අප්‍රමාදය අමෘත පදයකි
කුරුණෑගල විසුද්ධායන විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය
ශාස්ත්‍රපති
වික්‍රමසිංහ අතපත්තු
කම්මැලිකම, වැඩ කල් දැමීම, පසුබට වීම, හෙට ගැන විශ්වාසය තැබීම ආදි දුබලතා රැසක්
ජීවිතය ඉදිරියට නොයවා ආපසු ගෙන යයි. අදට වඩා හෙට හොඳ යැයි සිතා අද කළ හැකි දේ හෙටට
කල් තබනවා. එයින් සිදුවන්නේ හෙට දක්වා තිබූ කාලය අපට අහිමි වී යාමයි.මේ අප උපත ලබා
ඇත්තේ ගෞතම බුද්ධ ශාසනය පවතින කාලයකයි” “දුක දුක ඇතිවීම” දුක නැති කිරීම, දුක නැති
කිරීමේ මාර්ගය” (ප්‍රශ්නය ප්‍රශ්නයට හේතුව – විසඳීම විසඳන ක්‍රමය) යන චතුරාර්ය
සත්‍යය සියලු දෙනා ම හඳුනාගෙන සිටිති. එහෙත් එය පිළිපැදීම කල්ප ගණනකට කල් තබා ඇත.
ජීවිතයේ බොහෝ දේ අපට අහිමිවන්නේ ප්‍රමාදය නිසයි. කම්මැලිකම වැඩ කල් දැමීම, පසුබට
වීම, හෙට ගැන විශ්වාසය තැබීම ආදි දුබලතා රැසක් ජීවිතය ඉදිරියට නොයවා ආපසු ගෙන යයි.
අදට වඩා හෙට හොඳ යැයි සිතා අද කළ හැකි දේ හෙටට කල් තබනවා. එයින් සිදුවන්නේ හෙට
දක්වා තිබූ කාලය අපට අහිමි වී යාමයි.මේ අප උපත ලබා ඇත්තේ ගෞතම බුද්ධ ශාසනය පවතින
කාලයකයි” “දුක දුක ඇතිවීම” දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය” (ප්‍රශ්නය
ප්‍රශ්නයට හේතුව – විසඳීම විසඳන ක්‍රමය) යන චතුරාර්ය සත්‍යය සියලු දෙනා ම හඳුනාගෙන
සිටිති. එහෙත් එය පිළිපැදීම කල්ප ගණනකට කල් තබා ඇත. ගෞතම බුද්ධ ශාසනය තුළ
තෘෂ්ණාවෙන් වෙලී හිඳ මෛත්‍රී බුදුන් දැකීමේ ප්‍රාර්ථනාවකින් අප හිත රවටාගෙන ඇත. එක්
බුදුරජාණන් වහන්සේ නමකගේ දහම නිරුපද්‍රිතව තිබිය දී තවත් බුදු කෙනෙකුන් පතන්නේ සසර
රැඳී සිටීමට ඇති ආශාව මිස වෙන කුමක්ද එසේ අත පත් නිවන අතහැර යා යුත්තේ බුදු බව පතන
බෝසත්වරුන් පමණි. අප සියල්ල කල් දමා සැනසීම සොයන්නේ සසරට ඇති ඇල්ම හෙවත් මැරී මැරී
ඉපදෙන්නට ඇති ආශාවන්ටයි. ඒ නිසා අප අනුගමනය කරන්නේ අමතපදය නොව මච්චුනෝ පදයයි.
බුදුරජාණන් වහන්සේ ලොවට දෙසු සියලු ධර්මයන් සංක්ෂිප්ත කොට පිරිනිවන් මංචකයේ සිට
දේශනා කර වදාළ දහම් පදය සිහියට ගතහොත්,
“හන්දදානි භික්ඛවේ ආමන්තයාමි, වෝ වයධම්මා සංඛාරා
අප්පමාදෙන සම්පාදේථ” යනුවෙන් දැක්වේ.
උන්වහන්සේ දෙසූ සුවහසක් දහම් කඳ මේ දහම් පාඨය තුළ ගැබ් වී තිබෙනවා. සංස්කාර ධර්මයෝ
වැය වීම් සහිතයි. පමා නොවී කටයතු සම්පාදනය කරන්න. මේ අනුව පමා නොවීම බුද්ධ දේශනාවට
අනුව මරණීය ධර්මතාවයකි, හෙවත් මාර පාක්ෂික ක්‍රියාවලියකි.
1.අප්පමාදෝ අමත පදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා නමීයන්ති
යෙ පමත්තා යථා මතා
2.ඒතං විසෙසතො ඤත්වා
අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදො පමෝදන්තී
අරියානං ගොචරෙ රතා
3.තෙ ඣායිනො සාතතිකා
නිච්චං දළහ පරක්කමො
ඵුසන්ති ධීරා නිබ්බානං
යෝගක්ඛේමං අනුත්තරං
ධම්ම පදයේ පුෂ්ප වර්ගයේ එන ප්‍රථම ගාථා තුන ඉහත දැක්වුයේ අප්‍රමාදයේ අගය ගැන දහම්
කරුණු ටිකක් විස්තර කරන්නටයි. ප්‍රථමයෙන් මෙවැනි දහමකට මුල්ම වූ කථා පුවත පිළිබඳව
අප විමසා බලමු.
දඹදිව කොසඹෑ නුවර උදේන නමින් රජ කෙනෙක් විසුවා. එතුමාට වාසුලදත්තා, සාමාවතී මාගන්ධි
නමින් බිසෝවරු තිදෙනෙක් සිටියා.
මේ අය අතරින් සාමාදේවිය ඉතා ශ්‍රද්ධාසම්පන්නයි. ඒ වගේම ඥානවන්තයි. රජතුමාත් ඇයට
බොහොම පි‍්‍රය කළා. මාගන්ධී කියන්නේ බොහොම දුෂ්ඨ ස්ත්‍රියක්. ඇය තරුණ අවධියේ ඇයගේ
පියා බුදුරජාණන් වහන්සේට මාගන්දි විවාහ කර දීමට උත්සාහ ගත්තා. එදා බුදුන් වහන්සේ
රූපයෙහි ඇති පිළිකුල් බව විස්තර කොට දහම් දෙසූ නිසා ඇය සිටියේ උන්වහන්සේ ගැන
වෛරයකින්. උදේන රජුගේ බිසව බවට පත්වූ පසු ඇය බුදුන්වහන්සේගෙන් පළිගැනීමට නොයෙක් දේ
කළා.
සාමාවතී දේවියට රජතුමා බොහෝ සේ ඇලුම් කළ නිසාත් බුදුන් වහන්සේට ඇය ඉතා ගෞරවයෙන්
උපස්ථාන කළ නිසාත් ඇය හා වෛරයෙන් මාගන්ධී රජුට ගතු කේලම් කියා සිත් බිඳ සාමාවතී
බිසව මැරවීමට තැත් කළා. ඊතලවලින් විද මරණයට පත් කිරීමට රජ අණ ලැබුණත් තම මෛත්‍රී
බලයෙන් ජීවිත රැක ගැනීමට ඇයට හැකි වු නිසා ඒ ගුණ බලය රජතුමාට වැටහුණා. එයින් පසු
සාමාවතියට කැමති පරිදි පින් දහම් කිරීමට අවසර ලැබුණා.
දිනෙන් දින මාගන්ධියා තුළ සාමාවතී දේවිය කෙරෙහි ඇති වූ වෛරය අඩු වුණේ නෑ. ඇය නිදහසේ
පින්දහම් කරනු දැක තව තවත් කෝපයට පත්ව දිනක් රජතුමා උයන් කෙළියට ගොස් සිටි අතර
සාමාවතිය ඇතුළු පිරිස නිවස තුළදී ම ගිනිතබා මැරවීය. මෙම දරුණු අපරාධය කළේ මාගන්ධිය
ම බව දැනගත් රජු ද මාලිගාව අසල වළක් කනවා ඇය ඇයගේ ඥාතීන් ද එහි දමා ගිනිතබා මරණයට
පත් කළහ.
මාගන්ධියගේ සාහසික ක්‍රියා ගැනත් සාමාවතී දේවියගේ මරණය ගැනත් භික්ෂූන් වහන්සේලා කතා
කරමින් සිටියදී එය ඇය විසින් පෙර කරන ලද අකුසල කර්මයක විපාකයක් බව දේශනා කොට බුදුන්
වහන්සේ මෙම ගාථා පාඨයන්ගෙන් දහම් දේශනා කර වදාළා.
මෙම ගාථා පාඨයන්හි අරුත් විමසා බලමු.
1.ප්‍රමාද නොවීම නිවනට මගයි. ප්‍රමාදය මරණයට මගයි. පමානොවූ තැනැත්තෝ නොමැරෙති.
යමෙක් ප්‍රමාද වූයේද මලවුන් වැනිය.
2.මේ කාරණය විශේෂයෙන් දැන ප්‍රමාද නොවන නුවැණැත්තෝ ආර්යයන්ගේ විෂය වූ සතිපට්ඨාන
ආදියෙහි ඇලී අප්‍රමාදයේ සතුට ලබයි.
.ධ්‍යාන වඩන්නා වූ, නිතර දැඩි වීර්යය ඇති නුවණැත්තේ සමාධි යෝගයන්ගෙන් නිර්භය වූ
නිවන ස්පර්ශ කරති.
මෙම කරුණ අනුව අපට මනාව පැහැදලි වෙනවා. සසර දුක දැක ඉන් එතෙර වීමේ ප්‍රතිපදාව
නොපමාව සිදු විය යුතු දෙයක් බව. එහෙත් සියල්ල කල් දමා පමාවට ඇලුම් කරන තැනැත්තා
දුක් විඳ විඳ දිගටම සසරේ රැඳී සිටිනවා. මරණ දුක අපට හිමිවන්නේ උපත නිසයි. සසර උපදින
හේතු හඳුනා එය නසන්නට (තෘෂ්ණාව නැති කිරීමට) හැකි වන්නේ අප්පමත්ත හෙවත් අප්‍රමාද
පුද්ගලයාටයි. “අප්පමත්තා නමීයන්තී” යනුවෙන් සඳහන් වන්නේ එම කරුණයි.අමතපදං යනු
නොමැරෙන බවයි. අමෘත පදය නමින් අර්ථ දක්වන්නේද මෙම නිවන්මග බව මෙයින් වටහාගත හැකිය.
එබැවින් පින්වත් සාධුනි, අප බුදුරජාණන් වහන්සේගේ අන්තිම දැනුම්දීමටවත් කන්දෙමු.”
අප්පමාදෙන සම්පාදේථ,” පමා නොවී කටයුතු සම්පාදනය කර නිවන් මගට පිවිසෙමු. |