සාර්ථක යුග දිවියකට බුදුදහමෙන් උපදෙස්
කැලණිය විශ්වවිද්‍යාලයේ
නූතන භාෂා අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අලුතෑපොල ගණේකන්ද පුරාණ
රජමහා විහාරාධිපති
ආචාර්ය රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි
ඔබේ යුගදිවිය සාර්ථකද? මෙයට පිළිතුරු ඔබගේ සිත තුළින්ම ඔබට ලැබේවි. නමුත් එම
පිළිතුර ඔබගේ පෞද්ගලික අද්දැකීම් පදනම් කරගත් එකක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. ඒ නිසා
එම පිළිතුරු පොදුවේ කාටත් පිළිපැදීමට තරම් වටිනා එකක් නොවීමටද ඉඩ තිබේ. යුගදිවිය
පිළිබඳ බුදුරදුන්ගේ ආකල්පය කොයිවගේද? යන්න විමසා බැලිය යුතු වන්නේ එය හුදු පෞද්ගලික
අද්දැකීමක් පමණක් පදනම් කරගත් පටු විග්‍රහයක් නොවන බැවිනි.බුදුරජාණන් වහන්සේ විසින්
වර්ණනා කරන ලද යුගදිවිය වර්තමාන අපට වැදගත් වන්නේ මේ නිසාය.
සිද්ධාර්ථ කුමාරයා මිනිසුන් අතර බොහෝ සැප සම්පත් විඳින ලද ඉතා සුඛෝපභෝගි ජීවිතයක්
ගත කළ රජ කුමාරයෙකි. එතුමාගේ යුග දිවිය ද අතිශයින්ම සාර්ථක හා පී‍්‍රතිමත් එකක් වූ
බව ඓතිහාසික පොත්පත් වලින් පැහැදිලි වේ. තවද සිද්ධාර්ථ කුමාරයා තමන් විවාහ වීමට
කැමැති කුමරිය කෙබඳුද? යන්න පවසා ශුද්ධෝදන රජතුමාට ලිපියක් යවන ලද බව ලලිත විස්තරය
නම් වූ මහායාන පොතේ සඳහන් වන අතර එහි පරිවර්තනය මෙසේය.
”මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන ගුණ ඇත්තියක විය යුතු. ඕ රූප මදයෙන් මත්
නොවිය යුතු මවක සේ සොහොයුරියක සේ මෙත් සිතැත්තියක විය යුතු. මහණ බමුණනට දන් දීමෙහි
ඇලුනියක විය යුතු. මානය, කිපෙන ගතිය, දෘඪ බව, ඊර්ෂ්‍යාව, වංක බව යන දුර්ගුණ නැති
ස්වාමි භක්තිය ඇති උඩඟු නොවූ හැඩි දැඩි නොවූ රසයෙහි ගිජු නොවු ගැයුම් වැයුම් ආදී
වශයෙන් පැවැත්වෙන ගාලගෝට්ට් කෙරෙහි ඇලුම් නැති සුවඳ විලවුන් දැරීමෙහි ආශා නැති
ලොහොබි නොවූ අන්සතු දෙය දැක ආශා නොකරන, සත්‍යාවාදී වූ සැපතෙහි දී ආඩම්බර නොවන
විපතේදී නොතැවෙන ඒ හැමතැනදී මධ්‍යස්ථ (උපේක්ෂක) ව සිටින ලජ්ජා බය ඇති දෘෂ්ටි මංගල
ශ්‍රැතමංගල්‍යයෙහි පි‍්‍රයදෑ දැකුම් ආදියෙන් සුබපල ලැබෙතැයි යන මතයෙහිද) නොඇලුණු
ගුණ දහමින් යුත් හැමකල්හි හිත, කය, වචනය යන තුන්දොරම පිරිසුදු ලෙස රැකගන්නා අලස
බැවින් කුසීත බවින් දුරුවු කුලමාන, වංශ මානයෙන් මත් නොවූ විමසා කටයුතු කරන ධර්මචාරි
වූ නැදිමයිලන් කෙරෙහි ගුරුනට සේ ආදර ගෞරව ඇති දාසියක සේ යටපත් මවක සේ කාරුණික කුහක
නොවූ එකියක විය යුතු”(සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – 24- 25 පිටු)
මෙයින් පැහැදිලි වන්නේ විවාහයට ප්‍රථම සිද්ධාර්ථ කුමාරයා විසින් පී‍්‍රතිමත් යුග
ජීවිතයකට ගැලපෙන කුමාරිකාවක් කෙසේ විය යුතුද යන්න පිළිබද සිතා සිටි බවය. ඒ අනුව
වටිනා ගුණධර්ම රාශියකින් යුතු කුමරියක සරණ පවා ගැනීමට කටයුතු කළහ.
සිද්ධාර්ථ කුමාරයා ද මෙබඳු කුලකතකට නොදෙවෙනි ආකාරයේ ගුණ ධර්ම දියුණු කළ එකල
තරුණියන් අතර ජනපි‍්‍රය චරිතයක් වූ බව පෙනේ. උන්වහන්සේ තුළ තිබුණු තාරුණ්‍යය මුසු
වූ පෞරුෂත්වය දුටු කිසාගෝතමිය මෙලෙස ප්‍රකාශ කළේ ඒ නිසාය.
“මෙබඳු පුතෙකු ලද මාතාව අනිවාර්යයෙන්ම
නිවීමෙන් සැනසෙන්නේය. ඒ වගේම පියාද
අනිවාර්යයෙන්ම නිවීමෙන් සැනසෙන්නේය. මෙබඳු ස්වාමියෙකු ලද ස්ත්‍රියද අනිවාර්යයෙන් ම
නිවීමෙන් සැනසෙන්නීය.
ඉහත සඳහන් ප්‍රකාශය “නිබ්බුතපද” යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ගාථාවේ පද පෙළ ඉතා
සරල වුවත් එයින් ගම්‍ය වන අර්ථය එතරම් සරල නැත. ස්වාමි පුරුෂයෙකුට එකම මොහොතක සිය
දෙමාපියන් හා බිරිඳ සැනසීමට පත් කළ හැකි නම් ඒ ඉතා දුර්ලභ කාරණයකි. කෙනෙකුගේ විවාහක
ජීවිතය වඩාත් සාර්ථක වන්නේ එබඳු දක්ෂතාවක් තිබේ නම් පමණි. කිසා ගෝතමිය දුටු
සිද්ධාර්ථ කුමාරයා එවන් දුර්ලභ ගුණාංගයන්ගෙන් සපිරි පුරුෂ ශ්‍රේෂ්ඨයෙකු බව
අවිවාදයෙන්ම පිළිගත යුතුය. ඊට හේතුව නම් උන්වහන්සේගෙන් ඒ අයට ලෞකික මෙන්ම ලෝකෝත්තර
නිවනද උරුම වූ නිසාය.
සිද්ධාර්ථ කුමාරයා හා යසෝධරා දේවිය විවාහයට පත්වීමට පෙර පටන් අන්‍යෝන්‍ය අවබෝධයෙන්
කටයුතු කළ අය වූහ.පෙර සංසාරයේ පුරුදු කරන ලද අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම පුරණ ලද
පාරමිතා ධර්ම ද මෙහිදී අමතක කළ යුතු නැත. මේ දෙපොළ පිළිබද කරන ලද විවාහ යෝජනාව හා
කුමරු හා කුමරිය ඔවුන් පිළිබඳ දරන ලද ආකල්පය පූජාවලියේ සඳහන් වන්නේ මෙසේය.
“ඉක්බිතිතෙන් පිය මහරජ්ජුරුවෝ යසෝධරා දේවින් පුතනුවන්ට අගමෙහෙසුන් කරනු කැමතිව
ඔවුන්ගේ පියාණන් සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ට කියා යැවූහ. සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ
කියන්නාවූ තමන්ගේ පුතණුවන් සිද්ධාර්ථ කුමාරයන් නොබෝ කලකින් මහණවනු සඳහා රජය හැර
යෙත්ල. එදවස් මාගේ දුවණියෝ වැන්දඹු වෙති. මහණ නොවන රජෙක් හට පාවාදෙමි කියා යැවූහ.
බෝධිසත්වයෝ එපවත් අසා මහණත් වෙම්ම. යසෝධරාවනුත් මට පාවා නුදුනොත් රජය නොකැමැත්තමියි
කියති. යසෝධරා දේවීද සිද්ධාර්ථ කුමාරයෝ සෙට මහණවෙත් නමුත් සරණක රැකේ නම් උන්කෙරේ
රැකෙමිය කියති.
මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ කුමර කුමරියන් දෙපොල කෙතෙක් දුරට ඔවුනොවුන්ට ගරු
කළාද යන්නය. සිද්ධාර්ථ කුමාරයා තුළ මේසා ආකර්ශනීය පෞරුෂත්වයක් ඇති වූයේ කෙසේද,
උන්වහන්සේ බෝධිසත්වයෙකු ලෙස සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරණ ලද පාරමිතා ධර්මයන්ගේ
ප්‍රතිඵල ලෙස මෙම අද්විතීය ලක්ෂණය ඇතිවිය . පාරමිතා දහයකි. ඒවා නම්
“දානං සීලංච නෙක්ඛම්මං, පඤ්ඤා විරියේන පංචමං
ඛන්ති සච්චම දිට්ඨානං –මෙත්තු පෙක්ඛා තිමේ දසං
1.දානය, 2.ශීලය 3. නෛෂ්ක්‍රම්‍ය (නික්මීම) ය. 4.ප්‍රඥාා (නුවණ) ය. 5.වීර්යය
6.ක්ෂාන්ති (ඉවසීම) ය. 7. සත්‍යය 8. අධිෂ්ඨානය, 9. මෛත්‍රීය 10. උපේක්ෂා (මැදහත්
බව) ය යන මේ දශය බුද්ධකාරක ධර්මයෝ හෙවත් පාරමීහු වෙති.
සෑම පාරමිතාවක්ම පාරමී උපපාරමී පරමාර්ථපාරමී යනුවෙන් බෙදෙන අතර ඒ අනුව තිස්වැදෑරුම්
වේ. රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත පාරමිතා ප්‍රකරණයට අනුව පාරමිතාවල
ප්‍රයෝජනය මෙලෙස සදහන් කළ හැකිය. “නාම රූප සංඛ්‍යාත සංස්කාරයන්ගේ හෙවත් ස්කන්ධ
පංචකයාගේ අසාරත්වය සලකා ආත්මය කෙරෙහි ඇල්ම තුනී කර ගැනීම හා කරුණා මෛත්‍රීන් දියුණූ
කිරීමෙන් පරසත්ත්වයන් කෙරෙහි ස්නේහය දියුණු කරගැනීමත්, පාරමී සම්පාදනයේ උපායෝය.
ආත්ම ස්නේහය තුනී කරගත් මහා බෝසත්හට බෝධි සම්භාර සම්පාදනයෙන් වන දුක්ගැහැට අලාභ
හානි ඉවසිය හැකිවේ. පර සත්ත්වයන් කෙරෙහි දයාව දියුණු කර ගැනීමෙන් ඔවුන් උදෙසා
කොතෙක් වුවද දුක් ගත හැකි වේ.වෙහෙසිය හැකිවේ. තමන්ගේ ධනය හා සැපය ඔවුන් උදෙසා
පරිත්‍යාග කළ හැකිවේ. එබැවින් ආත්ම ස්නේහය තුනී කරගැනීම හා පරසත්ත්ව ස්නේහය දියුණු
කර ගැනීමත් පාරමී සම්පාදනයේ උපාය වේ. (පාරමිතා ප්‍රකරණය 71-72 පිට)
මෙබඳු උසස් උත්තමයෙකු තුළ තිබෙන උතුම් ගති ගුණ සියල්ලක්ම යහපත් කුලකතුන් සතුටු
කරවීමට හේතුවන අතර පුරණ ලද පාරමිතාවන්ගේ ප්‍රතිඵල ලෙස අප මහා බෝධිසත්ත්වයාණන්
වහන්සේ අඟනන්ගේ නෙත් සිත් පැහැර ගත් අයෙකු වුවාසේම ඉතාගුණ යහපත් ස්වාමි පුරුෂයෙකු ද
වූ සේක. මේ නිසාම බෝධිසත්වයන් ගිහිගෙය අතහැර ගියත් යසෝධරා දේවිය උන්වහන්සේ වෙත තිබූ
සෙනෙහස හා අවබෝධය කිසි ලෙසකින්වත් අඩු කර ගත්තේ නැත. ඒ බව චන්දකින්නර ජාතකයේ සඳහන්
සුද්ධෝදන රජ යසෝධරා දේවිය පිළිබඳ කරන විස්තරයෙන් මනාව පැහැදිලි වේ.
“සුද්ධෝදන රජ්ජුරුවන් වහන්සේ ද බිම්බා දේවින්ගේ ගුණ කියන සේක්” ස්වාමීනි, මාගේ
යෙහෙළි කොට නුඹ කෙරෙහි සනේහයෙන් නුඹ මහබිනික්මන් කොට කසාය වස්ත්‍රයක් පෙරවීය යනු
අසා තුමු අංගරාග නොගැල්වූ විරූය. නුඹ වහන්සේ එක් වේලේ වළඳති යනු අසා තුමූද
ඒකභක්තයෙන් යපෙන්නාහ. තවද නුඹ වහන්සේ බිම වැදහොති යනු අසා තුමූද බිම සයනය කරන්නාහ.
ඉතිරි කොටස පොසොන් අව අටවක පෝදා ( ජුනි 27 වනදා ) පත්‍රයේ පළවේ
|