වත්තහේන දේවසිරි විහාරයේ
කොත් පැළඳවීමේ පින්කම
ගාලු පළාතේ තල්පේ පත්තුව (යක්කලමුල්ල) වත්තහේන ගම්මානයේ දී 1989 මාර්තු මස 18 දින
චන්ද්‍රාවති දේව මෑණියන්ගේ මූලිකත්වයෙන් දේවස්ථානය ආරම්භ කිරීමෙන් පසු වතෝගල
තපෝධනාරාමාධිපති රාජකීය පණ්ඩිත කුඹල්ගොඩ සුගුණතිස්ස මා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්
1990 දී බෝධි රෝපණයක් සිදුකරන ලදී.
තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරාධිපති ස්වරභඤ්ඤ විශාරද කර්මාචාර්ය ලේල්වල
ඉන්දජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1990 මැයි මස 01 දින ශ්‍රී දේවසිරි විහාරය ආරම්භ
කරන ලදී.
1992. මැයි මස 01 දින බුදුමැදුර ඉදිකර 1993 මැයි 03 දින බුදු පිළිම වහන්සේගේ
නේත්‍රා පින්කම් සිදුකරන ලදී.
2014 සැප්තැම්බර් 23 දින චෛත්‍යයට මුල්ගල් තබා වැඩ නිම කොට එහි කොත් පැළඳවීමේ
පින්කම වල්පල සඳුන් විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති තල්පේ පත්තුව ප්‍රධාන අධිකරණ
සංඝනායක අක්මීමණ පඤ්ඤාසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි මැයි මස 17/18 දෙදින පින්කම්
මාලාවක් සමඟ සිදු කිරීමට සංවිධානය කර ඇත.
කොත්වහන්සේ වැඩම කරවීමේ පෙරහර මැයි 17වන දින සිදුකොට රාත්‍රී පිරිත් දෙසුමකි. 18වන
දින කොත පළඳවා විවෘත කිරීම ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක උඩුමලගල මහින්ද මහා
නාහිමියන්ගේ සුරතින් සිදුකොට මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පෙරවරු 10.00ට උත්සව
සභාවක් පවත්වනු ලබයි. |