බුදුපිළිමයේ උපත - 21: දැක බලා වැඳ පුදා ගත යුතු
ස්ථාන හතරකි
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසූමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහිදී සැදැහැවතුන්ගේ ප්‍රසාදයටත් සංවේගයටත් හේතු
වන සහ ඒ අරමුණු කොට ගෙන පින්සිදු කරගත හැකි සඟමොක් සුව ලබා ගත හැකි ස්ථාන හතරක්
බුදුරජාණන් වහන්සේ විසින් ම පෙන්වා දී ඇති බව ඉතා ප්‍රකටය. තථාගතයන් වහන්සේ උපන්
ස්ථානය, බුද්ධත්වය ලැබූ ස්ථානය ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළ ස්ථානය සහ
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය ඒ සතරයි.
ඒ සතර අතර බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ ස්ථානය නම් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධි
මූලයයි. ඒ වෘක්ෂ මුලය (පර්යංකය තිබුණු තැන) දැකීමෙන් හා සබැඳි ඓතිහාසික වෘත්තාන්තය
ආවර්ජනා කිරීමෙන් ඒ මනසිකාරයෙන් යුක්තව වැඳීමෙන් පිදීමෙන් සඟ මොක්සුව සලසා ගත හැකි
බව ශාස්තෘවරයාණන් වහන්සේ විසින් ම ප්‍රකාශ කර තිබීම පශ්චාත් කාලීනයන්ට ඉමහත්
සැනසිලිදායක කරුණක් වූ බවට සැකයක් නැත. මෙම දර්ශනීය සංවේජනීය ස්ථාන අද පවා ඒ
තත්ත්වයෙන් පවත්නා බව එහි යන ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. බුදුදහම මගින්
පෙන්වා දෙන දෙව් මිනිස් සහ නිවන් යන ත්‍රිවර්ග සම්පත් ම බෝධියෙනුත් ලබා ගත හැකි බව
මෙයින් කියැවේ. (ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතිහාසය සංස්කෘතිය හා තදානුබද්ධ
සංස්කෘතිය, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නා හිමි)(පි. 4- 5 බුද්ධශාසන
අමාත්‍යාංශ-යේ ප්‍රකාශනයකි. (1991))
|
භාරුත් ස්තූප
මූර්ති |
බුද්ධකාලයට පෙර පටන් පැවති වෘක්ෂ වන්දනය බුදුදහමෙහි බැහැර කරන ලද්දේ වුවද නවම වූ
අලුත් අර්ථකථනයකින් බෝධි වන්දනාව හඳුන්වා දීමත් බෝධි වෘක්ෂය කෙරෙහි අති පූජනීයත්වය
ඇති කිරීමට හේතු වූ බව පෙනේ.
“බෝධිය වන්දනා කරනු ලබන්නේ වෘක්ෂ වන්දනාවක් ලෙස නොව බුදුරජාණන් වහන්සේට ගෞරව
කිරීමක් වශයෙනි. එනම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පාරිභෝගික චෛත්‍යය වශයෙනි.
ප්‍රතිමා නිර්මාණය කිරීමේ කලාව තුළ බෝධි වෘක්ෂය ක්‍රිස්තු පූර්ව යුගයේ සිට
බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමට භාවිතා කිරීම ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නොව
ඊට පෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා හත්නමක් ම ප්‍රතිමාවලින් තොරව බෝධි වෘක්ෂ
මූර්ති කැටයම් සංකේතාත්මකව නිරූපණය කිරීම අනුව පැහැදිලි වේ. දීඝ නිකායේ මහාපදාන
සූත්‍රයෙහි බුදුවරු හත්නමක් විෂයයෙහි උන්වහන්සේලා පිටදුන් බෝධි වෘක්ෂයන් පිළිබඳව
වෙන වෙනම සඳහන් වෙයි.” (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ - මහාචාර්ය අතිපූජ්‍ය
බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පි. 4 (2010)
“මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ විපස්සි භාග්‍යවත්හු පළොල් රුකක් මුල
සත්‍යාවබෝධ කළහ. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්හු හෙළඹ රුකක්
මුල සත්‍යාවබෝධ කළහ. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්හු සල්
රුකක් මුල සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්හත්, සම්‍යක් සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යවත්හු
මහාරි රුකක් මුල සත්‍යාවබෝධ කළහ. මහණෙනි, අර්හත් සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවත්හු
දිඹුල් රුකක් මුල සත්‍යව බෝධය කළහ. මහණෙනි, අර්හත් සම්ම්‍යග් සම්බුද්ධ කාශ්‍යප
භාග්‍යවත්හු නුග රුකක් මුල සත්‍යාව බෝධය කළහ. මහණෙනි, මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධ
වූ මම ඇසතු රුකක් මුල සත්‍යාවබෝධ කළෙමි. (ජාතකට්ඨ-කතා 04 කාලිංගබෝධි ජාතකය -
හේවාවිතාරණ ප්‍රකාශනය පි. 212 – 213 (1936)
ඒ අනුව පෙර බුදුරජාණන් වහන්සේලා හා ඒ බුදුරජාණන් වහන්සේලාට අයත් බෝධි වෘක්ෂ මෙසේ ය.
විපස්සි, පාඨලි වෘක්ෂය සිඛී පුණඩරික වෘක්ෂය (හෙළඹ) වෙස්සභූ - සාල වෘක්ෂය (කකුසඳ –
මහරි වෘක්ෂය, (සිරිස) කෝනාගමන – උදුම්බර වෘක්ෂය (දිඹුල්) කස්සප – න්‍යග්‍රෝධ
වෘක්ෂය (නුග) යනුවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට අයත් බෝධිය අස්වත්ථ හෙවත් ඇසටු
වෘක්ෂය නමින් හැඳින්වෙයි. අංක 1 සාංචි ස්තූපයෙහි බටහිර තොරණෙහි ඉදිරිපස ඉහළ ම
ගරාදියෙහි ඒ ඒ වෘක්ෂයෙන් කැටයම් කර සත් බුදුවරුන් සංකේතවත්ව නියෝජනය කරනු ලැබ ඇත.
භාරුත් මූර්ති කැටයම් වල (මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි) ද ගෞතම
බුදුරජාණන්වහන්සේ මෙන්ම අතීත බුදුවරුන්ගේ බුද්ධත්වය, බෝධිවෘක්ෂවලින් නිරූපණය කර ඇත.
මල්දම් ආදියෙන් අලංකාර කර ඇති එම බෝධීන් වහන්සේලා දෙපස සැදැහැවතුන් බුදුවරුන්ට
නමස්කාර කරන අන්දම ද නිරූපණය කර ඇත.
එම මූර්ති කැටයම් අල්පඋන්නත ලෙසින් (ඕචඵ අඥතඪඥට - බාරිලින්) නිරූපිත මේවායින්
පැහැදිලි වන කරුණක් ඇත. එනම් ක්‍රිස්තු පූර්ව දෙවන ශත වර්ෂය පමණ වන විට අතීතයේ වැඩ
විසූ බුදුවරයන් වහන්සේලා වන්දනාව පුරාණ ජම්බුද්වීපයේ (දඹදිව) ජනපි‍්‍රය වී තිබුණු
ආකාරයයි. ආනන්ද බෝධිය රෝපණය කිරීමේ කතා-වෙහි බෝධි වෘක්ෂය බුද්ධ කාලයේ දී ම පූජනීය
වස්තුවක් ලෙසින් පැවතියේ ය. එසේ වුවද භාරුත් සහ සාංචි -ස්තූප ආශි‍්‍රතව ඇති මූර්ති
කැටයම්වලින් නිරූපිත බෝධි වෘක්ෂ පූජනීය වස්තුවක් හෝ බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික
වස්තුවක් ලෙසින් නිරූපණය කිරීම නොව බුදුරජාණන් වහන්සේ හා බුද්ධත්වය එයින් නිරූපණය
කෙරෙනු ඇත. ඊට හේතුව වූයේ බුදු පිළිම නිර්මාණය ඊට බොහෝ කලකට පසුව එනම් ක්‍රිස්තු
වර්ෂ දෙවැනි සියවසේ දී (ගන්ධාර හා මථුරාහි) සිදුවීම නිසාය. මේ සඳහා ඉතා කදිම
නිදසුනක් භාරුත් මූර්ති කැටයමක සඳහන් වන (බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද) භගවතෝ
සාක්‍යමුනි තො බුධෝ යනුවෙන් ලියා තිබීමෙන්ම පැහැදිලි වනු ඇත. එයින් නිරූපණය වන්නේ
ගෞතම බුදුරජාණන්වහන්සේය. භාරුත් මූර්ති කැටයම්වල (මෙහි ඡායාරූපවලින් දැක්වෙන)
කෝණාගමන, කකුසඳ, වෙස්සභු, සහ සිඛි යන බුදුරජාණන් වහන්සේලා නිරූපණය කෙරෙන එම මූර්ති
කැටයම්වල ඒ බුදුවරුන්ගේ නාමයන් බ්‍රාහ්මි අක්ෂරවලින් ලියා තිබීමය. (භාරත ලංකා බෞද්ධ
උරුමය, සිරිසමන් විජේතුංග පි. 9 – 13 (2006)
|