Print this Article


දරුවාට ඉගැන්වීමේ වැඩි වගකීම මවට සහ පියාට පැවරෙයි

දරුවාට ඉගැන්වීමේ වැඩි වගකීම මවට සහ පියාට පැවරෙයි

දරුවා යනු මෙහෙය විය යුත්තෙක් මිස නියෝග කොට ඉදිරි ආරක්ෂක වළල්ල දක්වා පන්නා දැමිය යුත්තෙක් නොවේ.
 

මෙම ලිපියෙහි තවත් කොටසක් ඇසළ අව අටවක (ජූලි 26 ) පත්‍රයේ පළ විය.

බුදුපියාණන් වහන්සේ එකී විභව ශක්තිය මනස්කාන්තව නිවැරැදිව හදුනාගත් විශිෂ්ට සම්ප්‍රයුක්ත ඤණ සමිභාරය හිමි ගුරුවරයායි. අපේ දරුවන් ආචාර්ය වරුන්ට පමණක් බාරදුනහොත් දැනුමෙන් පිරිපුන් ෙවිවි. එවිට දැන උගත් ෙවිවි. ගුණ ගරුක නැති ෙවිවි.

කිසියමි දරුවකු ඉතාම දැනුවත් වුවහොත් මවිපියන් හැර දමා ගොස් ඔහුගේ පුංචි කැදැල්ල විශාල ගෙයක් බවට පත්කරගෙන සිටීවි. එළෙස සිටිනා අතර තුර මගේ දරුවා මා හැර ගියා කියා දෙමවිපියන් සුසුම් හෙළමින් සිටීවි. ඒත් ඈත අතීතයේ සිංහල දරුවන් හා දෙමව්පියන් අතර ගුණවත් සම්බන්ධකමක් පැවතුණා. තාත්තා අම්මා පළිබඳ දයාබර ලෙන්ගතුකම ස්නෙහෙවන්තකම් අදටත් අගය කරන සමාජයන් ලෝකය තුළ තිබෙනවා. ඉතාම දියුණු යැයි සම්මත රටවල අප දකින්නේ ඔවුන් පාවිචිචි කරන වාහනයේ බ්‍රෑන්ඩි එක විය හැකියි. එත් ඔවුන්ගේ පවුල් ජීවිත අතර සුහද සබඳකම් ඇගයීමට ලක්වන්නේ නැත. ඇතැම් රටවල ඇතැම් නගරවල සීමා මායිම් සලකුණු කළ හැකි වුවද පැළ ඉණි වැටක්වත් දැමිය නොහැකි ස්ථානවල පෞද්ගලිකත්වය මැනවින් සුරක්ෂිත වෙමින් එකට ජීවත් වෙයි . එසේ කිරීමේ හැකියාවක් තිබෙනවා එසේ ජීවත් වන මිනිසුන් රට රටවල ඕිනෑතරම් සිටිනවා. එම නිසාම අප මේ ගමන් කරනු ලබන්නේ අධ්‍යාපන ක්‍රම විද්‍යාවේ හැටියට යමක් කමක් ටිකක් දන්නා ශරීරයක් නිර්මාණය කළ හැකියි. එය අපගේ අධ්‍යාපන ක්‍රමයේ දැක්මයි.

ශ්‍රී ලාංකික මව්පියන් දෙපළ යනු දරුවන්ය. “දරුවන්” යනු දේපළක්ය යන තැනට සිතුව හොත් දේපළ පවතිනුයේ නාස්ති කිරීම සඳහායි . දේපළ තිබෙන්නේ රැකගැනීමට සහ වැඩි දිියුණු කිරීමටයි . දරුවන් ලැබිය යුතුවාසේම ඔවුන් රැකගෙන වැඩිදියුණු කළ යුතුයි. දරුවා යන සංකල්පය ප්‍රොපටි යන තැනට සංවර්ධනය වුවහොත් එය ලංකාවේ අධ්‍යාපන දැක්ම මිස බුදුපියාණන් වහන්සේගේ අධ්‍යාපන දැක්ම නොවේ. බුදුපියාණන් වහන්සේ කුඩා වචන තුනක වාක්‍යයක් ලෙස “පුත්තා වත්ථු මනුස්සානං” යන වාක්‍ය දේශනා කරනු ලැබුවද එහි ගැඹුරු අර්ථයක් ගැබ්ව ඇත. දීර්ඝ වශයෙන් සාකච්ජා කළ යුතු රාජ යාන්ත්‍රණයටද සමාජ යාන්ත්‍රණයටද ජනමතයටද මැනවින් කා වැද්දිය යුතු කරුණ නම් පුත්තා වත්ථු මනුස්සානං වේ.

මව සහ පියා විසින් නොකළ, දරුවා ලවා කරවීමට උත්සාහ දැරීම යනු සාධනීය කාරණාවක් හෙවත් ප්‍රායෝගික සත්‍යයක් නොවේ. මව කියවනු ලබන්නේ යම් ප්‍රමාණයකටද , දුව කියවනු ලබන්නේ ද එපමණටමයි. පියා කියවනු ලබන්නේ යම් ප්‍රමාණයකටද, පුතා කියවනු ලබන්නේද එම ප්‍රමාණයයි. මව සහ පියා වැඩි ෙවිලාවක් රැඳී සිටින්නේ රූපවාහිනිය ඉදිරියේ නම්, දුව සහ පුතා වැඩි ෙවිලාවක් ගත කරනු ලබන්නේද රූපවාහිනි යන්ත්‍රය ළඟයි. දරුවා කතා කරනු ලබන්නාවූ වචන මවගේ සහ පියාගේ වචන වෙයි. දරුවාගේ හැසිරීම් රටාව මවගේ පියාගේ හැසීරීම් රටාව විය හැකියි. මව සහ පියා පාවහන් ගලවන්නේ යම් සේද , දරුවාද පාවහන් ගලවනු ලබන්නේ එලෙසයි. මව සහ පියා උදෑසන අවදිවන්නේ යම්සේද,පැදුර හෝ ඇඳ ඇතිරිලි නවන්නේ යම් සේද, දුව සහ පුතා කරනු ලබන්නේද එසේමයි. බුදු පියාණන් වහන්සේගේ ආදර්ශය පිළිබඳ දැක්මයි. එම නිසා දරුවා යනු මෙහෙය විය යුත්තෙක් මිස නියෝග කොට ඉදිරි ආරක්ෂක වළල්ල දක්වා පන්නා දැමිය යුත්තෙක් නොවේ.

දරුවා මෙහෙයවිය යුත්තෙක් . පාර වැටකඩොලු බැඳ ආරක්ෂිතව ඉදිරියට ගන්නේ නම්, එම මඟ යා යුතුයි. මවගේද , පියාගේද , ගුරුගේද වගකීම වන්නේ වැට කඩොළු බැඳ මඟ හෙළිකොට තැබීීම මිස මංමාවත් බොහොමයක් විවෘත කර තැබීම නො‍ෙවි. එසේ ගත්විට ආදරණීය මවත් , ආදරණීය පියාත් පැහැදිළි ලෙසම ගුරුවරයෙකු හෝ ගුරුවරියක වීය යුතුයි. ගෙදරක් තුළ ආයතන ගණනාවක් තිබිය යුතුයි. ගෙයක් ඇතුළත පොළිසියක්ද , රෝහලක්ද, පාසලක්ද තිබිය යුතුවාසේම ගෙයක් තුළ හිරගෙයක් නොතිබිය යුතුයි. ගෙදරක් තුළ මෙම ආයතන ගණනාවම තිබිය යුතු අතර යම්කිසි ආකාරයකින් රෝහලක් නොමැති ගෙයක් වුවහොත් අපට වෙනම රෝහලකට යා යුතුයි.පාසලක සතු සියලුම කාර්යභාරය සියල්ලම ගෙදර නොකෙරුණත් අමතක නොකළ යුතු කරුණ නම්, දවසේ පැය විසි හතරෙන් හයක් පමණක් දරුවා පාසල තුළ රැඳෙන බවත්,එය පැය විසිහතරෙන් හයක් යනු හතරෙන් එකක් බවත්. විසිහතරෙන් හයක් හැරුන විට ඉතිරි වන්නේ පැය දහඅටක් බවත් එය හතරෙන් තුනෙන් පංගුවක් බවත් දරුවා වැඩිපුරම කාලයක් රැඳෙන්නේ අම්මා සහ තාත්තා ළඟ බවත් අමතක නොකළ යුතුයි. ගුරුවරයාට හතරෙන් එකක වගකීමකුත් දෙමව්පියන්ට හතරෙන් තුනක වගකීමකුත් පැවරී ඇත. බරපල කරුණ නම්, එක් ගුරුවරයකු පැය හයටම දරුවන් හතලිහක් ද පැය දහඅටකට දෙමව්පියන් සතුව දරුවන් දෙදෙනෙක් හෝ තුන්දෙනකු සිටීම සැලකිය යුතු කරුණයි. දරුවාට ඉගැන්වීමේ වැඩි වගකීම මවට හා පියාට පැවරෙන බව හොඳට මතක තබාගැනීම අවශ්‍ය වනවා වගේම බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිදි මාතා පිතූ උපට්ඨානං යනුවෙන් අම්මා සහ තාත්තා පූර්ව දිශාව වන්නේද එම නිසයි. පුබ්බා චරියාති උච්චරේ යනුවෙන් පූර්වාචාර්යවරුන් වශයෙන්ද මව සහ පියා සැලකෙයි. එම නිසා අම්මා සහ තාත්තා යනු පළමු ගුරුවරුන් සහ හොඳම ගුරුවරුන් වෙයි. ගෙදර පාසල ද පන්සලද, රෝහලද, පොලීසියද තිබිය යුතුයි.බොහෝ ගෙවල් තුළ පොලීසිය තිබෙන බව සත්‍ය වුවද, පන්සලයි පාසලයි රෝහලයි නොමැති නම්, පොලීසිය පමණක් ඉතිරි වන බවත් ඇත්තක් එම නිසා ගෘහය යනු ආයතන ගණනාවක එකතුවක් වගේම සමූපකාරික නිවසක් බවට පත්වෙයි. එය බුදුපියාණන් වහන්සේ ගේ අධ්‍යාපන දැක්මයි. ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ සාමාන්‍ය ජීවිතයේ සියල්ලම දේශනා කොට ඇත.