බුදුපිළිමයේ උපත - 20:
බුද්ධත්වයට පසු ගතකළ සත්සතිය
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසූමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
සකළ ක්ලේශයන් ප්‍රහාණය කරමින් දස මාර සේනාව පරාජය කර සම්මා සම්බුද්ධත්වයට පත් වූ
සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෙසින්
තුන්ලෝකයේම ප්‍රකට වූ සේක. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවනේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ
ලෝකයට ඉතාමත් විශිෂ්ට ආදර්ශයක් තමන් වහන්සේ විසින්ම පළමුකොට පෙන්වාදුන් සේක. එය නම්
සතියක් මුළුල්ලේම බුද්ධත්වය ලබාගැනීමට තමන් වෙත සෙවණ ලබාදුන් ජයශ්‍රී මහ බෝධීන්
වහන්සේ දෙස අනිමිසලෝචන පූජාව පැවැත්වීමයි.
බුද්ධත්වයෙන් පසු සත් සතිය ගත කළ ස්ථාන අදත් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ සමීපවූ
පරිසරයේදී දඹදිව යන ඔබට දැකගත හැකිය. ඒ පුදබිම ඉතාමත් පූජනීය බවට කිසිදු සැකයක්
නැත.
බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අසල සත් සතියක්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි
බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේය. එම පුදබිම අදත් බුද්ධගයාව ආශි‍්‍රතව ස්ථානවල
දැක වැඳ පුදා ගැනීමේ භාග්‍යය අපට ලැබී ඇත. මීට අමතරව ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වටා
ඇති ශිලාමය වැටෙහි නටබුන්ද තිබේ.
මෙකල දක්නට ලැබෙන බුද්ධගයාවේ එම මහා බෝධිවිහාරය සාදන ලද්දේ අසෝක රජතුමා විසින්
මුලින්ම සෑදු මහාබෝධි විහාරයේ පදනම මතය මේ බව මියන්මාර් (බුරුමයේ) ශිලාලේඛනය කද
සඳහන් වී ඇති බව මෙම ස්ථානය පුරාවිද්‍යා කැණීම් කටයුතු කළ ඉන්දියාවේ ප්‍රථම
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාවූ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විද්වතා සඳහන්
කරයි. බුදුරජාණන් වහන්සේ එදා වැඩසිටි වජ්‍රාසනය පිහිටි මුල්ම ස්ථානයද
පුරාවිද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත. මෙම විහාරය ගොඩනංවන ලද කාලය සොයා ගැනීමට ඉතා
ප්‍රයෝජනවත් පුරාවිද්‍යා සාක්ෂිද එම කැණීම් වලදී සොයා ගෙන තිබේ. ඒ අනුව වජ්‍රාසනය
ඉදිරිපිට නිදන් කරන ලද සර්වඥ ධාතුන් වහන්සේලා ගන්ධාර දේශයේ රජ වූ කුශාන වංශික
කණිෂ්ක රජුට පසුව රජ වූ භ්‍රවිෂ්ක රජුට අයත් රන් කාසියක්ද තවත් හස් එබු (ලාංඡන
යෙදූ) කාසි රැසක්ද එම පුරාවිද්‍යා කැණීම් වලින් හමුවී ඇත. ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර්
කනිංහැම් විද්වතා විසින් කරන ලද එම පුරාවිද්‍යා කැණීම්වලින් මුල් වජ්‍රාසනයද සොයාගත
හැකිවිය.
සිදුහත් තවුසා ඇසතු වෘක්ෂයක් සෙවණේදී බුද්ධත්වයට පත් විය. ඒ ඇසතු වෘක්ෂයට අයත්
උද්භිද නාමය පිකුස් රෙලි ජෝසා (ජ්ඪජභඵ අඥතඪඨඪධඵච) යනුවෙන් ව්‍යවහාර වේ.
පළමු වන සතිය
අර්හත්ඵල සමාපත්තියට සමවැද විමුක්ති සුවයෙන් බෝමැඩ එම සම්බුද්ධත්වය ලද විජය
පර්යංකයෙහිම වැඩ සිටියහ.
දෙවන සතිය
මෙම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට අනිමිස ලෝචන පුජාවට දෙවන සතිය ගත කළ සේක.
තුන්වන සතිය
බුද්ධත්වයෙන් පසුව තුන්වන සතිය ගත කළේ රුවන් සක්මන සඳහාය. බුද්ධගයා විහාරයේ
ඉදිරිපිට සිට නරඹන විට එහි දකුණු පැත්තේ මළුවෙහි එම විහාර බිත්තියට සමීපව සාදා ඇති
වේදිකාවක් මත නෙළුම් මල් ඉදිකර ඇති අන්දම දැකගත හැකිය. එම ස්ථානය බුදුරජාණන්
වහන්සේගේ තුන්වැනි සතිය සක්මන් කරමින් ධර්මය මෙනෙහි කළ ස්ථානය ලෙස සැළකේ.
හතර වන සතිය
රුවන්ගෙය සක්මන් කළ පැත්තෙන්ම මහා මාර්ගය දෙසට මළුව තුළම පිහිටි ගරාවැටුණු කුඩා
ගොඩනැගිල්ලකි. හතරවැනි සතිය ධර්මය මෙනෙහි කළ එම රුවන්ගෙය අද එහි නැත. පසු කාලයේ
පිහිටුවන ලද සිහිවටනයක් එහි ඇත.
පස් වන සතිය
අජපාල නුගරුක මුල බුදුරජාණන් වහන්සේ සතියක් පුරා එහි වැඩ සිටි නමුත් ඒ නුගරුක අද
එහි නැත. එහෙත් ඒ ස්ථානයේ පිහිටුවන ලද ස්තම්භයක් අද එහි තිබේ.
හය වන සතිය
මුචලින්ද විල, එම පඩිපෙළින් පහළට බැස වම්පසට හැරී ගමන් කරන විට මුචලින්ද පොකුණ
හමුවේ. මෙම පොකුණ වටා ප්‍රාකාර බැඳ ආරක්ෂා කර ඇත. මෙහි මධ්‍යයෙහි මුචලින්ද නාගයා
බුදුරජාණන් වහන්සේට සෙවණ දෙමින් සිටින ආකාරය මූර්තිමත් කර තිබේ. මේ කරුණු බෞද්ධ
සාහිත්‍යයෙහිද සඳහන්වේ.
සත් වන සතිය
රාජායතනය මුචලින්ද විල පිහිටි පුදබිමෙහි සිට ආපසු හැරී බුද්ධගයා විහාරය දෙසට ගමන්
කරන විට නටබුන් ස්තූපයක් හමුවේ. ඒ අතරේ රාජායතන කිරිපලු රුක තිබු පුදබිමෙහි
ස්මාරකයක් පිහිටුවා ඇති අන්දම දැකගත හැකිය.
මෙම පුදබිම්වලට සහ බුද්ධගයාවට ගමන්කරන සැදැහැවතුන් විසින් ඉමහත් ගෞරවයෙන් වැඳ පුදා
ගනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් අති පුජනියත්වයවට මෙන්ම
පාරිශූද්ධභාවයට පත්වූ මෙම පුදබිම වැඳ පුදා ගන්නා සැදැහැවතුන්ගේ සිතට දැනෙන සැනසුම
කියා නිම කළ නොහැක.
ලබන සතියේ පෙර බුදුරජාණන් වහන්සේලා සෙවනදුන් (විපස්සි, කෝණාගම, කකුසඳ, වෙස්සභූ,
කස්සප) බෝධින්වහන්සේලා පිළිබඳ විමසා බලමු.
|