දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
දඹදිවෙන් වැඩම කිරීම
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
අපමණ පෙලහර පාමින් අපගේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දෙව් මිනිසුන් සැදැහැ සිතින් කළ
පී‍්‍රතිඝෝෂා පූජා ලබමින් රන් කටාරමේ පිහිටි අයුරුත් .ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ඒ
වනවිට රන් කටාරමේ පිහිටි විස්තරය අප කතා කළේය. ඒ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා
වහන්සේ ගේ කඳ රියන් දහයක් ව තිබුණි. මනරම් අතු පහක් තිබුණි. ඒ හැම අත්තක්ම රියන්
සතරක්ව තිබුණි. ඒ හැම අත්තකම බෝ ගෙඩි පහ බැඟින් තිබුණි. ඒ බෝ අතුවල ඉතා කුඩා ශාඛා
දහසක් පමණ තිබුණි.
මේ ආකාරයට ජය ශී‍්‍ර මහා බෝධි දකුණු ශාඛා වහන්සේ මනස්කාන්ත ශ්‍රීයෙන් ශෝභමාන ව වැඩි
සිටියේය. අපගේ ජය ශී‍්‍ර මහ බෝධි දකුණු ශාඛා වහන්සේගෙන් සිදු වූ නොයෙක්
ප්‍රාතිහාර්යයන් දැකීම නිසා පී‍්‍රතියෙන් පිනා ගිය ධර්මාශෝක රජු දඹදිව මහා රාජ්‍යය
නැවතත් මහා බෝධින් වහන්සේට පූජා කළේය. රජු දඹදිව රාජ්‍යයෙන් අපගේ ජය ශ්‍රී මහාබෝධි
දකුණු ශාඛා වහන්සේට සතියක්ම නා නා පූජාවන් පවත්වමින් එහිම වාසය කළේය.
මහා බෝධිං පන යස්මිං දිවසේ රජ්ජේන පූජේසි.
තස්මිං තස්මිං දිවසේ සකළ ජම්බුදීපේ
රජ්ජතෝ උප්පන්නං අයං ගහෙත්වා
මහා බෝධි පූජං කාරේසි
යම් දවසක ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රාජ්‍යයෙන් පූජා ලබත්ද, ඒ ඒ දවසේ සකල දඹදිව
රාජ්‍යයට ලැබෙන ආදායම බෝධින් වහන්සේ වෙනුවෙන් වෙන්කොට මහා පූජා පැවැත්විය යුතුය
යන්නයි. අපගේ අනුරාධපුර උඩමළුවේ වැඩසිටින උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ කීප
වරක් දඹදිව් රාජ්‍යයෙන් පිදුම් ලබා ඇත.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
වැඩ සිටින රන් කටාරම එසවීම
වප් මාසේ පුර පසළොස්වක වස් පවාරණ උපෝසථ දිනයේ සිට දෙසතියක් ඇවෑමෙන් පසු ජය ශ්‍රී
මහාබෝධි දකුණු ශාඛා වහන්සේ වැඩහුන් රන් කටාරම එතැනින් ඔසොවා ගත්තේය.
වප් මාසෙ කරුවල පක්ෂයේ තුදුස්වක අමාවක උපෝසථ දින ධර්මාශෝක රජු සොඳුරු රථයක ජය ශ්‍රී
මහාබෝධි දකුණු ශාඛා වහන්සේ වැඩහුන් රන් කටාරම එතැනින් ඔසොවා ගත්තේය.
වප් මාසේ කරුවල පක්ෂයේ තුදුස්වක අමාවක උපෝසථ දින ධර්මාශෝක රජතුමා සොඳුරු රථයක අපගේ
ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ වඩමවාගෙන එදිනම තමන්ගේ පාටලීපුත්‍ර නගරයට
වඩම්මවා නොයෙක් අයුරින් අලංකාරව සැරසූ මණ්ඩපයක් කරවා ඉල් මාසේ පුර පක්ෂයේ පළමු
දිනයේ ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ සොඳුරු මහා සල් වෘක්ෂයක් සෙවනේ නැඟෙනහිර
දිශාව පැත්තට වඩා හිඳෙව්වේය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව පිටත් කර වූ සුමන
සාමණේර රහතන් වහන්සේට රජුන් මුණ ගැසුනේ මෙහිදීය. සුමන මහා රහතන් වහන්සේ දඹදිව වැඩම
කළේ ධාතුන් වහන්සේ වැඩම වීමටය. මෙතැනදී නොයෙක් උපහාර පූජා පවත්වන්න සලස්වා රජු තම
මාලිගාවේ ධාතු මන්දිරයේ වැඩ සිටි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ
එය පිරවූ සර්වඥ ධාතුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට පූජා කළේය. ඒ සුමන මහ රහතන්
වහන්සේ සර්වඥ ධාතුන් පිරි පාත්‍ර ධාතුන් වහන්සේ හිමාලයේ මල් යහනාවක් මත වඩා හිඳුවා
තාවතිංසයට ගොස් දකුණු අකු ධාතුන් වහන්සේ සහ සියලු ධාතුන් වහන්සේ සමඟ මිහින්තලයට
වැඩම කළේය. ඒ විස්තර ථූපාරාම ධාතු විස්තරයේ සඳහන් වෙයි.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ
තවත් ප්‍රාතිහාර්යයක්
රජතුමා නැවත පාටලීපුත්‍රයේ ඒ මහා සල් රුක්ෂය අසලට පැමිණ සල්රුක් සෙවනේ වැඩසිටි බෝ
රජුන්ට දවස් පතා නොයෙක් ආකාරයෙන් පූජාවන් පැවැත්විය. අපගේ ජය ශ්‍රී මහාබෝධි ශාඛා
වහන්සේ කටාරමේ වඩා හිඳුවා දවස් දාහතක් ගතවෙද්දී බෝ අංකුර නවයක් එක්වරම පැන නැංඟේය.
එයින් සතුටු වූ ධර්මාශෝක මහරජු නැවතත් දඹදිව රාජ්‍යය බෝධින් වහන්සේට පූජා කළේය. ජය
ශී‍්‍ර මහාබෝධි ශාඛා වහන්සේ දඹදිව රාජ්‍යයෙන් අභිෂේක කර නොයෙක් අයුරින් වූ මහා බෝධි
පූජාවන් සිදු කළේය.
මේ ආකාරයට ධර්මාශෝක රජුන් නමැති සූර්යයා තමන්ගේ රශ්මිය නමැති සම්පත්වලින් බොහෝ
සිත්කළු ධජ පතාකයන්ගෙන් මුළු නුවරම සැරසවීය. ඉතා අලංකාර අයුරින් උතුම් මහා බෝධි
පූජාවක් පවත්වා කුසුමපුරය හෙවත් පාටලීපුත්‍ර නගරය නමැති විලෙහි දෙවියන්ගේත්
මිනිසුන්ගේත් සිත් නමැති පියුම විකසිත කරවීය.
දහ අට කුලයක බෝධි රකින්නෝ
ධර්මශෝක මහරජු අපගේ ජය ශ්‍රී මහ බෝධි දකුණු ශාඛා වහන්සේට ආරක්ෂාව සැපයීම වෙනුවෙන්
ක්ෂත්‍රීය පවුල් දහඅටක් ලබාදුණි. ඇමැති පවුල් අටකුත්, බ්‍රාහ්මණ පවුල් අටකුත්,
ගෘහපති සිටු පවුල් අටකුත් , ගොපළු පවුල්, වලස් කුලයේ පවුල්, කාලිංග කුලයේ පවුල්,
පේසකාර කුලයේ පවුල්, කුඹල් කුලයේ පවුල් , සියලු සේනාවන්ට අයත් පවුල් වලින් සහ නාග,
යක්ෂ කුලයන්ගේ පවුල් වලිනුත් අට බැගින් ලබා දුණි. මේ දහ අට කුලයක බෝධි උපස්ථානය
අපූරුවයි.
ඉන්පසු රජතුමා අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේට නිතිපතා පැන් වැඩීමට රන්
කලස් අටකුත්, රිදී කලස් අටකුක්, ලබා දුණි, ගංගා නම් නදියේ ඉතා අලංකාරව සරසන ලද නැවට
අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ නැංඟවූවාය. සංඝමිත්තා රහත් භික්ෂුණීන්
වහන්සේ සමඟ එකොළොස් නමක් රහත් භික්ෂුණීන් වහන්සේ ඒ නැවෙහි ම නැංඟේය. ලංකාවෙන්
පැමිණි අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිසත් නැංඟේය.
දඹදිව් තලයෙන් පුද ලද බෝධිය
ලංකාවට වැඩමවන මහ බෝධියට පසුගමන් පිණිස පාටලීපුත්‍ර නගරයෙන් නික්මුණු ධර්මාශෝක රජු
පහළට යමින් වින්ධ්‍යා වනයත් පසු කර තාම්‍රලිප්තියට (ඉන්දියාවේ තොටුපලකි) සතියකින්
සැපත් වුණි. දෙවියන්, නාගයන්, මිනිසුන් කරනු ලබන උදාර වූ පුද පූජාවන් ලබමින් අපගේ
ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ වඩා හිඳුවාගත් නෞකාව සත් දවසකින්ම
තාම්‍රලිප්තියට සැපත් වුණි. ධර්මාශෝක රජ අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ
මහා සමුද්‍ර තීරයෙහි වඩා හිඳුවා නැවතත් දඹදිව රාජ්‍යය පූජා කළේය.
රජතුමා දඹදිව මහා රාජ්‍යයෙන් අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ අභිෂේක කරවා
උඳුවප් මාසයේ පුර පක්ෂයේ පළවෙනි දවසේ එතැනින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නැවට
වැඩමවන්නට පාටලීපුත්‍ර නගරයේ මහා සල් රුක් සෙවණේදී බෝධින් වහන්සේ ගේ ආරක්ෂාව පිණිස
ලබා දුන් ජාතියෙන් උසස් වූ පවුල් අට වූ පිරිස් අටක් සමඟින් රජතුමා ජය ශී‍්‍ර මහා
බෝධින් වහන්සේ වැඩහුන් රන් කටාරම ඔසොවාගෙන ගෙල ප්‍රමාණයට මුහුදු ජලයේ බැසගෙන ඉතා
පරිස්සමෙන් නෞකාවෙහි වඩා හිඳෙව්වේය.
ධර්මාශෝක මහරජතුමා
සැදැහැයෙන් හඬා වැළපීම
රහත් තෙරණින් වහන්සේ සහිත සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ මහා අරිට්ඨ ඇමැති ඇතුළු
පිරිස නැවට නංවා රජතුමා කියා සිටින්නේ ‘මම තුන් වතාවක්ම දඹදිව රාජ්‍යය ජය ශ්‍රී මහා
බෝධින් වහන්සේ පිදුවේය. ඒ අයුරින්ම මාගේ මිත්‍ර දේවානම්පියතිස්ස රජුත් ලංකා
රාජ්‍යයෙන් මේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පුදාවා! කියායි.
මේ ආකාරයට පවසා ධර්මාශෝක රජතුමා බෝධින් වහන්සේට වන්දනා කරගෙන මුහුදු තීරයේ සිටගෙන
සිටියේය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දඹදිව අත්හැර ලංකාදීපය බලා නැවෙන් වඩින අයුරු
දැක කඳුළු වැගිරෙව්වේය. “අන්න මාගේ දසබල තථාගතයන් වහන්සේ ගේ ජය ශ්‍රී මහා බෝධින්
වහන්සේ හිරු මඬලක් සේ රශ්මි ධාරා විහිදුවමින් වඩින අපූරුව බලාපල්ලා” කියමින් ජය
ශ්‍රී මහා බෝධින් වහන්සේගේ වෙන්වීමෙන් ශෝකයට පත් ධර්මාශෝක මහ රජතුමා නොයෙක් අයුරින්
බුදු ගුණ කිය කියා හඬ හඬා වැළපි වැළපී කරවටක් තෙක් මුහුදේ ගමන් කළේය. බුදුගුණම හඬ
නැඟුවේය. මම කරවටක් මුහුදේ ගිලී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පසු ගමන් ගියා සේ
දේවානම්පියතිස්ස රජුද කරවටක් මුහුදේ ගිලී බෝධින් වහන්සේට පෙර ගමන් එත්වා! යනුවෙන්
හඬගා කියමින් වෙරළට පැමිණ බෝ රජුන් වඩමවන නෞකාව නොපෙනී යන තෙක් බලා සිටියේය.
ධර්මාශෝක රජුගේ ශ්‍රද්ධාව කොයිතරම් ද කියා ඔහුගේ ජීවිත කතාව දෙස බලද්දී පෙනේ. ඔහු
බොහෝ ලෙන්ගතු වුණේ බෝධින් වහන්සේටයි. එතුමාගේ අවසාන කාලයේ ජීවන තොරතුරු කියවද්දී
පෙනෙන්නේ බෝධින් වහන්සේට වූ උපද්‍රව නිසාම ඒ දුකින් රජතුමා ලෙඩ වූ බවය.
- නයනා නිල්මිණි
|