Print this Article


මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුයි

මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුයි

මෙම ලිපියෙහි තවත් කොටසක් බිනර පුර පසළොස්වක(සැප්තැම්බර් 16) පෝදා පත්‍රයේ පළ විය.

බෞද්ධයන් ලෙස අනුන්ගේ අඩුපාඩු සෙවීමට කිසිම අයිතියක් අපට නැහැ. පරච්ත්ත විජාණන ඤාණය නැති වුණත් තව පුද්ගලයෙකු පිළිබඳව සඳහන් කරමින් ඔහුගේ සිත එතරම් හොඳ නැති බව ප්‍රකාශ කරන්නට යෙදෙන අවස්ථා තිබෙනවා. එම පුද්ගලයාගේ කට නිවැරැදි නැහැ, යනුවෙන් ප්‍රකාශ කළද, එය තමන්ට අදාල කාරණාවක් නොවෙයි. එය නිවැරැදි නැති නමි එම තත්වය බලපානු ලබන්නේද ඔහුටයි.

බෞද්ධයකු වශයෙන් කටයුතු කිරීෙමීදී කළ යුතු වන්නේ තමා නිවැරැදිද? නැද්ද? යන්න තමා පිළිබඳව සොයා බැලීම පමණයි. රහස් පොලිසිය අනෙක් පිරිස් පිළිබඳව සොයා බලනවා. වෙනත් පිරිසකගේ සිත කය වචනය පිළිබඳව සොයා බැලීමට රහස් පොලිසියට වැටුපක් ගෙවනවා. වැටුපක්වත් නොලබන අයෙක් අනුන් පිළිබඳව සොයා බලමින් අකුසල් රැස්කර ගත යුතු නැහැ.අපේ ඤාාතිවරයා වෙනුවෙන් පින්කමි කරමින් පින් අනුමෝදන් කරනු ලබන්නේ එම පුද්ගලයා මෙම සංසාරය තුළ හමුවන නිසයි.

බෞද්ධ සමාජය තුළ මැරුණ පුද්ගලයන්ට පින් පෙත් අනුමෝදන් කරනවාය කියමින් කරනු ලබන්නේ මළවුන් ඇදහීමක් ද? යන ප්‍රශ්නය නැගෙනවා.මළවුන් ඇදහීම යන කාරණාවත් අපට විසඳාගත යුතුව තිබෙන ප්‍රශ්නයක් .මළවුන් ඇදහීම එක කාරණාවක් . මිය පරලොව ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කරනවාය යන කාරණය වෙනම ක්‍රියාවක්. මළවුන් අදහන මිනිසා මැරුණ පුද්ගලයා අදහන්නේ මැරුණ පුද්ගලයාට තිබෙන බිය නිසා. මැරුණ පුද්ගලයා තමන්ට යමි වරදක් කරයි යන බිය ඔහුට දැනෙන නිසා.

මිය පරලොව ගිය තමන්ගේ ඤාතීන්ට පින් අනුමෝදන් කිරීම බුදුදහම තුළ සඳහන් කර තිබෙන කාරණාවක්. මළවුන් ඇදහීම පිළිබදව බුදු දහම තුළ උගන්වා නැහැ. ලෝකයේ තිබෙන බොහෝ ආගම් තුළ මළවුන් ඇදහීම මූලාරම්භයේ සිටම තිබෙනවා. පුද්ගලයෙකු මරණයට පත් වූ විට තිබෙන බියයි. අපත් සමඟ එකට ජීවත් වුණ පුද්ගලයෙකු මරණයට පත්වුණාට පසුව තිබෙන බිය. ආදී කාලය තුළ මිනිසකුට මරණයක් සිදු වූ විට කුමක් සිදුවුණාද? යනුවෙන් තේරුම් ගත නොහැකියි. හොඳට සිටි පුද්ගලයා එකපාරටම කතාබහ කරන්නේ නැතිව ශරීරය පණ නැතිව ගියවිට එම මිනිය ගෙදර තනිකර දමා ඔවුන් එම පරිසරයෙන් පිටව යනවා. වනගතව ජීවත් වුණ ප්‍රාථමික සමාජ තුළ නිවාස එතරමි විශාල ලෙස සාදා නොතිබුණ නිසාත් මිනියට තිබුණ බිය නිසාත් එම මිනිය ගෙදර තනිකර දමා යාමට ඔවුන් පෙළඹුණා.

මිනිසාගේ නොතේරුම්කම නිසා මෙලෙස කාලයක් ගත වුණාට පසුව මරණයට පත් වූණ පුද්ගලයා වෙනුවෙන් අප නිවස හැර යාම අවශ්‍ය නැති බව වැටහීමත් සමඟ මරණයට පත් වුණ පුද්ගලයා හොඳට රෙදි වලින් ඔතා කනත්තට ගිහින් දමන්න පටන් ගත්තා. මළමිනි සැම තැනම දැමූවිට සුනඛයන් හිවලුන් වැනි සතුන් එම මිනිය ආහාරයට ගන්න පටන් ගත් නිසාම කනත්ත යන කොටස වෙන් කරගෙන මරණයට රෙදි කැබලි ඔතා ගෙනවිත් දැමුවා.බුදුපියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පාංශුකූල රෙදි තුළින් සිවුර සකස් කරගැනීමට අනුදැන වදළා.මිනිය ඔතා තිබෙන වස්ත්‍රය ඉවත් කර හොඳින් සෝදා පවිත්‍ර කරගෙන ගස්වල පොතු තම්බා එම ගසේ පොතුවල පැහැය අනුව සිවුර සකස් කරගත්තා. කාලය ගත වීමත් සමඟ ශිෂ්ට සම්පන්න මිනිසා සිතන්න පෙළඹුණා.ගඳ ගසමින් ඉවත දමනවාට වඩා හතර රියනක වළ දැමීම නිවැරැදි බව අවබෝධ වුණා. වර්තමානය වන විට තාක්ෂණික දියුණුවත් සමඟම කනත්ත තුළ වළ නොදමා මිනිය පුච්චා අවසන් වූ ඇට කැබලි ගෙනවිත් සොහොන් කොත් බඳිනවා. සිහි කිරීම වශයෙන් ඤාතීන් පින්කම් කරනවා.බුද්ධාගම තුළ මළවුන් ඇදහීමක් පිළිබඳව කියවෙන්නේ නැහැ. සෑම සියලු දෙනාටම හතර වර්ගයේ ඤාතීන් සිටින බව බුද්ධාගම තුළ සඳහන් වෙනවා. හතර වර්ගයේ ඤාතීන් පිළිබඳව අප තුළ අවබෝධයක් තිබිය යුතුයි. වර්තමානයේ බොහෝ දෙනෙකුට හතර වර්ගයේ ඤාතීන් මතක නැහැ.

වර්තමාන සමාජයට ඇතැමි කාරණා පිළිබඳව සංස්කෘතික දැනුම අඩුයි.සිංහල සංස්කෘතිය පිළිබඳ දැනුම අඩු බවක් දක්නට ලැබෙනවා. සිංහල සංස්කෘතික බුද්ධාගම කුමක්ද? කියන්න දැනුම අඩුයි. දරුවෙකු හදලා වඩලා ශාසනයට පූජා කළහොත් හතර වර්ගයක් ඤාතීන් නිවන් දකින බව ප්‍රකාශ කරනවා.තමන්ගේ අමිමාගේ මවිපාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට, තමන්ගේ අමිමාගේ පිය පාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට, තමන්ගේ තාත්තාගේ මවි පාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට, තමන්ගේ තාත්තාගේ පිය පාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට යන පිරිසයි ඈතට ගිය පිරිස මරණයට පත්ව සිටියත් මෑතක සිටින පිරිස තවමත් ජීවත්ව සිටිනවා. ඈත සිටි නෑදෑයන්ට පින් අනුමෝදන් කිරීමත් බෞද්ධ සම්ප්‍රදායක්.එම පිරිස මරණයට පත්ව සිටින නිසා එම පිරිස වෙනුවෙන් අප යුතුකම් කළ යුතුයි. මෑතක සිටින ඤාතීන් සමඟ සමඟියෙන් සිටීමත් බෞද්ධ සම්ප්‍රදායක් .සමහර පිරිසට ඤාතීන් හොඳ නැති බව ප්‍රකාශ කළත් ඔවුන් සංසාරය පුරා බොහෝ අවස්ථාවල අපත් සමඟ එකට සිටි පිරිස්.ලේ ඤාතීන් ලෙස ඔවුන් හඳුන්වනවා.

ලේ ඤාතීන්ගේ බාහිර හැඩහුරුව සමාන බවක් දක්වනවා. සමහර ලෙඩ රෝගත් එක වගෙයි. ජාන තුළින් එන බව වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රකාශ වෙනවා. සංසාර පවුල් ප්‍රවේණියට අනුව එම රෝග වැළඳීෙමි ප්‍රවණතාවක් තිබෙනවා. කර්ම රෝග නමින් බණ පොතේ සඳහන් වෙනවා. ඤාතිත්වය තුළින් ප්‍රවේණියෙන් එන රෝග කර්ම රෝග ලෙස හඳුන්වනවා.මිය පරලොව ගිය ඤාතීන් අතර , ඤාතීන් වෙනුවෙන් පින් පෙත් අනුමෝදන් කිරීම මෙලොව ජීවත් වන පුද්ගලයාගේ මානසික සුවයට හේතු වෙනවා. ඔහු වෙනුවෙන් තමන් යුතුකම් ඉටුකළාය කියා තමන් මානසික සුවයට හේතු වෙනවා.එම පිරිස නැවතත් සංසාරය පුරා හමුවන විට තමන් කිසියමි සුහදත්වයකින් බැඳෙනවා.තමා තමාගේ යුතුකම් ප්‍රමාණය අනෙක් පිරිස වෙනුවෙන් කරපු පිරිසට පමණක් එම සුහදත්ව ඇතිවෙනවා. තමන්ට හරියට හතුරන් වැඩි බව ඇතැමි පුද්ගලයන් ප්‍රකාශ කරනවා.එයා සමාජයට හතුරුකමි ලබල දී ඇති බව අප වටහා ගත යුතුයි. පෙර සංසාරය පුරා හතුරුකම් ලබල දුන්න නිසා අද එම පුද්ගලයා හතුරුකම් ලබනවා. වර්තමානය තුළ හතුරුකම් නොකර සිටිය යුතුයි. හතුරටත් මෛත්‍රිය දැක්විය යුතුයි. හතුරට මෛත්‍ර්ිය කළාට පසුව හතුරුකම එතනින් අවසන් වෙනවා.හතුරාට හතුරුකම් කිරීම තුළින් නැවතත් සංසාරය තුළ මිය පරලොව ගිය පුද්ගලයකුට පින් අනුමෝදන් කරන්නේ එම පුද්ගලයාට තිබෙන බියට නොවෙයි. ඔහු සංසාරය පුරා නැවත හමු වන නිසයි. මෙලොව ජීවත් වන ඤාතීන්ට සෙත් ශාන්ති ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න තමන් පංචශිලය ආරක්ෂා කරන තුනුරුවන් විශ්වාස කරන ් තුනුරුවන් පිළිබඳ දැනුමක් තිබෙන පුද්ගලයෙකු විය යුතුයි