හතළිහකගෙන් සමන්විත
භික්ෂූන් වහන්සේ සහ කීර්තිමත් බෞද්ධ විද්වතුන් නියෝජිත
පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය
මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 18 සිට 25 දක්වා සංචාරයක නිරත
වීමට පාකිස්තානය බලා පිටත්ව ගියහ. කෝට්ටේ කල්‍යාණි
සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන
ධම්මාලංකාර මහා නාහිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ
අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි,
ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ
නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරන්පනාවේ ආනන්ද හිමි. ශ්‍රී ලංකා
මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමි. ඇතුළු බෞද්ධ
දූත පිරිස පාකිස්තානයේ සංචාරයක නිරත වූහ. |