බුදුපිළිමයේ උපත - 36:
මහා ප්‍රජාපතී ගෝතමිය හා මෙහෙණ සස්න
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා M sc පර්යේෂණ
අතීත භාරතයෙහි බුද්ධාගම ජනතාව අතර ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරී ගියේය. බුදුසමයට ජනතාව
වඩ වඩාත් සමීප වූ නිසා එතෙක් ලාභ සත්කාර ලබමින් සිටි අන්‍යාගමිකයින්ට එය දරාගත
නොහැකි වූයේය. බුදු දහමේ ව්‍යාප්තිය නොඉවසූ එකල විසූ අන්‍ය ආගමිකයෝ අකටයුත්තකට මුල්
වූයේ එහෙයිනි. බෞද්ධ සාහිත්‍යයෙහි එක්තරා සිදුවීමකින් මේ බව පැහැදිලි වේ.
“සුන්දරි පරිබ්‍රාජිකාවකි. අභිරූපිකාවකි. බුදුසසුන ජනපි‍්‍රය වීමෙන් බොහෝ ලාභ
සත්කාර වැඩිවන්නට විය. සෙසු ආගම් ලාභ සත්කාරයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය. මෙයින්
පසුබෑමට ලක් වූ පරිබ්‍රාජිකයෝ බුදුසසුන අවමානයට ලක්කිරීමේ කුමන්ත්‍රණයක් කළහ. ඔවුහු
සුන්දරී පරිබ්‍රාජිකාව මේ සඳහා යොදා ගත්හ. ඇය සමඟ සාකච්ඡා කර පරිබ්‍රාජකයෝ මෙවන් වූ
කථාවක් ප්‍රචාරය කළේය. ඇය සවස දෙව්රම් වෙහෙරට යන බවත් උදෑසන දෙවුරමින් (ජේතවනාරාම
විහාරයෙන්) නැවත පිටවී යන බවත්ය. ටික දිනකින් සුන්දරී මරා දමා ජේතවනාරාමය අසල දිය
අගලක සැඟවූහ. ඇගේ අතුරුදන්වීම රජුටද දන්වා සෙවීමට පටන්ගත් අතර සැඟවු තැනින් මළ
සිරුර ගෙන එය ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ වැඩක් යැයි චෝදනා කරමින් මහා උද්ඝෝෂණයක්
ඔවුහු ඇති කළහ. ඔවුන්ගේ චෝදනාත් භික්ෂූන්ගේ නොසන්සුන් බවත් දැනගත් භාග්‍යවතුන්
වහන්සේ භික්ෂූන්ට මෙසේ වදාළහ.
බොරු කියන්නා නිරයට යයි. යමක් කර මම නොකෙළෙමියි කියන්නාත් නිරයට යයි.පරලොව නිරාගතවන
දෙදෙනාගේම ක්‍රියාව සමය. මේ පුවතින් බාහිර ශාසන වලද කාන්තාවන් පැවිදි වී සිටි බව
පෙනේ.බුදුසසුන ඇතිවී කලක් ගත වනතුරු කාන්තාවන් පැවිදි කිරීමක් සිදු නොවීය. සිදුහත්
කුමරා බුදු වූ මුල් කාලයේ සිටම උපාසිකාවන් ඇතිවු අන්දම යස තෙරුන්ගේ කතාවෙන් හෙළිවේ.
ශාසන ව්‍යාප්තිය සෑහෙන කාලයකින් වර්ධනය වූ පසු මෙහෙණ සස්න ආරම්භ වීමට බුදුරජාණන්
වහන්සේගේ සුළුමෑණියන් වන ප්‍රජාපතී ගෝතමියගේ දැඩි පරිශ්‍රමයද හේතුවිය.ඒ ගැන භික්ෂු
ශාසනය පිළිබඳ ඓතිහාසික පුවත අංගුත්තර නිකායෙහි මෙන්ම චුල්ලවග්ග පාලියෙහිද සඳහන් වේ.
භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවාසය කරන සමයේදී ප්‍රජාපතී
ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමීනි, තථාගත සසුනෙහි කාන්තාවන්ට
පැවිද්ද ලැබෙනවානම් මැනවියැයි සැළ කළාය. තථාගතයන් වහන්සේ ගෝතමිය ඔබ තථාගත ශාසනයෙහි
පැවිද්ද බලාපොරොත්තු වන්නට එපා යැයි වදාළහ. දෙවැනි හා තෙවැනිවත් ආයාචනා කළාය.
දෙවැනි තෙවැනිවත් එසේ වදාළහ. මහා ප්‍රජාපති ගෝතමිය තථාගතයන් වහන්සේ කාන්තාවන්ට
පැවිද්ද අනුමත නොකරතියි දුකින් දොම්නසින් කඳුළු පිරිමුහුණින් හඬමින් වැඳ පැදකුණු
කොට ගියාය”.
(බුදුන් වදාළ බුද්ධ චරිතය – පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි
සහ කීර්ති නාරම්පනාව පි. 132-133-1999)
බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ සිටින සමයේදී මෙම සිදුවීම වූ
බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ කාලයේදී ප්‍රජාපතී ගෝතමිය ශාක්‍ය කාන්තාවන්
බොහෝ දෙනෙකු සමඟ කෙස් කප්පවා , කහවත් හැඳ කූටාගාර ශාලාවට පැමිණ ඉදිමුණු පයින්
දූවිලි පිරි ගතින් ,කඳුළු පිරි මුහුණින් හඬ හඬා දොරටුවෙන් පිටත සිටියාය. අනඳ
තෙරණුවෝ දොරටුවෙන් පිටත හඬමින් සිටි ගෝතමිය දැක ඇයිදැයි විමසූහ.
‘ආනන්ද ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ කාන්තාවට තථාගත සසුනෙහි පැවිද්ද අනුමත
නොකරති’යි කීවාය. එවිට අනඳ තෙරුන් වහන්සේ ගෝතමිය එහෙනම් මා ආයාචනා කරන තුරු මෙතැන
සිටින්නැයි කියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමිනි ,භාග්‍යවතුන් වහන්සේ
කාන්තාවට පැවිද්ද අනුමත නොකරතියි මහා ප්‍රජාපති ගෝතමිය දොරටුවෙන් පිටත හඬ හඬා
සිටින්නී යැයි සැළකළහ. භාගවතුන් වහන්සේ ආනන්ද ඔබ තථාගත ශාසනයෙහි පැවිද්ද කාන්තාවන්ට
බලාපොරොත්තුවන්ට එපායැයි වදාළහ. මේ ඇසු ආනන්ද තෙරණුවන් මෙසේ කීවේය.
“ස්වාමීනි, කාන්තාව තථාගත සසුනෙහි පැවිදිව සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ ලබන්නට
සුදුසුදැයි විමසූහ. ආනන්දය සුදුසුයැයි වදාළහ. එසේනම්, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ
ප්‍රජාපති ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපාකාරක වූවාය. භාග්‍යවතුන් වහන්සේ ගේ
සුළු මැණියෝය. හදා වඩා ගත්තාය. පෝෂණය කළාය. මෑණියන් කළුරිය කළ පසුව කිරිමව් වූවාය.
කිරිපෙව්වාය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කාන්තාවට ශාසනයෙහි පැවිද්ද ලබා දෙනවානම්
මැනවැයි සැළකළහ.
ආනන්දය, හොඳයි ප්‍රජාපති ගෝතමිය මේ ගරු ධර්ම අට පිළිගන්නවා නම් එයම ඇයට පැවිදි
උපසම්පදාවත් වෙනවා ඇත.
ඒ ගරු ධර්ම අට මෙසේය
1.භික්ෂුණිය උපසම්පදාවෙන් සියවස් වුවත් එදින උපසම්පදාව ලත් භික්ෂූනට අන්ජලි කර්ම,
සාමිචි කර්ම අභිවාදන කළ යුතුය.
2. අවවාද දීමට සමත් භික්ෂුනමක් නැති ගමක ආවාසයෙහි භික්ෂුණිය වස් නොවිසිය යුතුය.
3. භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂූන් වෙතින් පෙහෙවස් විමසීම අවවාද ලබා ගැනීම කළ
යුතුය.
4.වස් විසු භික්ෂුණිය භික්ෂු– භික්ෂුණී උභතෝ සංඝයා විෂයෙහි පවාරණය කළ යුතුය.
5. ගරු ඇවතකට පත් භික්ෂුණිය උභතො සංඝයා විෂයෙහි නොඅඩු අඩමසක් වත් මානත් පිරිය
යුතුය.
6. දෙවසරක් විකාල භෝජනය සවැනි කොට ශික්ෂා රක්ෂා කළ සික්ඛ මානාවකම උභතො සංඝයා
විෂයෙහි උපසම්පදාව ලැබිය යුතුය.
7. මොන හේතුවක් නිසාවත් භික්ෂුණිය භික්ෂුවට ආක්‍රෝශ පරිභව නොකළ යුතුය.
8. භික්ෂුණිය භික්ෂූන්ට අවවාද නොකළ යුතුය.
ආනන්ද තෙරුන් වහන්සේ මේ ගරුධර්ම අට ප්‍රජාපති ගෝතමියට පැහැදිලි කළහ. කියා දුන්හ.
ගෝතමිය මේ ගරු ධර්ම අට ඔබ පිළිගන්නේ නම් එයම ඔබට මහණ උපසම්පදාව වනවා ඇතැයි
බුදුරජාණන් වහන්සේ වදාළ බව පැවසූහ. ප්‍රජාපති ගෝතමිය එය පිළිගත්හ.
ඉන් පසුව භික්ෂුණී ශාසනය ඇති වූයේය. “ආනන්ද මහවිලක, මහවැවක ජලය පිටට බැස නොයෑමට
නියරක් වෑකන්දක් බඳින්නාක් මෙන් මා විසින් කල්තියාම භික්ෂුණීන්ට දිවිහිමියෙන් නොකඩ
කළ යුතු ගරුධර්ම අට පනවන ලදී.
(අංගුත්තර නිකාය – අට්ඨක ගෝතමිවග්ග ගොතමි සුත්ත 220-231)
|