බුදුපිළිමයේ උපත - 14:
සිද්ධාර්ථ කුමාරයාගේ මහාභිනිෂ්ක්‍රමණය
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසූමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
සිදුහත් කුමරු මේ සංසාරයේ ඇති භයානක බව සිතට නැගී ඒ පිළිබඳ මෙනෙහි කරන්නට පටන්
ගත්තේ ය. නැටුම් ගැයුම් වැයුම් සහිත ඉතා පි‍්‍රය මනාප දෙවඟනන් මෙන් රූප
සම්පත්තියෙන් යුතු නළඟනන්ගේ රැඟුම්වලට පි‍්‍රයතාවයක් දැක්වූයේ නැත. මෙසේ මෙම
වාතාවරණය ගැන සුද්ධෝදන රජු තුළ ද තරමක සැකයක් මෙන්ම ශෝකයක් ද ඇතිවිය. එකම සැනසිල්ලට
කරුණ වූයේ යසෝධරා දේවිය දරුවකු ලැබීමට ආසන්නවී තිබීම පමණකි
සුද්ධෝදන රජතුමා අසිත සෘෂිවරයාගේ කතාව ඇසීමෙන් පසුව සිද්ධාර්ථ කුමාරයා ලෞකික සැප
සම්පත්වලට දැඩි ආසාවක් ඇති කිරීමට යෙදිය හැකි හැම උපායක් ම යෙදුවේ ය. ඒ සඳහා
සිද්ධාර්ථ කුමාරයාට කාලගුණය අනුව සෘතු තුනට ගැළපෙන රාජ මාළිගා තුනක් රම්‍ය, සුරම්‍ය
සහ සුබ යන නාමයෙන් සාදවා දීමට එහි මූලික පියවර වූයේ ය.
යසෝධරා කුමරිය සරණ පාවා ගැනීමෙන් පසුව රජ ගෙදර වූ සේවක සේවිකාවන් සහ රජගෙදර අනෙකුත්
නිලධාරීන් හා පරිවාර කාන්තාවන් අතර වෙනසක් පෙනෙන්නට නැති වන ලෙසින් කටයුතු කිරීමට
යසෝධරා කුමරිය කටයුතු කළා ය. රජගෙයි පමණක් නොව මුළු රටේ ම හැම දෙනාම යසෝධරාවගේ මේ
සමානාත්මතා ගුණය ගැන ඉමහත් සන්තෝෂයට පත් වූයේ ය. මෙය සිද්ධාර්ථ කුමාරයා සහ යසෝධරා
කුමරිය අතර සරණබන්ධනයට පසුව ඇති වූ මහා විපර්යාසයක් ලෙස ජනතාව සිතූහ. කපිලවස්තු පුර
වැසියෝ සියලු දෙනාම තමන්ගේ මවක ලෙසින් යසෝධරා කුමරියට සැලකිලි දක්වන්නට වූහ.
යසෝධරා දේවියත්, සිද්ධාර්ථ කුමාරයාත්, වාසය කරන මාළිගාවල සෑම අවස්ථාවක ම ගීත ගායනා
සහ නැටුම්වලින් අලංකාර කිරීමට සුද්ධෝදන රජුගේ නියමය වූයේ ය. ඒ අනුව එම කටයුතු
සියල්ලම සිදු වූයේ ය. සිද්ධාර්ථ කුමාරයා සහ යශෝධරා කුමරිය වාසය කරන රජ මාළිගය තුළ
පමණක් නොව අවට පරිසරය ද සිද්ධාර්ථ කුමාරයාගේ ලෞකික සිතිවිලි පුබුදුවන ආකාරයේ සිටින
ලෙසින් සකස් කිරීමට සුද්ධෝදන රජුගේ නියෝගය වූයේ ය.
කපිලවස්තුපුරය |
එසේ වුවද මේ සියලුම ලෞකික සම්පත්වලින් පී‍්‍රති වීමේ ආශාවක් සිද්ධාර්ථ කුමාරයාට
නොවුයේ ය. මේ තත්ත්වය දැනගත් සුද්ධෝදන රජු විසින් සිද්ධාර්ථ කුමාරයාට ලෙඩ රෝගවලින්
පෙළෙන අය දැකීමටවත් ඉඩ සැලසුවේ නැත. තරුණ ජීවිතය සැප විඳින්නට තිබෙන අවස්ථාවක්
ලෙසින් සිතීමට සිද්ධාර්ථ කුමාරයාට ඉඩ සැලසූ නමුත් ඒ සඳහා වැඩිකල් යෑමට පෙර
සිද්ධාර්ථ කුමාරයාගේ යම් වෙනසක් ඇති වී ගෙන යන බව සුද්ධෝධන රජුට වැටහුණේ ය. එසේ
වුවද සුද්ධෝදන රජු පී‍්‍රතියට පත්වීමට කරුණක් ද සිද්ධාර්ථ කුමාරයා හා යසෝධරා
කුමරියගෙන් ලැබුණි. එනම් යසෝධරා දේවියට දරු උපතක් ලැබීමට වරම් ලැබීම ගැනය. මෙසේ කල්
ගත වන අතරේ රථයක නැගී සිදුහත් කුමාරයා ගමන් කරන විට රථයේ රියැදුරාගෙන් යම් යම්
කරුණු ඇසීමට පුරුද්දක් කර ගෙන තිබුණි. රෝගියෙකු දැක ඒ ගැන ද මහලු මිනිසෙකු දැක ඒ
ගැන ද "මළ මිනියක් ගෙන යන අවස්ථාවක් දැක ඒ ගැන ද,රියැදුරාගෙන් විමසුවේ ය. රියදුරා
ඊට නිසි පිළිතුරු දුන්නේ ය. හාමුදුරුනමක් ද (ශ්‍රමණයෙක්) දුටු සිදුහත් බෝසතාණන්
වහන්සේ මේ ලෞකික ලෝකයේ රෝගී වීම, මහලු වීම සහ මිය යෑම යන සිදුවීම් තුන ද හාමුදුරු
නමකගේ රූපය ද දැකීමෙන් සතරපෙර නිමිති අනුව ජීවිතය ගැන සිතීමට සිද්ධාර්ථ කුමාරයා
පටන් ගත්තේ ය.මෙතෙක්වේලා රථයේ රියැදුරා සමඟ කතාබහ කළ සිද්ධාර්ථකුමරුගේ නිශ්ශබ්දතාවය
ගැන රියැදුරාට සැකයක් ඇති විය.
සිදුහත් කුමරු මේ සංසාරයේ ඇති භයානක බව සිතට නැගී ඒ පිළිබඳ මෙනෙහි කරන්නට පටන්
ගත්තේ ය. නැටුම් ගැයුම් වැයුම් සහිත ඉතා පි‍්‍රය මනාප දෙවඟනන් මෙන් රූප
සම්පත්තියෙන් යුතු නළඟන්ගේ රැඟුම්වලට පි‍්‍රයතාවයක් දැක්වූයේ නැත. මෙසේ මෙම
වාතාවරණය ගැන සුද්ධෝදන රජු තුළ ද තරමක සැකයක් මෙන්ම ශෝකයක් ද ඇතිවිය. එකම සැනසිල්ලට
කරුණ වූයේ යසෝධරා දේවිය දරුවකු ලැබීමට ආසන්නවී තිබීම පමණකි.
සිද්ධාර්ථ කුමාරයා ඉතා ඉක්මණින්ම මෙම ගිහි ගෙයින් නික්ම යා යුතු බව තීරණය කළේ ය.
ඡන්න ඇමතිට කතා කර කන්ථක අසු සරසවා ගෙන එන ලෙස දැන්වීය. ඡන්න ඇමැති පුදුමයෙන් ඒ අසා
ඊට කීකරු වූයේ ය. ඉතා සෙමෙන් යසෝධරා දේවිය නිදා සිටි කාමරයේ දොර ඇර බලන විට යසෝධරා
දේවිය දරුවෙකු ප්‍රසූත කර සිටින අන්දම දුටු සිද්ධාර්ථ කුමාරයා එය බාධාවක් කර නොගෙන
රජ මාළිගයෙන් පිට වූයේ කන්ථක අසු සරසවාගෙන ආ ඡන්න ඇමැති සමඟ ය. ඇසළ සඳ පායාගෙන නිල්
අහසේ බැබළුණු ඒ රාත්‍රියේ මහා බෝසතාණෝ මහාභිනිෂ්ක්‍රමණය කළහ.
|