මිහින්තලා පුදබිම
නුවරින් අනුරපුර සිට ඉන් නැගෙන හිර
සැතපුම් අටකි දුර වෙත මෙම අමර ගිර
මනරම් ගෙනදෙයි නෙත් සිත් පැහැර
මිස්සක පව්ව නම පවතියි ජන වහර
රජරට පිහිටි මහ පුදබිම් අතර නිති
සාදු හඬ නැගෙයි බොදු ජන සැදැහැ ඇති
අනුබුදු මිහිඳු හිමි සිරිපද පහස ඇති
මිහින්තලා නම පෙර සිට වඩයි බැති
ගුවන සිප ගනී මහ සෑ මිහින් තලේ
සැදැහැති මහා දාඨික රජු විසින් කළේ
උණු ලොම් දාව එහි තුළ මහ නිදන් ගලේ
ඇත යන මතය පවතී ලක ගුවන් තලේ
දිසෙයි දුරට එහි ආරාධනා ගල
ඇසෙයි “තිස්ස” හඬ ගෙන දෙන අමා පල
අසලම දිලෙයි චේතිය නම් අඹා තල
කුසලම පතා වැඳ දුරලමු කෙලෙස් මළ
පහළ කඩුගන්නාවේ
කේ. කුලරත්න
කිරි සමඟ කඳුළු බිඳු
සිසිල් මඳනල හමා
සඳ කිරණ පතිත වූ
සොඳුරු ඒ රාත්‍රියෙ
සිත් දෙකක් එකක් වී
බැඳුණු අප සෙනෙහසින්
පවිතුරු වූ ප්‍රේමයේ
පැතුම් ඉටුවුණා මෙමට
කුමුදු කොඳ මල් පිපී වණ මලින් සුවඳ වුණු
හැඟුම්බර එම මොහොත
සුන්දරයි කුමරුනේ
පුර සඳින් එළිය වී නැකැත් තරු පෙනෙන විට
අප පැතුම් ඉටුවන්න
ශුභ මොහොත එළඹිලා
රන් රුවක් මෙන් සදිසි පුත් කුමරු බිහිවුණා
සතුටු වූ එම දිනේ මගේ සිතට දුකක් දී
පුංචි පුතු දෙස නොබලා මාළිගෙන් නික්මුනේ
සඳ රාහු ග්‍රහණයක් තිබුණදෝ කුමරුනේ
රතු රුධිර කිරිවෙලා දෙපියයුරු බරවුණත්
ළය පැළී යන තරම් ශෝකයක් මට දැනුණි
එක් දිනක් ගත නොවුණි
බිළිඳු කුමරුගෙ මුවේ
රතු සිනිඳු දෙතොල මත
කිරි සමඟ කඳුළු බිඳු
මුසුවෙලා පෙවෙන්නැති
සීතා ජෝතිරත්න
තල්පෙ
පොසොන් මහේ
බුදු හඬ එදා අනුබුදු හිමි මිහිඳු මෙහේ
මුදු නල දිගේ විත් සිවු මංසලෙන් ඇහේ
සුදු රත් නෙළුම් පිපිලා විල් කඩිති වැහේ
දිදුලයි ඒ මැදින් සඳ යළි පොසොන් මහේ
හිරු සඳු පවුරු වැනි විස්මිත දෑ නේක
අවිඅඳු රෙහි වෙලී පිදු මළ යුග යේක
සම්බුදු සුවඳ පතුරනු වස් හැම ගේක
අනුබුදු මිහිඳු හිමි පිරිවර වැඩි සේක
හදවත් සනසමින් මේ පින්බර උතුම් දිනේ
පින්වත් රටක අසිරිය සිවු දෙසින් පෙනේ
සුවදත් සමග බුදුගුණ හැමු මිහිඳු වනේ
සුළගත් අමා සුව දනවන බවක් දැනේ
මහත් උතුම් සත් දන විත් සතර දිසාවෙන්
අදත් පිරී ඇත රට මැද ගඟක් ගැලූවෙන්
රහත් උතුම් ඇත්තෝ සිටි මිහිදු ගුහාවෙන්
යළිත් ඇසේ සදහම් හඬ මිහින් තලාවෙන්
ඩබ්ලිව්. කේ සරත් විමලසිරි
අම්මා නුඹයි
මහ මුහුදක් තරම් ලේ කිරි කර පෙව්ව
අම මී පරදනා නැළවිලි ගී කිව්ව
ගුණ නැණ වඩා ගන්නට අකුරට යැව්ව
අම්මා නුඹයි දුක් විඳ මගෙ දුක නිව්ව
කෑවත් නොකෑවත් මගෙ කුසගිනි නිව්වේ
රෑ නිදි නැතුවා මා සුවයෙන් නිදි කෙරුවේ
මහ මේරුව තරම් දුක් කන්දක් දැරුවේ
අම්මා නුඹයි මට ජීවිතයක් පිදුවේ
තුටින් විඳපු දුක් හිරිහැර නැති නිම්මා
නිතින් මෙමා හට පෑ ආදර පෙම්මා
උතුම් බුදුන් ළග මෙන් ගුණ පිරි සම්මා
බුදුන් දැක නිවන් දැකපන් මගෙ අම්මා
චන්ද්‍ර වාකිස්ට
දික්වැල්ල
නොවැටහේ මට
වීත රාගී වීත දේවේශී
වීත මෝහී වීත ක්ලේශී
නැණින් අගතැන් ඤාණ පිරිපුන්
ප්‍රඥා්ඥාව දැරු බුදු පියේ
ඔබේ අනුරුව පවා දැකුමෙන්
සිත නිවන අරුමේ කිමේ
නිසල ගමනින් දැහැමි වදනින්
රුවන් ගතකින් නීල වරලෙන්
හදේ කරුණා සිතේ මෙත්තා
තණ්හාව දුරු කළ පියේ
ඔබේ බණ පද ඇසෙන සවනත
මී පිරෙන හේතුව කිමේ
කල්ප ගණනක් පෙරුම් පුරමින්
ඇස් ද ඉස් මස් දාන දීමෙන්
නොනැවතී ගත රුහිරු අඹු දරු
අනුන් යහපත තකා පුදකර
බුදු පදවි ලැබු මගෙ පියේ
සෙවණ දුන් බෝධියේ පාමුල
සිසිල මෙතරම් කිම පියේ
ලොවේ සව් සත දෙව් බඹුන් හට
සසර අනියත මහ දුකක් බව
පසක් කරමින් දහම් දෙසලා
අරි අටගි මඟ චතුර සත්‍යය
නිවන් මග පෙන්නූ පියේ
ඔබේ මුදු වත දකින් මොහොතක
සිත නිවී යයි කිම පියේ
ගොර බිරම් වූ මෙදුක් සසරේ
නැවතුමක් සොයනා ඉමේ
සිතේ චංචල හදේ තෙරපුම
අතැඹුලක් සේ පහව යන්නේ
ඔබේ මුවගින් දෙසූ බණ පද
සවන වැකෙනා පැයේ
නොවැටහෙයි මට කිම්ද හේතුව
පසක් කර දෙනු මැන පියේ
අනුර ජයවීර
සියලු දොස දුරුවන
කළොත් සිත දමනය
පවිටු සිතිවිලි සමනය
එතැන සුර විමනය
සසර භව මග නසන ගමනය
සිත ගියොත් ධනයට
කැළල සිදුවේ විනයට
නැමිව බුදු ගුණයට
පහර දිය යුතු සසර වනයට
ලොව සොබා දහමය
අගේ ස ික ප ද පහමය
සිතිය යුතු මෙහෙමය
සුසිල් ගුණ කඳ අමා රහමය
රැකුණොතින් ශීලය
දුරස් කොට භව ආලය
පින් පුරමු දීළය
කුසල් වැඩුමට හොඳම කාලය
දිනපතා තෙරුවන
වදිමු විලසට ගරුවන
සියලු දොස දුරුවන
නියති ලබනට හැකිය නිරුවන
තල්වත්තේ,
ඩී. ඇම්. ජී දිසානායක |