බුදුපිළිමයේ උපත - 32:
බරණැසින්
ඇරඹූ
සදහම්
මහා චාරිකාව
පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා M sc පර්යේෂණ
" බරණැස සිදුවූ ඊළඟ ශ්‍රේෂ්ඨ සිද්ධිය නම් බුදුදහම ලෝවැසි ජනතාවගේ හිත සුව පිණිස
පතුරුවාලීම සඳහා චාරිකා කිරීමට ශ්‍රාවක සංඝ රත්නය මෙහෙයවීමයි"
ශාක්‍ය මුනි ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරානාත්හි ප්‍රථම ධර්ම දේශනය
පැවැත්වීමත් සමගම බුද්ධ, ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නයම ලොව බිහිවූ සේක. ඉන්පසුව මීට
ඉහතදී සඳහන් කළ අන්දමට භික්ෂූන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන්ද බිහිවූහ.ඒ වන විට
රහතන් වහන්සේ හැට නමක් ම බුදුසසුනේ වැඩ සිටි අවස්ථාවේදී අප තථාගත සම්මා සම්
බුදුරජාණන් වහන්සේගේ ඊළඟ කාර්යද ඉතා වැදගත් වූයේය. එනම් සඳහම් පණිවිඩය මනුෂ්‍ය
ප්‍රජාව වෙත සන්නිවේදනය කිරීම සඳහා රහතන් වහන්සේ සැට නම යෙදවීමය.
“බරණැස සිදුවූ ඊළඟ ශ්‍රේෂ්ඨ සිද්ධිය නම් බුදුදහම ලෝවැසි ජනතාවගේ හිත සුව පිණිස
පතුරුවාලීම සඳහා චාරිකා කිරීමට ශ්‍රාවක සංඝ රත්නය මෙහෙයවීමයි. මහාවග්ග පාලියෙහි
උද්ධරණය කොට ඇති මේ ඓතිහාසික සිද්ධිය සංයුක්ත නිකායෙහි මෙසේ දක්නට ඇත.
සාංචි ස්තූපයේ තොරණේ ති‍්‍රරත්නය මූර්තිමත් කර ඇති අන්දම
|
“මහණෙනි, මම දිව්‍යමය වූත්, මානුෂික වූත්, සියලු බන්ධනවලින් මිදුණෙමි. ඔබලාත් සියලු
බන්ධනවලින් මිදුණහුය. මහණෙනි,බහුජන හිත පිණිස, සැප පිණිස ලෝකානුකම්පාව පිණිස,
දෙවිමිනිසුන්ට අර්ථය පිණිස, හිත සැප පිණිස, චාරිකාවෙහි හැසිරෙව්. දෙනමක් එක් මගකින්
නොයව්, මුල යහපත් මැද යහපත් අර්ථවත් ව්‍යඤ්ජනවත් සර්ව ප්‍රකාරයෙන් පරිපූර්ණ
පිරිසුදු බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරව්. අල්ප වූ කෙලෙස් රජස් ඇති සත්වයෝ සිටිති.
ධර්මය නො ඇසීමෙන් ඔව්හු පිරිහෙති. ධර්මය අවබෝධ කරන්නෝ සිටිති. මමද මහණෙනි, සේනානි
ගමයට යන්නෙමි.
(මහාවග්ගපාලි – මහා ඛන්ධක පිටු 42)
ප්‍රථම වරට ලෝක ඉතිහාසයෙහි ධර්ම ප්‍රචාරය සඳහා දූත පිරිසක් මෙසේ මෙහෙයවා ඇත්තේ ගෞතම
බුදුරජාණන් වහන්සේය. මෙම ධර්මදූත මෙහෙයෙහි පරමාර්ථය පරාර්ථයයි. බහුජන හිත සැප පිණිස
දෙව් මිනිසුන්ට අර්ථය පිණිස, හිත සැප පිණිස කරන ලද්දක් බැවිනි. එයට මුල්ව ඇත්තේ
ලෝකානුකම්පාවයි. නානා තරාතිරමේ මනුෂ්‍යයෝ ලොව වෙසෙති. ඔවුනතර කෙලෙස් අඩු අයද
වෙති.ධර්මය අවබෝධ කර ගැනීමට සමත් අයද සිටිති. එබඳු අයට ධර්මය අසන්නට නොලැබීමෙන්
සිදුවන්නේ අලාභයකි. පිරිහීමකි. එබැවින් ඔවුන්ට අනුකම්පාවෙන් දයා කරුණාවෙන් ධර්ම
ප්‍රචාරය සඳහා චාරිකා කිරීමට ශ්‍රාවකයන් මෙහෙය වූහ. ධර්මයෙන් ජනතාවගේ ආරක්ෂාවරණය
ගෝපනය සැලසීම තථාගතයන් වහන්සේගේ කාර්යය බව මෙසේ ප්‍රකාශ කොට තිබේ. (බුදුන් වදාළ
බුද්ධ චරිතය, පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියෝ සහ කීර්ති
නාරම්පනාව පි. 119-1999)
බරණැස ඉසිපතන පුදබිම |
ධර්මරාජ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය නිසාම ධර්මයට සත්කාර කොට
ධර්මයට ගරුකාර කොට ධර්මයට බුහුමන් කොට ධර්ම ද්වජ කොට ධර්මය කේතු කොට මෙවැනි ධර්ම
කර්ම, වාග්කර්ම,මනෝකර්ම ඇති විය යුතුය. මෙවැනි කායකර්ම, වාග්කර්ම,මනෝකර්ම ඇතිවිය
යුතුය. මෙවැනි කායකර්ම,වාග්කර්ම මනෝකර්ම ඇති නොවිය යුතුය. මෙවැනි ගම්නියම්ගම් ඇසුරු
කළ යුතුය. මෙවැනි ගම්නියම්ගම් ඇසුරු නොකළ යුතුයැයි භික්ෂූන්, භික්ෂුණීන් උපාසක,
උපාසිකාවන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණ ගෝපනය සලසා... ධර්මචක්‍රය පවත්වති. (අංගුත්තර
නිකාය – පංචක රාජ වග්ගය – ධම්මරාජ සුත්ත පි. 244- 245)
මෙම සූත්‍රයෙන් ප්‍රකාශ වන පරිදි ධර්මයෙන් ලොවට ආරක්ෂාව සලසාදීම ධර්ම ප්‍රචාරයෙන්
බලාපොරොත්තු වන අරමුණයි. තථාගතයන් වහන්සේ එය දැහැමින් රටවැසියන් රකින සක්විති රජෙකු
මෙන් සිදුකරන බව සූත්‍රයෙහිම දැක්වෙයි. ධර්මමය ආරක්ෂාවරණය සැලසීමේ ප්‍රමුඛත්වය
ගන්නා හෙයින් තථාගතයන් වහන්සේ ධර්මරාජ වෙති. ධර්මය ආරක්ෂාවන අතර එය ප්‍රතිවේධ
කිරීම,දේශනා කිරීම, පතුරුවාලීම ආරක්ෂා පිණිස වෙයි. ශ්‍රාවක සංඝයා මේ කාර්ය භාරයෙහි
කොටස් කරුවන් බවට පත් කිරීම ධර්ම ප්‍රචාරය සඳහා චාරිකාවේ යෙදෙවීමටත් ධර්ම දේශනා
කිරීමට උරුවේලාවට යවන්නෙමියි වන ප්‍රකාශයෙන් පෙනී යන්නේ තමන් වහන්සේත් ශ්‍රාවක
භික්ෂු පිරිසත් එකම අරමුණකින් එකම කාර්යක නිරත බවකි. එනම් ධර්මය අසනු කැමති ධර්මය
අසන්නට නොලැබීමෙන් පිරිහෙන ලෝකවාසින්ට ආරක්ෂාවරණය සැළසීමයි. මෙයින් සිද්ධ වන තවත්
අදහස් කීපයක් වෙයි. තථාගතයන් වහන්සේ ලොවට ධර්මමය ආරක්ෂාවයි. ධර්මය ධර්මය ආරක්ෂාවයි.
ශ්‍රාවක සංඝයා ධර්මමය ආරක්ෂාවයි යන්න එක් අදහසකි. ඒ අනුව බුද්ධ, ධම්ම, සංඝ යන
ඒකාත්මීය තාවයට පත් ලෝකාරක්ෂක ගුණයෙන් යුත් තෙ කරුණකි. බුද්ධ සේවාවේ කොටස්කරුවන්
වශයෙන් සංඝයාගේ ශ්‍රේෂ්ඨත්වය මතුකොට දැක්වීම තවත් කරුණකි. එමගින් ශ්‍රාවකයන්
මෙහෙයවා බලා සිට ඔවුන්ගේ නායකත්වය දැරීමට අපේක්ෂා කරන නායකයෙකු නොවී එකම කාර්යයෙහි
නිරත ආදර්ශමත් නායකත්වයක් පෙන්වීමද පැහැදිළි වෙයි.
මෙසේ බුද්ධ, ධම්ම, සංඝ යනු ලෝකයාගේ හිත සුව පිණිස පවත්නා අර්ථවත් ආරක්ෂාවත් වන
බැවින් තිසරණ නම් වෙයි. මේ බව තත්වූ පරිද්දෙන් වටහා ගැනීම නිසා බුදුන් දවස පටන්
සැදැහැවත්හු ‘බුද්ධ සරණං, ධම්මං සරණං , සංඝං සරණං යයි පිළිගත්හ. භාග්‍යවතුන් වහන්සේ
ගෙන් ධර්මයත්, සංඝයාත් සරණ යමි, යන පාඨය බොහෝසූත්‍ර ධර්මවල සඳහන්ව ඇත.(බුදුන් වදාළ
බුද්ධ චරිතය පි. 120 -121)
|