වාඳුරුප්ප ථෙරපුත්තාභය
රාජමහා විහාරය
අම්බලන්තොට
එස්. සෝමසිරි
අම්බලන්තොට නගරයේ සිව් මං සන්ධියෙන් හැරී, වාඳුරුප්ප මාර්ගයේ කිලෝ මීටර 2 ක් පමණ
ගිය විට ඓතිහාසික අගයෙන් අනූන මනරම් වෙහෙරක් නෙත ගැටෙයි. ථෙරපුත්තාභය රාජමහා විහාරය
ලෙස වත්මනෙහි හඳුන්වන මෙය මහානාග රජු විසින් කරවන ලද්දකි. දුටුගැමුණු රජතුමාගේ රට
එක්සේසත් කිරීමේ උතුම් මෙහෙවරට දායක වූ මහරහතන් වහන්සේ නමක් වැඩ සිටි පින් බිමකි.
ක්‍රි.ව. 1188-1196 තෙක් රජ කළ නිශ්ශංකමල්ල රජතුමා මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර
සෙල් ලිපියක්ද පිහිටුවා තිබේ.
අද පවා විහාරස්ථානයේ ඇති මෙම පුවරු ලිපියෙහි අන්තර්ගත වන්නේ, නිශ්ශංකමල්ල රජු හා
බිසව වාර්ෂිකව ජනතාවට වස්තු ප්‍රදානය කර ඔවුන්ගේ ජීවිත සැපවත් කළ බවද, බුදු දහමේ
දියුණුව සඳහා කුඹුරුවල බදු මුදල් මෙම විහාරස්ථානයට පූජා කළ බවද සඳහන් වේ.
මෙම විහාරස්ථානය වටා ගෙතී ඇති ඓතිහාසික පුවත, ජාතිකාභිමානයෙන් ඔද වැඩී ගිය පෙර කල
මහතෙරවරුන් නිවන් මග පමා කොට, බුදුදහම සුරක්ෂිත කරනු වස් ක්‍රියා කළ අයුරු හෙළි
කරයි.
වගේගොඩ සීලානන්ද හිමි |
දුටුගැමුණු මහ රජුගේ දසමහා යෝධයන් අතර, ගෝඨාභය ,ථෙරපුත්තාභය යෝධයින්ද විය. ඔවුන්
එක්ව කළ සටන අනුරපුර ජයගැනීමෙන් නිමා විය. අනතුරුව ථෙරපුත්තාභය යෝධයා පුරුදු
විහාරයට පැමිණ පැවිදි වී බවුන් වඩා රහත් භාවය ලද්දේය. එබැවින් ප්‍රෞඪ ජාතියක
අභිමානය ඔප් නැංවූ වීර පුරුෂයන්ට සෙවන සලසන ලද්දා වූද, නික්ලේශී මහ රහත් උතුමන්ගේ
පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූද, ථෙරපුත්තාභය රාජ මහා විහාරය උතුම් පුණ්‍ය
භූමියකි.
රාජධානිය වෙනස් වීම සමඟ රෝහණය පුරා පැවති වෙහෙර විහාරද භික්ෂූන්ගෙන් හිස්ව ගරා
වැටෙන්නට විය. ථෙරපුත්තාභය මහ රහතන් වහන්සේ වැඩ සිටි විහාරයටද එම දසාව ලැබුවේය.
සියවස් ගණනාවක් පුරා කැළයෙන් වැසී පැවතුනි. මෑත කාලයේ කැලෑව එළි පෙහෙළි කොට
විහාරස්ථානය සොයා ගෙන ඇත. කුඩා කුටියක භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටියහ. ගරා වැටී
තිබූ චෛත්‍යයේ ගඩොල් සී සී කඩ විසිරී ගොසිනි. 1977 වර්ෂයේ පී.එම්.බී.සිරිල්
මැතිතුමාගේ මැදිහත් වීමෙන් චෛත්‍යය ප්‍රතිසංස්කරණය කළ බව කෘතවේදීව සඳහන් කළ යුතුය.
විහාරස්ථානයේ පවතින වසර සිය ගණනක් පැරණි බෝධීන් වහන්සේ ජනතා සිත් නිවමින් සැනසුම
සෙත උදා කරමින් බැතිමතුන්ගෙන් පුද ලබති. එහි පවතින තේජවන්ත බව බලගතු බව අදහන දනන්
නිතිපතා බෝධි පූජා පවත්වමින් ලෞකික අපේක්ෂාවන් ඉටුකර ගනී. සතර මහා දේවාලයට පුද පූජා
පවත්වන පිරිස්ද බොහෝය.
මෙම විහාරාධිපති ධුරය දරා අපවත් වී වදාළ ගලගම පේමරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි
නව බුද්ධ මන්දිරය ඉදිකරන ලදී. 2004 වර්ෂයේ සුනාමියෙන් හානියට පත් විහාරය යළි සකස්
කිරීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කළ මෙහෙවර අගය කළ යුතුය.
තැන තැන විසිරුණු ශිලා ස්ථම්භ ආදී අවශේෂයන් මෙහි පුරා විද්‍යා වටිනාකම හෙළි කරයි.
වර්තමාන විහාරාධිපති ධුරය හොබවන සද්ධර්ම කීර්ති ශ්‍රී ඛේමානන්ද, ඉතාලියේ ප්‍රධාන
සංඝනායක වගේගොඩ සීලානන්ද හිමි සහ විහාරාධිකාරි වැලිගම සරණජෝති හිමි දායක දායිකාවනගේ
ප්‍රසාදය ලබමින් විහාරස්ථානය වැඩි දියුණු කිරීමේ කටයුත්තේ නිරතව සිටිති. ඒ යටතේ
විහාරස්ථානය සතු සීමා මායිම් තහවුරු කොට ඇත.
පුස්තකාලය සහිත දෙමහල් ධර්ම ශාලාවක් ඉදිවෙමින් පවතී. පුරාණ චෛත්‍යයේ සලපතල මළුව
සකස් කිරීමට මහරගම පදිංචි දයා කෝරලගේ මහත්මිය දායකත්වය දරන්නීය.
කාලයේ වැලිතලාවෙන් යට වී තිබූ මෙම පින් බිම ඉස්මතු කොට මතු පරපුර වෙනුවෙන් රැකගත්
මහ සඟ රුවනට සමස්ත ජාතියේම ගෞරවය හිමි විය යුතුය. නේක දුක්ඛ සංඛා ඉවසමින් දුර් භෝජන
වළඳමින් එම උදාර මෙහෙය ඉටුකළ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතර, නලගම මහානාම, මීගහපොල
ධම්මරක්ඛිත, පට්ටියපොල සෝභිත, පට්ටටියපොල රේවත, බඹරැකන්දේ සුමංගල, කකුසුටමුල්ලේ
රත්නපාල, හම්බන්තොට රතනජෝති, ගලගම ඛේමානන්ද,ගලගම පේමරතන ආදි ස්වාමීන් වහන්සේලා
වෙති. මෙම ස්වාමීන් වහන්සේලා විසින් ඉටුකරන ලද වගකීම ඉදිරියට ගෙන යාම වත්මන්
විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන් වෙත පැවරී තිබේ.
|