දුක්ඛ ආර්ය සත්‍යය
දක්ෂිණ ලංකාවේ
ප්‍රධාන සංඝ නායක,
රාජකීය පණ්ඩිත,
අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය,
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති
පල්ලත්තර සුමනජෝති නා හිමි
මෙම ලිපියෙහි
මුල් කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය
මේ හතරට විෂය ව පඤ්චස්කන්ධය උපාදාන ස්ඛන්ධයයි. එනම් ස්කන්ධ පඤ්චකයයි. නාම, රූප,
අරූප යන භවචක්‍රයට අයත් මේ රූප වේදනාදී පස පඤ්චුපාදානස්ඛන්ධයයි.
දුක්ඛ සත්‍යය විස්තර කරන විසුද්ධි මාර්ගය දුක්ඛ නම් පිළිකුල් කටයුතු (දූ) හිස් (ඛ)
වූවකි. ඒ අනුව ධුව, ස්ථිර, සුඛ (සැප) සුබ (යහපත්) ආත්ම (ස්ථිර ජීවයක්) යන මේ
කරුණුවලින් තොර හෙවත් හිස් යන තේරුම දෙයි. එනම් දුක්ඛ නම් පිළිකුල් කටයුතු හිස්
(තුච්ඡ) තත්ත්වයකි. සමුදය සත්‍යය දුක් ඉපදීමට හේතුවයි. නිරෝධ සත්‍යය නම් දුක්
නූපදීමට ක්‍රියා කිරීමයි. මාර්ග සත්‍යය නම් දුක් නිරුද්ධ කිරීමට හෙවත් නිර්වාණය කරා
පැමිණීමට පුරණ ප්‍රතිපත්ති යයි. චතුරාර්ය සත්‍යය තුනක්ම දුක් නිරුද්ධ කිරීමේ
ප්‍රතිපත්තියයි. මේ සතර බුද්ධාදී ආර්යයන් ප්‍රතිවේධ කරන හෙයින් ආර්යය සත්‍යය නමින්
හැඳින් වේ. අරියෙහි පටිච්ඡ්ජි තබ්බානි සච්චානි අරියසච්චානි යි කීයේ ඒ බවයි. ඉමෙසං
ඛො භික්ඛවේ චතුන්නං අරිය සච්චානං අභිසම්බුද්ධත්තා තථාගතො අරහං සම්මා සම්බුද්ධො
අරියොති වුච්චති’ යන්නෙන් කියන්නේ ද මහණෙනි, මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හෙයින්
තථාගතයන් වහන්සේට ආර්ය යයි කියති. යනුයි. දුක්ඛ සත්‍යයෙහි කෘත්‍යය සත්වයා පෙළීමයි.
දුක යන ස්වභාවය ඇති දෙයකි. නො වෙනස් වන තත්ත්වයකි. ගිනි දැල්වෙන දර, තෘණ, ගොම ආදී
ද්‍රව්‍යවලින් හටගත් ගින්නෙහි උෂ්ණත්වය වෙනසක් නැතිව එකසේ පවති. එමෙන් ලෝක
සත්ත්වයන්ගේ ජාති, ජරා, මරණ යන ස්වභාවයක් මනුෂ්‍යන්ගේ කෙලින් ගමන් කිරීම,
තිරිසනුන්ගේ හරහට ගමන් කිරීම යන මෙම ස්වභාවයන් මුළු ලොවම එක සමානව පවතින්නාක් මෙනි.
අවිපරීත ස්වාභවය සථ්‍යාර්ථය එසේ මැයි. මේ ලක්ෂණ චතුරාර්ය සත්‍යයට පොදුයි.
සත්ත්වයාගේ මව්කුස උපත ගවරවල උපදින පණුවකු මෙනි. දශමසක් ඒ පිළිකුල් කුසැ වසයි. මවට
මොන හිරිහැරයක් වුවත් කුස තුළ වකුටුව සිටින දරුවාද අපමණ දුකට පත්වේ. මව සිහිල් පැන්
බීවොත් දරුවා සීත නරකයෙහි වැටුනා සේ දුකට පත්වෙයි. උණුපැන් බීවොත් දරුවා අඟුරු
වෑස්සකින් වටවූවා සේ දුකට පත්වෙයි. උපදින්නේද ජීවිතයත් මරණයත් අතර අවිනිශ්චිත මහා
දුකකිනි. ජරාව නම් දත් වැටීම, කෙස් පැසීම ආදිය ප්‍රකට ජරාවයි. සිරුර ඇතුළත
දුර්වලවීම අප්‍රකට ජරාවයි. මරණ දුක නම් එක භවයක උපන් ජීවිතයාගේ බිඳීයාමයි.
සෝකය නම් ඥාතිව්‍යසනාදියෙන් හිතේ උපදින තැවීමයි. දැවීමයි. තමා කළ නොකළ සුසිරිත්
දුසිරිත් ගැන තැවීමක් ශෝකයයි. පරිදේව නම් ඥාතී ආදී හිතවතුන්ගේ විනාශය නිසා විලාප
නගා හැඬීමයි. දුක්ඛ නම් නායික දුක්ඛ, කායික ආබාධ හා මානසික නොඉවසීම් දුක්ඛයි.
දොමනස්ස නම් කිසියම් කරුණක් මුල්කරගෙන සිතේ ඇතිවන දොම්නසයි. මෙහි දී හිසේ පපුවේ
අත්ගසාගෙන වැළපීම, ජීවිත විනාශ කර ගැනීමාදී ව්‍යසනයකට පත්වේ. මෙය දොම්නස යනුවෙන්ද
හැඳින්විය හැකියි. උපායාස නම් ඤාතිවාසනාදියෙන් ඇතිවන සීමාරහිත දුක් නිසා උපදින
ද්වේශ යයි. සිතේ දැවීමක් මෙහි දී ඇතිවේ. මේ අනුව මඳ ගින්නෙන් බඳුනක් තුළ පැසීම
වැනියි ශෝකය. තද ගින්නෙන් පැසෙන දෑ බඳුනෙන් පිටට උතුරා යාම මෙනි, පරිදේවය. උතුරා
ගිය දැයෙන් බඳුන තුළ ඉතිරි ව බඳුන තුළ පැහී පැහී තිබෙන දෑය මෙහි උපායාශය. අපි‍්‍රය
සම්ප්‍රයෝගය නම් තමාගේ සිත සතුටු නොවන අපි‍්‍රය පුද්ගලයන් හා එක්ව විසීම අපි‍්‍රය
සමීපයෝග දුකයි. පි‍්‍රය විප්‍රයෝග දුක නම් තමාට මනාප වස්තූන්ගෙන් හෝ මනාප
සත්ත්වයන්ගෙන් වෙන්වීම පි‍්‍රය විප්‍රයෝග දුක්ඛ යයි. ඉච්ඡා විඝාත දුක්ඛය නම් අනේ!
මම නූපන්නෙමි නම් කොපමණ හොඳ ද අනේ මට අහසින් පියාඹන්න පුළුවන් නම් කොපමණ පහසුද
යනාදී වශයෙන් කවරදාකවත් නොලැබිය යමක් ගැන පතනව නම් එය ඉච්ඡා විඝාත හෙවත්
නොලැබියහැකි දෑ පැතීමෙන් උපදින දුකයි. අවසාන වශයෙන් පඤ්ච උපාදානස්ඛන්ධය ම එකට බැඳී
තිබෙන බැවින් සංක්ෂේප වශයෙන් දුක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. දරට ගින්දර මෙන් අවි
පහරට ඉලක්කය මෙන් පාත්‍යාදී දුක්වලට මුළු පඤ්චස්ඛන්ධයම ගොදුරු වේ. ‘සංඛිත්තෙන
පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’යි බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු ම කාම රූප අරූප යන
ත්‍රිවිධ ලෝකවාසී සත්වයින්ම ස්වභාවයෙන් මේ මහා දුකට හසු වී සිටින බවයි. එහෙයින් ඔබ
අප හැමෝම මේ පරම සත්‍යය වටහා ගෙන සදහටම මිදීමේ බුදුන් වදාළ නිවන් මඟට යොමු වන්න
අධිෂ්ඨාන කර ගනිත්වා. ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී. |