මජ්ජිම නිකායටය
2.සංයුක්ත නිකායටය
3. දීඝ නිකායටය
4. ඛුද්ධක නිකායටය
පිළිතුරු
1–1 6– 1 11– 3
2-4 7–2 12– 2
3- 3 8– 3 13- 4
4-2 9– 2 14– 3
5– 1 10– 3 15– 4 |