Print this Article


අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර:   බුද්ධ ධර්මය (නව නිර්දේශය)අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර:   බුද්ධ ධර්මය (නව නිර්දේශය)

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර:  

බුද්ධ ධර්මය (නව නිර්දේශය)

1 අභ්‍යාසය

වඩාත්ම නිවැරැදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න

1) සිදුහත් බෝසතුන්ගේ චරිතය විවිධ දක්ෂතා වලින් පරිපූර්ණ චරිතයකි. ඔහුගෙ ළමා අවධියේදී දක්නට ලැබුණ විශේෂ ලක්ෂණයක් වූයේ,

1. වැඩිපුර නිදා ගැනීමය 2. නිතරම ක්‍රීඩා කිරීමය

3. නිතරම ආහාරපාන ගැනීමය 4. උගත් දේ හොඳින් ධාරණය කර ගැනීමය

2) සිදුහත් කුමරු තරුණ ජීවිතයේදී විවිධ අභියෝගවලට මුහුණ පෑහ. එම අභියෝග ඉතා සාර්ථකව ඔහු ජය ගත්තේ,

1. සිය විමසුම් නුවණ මැනවින් යෙදීමෙනි 2. සිය රාජ්‍ය බලය යෙදීමෙනි

3.සිය ධන බලය යෙදීමෙනි 4. සිය කාය බලය යෙදීමෙනි

3) සිදුහත් කුමරු එදා පැවැති සිරිත අනුව සිය විවාහ මංගල්‍ය සඳහා සුදුසු කුමරියක සොයා ගන්නා ලද්දේ

1.රාක්ෂ විවාහ ක්‍රමයට අනුවය 2. ගාන්ධර්ව විවාහ ක්‍රමයට අනුවය

3. සිය ධන බලය යෙදීමෙනි 4. දෛව විවාහ ක්‍රමයට අනුවය

4) යෞවනයෙකු ලෙස සිය සරණ බන්ධනය සඳහා සුදුසු කුල කුමරියක තෝරා ගැනීමේදී,

1. සිය කැමැත්තෙන් පමණක් තෝරා ගත යුතුය.

2. මවුපිය දෙපාර්ශ්වයේම ආශිිර්වාද මැද තෝරා ගත යුතුය.

3. දායාද පමණක් ඇති තැනැත්තියක තෝරා ගත යුතුය

4. තම වයසට වඩා වැඩි වයසැති කුමරියක තෝරා ගත යුතුය

5) අභියෝග හමුවෙහි සිදුහත් කුමරු හැමවිටම ක්‍රියා කළේ මින් කුමන ක්‍රමයටද?

1. ගුරුවරයාට පැමිණිලි කිරීමයි

2. සැඟව, රහසිගතව පලා යාමයි

3. ඉන්ද්‍රඛීලයක් සේ ඒවාට මුහුණ දීමයි

4. තර්ක විතර්ක කොට ජය ගැනීමයි

6) බුද්ධත්වයට පත්වීම සඳහා සිදුහත් බෝසතුන්ට දසමාර සේනාවන් පරාජය කිරීමට සිදුවිය. එම දසමාර සේනාවට අයත් නොවන්නේ,

1. කාමය, අරතිය, සාපිපාසා, තණ්හාව

2. තණ්හාව, අරතිය , සාපිපාසාව, අප්පිච්චතාවය

3. ථීනමිද්ධය , භය, සැකය, ගුණමකුභව

4, ලාභ, ප්‍රසංසා, සත්කාර, නොමගින් ලැබූ යසස , අත්තුක්කංසන පරවං භන

7) ධර්මය දේශනා කිරීමට පස්වග මහණුන් තෝරාගත් පසු ඒ සඳහා ඉසිපතන මිගදායට බුදුරදුන් වැඩම කළ අවස්ථාවේදී ඔවුන් උන්වහන්සේට,

1. හොඳින් උවැටැන් කළහ 2. ආසනයක් පමණක් පිළිගැන්වූහ

3.කිසිවෙකුත් කථා නොකර සිටියහ 4. නපුරු වචන වලින් බැණ වැදුණාහ.

8) බුදුසිරිතේ විවිධ දුෂ්කර සිදුවීම් අතර වේරංජා පුරයේ වස්විසූ කාල සීමාව තුළ උන් වහන්සේට කිසිදු ප්‍රත්‍ය පහසුකමක් නොලැබීම එසේ වුවද උන් වහන්සේ ඉන් නොසැලී සිටියහ. මෙයින් පැහැදිලි වන්නේ,

1. බුදුරදුන් තුළ පැවැති පුරිසදම්ම සාරථි ගුණයයි

2.අටලෝ දහමෙන් කම්පා නොවීමේ ගුණයයි

3. සිවුපසය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදැක්වීමයි

4. පිණ්ඩපාතයේ යාමට තිබූ අකැමැත්තයි.

9) පන්සාළිස් වසක් බුදුරදුන් විවිධ ස්ථානවල වස් විසූහ. වේරංජා පුරයේ උන්වහන්සේ වස් විසුවේ මින් කුමන වස් කාලයද?

1. 10වන කාලයයි 2. 12 වන කාලයයි 3. 5 වන කාලයයි 4. 20 වන වස් කාලයයි

10) වේරංජා පුරයේ වස් විසීම සඳහා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ලද්දේ,

1. වේරංජා පුරයේ විසූ සිටුවරයෙකු විසිනි

2. වේරංජා පුරයේ විසූ භික්ෂු පිරිසක් විසිනි

3. වේරංජා පුරයේ විසූ උදයන බමුණා විසිනි

4. වේරංජා පුරයේ විසූ උදායිබද්ධ නමැති රාජකුමාරයෙකු විසිනි

11) “අක්කෝදේන ජිනේ කෝධං – අසාධුං සාධුනා ජිනේ

ජිනේ කදරියන් දානේන – සච්චේන අලිකවාදිනං

මෙම ගාථාව සඳහන් වන්නේ ධම්මපදය ග්‍රන්ථයේ කිනම් වග්ගයේද?

1. ක්‍රෝධ වග්ගයේය 2. චිත්ත වග්ගයේය 3. බාල වග්ගයේය 4. ජරා වග්ගයේය

12) “අමාදහර දිය ගලා ගලා

තුරු ලතා තුළින් මල් පියලි සලා

ජය හසින් ලොව සිහ නද පතුරා

ලෝ සත අතරින් ජනිත වුණා

බුදුරදුන් පිළිබඳව ගැයෙන මෙම ගීතය ගායනා කරනු ලබන ගායකයා වන්නේ,

1. විශාරද අමරදේවයන්ය. 2. විශාරද වික්ටර් රත්නායකයන්ය

3. විශාරද සනත් නන්දසිරිය 4. විශාරද නන්දාමාලනීය

13) බෝසත් උපත ලොව සිදුවූ අසිරිමත් සිදුවීමකි. බෝසතුන්ගේ අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවණින් විමසා බැලිම සඳහන් වන්නේ,

1. පංචවිධ නියාම ධර්ම නමින්ය 2. පංචමහා විලෝකන නමින්ය

3. පංචවිධ නිරෝධ නමින්ය 4. පංචවිධ ජාති නමින්ය

14) මහා බ්‍රහ්මයා විසින් බුදුවන ආත්මයේ මිනිස් ලොව උපදින ලෙස බෝසතුන්ට ආරාධනා කළ බව දැක්වෙන ගාථා පාඨය නම්,

1. “කාලෝයංතේ මහා වීර” ගාථාවයි

2. “උත්තිට්ඨේ නප්ප මජ්ජෙය්‍ය’ යන ගාථාවයි

3. “ න මේ ආචරියෝ අත්ථි” යන ගාථාවයි

4. “අග්ගෝ හමස්මි ලෝකස්ස” යන ගාථාවයි

15) වප් මඟුල සිදුකරන අවස්ථාවේදී බෝසත් කුමරු විසින් සිදු කළ අසිරිමත් සිද්ධිය දුටු සුදවුන් රජු සිදුහත් කුමරුට

1. “පුත මේ මාගේ පළමු වැඳුමයි” කියා වන්දනා කළේය

2. “පුත මේ මාගේ දෙවන වැඳුමයි” කියා වන්දනා කළේය.

3. “පුත මේ මාගේ තෙවන වැඳුමයි” කියා වන්දනා කළේය

4. “පුත මේ මාගේ අවසාන වැඳුමයි” කියා වන්දනා කළේය

පිළිතුරු

1 – 4, 2–1, 3– 3, 4–2, 5–3, 6–2, 7–1, 8–2, 9–2, 10– 3, 11–1, 12–2, 13–2, 14–1, 15–2

11 අභ්‍යාසය

1) සාරමසක් මුලුල්ලේම තම අභිමතය පරිදි භාවනා කොට ඉන්කිසිදු ප්‍රතිඵලයක් නොලද බුද්ධකාලීන භික්ෂුව නම්,

1. සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය ස්වර්ණාකාර හිමිය

2. මහා කාශ්‍යප තෙරුන්ගේ ශිෂ්‍ය දිවාකර හිමිය

3. උපාලි තෙරුන්ගේ ශිෂ්‍ය ගඨීකාර හිමිය

4. අනුරුද්ධ තෙරුන්ගේ ශිෂ්‍ය මාලාකාර හිමිය

2) සමථ භාවනාව බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර පටන් භාරතීය යෝගීන් අතර භාවිතා වූවකි. මෙම භාවනාව වැඩීමෙන් කෙනෙකුට පංච අභිඥා අෂ්ඨ සමාපත්තීන් උපදවා ගත හැකිය. එම සමාපත්ති ලබාගත් බුද්ධ කාලීන තවුසෙකි.

1. කොණ්ඩඤ්ඤ තවුසා 2. භාර්ගව තවුසා 3. ආලාරකාලාම තවුසා 4. උද්දකාරාම තවුසා

3) බුද්ධ, ධම්ම, සංඝ යනු තෙරුවන්ය. තෙරුවන් ගුණ සූවිස්සකි. සූවිස්ස යනුවෙන් දැක්වෙන්නේ,

1. බුදුගුණ පමණක් 24වන බවයි 2. තෙරුවන් ගුණ 24වන බවයි

3. තෙරුවන් ගුණ 36 වන බවයි 4. තෙරුවන් ගුණ 20 වන බවයි

4) සීලයෙන් යුතුව සමාධි භාවනාව සඳහා යොමු වීමේදී පුද්ගලයෙකු තුළ “සතිසම්පජඤ්ඤය” තිබීම ඉතා වැදගත්ය . මෙහි “ සතිසම්පජඤ්ඤය” යනු

1.ලද දෙයින් පමණක් සතුටු වීමයි

2. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රීය සංවර කර ගැනිමයි

3. හිඳීම , සිටීම, ඇවිදීම, ආදී සියලු ක්‍රියාවන්හිදී අවබෝධයෙන් යුතු වීමයි

4. කායික , වාචසික ආදී වශයෙන් සංවරකම ඇති කර ගැනීමයි

5)ස්කන්ධ යනු ගොඩවල්ය. සමූහය, රාශිය යන තේරුම්ද ස්කන්ධ යන්නට දැක්විය හැකිය. බුදුරදුන් දක්වා ඇති ස්කන්ධපංචකයේ සංඛාර ස්කන්ධකය යනු

1. ඇස, කන ආදී ඉදුරන්ට රූප, ශබ්ද, ආදී අරමුණ හමුවූ විට සිතෙහි ඇති වන වින්දනයයි

2. රූප, සංඥා, ශබ්ද ආදී යැයි බෙදා දැක්විය හැකි හඳුනා ගැනීම්ය

3. ඇස හා රූප, කන හා ශබ්ද දිව, හා රස යන සාධකවල එකතුවය

4. කුසල කර්ම අකුසල කර්ම ආදී වශයෙන් හැඳින්වෙන දිගු කලක් නැවත නැවත පිරීමෙන් ප්‍රභලත්වයට පත්වන චේතනාව පෙරටු කරගත් ක්‍රියාය

6) වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ හිමි සියම් රටෙන් මෙරටට පැමිණි උපාලි මහතෙරුන් ප්‍ර‍්‍රමුඛ උපසම්පදාලාභී භික්ෂූන්ගෙන් උපසම්පදාව ලදහ. උන්වහන්සේ උපසම්පදාව ලද්දේ මින් කිනම් වර්ෂයේදී ද?

1. 1480 වසරේදීය. 2. 1815 වසරේදීය 3. 1753 වසරේදීය 4. 1764 වසරේදීය

7) සිතෙහි හා කයෙහි පවත්නා නිදිමත ගතිය හා උදාසීනකම නිසා මතකය පවා නැතිව යයි. දහමෙහි මෙය හැඳින්වෙන්නේ

1. ථීන මිද්ධය යනුවෙනි 2. කාමච්ඡන්දය යනුවෙන්ය

3. විචිකිච්චාව යනුවෙන්ය 4. උද්ධච්ච කුක්කුච්ච යනුවෙන්ය

8) ධර්මය විනය පිළිබඳව විශාරදයෙකු වූ වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ විසින් රචිත ශාස්ත්‍රීය ග්‍රන්ථයන්ට අයත් නොවන්නේ මින් කුමන ග්‍රන්ථයද?

1. මුණිගුණාලංකාරය 2. ප්‍රණාම ගාථාසන්නය 3. සාරාර්ථ සංග්‍රහය 4. ශිකවලදවිනිස සන්නය

9) දුටුගැමුණු රජුගේ අනුස්මරණීය ශාසනික ඉදිකිරීම් අතර ලෝවාමහා ප්‍රාසාදය දෙවෙනි වන්නේ මහා සෑයට පමණි. මෙම ලෝවාමහාපාය යනු,

1. අපාය පිළිබඳ විසිතුරු සිතුවම් ඇති ප්‍රාසාදයකි.

2. ලොව විශාලම ප්‍රාසාද වලින් එකකි

3. මහා විහාර භික්ෂූන් විනය කර්ම සඳහා යොදා ගත් පොහොය ගෙයකි

4. දුටුගැමුණු රජුගේ සුවිශේෂම මාලිගාවකි

10) මා තරුණ වියේ පිළිවෙත් රැක්කේ ද නැත. ධනය රැස් කළේද නැත. දැන් මහලු වූවෙමි. ඒ කිසිවක් කරන්නට ශක්තියක් නැත්තේ වෙමි” යන අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල්පදය මින් කුමක්ද?

1. “උට්ඨානෙ නප්ප මාදෙන”

2. “අචිරං වතයං කායො”

3. “අක්කෝදෙන ජිනේ කෝධං”

4. අචරිත්වා බ්‍රහ්ම චරියා

11)සිල්රැකීමෙන් ආනිසංස පහක් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එම ආනිසංසයන්ට මින් අයත් නොවන්නේ,

1. මහත් වූ භෝග සම්පත් අත්හැරීමයි

2. කීර්තිය පැතිරයාමයි

3. සිහිමුලා නොවී කළුරිය කිරීමයි

4. මරණින් මතු සුගතියෙහි උපත ලැබිමයි

12) සමාජයක වැදගත්ම ඒකකය වන පවුලේ ප්‍රධානම සාමාජියන් වන්නේ බිරිඳ හා සැමියාය. මොවුනගේ යහපැවැත්ම මතම දියුණුව ද සැලසේ. බටහිර දිශාව ලෙස දැක්වෙන අඹුසැමි දෙදෙනාගෙන් ස්වාමියා බිරිඳට ඉටුකළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ මින් කුමක්ද?

1. ඇය ගරු කිරීමය 2. උපයන ලද ධනය ආරක්ෂා කිරීමය 3. ඇයට අවමන් නොකිරීමය 4. පරදාර සේවනයේ නොයෙදීම

13) බුදුදහම වනාහි අනුශෝතගාමී දහමකි මින් අදහස් කරන්නේ,

1. රාග, ද්වේශ, මෝහ, ආදියට මිනිසා ඇද දැමීමයි

2. දූෂිත සමාජය තුළම රැදී සිට අපාගත වීමයි

3. යටිගම් බලා යාම හැරපියා උඩුගම්බලා යාමට පෙළඹවීමය

4. ගඟ පහළටම ඇදී යන්නා සේ කාමයෙන් කාමයට ඇද දැමීමයි

14) මරණින් මතු පළමු ආත්මයේදීම විපාක දෙන කර්මය හඳුන්වනු ලබන්නේ

1. අපරාපර වේදනීය කර්මය නමින්ය 2. අහෝසි කර්ම නමින්ය 3. දිට්ඨධම්ම වේදනීය කර්ම නමින්ය 4. උප්පජ්ජ වේදනීය කර්ම නමින්ය

15) ජීවිත පුරුද්දක් ලෙස සිදු කරන ලද කුසලාකුසල කර්ම හා කලින්කරන ලද නිරන්තරයෙන් සිහි කරන ලදච කුසලාකුසල චේතනා හඳුන්වන්නේ,

1. ගරුක කර්ම නිමිනි 2. ආචින්න කර්ම නමිනි 3. ආසන්න කර්ම නමිනි 4. කටත්තා කර්ම නමිනි

පිළිතුරු

1–1, 2–4, 3–2, 4–2, 5–4, 6–3, 7–1, 8–4, 9–3, 10–4, 11–1, 12–2, 13–3, 14–4, 15–2