ප්‍රශ්නය
අනුරාධපුර පූජනීය පෙදෙසේ පිහිටි ථූපාරාම ස්තූපයේ ඓතිහාසිකත්වය පිළිබඳව හැඳින්වීමක්
කරන්න.
පිළිතුර
මිහිඳු මාහිමි වැඩම කළ පළමුවස ඉල් පුර පසළොස්වක දා සර්වඥ ධාතූන් වහන්සේලා නිදන්කොට
චෙත්‍යයක් කළ බව වංශ කථාවල දක්නට ලැබේ. ඒ අනුව බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව
නිධන්කොට දෙවන පෑතිස් රජතුමා ස්ථූපය කළ අතර එම උත්සව අවස්ථාවෙහිදී දෙවන පෑතිස්
රජුගේ සහෝදර මිත්තාභය කුමරුද පැවිදි විය.
ප්‍රශ්නය
මකාලීන විවිධ නිකායික අදහස ඛණ්ඩණය කරමින් “කථා වත්ථුප්ප කරණය” නම් ග්‍රන්ථයක් ශාසන
වංශ කථාවට එක් විය. මෙම කෘතිය කවුරුන් විසින් කුමන අවස්ථාවක ඉදිරිපත් කරන ලද්දක්ද?
පිළිතුර
ධර්මාශෝක රජු දවස පැළලුප් නුවර අශෝකාරාමයෙහිදී පැවැත් වූ සංගායනාව මොග්ගලීපුත්ත
තිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය. කථාවත්තුප්පකරණය උන්වහන්සේ විසින්
රචනාකොට එම සංගීති අවස්ථාවෙහිදී ඉදිරිපත් කළහ.
ප්‍රශ්නය
පහත සඳහන් පද්‍යයෙහි ඇතුළත් සද්ගුණය කුමක්ද? මෙම ග්‍රන්ථ නාමය සහ කතුවරයා කවුද?
පිළිතුර
දෙමව්පිය ගුරුවරුන් විසින් තම සිසු දරුවන්ට දියයුතු යහපත් ධනය නම් උගත් සභාවක
නොබියව සභාගතවීම සඳහා හැකිවන සේ ශිල්ප ඉගැන්වීමයි.
කෝට්ටේ යුගයේ රණස්ගල්ලේ මාහිමියන් විසින් රචනා කරන ලද “ලෝකෝපකාරය “ ග්‍රන්ථයෙහි මෙම
පද්‍යය ඇතුළත්ය.
ප්‍රශ්නය
මෙම පාඨය කියවන්න.
අප කෙතරම් උත්සාහ කළත් තම ජීවිතය මග හරින්නට බැරිය. නගරයක වුව ද, වනාන්තර, ගුහාවක
වුවද ජීවත්වන තුරු ජීවිතයට මුහුණ පෑ යුතුමය. සැබෑ ජීවිතය නම් දැන් පවත්නා මේ මොහොත
මිස මියගිය අතීතයේ මතක සටහන් හෝ නූපන් අනාගතය පිළිබඳ සිහින හෝ නොවේ. මේ මොහොතේ
ජීවත් වන්නා සැබවින්ම ජීවත් වෙයි. ඔහුට වැඩි ප්‍රීතිවන්තයෙක් මිනිසුන් අතර නැත .
(බුදුන් වදාළ ධර්මය) මෙම පාඨයෙන් අවධාරිත අදහස බෞද්ධ භාවනා ක්‍රමයක් හෝ එකඟ විය
නොහැකිද? ඒ කුමන භාවනාවක් සමඟ ද යන්න පැහැදිලි කරන්න
පිළිතුර
”භාවනා” ක්‍රමවේදයන්ගෙන් එකක් වන “ආනාපානසති” භාවනාව ඉතා පහසු එකක් වන අතර
“ජීවිතේන්ද්‍රිය” හා සමීපතම භාවනාවයි. චිත්ත ඒකාග්‍රතාව දියුණු කිරීම අරමුණ කොට
උසස් ධ්‍යාන සමාපත්ති වලට ද හේතු කාරක වන්නේය. ඉහත සඳහන් පාඨයෙන් අවධාරිත
ප්‍රීතිමත් මිනිසා නිර්මාණය කිරීමේ හැකියාව“ආනාපාන සති” භාවනාවෙන් සිදුවීම ද
සුවිශේෂයකි. නිර්වාණාවබෝධය ඇතුළු කෙබඳු අවබෝධයකට වුවත් මෙම චිත්ත ඒකාග්‍රතාවය
අත්‍යවශ්‍යයි. මේ හැර ආනාපානසති භාවනාවෙන් වහාම ලැබිය හැකි ප්‍රතිඵලද වෙයි. එය අපේ
සෞඛ්‍යයට ද, විශ්‍රාමයට ද, සුව නින්දකට ද දෛනික කටයුතු සඳහා මනා කළමණාකාරිත්වයට
හේතුවන යහපත් සිහිය ද ලබාදෙයි. තමා කරන කටයුත්තෙහි ජීවත් විය යුතුය. අප බොහෝ විට
ජීවත්වන්නේ අප කරන කටයුතුවල හෙවත් දැන් පවත්නා මේ මොහොතේ නොවේ. වර්තමානය අමතක කොට
අප අනාගතයෙහි ජීවත් වෙමු. අප වැඩක යෙදෙන බවක් පෙනෙන නමුත් අපේ සිතිවිලි අපේ අතීතය
පිළිබඳ හැඟීම්වලට හෝ අනාගතය පිළිබඳ සිහින කල්පනා ප්‍රාර්ථනා වලට අයත්වෙයි.
බුදුරජාණන් වහනසේ වදාළ පරිදි අපේ වර්තමානික කටයුතු වලදී සිහිය (සති සම්පජඤ්ඤ)
පැවැතිය යුත්තේය. කරන කටයුත්තෙහි හෙවත් මේ මොහොතෙහි ජීවත් විය යුතුය.
ප්‍රශ්නය
චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමුවන ආර්ය සත්‍යයෙහි සඳහන් සංඛාර දුක්ඛ (සංස්කාර දුක්ඛ)
පැහැදිලි කරන්න.
පිළිතුර
මේ සඳහා ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ‘බුදුන් වදාළ ධර්මය’ එන සටහනකින් වඩාත්
පැහැදිලි කරගත හැකිය. බුදුදහමට අනුව ‘සත්වයා’ ‘මම’ යන මේ වචනවලින් කියවෙන්නේ
මොහොතින් මොහොත වෙනස්වනසුළු කායික මානසික වේග හෙවත් ශක්ති පිළිබඳ සමවායයක් පමණෙකි.
මේ සියල්ල කොටස් පහකට (පංචස්ඛන්ධ) බෙදා දැක්විය හැකිය. (සංඛිත්තෙන
පංචුප්පාදනක්ඛන්ධා දුක්ඛා) කොටින්ම මේ පංච උපාදානස්කන්ධම දුක් සහිතය. දුක්ඛය,
පංචස්ඛන්ධය යනු දෙකක් නොවන බවද සමස්ථ පංචස්ඛන්ධයම දුකයයි බුදුහු වදාළහ. සත්ව නමින්
පොදුවේ ගන්නා මේ පංචස්කන්ධයන්ගේ එක්වීමම (සමවායමා සංඛාර දුක්ඛයයි. මේ හැර
පංචස්ඛන්ධය, තුළ රුදු දුක් අනුභව කරන සත්වයෙක් හෝ මමෙක් ඇත්තේම නැත.
වි.සු අටුවාවෙහි බුදුගොස් හිමියන් දුකම වෙයි. දුකට පැමිණියෙක නොවේ. කිරිය වෙයි. යළි
කරන්නෙක් ද නොවේ. දුක්ඛමෙවහි න කොච් දුක්ඛිතො කාරකො, න කිරියාව විජ්ජති.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ මේ මිනිස් ස්වභාවය ගැන වඩාත් සැලකිලිමත් වූ සේක. දහම
බුද්ධිමතුන්ට දාර්ශනිකයන්ට පමණක් මන ආකාරයට දේශනා නොකළ සේක. බුද්ධිමය මෙන්ම භාවමය
නැත්නම් දාර්ශනිකයාට මෙන්ම සාමාන්‍ය මිනිසාට ද ගැළපෙන අයුරු ශික්ෂණ ක්‍රමයක් දහමෙහි
ඇතුළත්ව ඇත. “ මහා චත්තාරීසක” සූත්‍රයට අනුව ශ්‍රාවක ගමන් මග දෙයාකාරව හඳුනාගත
හැකිබව දේශනාවෙහි සඳහන් කොට ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර
ආර්ය ගමන් මාර්ගයෙහි ගමන් කළහැකි එක් ක්‍රමයක් නම්, සාසවා පඤ්ඤභාගියා උපධිවෙපක්ඛා
මාර්ගයයි.
අනෙක “ අරියා අනාසවා ලොකුත්තරා මග්ගංගා මාර්ගයයි
පළමු මාර්ගය කෙලෙස් සහිතව සිටිමින් (සාසවා) පින් පැත්තට බරවී (පුඤ්ඤභාගියා) සංසාරික
ඵලාපේක්ෂාවෙන් (උපධි වෙපක්ඛා) ගමන් කිරීමයි.
දෙවැන්න ආර්ය වූ ලොකුත්තර වූ අනාශ්‍රව වූ මාර්ගාංගයක් ලෙස අනුගමනය කිරීමයි. මෙහිදී
පළමු මාර්ගය සාමාන්‍ය මිනිසාට (භාවමය) පින්කර ගැනීමේ මාර්ගයයි. දෙවැන්න කුසල්
කිරීමේ මාර්ගයයි
ප්‍රශ්නය
පුද්ගලයාගේ දියුණුවට හේතුවන සාධක අතර ප්‍රධාන එකක් ලෙස පෙර කළ පින් ඇති බව (පුබ්බේ
ච කත පුඤ්ඤතා) සඳහන් වෙයි. තමා කළ පින් පරලොව දී පිහිටක් වන හෙයින් පින් වඩ වඩා කරන
ලෙස (පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණීනං) (සං:නි: පිය සූත්‍රය) පිය සූත්‍ර
දේශනා වෙහිදී දේශනා කොට ඇත. රහතුන් විෂයෙහි කරන ලද පුණ්‍ය කර්මයන්හි අනුසස් ලෙසින්
ස්වකීය සුන්දරිය සමග එක්වීමේ සතුට විඳ ගැනීමට පංචශිඛ දිව්‍ය පුත්‍රයා ප්‍රාර්ථනා කළ
බව “සක්කපඤ්හ” සූත්‍රයෙහි සඳහන් වෙයි. පින්කළ තැනැත්තා මෙලොවත් පරලොවත් යන දෙකහිම
සතුටුවන බවත් සුගතියට පැමිණ බොහෝ සෙයින් සතුටට පත්වන බව “ධම්මපද පාලි” ග්‍රන්ථයෙහිද
සඳහන් වෙයි. මේ අනුව ‘පුඤ්ඤකම්ම – පින්කම් කුසල කම්ම” කුසල ක්‍රියා වෙන්ව හඳුනා
ගන්නේ කෙසේද?
පිළිතුර
”නිබ්බෙධක” සූත්‍ර දේශනා අනුව “චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති
කායෙන වාචාය මනසා” යන විග්‍රහයට අනුව මිනිස් ක්‍රියාව සඳහා පුද්ගලයා පෙළඹවන චෙතනා
විශාල සංඛ්‍යාවක් තිබිය හැකි නමුත් ඒ සියල්ල චේතනා හයකට ගොනුකළ හැකි බව පෙළ දහමෙහි
සඳහන් වෙයි.
එම චෙතනා අකුසල පක්ෂයට ලෝභ, දෝස, මෝහ යන චේතනා තුනක් කුසල චේතනා වන අලෝභ , අදෝස,
අමෝහ යන තුන කුසල චේතනා නම් වෙයි. පින් ,පව් සංකල්පය මෙසේ පැහැදිලිව හඳුනාගැනීම
දුෂ්කරය. බුදු සමය පහළ වීමට පෙර පටන් වෙනත් ආගමික චින්තනයන් හිද පින හා පව යන නමින්
භාවිතයන් පැවැති නිසා පැහැදිලි නිර්ණායකයක් හඳුනාගැනීම අපහසුය. සාමාන්‍යයෙන් පින්
යනුවෙන් අදහස් කරන ලදදේ මතු භවයකදී කළ තැනත්තාට සතුටුදායක ප්‍රති විපාක අත්කර
දෙන්නේ යැයි විශ්වාස කළ හැකිය.
ප්‍රශ්නය
ගෘහ ජීවිතය අතිශයින් වගකීම් සහිත වූවකි. පවුල සමාජ සංයුතියේ කුඩාම ඒකකයයි. සමාජයට
නව සාමාජිකයන් එක්කරන ආයතනයයි. එම නව සාමාජිකයන් නිරෝගී මානසික තත්වයකින් සමාජයට
එවීමෙහි මූලිකම වගකීම මව්පියන් වෙත පැවැරෙයි. එම නිසාම අං:නි: සබ්බ්‍රහ්ම සූත්‍රයට
අනුව “පෙර පාසල” ගෘහයයි. සූත්‍රාගත බුද්ධ දේශනා ඇසුරු කරමින් පවුල් ඒකකයෙහි පවතින
වගකීම පැහැදිලි කරන්න.
පිළිතුර
අ:නි: සුප්පතිකාර සූත්‍රාගත තොරතුරු අනුව ආපාදකා , පොසකා, ඉමස්ස, ලොකස්ස දස්සෙතාරා”
යන පදනම මත දරුවා ඇති දැඩි කළ යුතුය. ළමයාගේ පාසල් ඉගෙනුම ආරම්භ වනුයේ මෙයින්
අනතුරුවය. සුත්‍රාගත බුද්ධ දේශනාවට අනුව “ආපාදකා යන්නෙන් දරුවාගේ කායික, මානසික
කුසලතා වර්ධනය කිරීමයි. දරුවාගේ මිනිස්කම පිබිදෙන ආකාරයට දරුවා පිළිබඳව සංරක්ෂණශීලී
සම්බන්ධතාවක් ඇතිකර ගැනීම මෙයින් අදහස් කෙරේ.
අටුවාචාරීන් ආපාදකා යන්න දිවි පැවැත්ම සඳහා අවශ්‍ය (පරිභ්‍රමණය) වැටහීම ලබාදීම නිසා
සිඟාලෝවාද සූත්‍රාගත පරිදි “පුබ්බාචරි පුබ්බදේව“ පූර්ව ගුරුවරුන් වශයෙන් හඳුන්වන්නේ
ඒ නිසයි. පොසකා යන්නෙන් කායික හා මානසික පෝෂණයත් “ඉමස්ස ලෝකස්ස දස්සෙතාරා” ලෝකය
පෙන්වා දෙන අය වශයෙන් මව්පියන් හඳුන්වා දී ඇත.
සබ්‍රපාම සූත්‍රයෙහිදී දරුවන් විසින් මැනවින් සංග්‍රහශීලී මව්පියන් සිටින ගෘහයක
සබ්බ්‍රහ්ම කුල සපුබ්බාචරිය කුල, සපුබ්බදේවතා කුල සාහුනෙය්‍ය කුල යන වචන හතරකින්
හඳුන්වා ඇත. බුදු වදනට අනුව මව්පියන් බ්‍රහ්මයෝය. බ්‍රහ්මයා තුළ පවතින මෛත්‍රිය,
කරුණාව, මුදිතාව හා උපේක්ෂා ගුණ මව්පියන් කෙරෙහි දක්නට ලැබෙයි. සපුබ්බාචරිය කුල යනු
පූර්වාචරිය සහිත පවුලයි. ආහාර පාන ගැනීම, ඉරියව් පැවැත්වීම , නෑදෑ හිත මිතුරන් හා
සබඳතා ගොඩ නගා ගැනීම කළයුතු නොකළ යුතු දේ ආදී කරුණු පළමු වරට දරුවාට කියා දෙන්නේ
පුරුදු පුහුණු කරවන්නේ මව්පියවරුන්ය. එනිසා ඔවුහු මුල්ම ගුරුවරු වෙති. |