රන්දොඹේ සංඝරාජ විහාරය
රන්දොඹේ සංඝරාජ මහා විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය, රන්වැට සහිත අටවිසි බුදු
මැදුර බෝධිප්‍රාකාරය සහ විශ්‍රාම ශාලාව ඉකුත් 15 වනදා විවෘත කළ අතර ඒ නිමිත්තෙන් 22
වනදා දක්වා පින්කම් රැසක් පැවැත්වේ.
17 වන දා දන්ගල කුසලඤාණ හිමියන් සහ 18 වනදා පෝහද්දරමුල්ලේ නන්දවංශ හිමි, 19 වනදා
බෙල්පාමුල්ලේ සුමේධ හිමි පස්වරු 6.30 ට අටවිසි බුද්ධ පූජා පවත්වනු ලැබේ. 20 වනදා
6.30 කුසතන පූජාවද 21 වනදා පෝදා පෙරවරු 6 ට සීලසමාදානය මෙහෙයවීම කොස්ගොඩ සුභූති
අනුනාහිමියන් විසින් ද 9 ට දහම් දෙසුම අහංගම මෛත්‍රී මූර්ති හිමි . 10.15 ගිහි
දෙසුම නාරද මෙන්ඩිස් මහතා 11.15 දවල් බුද්ධ පූජාව තලල්ලේ සුතධර හිමි. පස්වරු 1.30
දම්දෙසුම වීරකැටියේ සුසීල හිමි . 3 දහම් දෙසුම කහගල සාරානන්ද හිමි 4.15 භාවනා
වැඩසටහන අඹකොළවැවේ බුද්ධික හිමි. 6.30 පුණ්‍යානුමෝදනාව කොස්ගොඩ සුභූති හිමි.
|