|
ධර්ම දේශනාව: සැපත ගෙනෙන දහම් මඟ
සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන
සමයෙහි පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ රැස්වී සැප පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවට
වැඩමකොට ඉහත ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. එම භික්ෂූන් වහන්සේලා තම තමන් විසින් ගිහි ජීවිතය ගතකරන සමයේ ලැබූ සැප සම්පත්
පිළිබඳව ආවර්ජනා කරමින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට වූහ. බුදුරජාණන්වහන්සේ මෙම
භික්ෂූන්ගේ අදහස් දැනගෙන මහණෙනි, ඔබලා අදහස් කරන සැප සම්පත් නිමක් නොමැති සසර දුකටම
හේතුවන අතර එහෙත් මෙම කාරණා හතර නිවනේ සැපතට හේතු කාරණාවන බව දක්වා වදාළ සේක.
ඉතිරිය» |
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව
භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා
|
|
|
|
|
|
|