බුදුපිළිමයේ උපත - 29:
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ශ්‍රමණ භූමියට ඇතුළත්වීම
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා M sc පර්යේෂණ
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සහ එතුමාගේ මෙහෙය පිළිබඳ නිසි ලෙස තේරුම් ගත්
විදේශිකයෝ ද බොහෝ ය. මහාචාර්යවරුන්, චින්තකයන්, දාර්ශනිකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්,
දේශපාලන නායකයන්, ආගමික නායකයන්, පුවත්පත් සංස්කාරක-වරුන්, සාහිත්‍යකරුවන් මේ අතර
වූහ. මේ සියලු දෙනාගෙන්ම විශේෂ තැනක් ගත්තේ ඈත පැසිපික් සාගරයේ පිහිටි හවායි
දූපත්වල හොනලුලු නගරයේ විසූ මේරි ෆොස්ටර් මැතිනියයි. බෞද්ධයෝ අනගාරික ධර්මපාලතුමා
තනි කළහ. එහෙත් එතුමා තනිවම තම අරමුණ කරා යාමට වෙහෙස දැරුවේය.
බරණැස නව මූලගන්ධකුටි විහාරය |
ඉතිහාසය බුද්ධිමත් ලෙස හැදෑරූ එතුමා අපගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට වෙහෙසුණේය.
අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් මිදීමට සහ ඒ පාලනයේ අතුරු ප්‍රවණතාවයන්ගෙන් නිදහස්වීමට
සටන් කළේ ය. අපගේ අනාගතය සකස් විය යුත්තේ කෙසේදැයි එතුමා පෙන්වා දුන්නේ ය.
අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයෙන් වියයුතු බවත්, ඒ අධ්‍යාපනය තාක්ෂණ සහ කාර්මික ඤාණය
ප්‍රගුණ කරන එකක් විය යුතු බවත් පෙන්වා දුන්නේ ය.
අධ්‍යාපනයට අවශ්‍ය නායකයන් බිහි කළ හැකි එකක් විය යුතු යැයි කීය. විදේශීය වශයෙන්
මෙරට වැසියන් ඉන්දියාවේ උතුරු සහ දකුණු දේශවල වැසියන් සමඟ සම්බන්ධ කම් ඇතිකරගැනීමේ
යහපත්ඵල පෙන්වා දුන්නේ ය. බෞද්ධ රටවල් අතර සමගිය තහවුරු වන අන්දමේ ව්‍යුහයක් ඇති කර
ගැනීමේ වැදගත්කමත් නිදහස් පාලනයක් සහිත ලංකාව එංගලන්තයත් සමග විශේෂ සම්බන්ධතාවයක්
ඇති කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යහපත් බවත් එතුමා පෙන්වා දුන්නේ ය.
(අනගාරික ධර්මපාල අභියෝගය සහ අපි එඩ්මන්ඩ් රණසිංහ පසුවදන අනගාරික ධර්මපාල භාරය –
2014)
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඉතා සමීප ලෙසින් ඇසුරු කළ පුවත්පත් කලාවේදියෙකු මෙන්ම
විද්වතෙකු වන කේ.බී. සුගතදාස මහතා මෙසේ සඳහන් කරයි. තම ප්‍රේමනීය මාතෘභූමියෙන් සහ
සහෝදර සිංහල ජනතාවගෙන් වෙන්වී ධර්මපාලතුමන් භාරතයට පිවිසෙන විට තම ජීවිතයේ අවසන්
මහා කෘත්‍යය වූ ඉසිපතනයේ නව මූලගන්ධකුටි විහාර කර්මාන්තය නිමාවකට පත්වෙමින් තිබුණේ
ය. දඹදිව බුද්ධගයාවේ ජයසිරි මහ බෝමැඬට පිවිසි මුල් වතාවේම කරගත් අධිෂ්ඨානය අනුව ඒ
අති පාරිශුද්ධ මහ බෝමැඬ බෞද්ධයන් අතට පත් කරගැනීම තවමත් ඉටු නොවූ ප්‍රාර්ථනය බව
එවකට මෙනෙහි කළ ධර්මපාලතුමා ඒ පැතුම ඉටුකර ගැනීමට නැවත අධිෂ්ඨාන කොට බෞද්ධ ලෝකයාගේ
සිත් සතන් ඒ සඳහා යොමු කළේ ය. අවසානයෙහි බෞද්ධයින්ට බුද්ධගයාව අයිති වූයේ ය.
අනගාරික ධර්මපාල ස්මාරකය |
ලෝකයේ පහළ වූ සකල මහා අධීරාජයන් රාජ්‍ය පාලකයන් සහ ජන ප්‍රභූවරයන් අතර ධර්මාශෝක මහා
අධිරාජයන්ගේ යශෝකීර්ති කදම්බය ඉතිහාසය නමැති භෝතලයෙහි අසමාන රශ්මි ධාරා විහිදුවන
තරුවක් මෙන් බැබලෙන්නේයැයි මහා ඉතිහාසය කතාකාර එච්.ජී. වෙල්ස් වැනි අවරදිගුවන් පවා
නොගිය විදේශයන්හි ධර්මාපලතුමාද තම ජීවිතයේ අවසාන සමයේ ශාසන ගතවීමට සනිටුහන් කරගත්තේ
ය. අනගාරික වී ගිහි සැපත් අත්හැරීමෙන් පටන්ගත් නෛෂ්ක්‍රම්‍යය පැවිදි බිමට පත්වීමෙන්
නියම අභිනිෂ්ක්‍රමණයේ පින් පල ලැබීම එහි අරමුණ වන්නට ඇත.
දඹදිව ඉසිපතනයේ මූලගන්ධ කුටි විහාරය පිහිටි ශුද්ධ භූමියේ දී බෝරුක්ගමුවේ ශ්‍රී රේවත
මහා ස්වාමීද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයත් එවකට දඹදිව විසූ භික්ෂූන් වහන්සේලා සහ මහා
බෝධි සමාගම හා සම්බන්ධ බෞද්ධ ප්‍රභූන් ඇතුළු සැලකිය යුතු සමූහයකගේ සහභාගීත්වය
ලබමින් 1931 ජූලි මස 31 වන සෙනසුරාදා පෙරවරු 9.30 යෙදුණු සුබ මොහොතින් අනගාරික
ධර්මපාල ශ්‍රීමතාණෝ තම ගෞරව භක්තියට පාත්‍රව විසූ දේවමිත්ත ආචාර්යවරයන් වහන්සේගේම
නාමය අනුව සිරිදේවමිත්ත ධම්මපාල නමින් ශ්‍රමණ භූමියට ඇතුළත් වූහ. ඒ මංල්‍යය
නිමිත්තෙන් එදින ලංකාවේද මහා බෝධි සමාගමේ සංවිධානයෙන් මහා ප්‍රදීප පූජෝත්සවයක්
පවත්වන ලද්දේ ය. (අනගාරික ධර්මපාල අපදානය කේ.බී. සුගතදාස පි. 195 – 96 1986 )
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා එසේ ශ්‍රමණභූමියට පත්වීමෙන් පසුව 1933 ජනවාරි 16
වැනිදා සිරිදේවමිත්ත හිමියන් උපසම්පදාව ලැබූහ.
ශ්‍රී දේවමිත්ත ධර්මපාල හිමියන්ගේ ආදාහනය පිළිබඳ උපදෙස් ද 1932 දී නිවේදනය කර ඇත. ඒ
මෙසේ ය.
ආදාහන කිරීම පිළිබඳ ධර්මපාල හිමිගේ උපදෙස්.
ධර්මරාජික විහාරය
නොවැම්බර් 29. 2476/1932
සැම දෙනාට පී‍්‍රතිය
මා දැන් මහලුය. දුර්වලය. ජීවත්වීමේ බලාපොරොත්තු ද නැත. හෘදයාබාධයකින් පෙළෙමි. කවර
මොහොතක හෝ මියැදෙනවා ඇත. මා මළ පසු මගේ මෘත ශරීරය බාරගෙන බරණැස සාරානාත්හි පූජනීය
ඉසිපතනයට ගෙනයෑමට ගරු යූ. ඔත්තම සහ බ්‍රහ්මචාරී දේවපි‍්‍රයට බලය පවරමි. එහි දී
බෞද්ධ චාරිත්‍රානුකූලව ආදාහන කොට මූලගන්ධිකුටි විහාරය මැද නිදන් කොට අඩි 3 ක් උස
හුණු ගලින් (Chunam Stone) සෑයක් ඉදිකරන්න.
මේ මගේ අස්සන
ශ්‍රී දේවමිත්ත ධම්මපාල
මහා බෝධි සමාගමේ ආරම්භක
අනගාරික ධර්මපාල
මාගේ ජීවිත කතාව
අනගාරික ධර්මපාල
ස්වයං ලිඛිත චරිතාපදානය පිටුව - 148 (2001) ලක්ෂ්මන් ජයවර්ධන
|