UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර අටවක 2016.08.10

මිනිස් භවය දුර්ලභය

මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම පවා දුර්ලභය. එසේ දුර්ලභව ලබා ගන්නා මිනිස් ජීවිතය කෙතරම් නම් වාසනාවක්දැයි කල්පනා කර බැලීම පවා මිනිස් ජීවිතය සුවපත් කර ගැනීමට හේතුවනු ඇත. ඉතා අපහසුවෙන් ලබා ගත් මනුෂ්‍ය ජීවිතය සසර පුරා සුවපත් කර ගන්නේ කෙසේදැයි කල්පනා කර බැලීම ඉතා වටිනා ක්‍රියාවක් වේ.
මනුෂ්‍යයාගේ ජීවිතය මූලික වශයෙන් තෙ කොටසකට වෙන් කර ගත හැකිවෙයි. එනම් කුඩා කාලය, තරුණ කාලය සහ මහලු කාලය ලෙසය. එසේ වෙන්කර ගත් කාලයෙන් ජීවිතය බුද්ධිමත්ව ගත කළ යුතුවෙයි. කයෙන්, වචනයෙන්, සිතින් යන තිදොරින් සිදුවන අකුසල් වලින් බැහැර විය යුතුය. එසේ නොවුවහොත් මනුෂ්‍ය ජීවිතයේදී පමණක් නොව සසර පුරා දුගතිගාමීව වාසය කිරීමට සිදු වෙයි. දුර්ලභව ලබා ගත් මනුෂ්‍ය ජීවිතය උසස් කර ගත යුත්තේ යහපත් ක්‍රියාවන්හි යෙදීමෙන්මය. මිනිස් ජීවිතයක් ලබා ගැනීමට ඇති දුර්ලභ බව සිතීමෙන්ම පමණක් වුවද දුගතියට යන අකුසල් කටයුතුවලින් ඈත් වනු ඇත.
සමාජ සම්මතය අනුව මමය,මගේය, යන හැඟීම , බැඳීම නිසා පුහුදුන් ගති ඉස්මතුවෙයි. එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ඒ තාවකාලික ගති පසෙකලා නැණවත්ව සිතා බලමින් කටයුතු කරයි. මම හෝ මගේ යැයි සිතන තමන්ගේ ශරීරයවත් ස්ථිර නොවන අතර එය ස්ඛන්ධ පහක එකතුවක් පමණක් යැයි කල්පනාවට ගතයුතුවෙයි. මනුෂ්‍යයා මිනිස් ලොව පහළ වනුයේ මහත් වාසනා ශක්තියක් මුල්වීමෙන්මය. එහෙත් එය අවාසනාවක් කර ගනු ලබන්නේද මනුෂ්‍යයා විසින්මය. දැහැමින් හා සතුටෙන් සහ නිදහසේ ජීවිතය ගත කළ හැකි අයුරෙන් ජීවිතය පවත්වා ගෙන යාමට උත්සාහ කරන්නේ නම් අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් උවදුරුවලින් තොර ජීවිතයක් ගොඩනගා ගත හැකිවෙයි.
ආධ්‍යාත්මික සුවය අනෙකුත් කවර සුවයකටද වඩා උසස් වෙයි. සිත, කය, වචනය සංවර කර ගත් තරමට එම සුවය අත් කර ගත හැකිවෙයි. එය බාහිර වශයෙන් ලබා ගත හැකි දෙයක්ද නොවේ. මනුෂ්‍යයා බාහිර වශයෙන් ලබාගත හැකි සෑම දෙයක්ම ලබා ගැනීම සඳහා නොගන්නා උත්සාහයක් නොමැති තරම්ය. එහෙත් ආධ්‍යාත්මික ලෙස උදාකර ගත යුතු සැනසීම ළඟා කර ගැනීමට උත්සාහ කරන්නෝ ඉතා විරලය. තමන් කරන, කියන, සිතන දෑ අනුව එහි සැප හෝ දුක් විපාක හිමි වන බව නිරතුරුව කල්පනා කරන්නේ නම් මිනිස් ලොව තුළ ගැටලු අවම වේ.
මනුෂ්‍ය ලෝකය තාවකාලික ගිමන්හලක් වැනිය. ගිමන් හලකට ගොඩවනුයේ ගමන් විඩාව දුරුකර ගැනීම සඳහාය. සත්ත්වයා අනාදිමත් කාලයක් පුරා සසර ගමනේ ඇවිදිමින් සිටින අතරේ මිනිස් ලොව උපතක් හිමිකරගන්නේ පූර්වේද පුණ්‍ය ශක්තිය තුළිනි. ඒ පුණ්‍ය ශක්තියෙන් මිනිස් ලොව ඉපිද කා බී සතුටුවීම පමණක් ප්‍රමාණවත් නොවේ. ගමනක් යනවිට ඒ ගමනට අවශ්‍ය මග වියදම් රැගෙන යාම ගමනාගමනයේ යෙදෙන සෑම දෙනාගේම අවශ්‍යතාවයයි. ගමනට අවශ්‍ය මග වියදම් නොමැතිව හිස් අතින් මඟට බැස ගියහොත් බලාපොරොත්තු ගමන යා හැකි නොවේ. ගමනක් යන එන මගියාට ගමන් වියදම් අවශ්‍ය වන්නාක් මෙන් සසර පුරා ඇවිදින සත්ත්වයාට සසර කතරෙන් එතෙර වීමටද මග වියදම් අවශ්‍යය. සසර පුරා පින්දහම් හැකිතාක් කරගත යුත්තේ සසර ගමනට මග වියදම් අවශ්‍ය වන හෙයිනි.
පිනේ දහමෙහි යෙදීමට මිල මුදල් අවශ්‍ය නොවේ.ගතේ සිතේ සවිය ඇත්නම් පින්කම්වල නිරත විය හැකිවේ. කය, සිත, වචනය සංවර කර ගැනීම හෙවත් ජීවිත කාලය පුරා සංවරයෙන් කටයුතු කිරීමට ශක්තිය ඇතොත් එය මහා වාසනාවකි. තිදොර අසංවරය නිසා ඇතැම්විට ජීවිත කාලය පුරා පසුතැවෙන්නට දුක් විඳින්නට සිදුවන බව බුද්ධිමත්ව කල්පනා කළ යුතුවේ. මිනිසත් භවයෙහි යථාර්ථය තේරුම් ගැනීමෙන් තමාට මෙන්ම සමාජයටද යහපතක් ඉටු කිරීමට හැකියාව ලැබේ. තමන් කරන හොඳ ,නරක දෙක අනුව කර්ම ශක්තිය තීරණය කෙරේ. තමා පසු පස එන සෙවනැල්ල මෙන් ජීවිත කාලය පුරා සසර ගමනේ යහපතට හේතුවන පුණ්‍ය නිධාන තැන්පත් කරගත යුතුව ඇත. තුන්දොර සංවරව පවත්වා ගැනීමෙන් සසර ගමනට හේතුවන පුණ්‍ය නිධාන තැන්පත් කර ගැනීමට අවධානය යොමු කිරීම බෞද්ධයාගේ පරමාර්ථය විය යුතුය.

 

  නිකිණි පුර අටවක පෝය

  නිකිණි පුර අටවක පෝය අගෝස්තු 10 වන දා බදාදා පූර්ව භාග 10.39 ට ලබයි.
11 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 10 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 17 වන දා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]