අම්මා
ගුවන මට මදිය ඔබෙ රුව අඳින්නට
දෙරණ මට මදිය ඔබෙ රුව අඹන්නට
පවන මට මදිය ඔබෙ ගත නිවන්නට
සයුර මට මදිය ඔබෙ වත දොවන්නට
උදේ නැගෙනහිර දෙවියෝ අම්මාය
සඳේ හෙළන සුදු සඳරැස් අම්මාය
සිතේ රැඳුන සුදු බුදුරුව අම්මාය
හිසේ පිපුනු සුදු තල මල අම්මාය
ගලා බසින මහවැලි ගඟ අම්මාය
කඩා හැලෙන මහ වැස්සත් අම්මාය
විඩා නිවන මහ නුගරුක අම්මාය
අහස සිඹින මහ සෑ රජු අම්මාය
අම්මා උල්පතය හිමිහිට ගලා යන
අම්මා නිල් කෙතය සරුවට වැඩී එන
අම්මා වන පෙතය නිසලව නැඟී එන
අම්මා බණ පොතය බුදුබණ කියා දෙන
අම්මා මහ මෙරය කිසිදින සැලෙන් නැති
අම්මා කලා වැව වාගෙයි සිඳෙන් නැති
අම්මා දොළොස් මහෙ පහනයි නිවෙන් නැති
අම්මා බවෙන් බව යැයි කෙළවරක් නැති
නන්දසේන වලේබොඩ
බලංගොඩ
යහපත්කමය
නො තිත් ආසා භරිත
අසත් දම් සිතුම් මත
පස් පවින් පිරුණු ගත
ඇති දනෝ කොතෙක් ඇත
දනට සිත් දෙන්නෙ නැත
ලේ කඳුළු මුහුණෙ නැත
මදහසක් නොමැත වත
නොමින්සුන් වේය දත
රැගෙන මධු සුරා විත
රුහිරු මෙනි උන් ගෙ නෙත
ගොඩ ගසා පාප කොත
කුසල් අට එකට පත
ඇත දුලබ ලොවේ සත
පිනට දහමටම සිත
එවන් අය මං පෙත
නිවන් දොරකඩට යත
බැලුවහොත් දහම් පොත
සැමටම කුසල් ඇත
තුන් යමම තුන් සුත
කියෙව්වොත් වේය සෙත
එම නිසා මගේ පුත
දැන උගෙන බහුශ්‍රැත
නිවන නම් මී විත
උදෙසාම පින් කරත
අනුර ජයවීර
බදුල්ල .
බෝසත්
මවගේ
පැතුම
සදෙව් විමන් සිරි ආසිරි
සිතුමිණ හද සිත්රූ
රුවන් ගැබක පුත් රුවනකි
මව් දේවිය සැනසූ
නිමල දයාඹර සෙනෙහස
පැතුම් ගඟුල ඉසුලූ
පුතුනි ප්‍රාණ භද්‍ර ඝටය
කමල පයස් සරසී
චන්ද්‍ර බිම්බ සූර්ය බිම්බ
විශ්ව ගමන් ගව්වේ
දස මස් කුස කණක පව්ව
සැතපෙනු මවු උකුලේ
සිත් සුසීල නිසල නුවණ
මවු අමතන රහසේ
ලාලන රන් තොටිලි ගැබේ
නොරැදෙනු මගෙ පුතුනේ
චරිත වික්‍රමසිංහ
ජීවිතයේ
අරුමය
දොරේ ගලමින් ගඟ බැස යනවා
රැළි පිට රැළි නංවා
දෙපසේ ඉවුරේ තණ පත් සේදී
ටික ටික ගැල වී යනවා
ගඟ දිය මතු පිට නැටුම් නටාලා
යන පරඬැල් ලීලා
හෝ... හෝ... ජීවිතයේ අරුමය
මේ යැයි පවසනවා
සසරේ දුක් ගඟ මේ වාගේමයි
නෑ කෙළවර දන්නේ
පරඬැල් ලෙස ඔහේ යනවා වෙනුවට
සදහම් පහුරෙ නැඟී
ගිය හොත් හැකි වෙයි මේ ගඟ තරණය
අවසන “නිවන” ම වේ
එන්. ඩී . පද්මිණිී පෙරේරා
තලවතුගොඩ
දුවේ – පුතේ
පතමින් යහපත සෙත
සැදුමට යොමුකළ නෙත
උදේ සවස දෙමව්පියන්
අදරින් නමදිනු පුත
හදවත කර විකසිත
දැනුමෙන් පුරවන සිත
පින්බර ගුරු දෙව්වරුනගෙ
පා යුග නමදිනු පුත
කරුණාවෙන් පිරි සිත
මහ සඟරුවනට පුත
වඳින පුදන විට බැතියෙන්
සැදෙනවා යහපත
දැනුමෙන් පිරි පරිණත
වැඩිහිටියන් දෙස නෙත
යොමුකර පා – යුග වඳින්න
අමතක නොකරනු පුත
තුරු මුදුනක විකසිත
සුවඳ පෙරන දස අත
දරු කැළ මල් කැකුළු වගේ
එතකොට බැබලෙනු ඇත
දෙදියවල
අමරදාස පෙරේරා
අංඟුලිමාල
වැරහැලි ඉවත් කර දවටා කහ සේල
මිදුනා ඔහුව තම මිතුරන්ගෙන් බාල
සිත, කය, වචන සංවරකර ලැබ සීල
තෙරුවන් සරණ පැතුවා අංඟුලි මාල
ලක්ෂිත මධුසංඛ චාමින්ද
ශ්‍රී ගුණානන්ද දහම් පාසල පොල්ගහවෙල |