අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශ පාර්ශ්වයේ අනුනායක ධුරයෙන්
පිදුම්ලද ශාස්ත්‍රවේදී නින්දානේ වජිරඤාණ නාහිමියන් වෙත
සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අම්බලන්ගොඩ පොල්වත්තේ
අග්ගාරාම මහා විහාරයේදී ඉකුත්දා සිදුකැරිණි. එහිදී
නින්දානේ වජිරඤාණ නා හිමියන් වෙත මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිතුමා විසින් විජිනිපත පිළිගැන්වූ අතර අමරපුර මහා
නිකායේ කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක දොඩම්පහළ චන්දසිරි
මහා නාහිමියන් ප්‍රධාන මහ සඟරුවනද මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිතුමා සමඟ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර දකුණු පළාත්
ප්‍රධාන අමාත්‍ය, ශාන් විජයලාල් ද සිල්වා මහත්වරු ඇතුළු
මැති ඇමැතිවරු අසුන්ගෙන සිටි අයුරු. |
සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ
බිනර පුර පසළොස්වක පෝදා ආගමික වැඩ සටහන ඉකුත් දා (16)
පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාදස්ථාන රජමහා විහාරය
කේන්ද්‍ර කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ
සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී පළමුව ආගමික වතාවත්වල
නිරත වූ ජනාධිපතිතුමා, විහාරාධිපති බෙන්ගමුවේ ධම්මදින්න
නාහිමියන් වෙත අටපිරිකර පූජාකර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
ලබා ගත්තේය. මෙවර සදහම්යාත්‍රා ධර්ම දේශකයන් වහන්සේ
මුත්තෙට්ටුගල සුදර්ශනාරාමාධිපති මුත්තෙට්ටුගල සෝමානන්ද
ස්වාමීන් වහන්සේය. සැදැහැවතුන් සමඟ ධර්ම ශ්‍රවණයට
ජනාධිපතිතුමා එක්විය. අමාත්‍යවරුන් වන ඩබ්ලිව්. ඩී. ජේ.
සෙනෙවිරත්න, ආචාර්ය විජයදාස රාජපක්ෂ, තලතා අතුකෝරල,
නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, ජනාධිපති ලේකම් පී. බී .
අබේකෝන් මහත්ම
මහත්මීහු ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. |