ප්‍රශ්නය: ‘සත්ථා දෙව මනුස්සානං’ දෙවි මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ශාස්තෘ
වන්නේය. උන්වහන්සේගේ ශාස්තෘත්වය (මග පෙන්වීම) කුමක් සඳහාද? පැහැදිලි
කරන්න.
පිළිතුර: ඉතා කලාතුරකින් සසර සත්වයන් අතරින්ම කෙනෙක් ප්‍රඥාව මෙහෙයවා සසර හේතු
ප්‍රත්‍ය ක්‍රියාවලිය සුවිශේෂ වු නුවණින් (යොනිසො මනසිකාරයෙන්) විමසා
සම්බෝධියට පැමිණ සසර සතුන් ඉන් මිදීමට මඟක් දේශනා කරති. බුදුවරුන්
පහළවන්නේ දෙවි බඹුන් අතර නොව පහළම සුගතිය වන මිනිස්ලොව මිනිසුන් අතරය.
එසේ වන්නේ මනුලොව සුගතියක් නමුත් පස් පව් දස අකුසල් කිරීමට නැඹුරු වූ
මිනිසාගේ පටන් දෙවියන් දක්වා නිවන් පිළිවෙත හඳුන්වා දීම පිණිසය.
ගොරෝසුම තැනින් පිරිසුදු කිරීම ඇරැඹීම පිණිසය. බුදුරජාණන් වහන්සේ දෙවි
මිනිසුන්ට ශාස්තෘ වන්නේ ඒ නිසාය.
ප්‍රශ්නය: සැදැහැවත් කුල පුත්‍රයෙකු නිසා (අන්තො ජනො) ගම හා පවුල මෙන් අවට
අසල්වැසි ජනසමූහයාද සැදැහැවත් මෙන්ම සිල්වතුන්ද වන බව බුද්ධ දේශනාවෙහි
සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර: හිමවත් පර්වත රාජයා නිසා අවට වනාන්තරය කොළ, මල්, ගෙඩි, අතු , ලා දලු
වැඩී මහා වනාන්තරයක් ඇතිවෙයි. එමෙන් “සද්ධො කුලපුත්තො නිස්සාය’ අන්තො
ජනො තීහි වඩ්ඪහි වඩ්ඩති’ සැදැහැවත් කුලපුත්‍රයා නිසා සද්ධා, සීල,
ප්‍රඥා යන කරුණෙන් වෘද්ධියට පැමිණ, ඔහුගේ අඹුදරුවෝද , නෑදෑයෝද, යහළු
මිත්‍ර සමූහයාද වැඩිදියුණු වෙයි. මෙලොව කුසල් දහම්පුරා (ඉධ ධම්මං
චරිත්තාන මග්ගං සුගති ගාමිනං) සුගති ගාමීව පරලොවද (දෙවලොකස්මිං
මොදයන්ති) සතුටුවෙත්.
ප්‍රශ්නය: ඇසළ පොහොය බුදු සිරිතේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවිය. ඒ මොනවාද?
පිළිතුර: සිදුහත් බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, බෝසත් අභිනිෂ්-
ක්‍රමණය සිදුවූයේද දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව පැවැත්වීමද මෙදින
සිදුවූ විශේෂ සිදුවීම්ය.
ප්‍රශ්නය: “කෝ සිතැතියන් මෙත් දහමින් දිනිය යුතු
කුපුරිස් දනන් සත් දහමින් දිනිය යුතු
මසුරු දනන් දන්දීමෙන් දිනිය යුතු
බොරවූ සබවසින් නිබඳව දිනි යුතු
අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදිරියං දානෙන
සච්චේන අලික වාදිනන්ති
මේ බුද්ධ දේශනාව බුදුන් වහන්සේ කවුරුන්හට කොතැන්හිදී දේශනා කළ සේක්ද?
පිළිතුර: උත්තරා සිටු දියණිය තම සැමියා සමඟ සහවාසයට යැවූ ‘සිරිමා’ නම්
‘අබිසරුලිය’ කලක් ගතවීමෙන් අනතුරුව උත්තරාවගේ ම මග පෙන්වීමෙන්
උත්තරාවගේ ගෙහිදීම සිරිමා ගණිකාව බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනු
අවස්ථාවෙහිදී ඇයට මෙම දහම් දෙසීම සිදුවිය.
ප්‍රශ්නය: එක්තරා රාජ කුමාරවරයෙක් සැරියුත් හිමියන් වෙත පැවිදිවනු කැමැතිව. අයැද
සිටියහ. සැරියුත් හිමියන් කුමරාට අවවාද කරනුයේ, සත් හවුරුදු සත්මසක්
තොප විඳි දුකම සිහිකරන්නැයි වදාරා පළමුකෙස් වැටිය බාන විටම කුමරා
සෝවාන් විය. දෙවන කෙස්වැටිය බාන කෙනෙහිම සෙද ගැමි විය. අනතුරුව අනාගාමී
වී කෙස් බා අවසන් වත්ම රහත් ඵලයට ද පත්විය. උන්වහන්සේ පැවිදි වූ දින
පටන් .... සඟනට සිවුපසය බහුල විය මේ රහතන් වහන්සේගේ නම කුමක්ද?
පිළිතුර: පෙර කළ කුසල බලයෙන් “ලාභීනට අග්ගො සීවලී” නමින් ලබන්නන් අතරෙන් අගසවු
තනතුරින් බුහුමන් ලද සීවලී මහරහතන් වහන්සේ සාසන ඉතිහාසයට එක් විය.
ප්‍රශ්නය: ඇසළ පොහොය දින සිදුවූ බුදු සිරිතේ වැදගත් සිදුවීම් කිහිපයක් සදහන්
කරන්න.
පිළිතුර: සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම අභිනිෂ්ක්‍රමණය සිදුවීම,
දම්සක් පැවතුම් සූත්‍රදේශනාව පැවැත්වීමද මෙදින සිදුවිය.
ප්‍රශ්නය: මෙම පුවතින් සටහන් වන තැනැත්තා කවුද?
“බුදුරුව සොරහුගේ ඇස වැකෙත්ම මිහිරි කටහඬ කන හෙත්ම දකුණතින් කඩුව බිම
හෙත්ම.
සිරිපා යුග වැඳ -1 “දනිමි ස්වාමීනි හැඳින්නෙමි ස්වාමීනි, ගැත්තා කරන
දැක අනුකම්පාවෙන් වැඩි සේක්ද? දිවි ඇතිතාක් සරණ යෙමි. ගැත්තහුට
අනුකම්පා කොට පැවිදි කොට වදාළ මැනවි ඇයැද සිටියේය. බුදුරදුන් “මහණ මෙහි
එව“ යි වදාළ සැණින් ඇඟෙහි මහණරුව පෙනී ගියේය .
පිළිතුර: අංගුල මහරහතන් වහන්සේ
ප්‍රශ්නය: සූත්‍ර පිටකයේ සඳහන් වන සියලු සූත්‍ර ආරම්භයේ ‘එවං මෙසුතං’ යනුවෙන් මා
විසින් මෙසේ අසන ලදී. යන වැකියෙහි ‘මා’ යනු කවරෙක් ද? පැහැදිලි කරන්න.
පිළිතුර: ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට පෙරදා රාත්‍රියෙහි බවුන් වඩා
සිව්පිළිසිඹියා සහිතව රහත් ඵලයට පත්වු ආනන්ද හිමියෝ සංගායනා මණ්ඩපයෙහි
අසුන් ගැනීමට සුදුසු වීමෙන් රහතන් වහන්සේ පන්සියයක් බවට පත්ව ‘පංච සතික
යන ව්‍යවහාරයට ප්‍රථම සංගීතිය පත්විය.
ප්‍රශ්නය: අට්ඨිමෙ භික්ඛවෙ පුග්ගලා – ආහුනෙයයපා– පාහුනෙයපි– දක්ඛිණෙයපා –
අඤ්ජලිකරණීයා – අනුත්තරං පුඤ්ඤ ඛෙත්තං ලෝකස්සකතමෙ අට්ඨ
මේ පුද්ගලයෝ අටදෙන ආයුනෙය්‍ය පාහුනෙයයන් දක්ඛිණෙය – අංජලිකරණීයවෙත් –
ලෝකයට උතුම් පුණ්‍ය ක්ෂේත්‍ර වෙති. බුදු දහමෙහි භික්ෂු මහා සංඝරත්නය
අනුත්තර පින්කෙත වශයෙන් උපමා උපමේය වශයෙන් බොහෝ විට හඳුන්වනු ලැබෙයි.
සූත්‍රාගත තොරතුරු ඇසුරෙන් පැහැදිලි කරන්න.
පිළිතුර: අං.නි. ඛෙත්තූපම සූත්‍රය කෙතක මහිමය මෙසේ විස්තර කරයි.
1. ඛෙත්තං අනුන්නා නින්නාච හොති
2. අපාසාණසක්ඛරිල්ලංච හොති
3. අනූසරංච
4. යම්භීර සීතං හොති
5. ආයස මිපන්නං හොති
6. මාතිකා සම්පන්නං හොති
7. මරියා දා සම්පන්නං හොති අභිය සම්පන්නං හොති
මහණෙනි, අංග අටකින් යුතු කෙතෙහි වපුල බිජු මහත් ඵල ඇත්තේ වෙයි. සශ්‍රීක
ව වැඩෙන්නේ ය. ඒ අංශ කෙසේද?
1. වල ගොඩැලි නැති කෙතක් වීම
2. ගල් බොරලු නැති කෙතක් වීම
3. කර මැටි නැති කෙතක් වීම
4. ගැඹුරට සාදන ලද කෙතක්වීම
5. ගලා එන දියමං ඇත්තේ වෙයි.
6. කෙත් සීමා නියර ඇත්තේ වෙයි.
7. කුදු මහත් දිය ඇලි ඇත්තේ වෙයි.
මහණෙනි, එමෙන්ම අංග අටකින් යුතු මහණ බමුණන් කෙරෙහි දන්දීමෙන් මහත් ඵල
ආනිසංස ලැබේ. ඒ අංග අට නම්
1. සමණ බ්‍රාහ්මණ සම්මා දිට්ඨිකා හොන්ති
2. සමණ බ්‍රාහ්මණ සම්මා සංකප්පා හොන්ති
3. සමණ බ්‍රාහ්මණ සම්මා වාචා හොන්ති
4. සමණ, බ්‍රාහ්මණ සම්මා කම්මන්ති හොන්ති
5. සමණ බ්‍රාහ්මණ සම්මා ආජීවා හොන්ති
6. සමණ බ්‍රාහ්මණා සම්මා වායාමො හොන්ති
7. සමණ බ්‍රාහ්මණ සම්මා සතියො හොන්ති
8. සමණ බ්‍රාහ්මණ සම්මා සමාධි හොන්ති
ප්‍රශ්නය: දෙවි, මිනිස් ලෝකයට ධනය , කීර්තිය හා සැප ලබාගත හැකි ක්‍රම හතරක්
පිළිබඳව ධර්මයෙහි සඳහන් වේ. පාලි පොත ඇසුරෙන් පැහැදිලි කරන්න.
පිළිතුර: අං.නි. චතුක්ක නි. චක්ක වග්ග චක්ක සූත්‍රය
චත්තාරි මෙ භික්ඛවේ
චක්කානි යෙහි සමන් නාගතානං දෙව මනුස්සානං චතු චක්කං වත්තති. යෙහි
සමන්තාගතා සමන්තාගතා දෙව මනුස්සා න චිරස්සේව හනිතත්තං වෙපුල්ලත්තං
පාපුණෙන්ති භෝගෙසු
දෙවියන් මිනිසුන් සහිත ලෝකයට මද කලකින් භෝග සම්පතෙහි විපුලත්වයට පත්වීම
සඳහා චක්‍ර සතරකින් සමන්විතය.
1. පතිරූප දෙස වාසො සුදුසු පෙදෙසෙක විසීම
2. සප්පුරිස සුපස්සයො සත්පුරුෂ ආශ්‍රය
3. අත්ත සම්මා පණීධි ආත්ම දමනය
4. පුබ්බේච කතපුඤ්ඤතා පෙර කළ පින් ඇති බවය. |