අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016
ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය - 01
දහම් පාසල් ගුරු උපදේශක
ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
11 අභ්‍යාසය
නිවැරැදි පිළිතුරට යටින් ඉරක් අඳින්න
1) ඊශ්වර නිර්මාණවාදී දේව සංකල්පය අනුව ආගමික, පාලන, ආර්ථික සහ කම්කරු යන වෘත්තීන්
පිළිවෙළින් වූයේ,
1. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය ශුද්‍ර වර්ණ වලටයි.
2. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, ශුද්‍ර හා වෛශ්‍ය වර්ණ වලටයි
3. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර වර්ණ වලටයි.
4. වෛශ්‍ය, බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය හා ශුද්‍ර වර්ණ වලටයි
5. ක්ෂත්‍රීය, බ්‍රහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර වර්ණ වලටයි
2) විපත් හෝ හදිසි දුර්භික්ෂ වැනි රටට අහිතකර අවස්ථාවන් පවතින කාලවලදී කිරීමට
නියමිත කාර්යයන් බමුණන් හඳුන්වා දෙනු ලැබුවේ,
1. ආශ්‍රම ධර්මය යනුවෙනි
2. වර්ණ ධර්මය යනුවෙනි
3. ස්වධර්ම යනුවෙනි
4. නියාම ධර්ම යනුවෙනි
5. ආපද් ධර්ම යනුවෙනි
3) සත්මුතු පරම්පරාවෙන් මව්පිය දෙපසින් පිරිසුදු වීම, වේද විදාංග හදාරන්නෙකු වීම,
අතිශය රූප සෝභාවෙන් යුක්ත වීම, සිල්වතෙකු වීම , ඥානවන්තයෙකු වීම යන කරුණුවලින් අංග
සම්පූර්ණ වීම,
1. පුරෝහිතයෙකු වීමේ ලක්ෂණයන්ය
2. ක්ෂත්‍රීයෙකු වීමේ ලක්ෂණයන්ය
3.බ්‍රාහ්මණයෙකුවීමේ ලක්ෂණයන්ය
4.මහා බ්‍රාහ්මයාවීමේ ලක්ෂණයන්ය
5. ගුරුවරයෙකු වීමේ ලක්ෂණයන්ය.
4)ගංගා ,අචිරවතී, සරභූ, මහී යන සිවුමහා ගංගාවෝ මහ මුහුද ටගලා බැසීමෙන් පසු එහි
මුල්නම් ගොත් නොමැතිව එකම කරදිය වන්නා සේ සිවු කුලයෙන්ම සසුන්ගත වන්නන් ඔවුන්ගේ කුල
නාමයන් නොමැතිව එකම ශාක්‍ය පුතු ශ්‍රමණ යන නමින් හඳුන්වන්නේය. යන බුදුරදුන්ගේ
ප්‍රකාශනයෙන් විද්‍යමාන වන්නේ,
1. ස්වභාව සෞන්දර්යය අගය කළ බවයි
2. කරදියට වඩා මිරිදිය හොඳ බවයි
3.වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කළ බවයි.
4. ශ්‍රමණ භේදය ප්‍රතික්ෂේප කළ බවයි.
5. බමුණු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ බවයි.
5) සෘග්වේදයේ 10වන මණ්ඩලයේ 90වන පුරුෂ සූක්තයට අනුව මහ බඹුගේ ශරීර අවයවයන්ගෙන් වර්ණ
4ක් යටතේ මිනිස් ප්‍රජාව බිහි වූ බව පැවසේ . මින් ප්‍රකට වන්නේ,
1. වර්ණ ධර්ම නය්‍යාය මහ බඹුන්ගේ මැවීමක් බවයි
2. මහ බඹුගේ නියමයට අනුව වර්ණ ධර්මය ප්‍රභවය වූ බවයි.
3. චතුර් වර්ණයන් තීරණය වනුයේ දේව නිරිමාණ වාදයට අනුකූල බවයි
4. හේතුඵල වාදය සපුරා ප්‍රතික්ෂේප කර ඇති බවයි
5. මිනිසාගේ තීරකයා මහා බඹු බවයි.
6) බ්‍රහ්මණ ස්වධර්ම න්‍යායට අනුව මහ බඹුගේ මුවින් උපන් බමුණන්ගේ ස්ව කාර්යය ලෙස
මනුස්මෘතියෙනි සඳහන් වෙනුයේ යාග කිරීම,කරවීම, දන්දීම, දන් පිළිගැනීම, ඉගැන්වීම
රාජ්‍ය අනුශාසක ධූරය දැරීමයි. උක්ත ප්‍රකාශයට අනුව පැහැදිලි වන්නේ,
1. බමුණන්ගේ ස්වධර්මය සඳහන් වන්නේ මනුස්මෘතියේ බවයි.
2. උප්පත්ති ස්ථාන අනුව ස්වධර්ම තීරණය වන බවයි.
3. මහ බඹුන්ගේ මැවීමට අනුව ඒ ඒ වර්ණයන්ට නියමිත කාර්යයන් උපතින්ම හිමි වන බවයි.
4. බ්‍රහ්ම නිර්මිතියට අනුව බමුණන්ට සමාජ ප්‍රභූත්වය හිමි වූ බවයි.
5. මනුස්මෘතියේ සඳහන් පරිදි බමුණන්ට ස්ව කාර්යයන්ට අමතරව වෙනත් කාර්යයන් කළ නොහැකි
බවයි.
7) අම්බට්ඨ, අස්සලායන, මධුර , සෝණදණ්ඩ, සාමඤ්ඤඵල, වසල ආදී සූත්‍රවලට අනුව ජීව
විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක , ආචාර විද්‍යාත්මක, සහ ඓතිහාසික ආදී සාධක ඇසුරෙන්
බුදු සමය වර්ණ ධර්ම සංකල්පය විචාරයට ලක්කර ඇත. ඉන් පිළිබිඹු වන්නේ,
1. කුල භේදය අර්ථ ශූන්‍ය ඉගැන්වීමක් බවයි
2. සමාජ සඵලතාවයට කුලය බල නොපාන බවයි
3. ආගම ඇදහීමට කුලය බාධකයක් නොවන බවයි
4. කවර කුලයකට අයත් වූවද රජුගේ නීතිය සමාන බවයි.
5. ක්‍රියාව අනුව කුලය තීරණය වන බවයි.
8) පශ්චාත් වෛදික යුගයේ භාරතීය වනිතාවට ආර්ථික, සමාජික, දේශපාලනික , ආගමික හා
අධ්‍යාපනික යන කිසිදු අංශයක නිදහසක් නොවීය. ඉන් ගම්‍ය වන්නේ,
1. කාන්තාව ගෘහයට පමණක් සීමා වී සිටි බවය.
2. කාන්තාවට ස්වාධීනත්වයක් නොතිබුණ බවයි.
3. මානව අයිතීන් නොසලකා හරින ලද සමාජ ක්‍රමයක් පැවැති බවයි.
4. බ්‍රාහ්මණයන්ගේ අයෝමය හස්තයට කාන්තාව හසුවී සිටි බවයි.
5. කාන්තාව බමුණන්ගේ ද්වේෂයට ලක්ව සිටි බවයි.
9) මවක්, ගෘහණියක්, උපාසිකාවක් හා භික්ෂුණියක් ලෙස ගෞරවාන්විත සමාජ තත්ත්වයක්
බුදුසමය යටතේ කාන්තාවට හිමි විය. එයින් පැහැදිලි වන්නේ,
1. කාන්තාවට වුවද විමුක්තිය සලසා ගත හැකි බවයි.
2. පුරුෂයාට සේම කාන්තාවට ද නිසි සමාජ වරප්‍රසාදයන් නො අඩුව හිමි විය යුතු බවයි.
3. ගෘහාධිපත්‍යය කාන්තාවට ලබා දිය යුතු බවයි
4. මවට සුවිශේෂී තැනක් ලබාදී ඇති බවයි.
5. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සමාන බවයි
10) ක්‍රි.පූ 6වන සියවසේ භාරතීය සමාජයේ ආගමික පසුබිම තුළ වූ සුවිශේෂී සිදුවීම වන්නේ
සාම්ප්‍රදායික බ්‍රාහ්මණ ඉගැන්වීම් බැහැර කරමින් විවේචනය කරමින් නව ආගමික
සම්ප්‍රදායන් රැසක් බිහිවීමයි. මින් ප්‍රකට වන්නේ ,
1. ශ්‍රමණ සම්ප්‍රදාය බමුණන්ට අභියෝගයක් වූ බවයි.
2. ක්‍රි.පූ. 6වන සියවසේ භාරතීය සමාජීය ප්‍රබෝධයක් පැවැති බවයි
3.නිදහස් චින්තනය අර්ථවත් වන්නේ විවිධ දාර්ශනික සම්ප්‍රදායන් පවත්නා පසුබිමක් තුළ
බවයි.
4. මිත්‍යා ඉගැන්වීම් තුළින් මිනිසා සතු නිදහස් චින්තනය සැමදා ආවරණය කොට තැබියි
නොහැකි බවයි.
5. නිදහස් චින්තනය තුළ විවිධ ආගම් දර්ශනවාද බිහිවන බවයි
පිළිතුරු
1. බ්‍රහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය හා ශුද්‍ර වර්ණ වලටයි
2. ආපද් ධර්ම යනුවෙනි
3. බ්‍රාහ්මණයෙකු වීමේ ලක්ෂණ්‍යන්ය
4.වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කළ බවයි
5. වර්ණ ධර්ම න්‍යාය මහ බඹුගේ මැවීමක් බවයි.
6. බ්‍රහ්ම නිර්මිතියට අනුව බමුණන්ට සමාජ ප්‍රභූත්වය හිමි වූ බව
7. කුල භේදය අර්ථ ශූනය ඉගැන්වීමක් බවයි
8. කාන්තාවට ස්වාධීනත්වයක් නොතිබුණ බවයි
9. පුරුෂයාට සේම කාන්තාවට ද නිසි සමාජ වරප්‍රසාදයන් නො අඩුව හිමි විය යුතු බවයි.
10. නිදහස් චින්තනය අර්ථවත් වනනේ විවිධ දාර්ශනික සම්ප්‍රදායන් පවත්නා පසුබිමක් තුළ
බවයි.
|