දානයේ උදානය
නෙත් ඉමේ අරුණළු තලාවේ තව්තිසාවයි මැවී පෙනුනේ
තෙත් හිමේ සීතල ගුලාවේ සිඟිති පිනි මල් පිපී තිබුණේ
සිත් ගඟේ බැතිමත් හැඟුම් හද උතුරමින් ගලනා සැනේ
මෙත් බුදුන් වැඩිසේක මහදට ඔබේ දසුනෙන් හිමියනේ
හුදකලා වන මඟෙහි පහළට සෙමෙන් පියවර තබන විටදී
දුරුකළා මොහොතකට මුළු ලොව එබව පමණක් අරමුණටදී
සැසිලා සිටිනෙමිය මම කෙලෙසුන් සමග එබ දුවන විටදී
සැලකළා ඔබ නිහඬ බණකින් බෑවුමෙන් පහළට වඩිත්දී
පුරා දවසක් බවුන් වැඩුමට කුසට අහරක් ඇවැසියාවට
කරා ගම්දොර වඩින ගමනට බුදුන් වැඩිසේ පිඬුසිඟාවට
දරා පඬු දළ සිවුර දෙඋරින් හිමියනේ නෙත් බිමට බරකොට
කුරා කුහුඹුවනුත් විඳී සුව ඔබේ පා සෙවණේ මොහොතකට
කන්ද පහළට වඩින හිමි පසුපසින් වන තව්තිසා උයනයි
ලන්ද අතරින් එක්ව ගලනා නිල් දියේ රතු ඕලු පොකුණයි
මන්ද මාරුතයෙන් සලිත වී නා ලපළු බැති ගීත මුමුණයි
වින්ද වෙහෙසට දන් පුදන්නට ලැබුණ සහනය මට අනන්තයි
කඳු සිරස නහවා රනින් රැස් හිරු උදාවී එන පැයේ
ලඳු සිරස දිදුලවා පිනි බිඳු වැටී හිනැහෙන අසිරියේ
රැඳුන කෙලෙසුන් බිඳක් සුන්කොට බවුන් වැඩුමට සීත හිමයේ
ඇඳුන මගෙ හදවතේ පැතුමන් සපල වේවා අනාගතයේ
නාරම්මල
කුසුමලතා මුණසිංහ
අනියත දිවියයි
සසර දුකයි
බුදු සසුනට පිදු මගේ පුතු
කහ සිවුරක් ගත සරසාලා
සසර නිමාවට සිත නැමුණු
සිත සැනසේ වඳිනෙමි තුටිනී
වඩින ශාන්තව බුදු පුතණු
බුදු සිරිපා ළග සිත සැනසී
බුදු ගුණයට ජීවිතය පුදා
තුටිනි බුදු සසුනට කැවී
ගුණ දම් පුරනා බුදු පුතණු
දහම් දෙසනවා බුදු පුතණු
අනියත දිවියයි සසර දුකයි
තිලකුණු දම් පද සිහි කරලා
නිවන් දකින්නට සිත පහදා
ශාන්ත සුවයක සැනසීලා
බවුන් වඩනවා බුදු පුතුණු
සන්ධ්‍යා සුජීවනී ගලප්පත්ති
සිත
උපදවන දෙයින්
සිතම සතුටුවෙන
ජීවිතය
ආත්ම වර්ණනයක්
කිසිවෙකුට නොපෙනෙන
පරගම්මන නන්ද
යක්විල
කිළුටු
මරගනන්ට දුසිරිත කිළුටක්ය මහා
මසුරුකමම කිළුටකි දන්පතින් හමා
පාප ධර්මයෝ කිළුටකි දෙලොවට මා
අවිදු අඳුර මෙ’ කිළුටු සැම පරදවනා
මාලබේ
කේ. ඩබ්ලිව් . සිරිසේන
දිවි පැවැත්මක අනුසස්
පසිඳුරන් පින වා
ඉසි, කෝ, මාන වඩ වා
කෙලෙස්වල රඳ වා
නොගෙන සිත යහ මගට යොද වා
යළි යළිත් නොනැඟෙ න
අයුරින් කෙලෙස් මැඩ ගෙ න
ලොව්තුරු සුව සදන
දැහැමි පිළිවෙත් වලින් සපිරු ණ
ගුණ, නැණ, වඩන සරු
මගකට පිවිස නිර තුරු
අරහාදි ගුණ දැරු
උදාවේවා රටක් පියකරු
නොසොයා අනුන් දොස්
විහිදා තමන්ගේ ඇස්
කටයුතු කළ උස ස්
දිවි පැවැත්මක තිබෙති අනුස ස්
ශිරෝමණී කරදන පීරිස්
හොරණ
භව ගමන
කළොත් සිත දමනය
පවිටු සිතිවිලි සමනය
එතැන සුර විමනය
සසර භව මග නසන ගමනය
සිත ගියොත් ධනයට
කැළල සිදුවේ විනයට
නවා බුදු ගුණයට
පහර දිය යුතු සසර වනයට
ලොව සොබා දහමය
අගේ සිකපද පහමය
සිතිය යුතු මෙහෙමය
සුසිල් ගුණ කඳ අමා රහමය
මේ මඟුල් සක්වල
නිමක් නැහැ විඳි දුක්වල
වවුලෝ මෙනි රුක්වල
රසය කෝ හප පමණි උක්වල
පසිඳුරන් පිනවන
සැපක් වෙද ලෝ දනවන
කළොත් වැඩ අනුවණ
පලක් නැහැ ලද නමුදු දෙනුවන
මහනුවර
තල්වත්තේ දිසානායක
සැනසිලි පිනි දියර අරන් ‘රත්නගිරෙන්’ වැඩියා
හිස නැමුවේ නැත කිසිදා අයුක්තියට නොමඟින්
මතුපරපුරකට පෙන්වා නිසිමඟ නිසි විලසින්
යුක්තිය නිවන මයි සිතා ගරු කළ හිස් මුදුනින්
ආන විළුන්දාවේ පිය නන්ද අපේ සමිඳුන්
පියකු වුණා සෙනේහයෙන් දී ආදර ඔවදන්
මිතුරකු විය පිටු නොපාන බිතු සිතුවම් විලසින්
සොයුරකු විය ළෙන්ගතුකම දරා ගත්ත හිතකින්
ආන විළුන්දාවේ පිය නන්ද අපේ සමිඳුන්
සරලයි සිත සරලයි ගත නෙත සැනසූ රුවකී
ගුරුහරුකම් උතුරා ගිය දඹරන් කර ඬුවකී
කඳුළක උණුසුම හඳුනන හදවත පුද සුනකි
අපවත් වූ පුවත අපට ඇත්තක් නැති බොරුවකි
ඉවසිලි ජය පැන් ඉසිමින් මෙතුවක් වැඩ සිටියා
සැලකිලි ගැන නොතකා දුක සැප කිමදැයි නොසොයා
’නපරේසං විලෝමානි’ ගුණයට පන්නරය තියා
සැනසිලි පිනි දියර අරන් “රත්නගිරෙන් “ වැඩියා
පරසතු මල් දෝත දරන් පිළිගන්නට සැදැහෙන්
පෙළින් පෙළේ පෙර මඟ ඇත දහසක් සුර අඟනන්
වඩිති සෙමෙන් සුරන් නඟන සාදුකාර මැද්දෙන්
ආ විළුන්දාවේ පිය නන්ද අපේ සමිඳුන්
දියනාත් නිශ්ශංක
නිවනට මඟ භාවනාවයි
සිදුහත් කුමරු ගිහි සැප නිම කළ සේක
නේරංජනා නදි තීරයට වැඩි සේක
තම කඩු පතින් හිස මුඩුකර ගත් සේක
සක්දෙව් ලබාදුන් සළු පිළිගත් සේක
දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳු හට
රන්හුය යොදා සළුපිළි නිම කරවන් ට
තම හැකියාව ඇතිමුත් සළු වියවන ට
දිරිගත්තේ අනියත බව පෙන්වන් ට
දන්දී නිවන ලැබ ගත්තෝ කවුරහුද?
සිල් රැක නිවන් ලැබ ගත්තෝ කවරහුද?
භාවනාව නිවනට දොර නොවන්නේ ද?
ඉතිහාසයේ මහරහතුන් ගනින්නද?
සේන සමරතුංග
ගම්පහ |