රූපයක්
පවතින්නේ
ක්‍ෂණ කීයද
හෝමාගම මුල්ලේගම
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
අප ලොවිතුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ අපෙන් දුරු විය යුතු සංයෝජන ධර්ම කිහිපයක්
පිළිබඳව වදාරා ඇත. එම සංයෝජන ධර්ම පිළිබඳව ධර්මානුකූලව අවබෝධයක් ඔබ තුළ තිබිය
යුතුය. සක්ඛාය දිටිඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහීණ වූ විට සෝතාපන්න තත්වයට
පත්වන බව ප්‍රකාශ කළද, ඇතැම් පිරිසකට ඒ පිළිබඳව ඉතාම හොඳ නිවැරැදි අවබෝධයක් නොපවතී.
සක්ඛාය දිටිඨී යනු පංචඋපාදානස්කන්ධය පිළිබඳව ආත්ම දෘෂ්ටියක් ඇතිවීම බව ප්‍රකාශ කළද
ඒ පිළිබඳව පුළුල් අදහසක් ගොඩනගා ගත යුතුයි. ලොව්තුරා ධර්මයට අනුව දෘෂ්ඨීන් අගය
කරන්නේම නැති අතර සම්මා දෘෂ්ඨියට අමතරව පවතින සියලු දෘෂ්ඨීන් බුදු දහම ප්‍රතික්ෂේප
කරනු ලබයි.
සක්ඛාය දිටිඨිය හෙවත් පංචඋපාදානස්ඛන්ධය පිළිබඳව ආත්මීය දෘෂ්ඨි තිබීම අපගේ නිවන් මඟට
විශාල බාධාවක් ලෙස බුදුපියාණන් වහන්සේ පැහැදිළිකර ඇත. සක්ඛාය දිටිඨීය විසි
ආකාරයකින් පුද්ගලයන් තුළ පවතින බව ධර්මයේ සඳහන් වෙයි.
රූප වේදනා සංඥා , සංස්කාර, විඤ්ඤාණ යන්න පංච උපාදානස්ඛන්ධය යන අතර මෙයින් එක
උපාදානස්ඛන්ධයක් හතර ආකාරයකින් දෘෂ්ටි නිර්මාණය කරනු ලබයි. එක උපාදානස්ඛන්ධයක්
පිළිබඳව දෘෂ්ඨි ආකාර හතරකට ගොඩනැගෙයි. රූපස්ඛන්ධය පිළිබඳව රූපයම ආත්මය ලෙස එක
දෘෂ්ඨියක් පවතී. රූපය කැඩිල බිඳිල, දිරළ පණ නැතිව මැරිළා ගිය විට ඔහු එතනින් අවසාන
බව ප්‍රකාශ කරනුයේ එම හේතුව නිසයි. නැවත කිසිම ස්ථානයකට ගමන් කිරීම සඳහා කිසිවක
ඉතිරි නැති අතර පඨවි පඨවි සමඟ එක්කාසු වන අතර ආපෝ ආපෝ ධාතුව සමඟ එක්කාසු වී, තේජෝ
තේජෝ ධාතුව සමඟ එක්කාසු වී වායෝ වායෝ ධාතුව සමඟ එක්කාසු වූ විට පුද්ගලයා අවසන් වේ.
රූපය තුළ ආත්මය ඇතිබව ඔවුන් පිළිගෙන තිබුණ සක්ඛාය දිටිඨියයි. මෙය දෘෂ්ඨිමය තත්වයක්
වේ. වේදනා පිළිබඳවම මෙලෙසම දෘෂ්ඨීන් ගොඩනගාගෙන ඇත. වේදනාව ආත්මයයි. සංඥාවම ආත්මයයි.
සංස්කාරයම ආත්මයයි. විඤ්ඤාණයට ආත්මයයි යන ආකාරයෙන් එයම ආත්මය බවට පිළිගනු ලැබූ ධර්ම
ගුරුවරුන් බුදු හිමියන් දවස දක්නට ලැබුණා. එවැනි පිළිගැනීමක් එකල ජීවත් වූ ධර්ම
ගුරුවරුන් අතරත් පැවතුණා. උදාහරණයක් ලෙස ගත් විට පහනෙ දැල්ලම වර්ණයයි. වර්ණයම දැල්ල
ලෙස ප්‍රකාශ කරයි. ආත්මයම රූපයයි. ඔවුන් පිළිගනු ලැබුවේ දැල්ලම වර්ණය යි. වර්ණයම
දැල්ලම වෙයි වශයෙනි.ඇතැම් විට අප ළඟ එවැනි ආත්මීය අදහස් තිබීමට හැකියාව තියෙනවා.
රූපය තුළින් ඇරඹිලා ආත්මය පවත.ී යන සංකල්පයක්ද තිබේ. උදාහරණයක් වශයෙන් විශාල ගසක
ගසයි එහි සෙවනැල්ලයි වෙන් වෙන් වශයෙන් පැවතුණද එක ස්ථානයකදී ගසයි සෙවනැල්ලයි
සම්බන්ධ වනු පෙනෙයි. ගසෙහි මුළට ගසෙහි සෙවනැල්ල සම්බන්ධ වෙයි. එවැනි ආකාරයෙන් රූපය
සහ ආත්මය අතර වෙන් වෙන් ව තියෙනවා වගේ පෙනුණාට ඒ දෙක අතර සම්බන්ධයක් පවතිණුුයේ ගසයි
එහි සෙවනැල්ලයි වෙන වෙනම දක්නට ලැබුණාට එය වෙනම පවතින එකක් නොවන ලෙසයි. වේදනා, සංඥා
සංස්කාර විඤ්ඤාණය ද ඒ ආකාරයම වේ. ආත්මය කෙරෙහි රූපය තියෙනවා. ඔවුන් තුළ සක්කාය
දිටිිඨිය පිළිබඳව තවත් අදහසක් පවතී. රූපය ඇතුලත ආත්මය පවතිනවාය යනු මල තුළ සුවඳ
පවතිණවා මෙන් ඔවුන් දරන අදහසයි. මලයි සුවඳයි වෙන්කළ නොහැකියි සුවඳ මල කෙරෙහි පවතින
එකක් වෙයි. ඒ ආත්මයයි රූපයයි එකක් කෙරෙහි අනෙකා තියෙනවා. කියා සිතයි . රූපය කෙරෙහි
ආත්මය පවතින බවට සිතයි. වේදනාවෙන් ආත්මය ගැලවිය නොහැකිය ඒ කෙරෙහිම පවතිනවාය යනු
දෘෂ්ඨියක් වෙයි. ෙවිදනාව කෙරෙහි ආත්මය පවතින බව සිතයි. මුසපත් වීම නිසා මෙය වෙන් කර
ගත නොහැකිය රූපය කෙරෙහිම ආත්මය පවතිනවාය . වේදනාව කෙරෙහිම ආත්මය පවතිනවා රූපයෙන්
ආත්මය ගැලවිය නොහැකිය යනු එක පිළිගැනීමක් වෙයි. මෙය රූප වේදනා , සංඥා සංස්කාර
විඤ්ඤාණ යන පහම මේ ආකාරයෙන් දැක්වූ විට කාරණා පහළොවක් වෙයි.
රූපය ඇතුළත ආත්මය පවතින්නේ කරඬුව තුළ මැණිකක් පවතින ආකාරයෙන් පවතින බවට ඔවුන් තුළ
දෘෂ්ඨියක්ද පැවතුණි. රූපය ඇතුළත ආත්මය පවතින බව දේවවාදී ආගම් තුළඳ පවතියි. රූප,
වේදනා සංඥා , සංස්කාර විඤ්ඤාණ පිළිබඳව සක්ඛාය දිටිඨිය විසි ආකාරයට පවතින බව බුදු
දහම පෙන්වා දෙයි. එක ස්කන්ධයක් සතර ආකාරයෙන් ස්කන්ධ පහම විසි ආකාර වෙයි.
ආත්මය රූපයයි යන්න පළමු කාරණාවයි . ආත්මය ඇසුරෙන්ම රූපය පටන් ගන්නා බව දෙවන
කාරණාවයි ආත්මය කෙරෙහි රූපය ද රූපය කෙරෙහි ආත්මය ද. මලක සුවඳ මෙන් පවතින බවයි. රූපය
ඇතුළත ආත්මය පවතින බවද සිතනු ලබයි. එය කරඬුවක් ඇතුළත තිබෙන මැණිකක් මෙන් වෙයි.
මෙවැනි ආකාරයෙන් දෘෂඨි ගණනක් පවතින අතර අපගේ පංච උපාදානස්ඛන්ධය පිළිබඳව නිර්මාණය
වෙයි.
පංචඋපාදානස්කන්ධය පිළිබඳව මෙවැනි දෘෂ්ඨීන් යම් පුද්ගලයකුට තිබෙන තාක් කල්
ධර්මාවබෝධය ලැබිය නොහැකි බවට ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වදාරා ඇත.
එය වාස්තවික නොවන ආකාරයෙන් පවතින බවට පිළිගනු ලබයි. කයයි සිතයි එකට බැඳී පවතින බවට
බුදු දහම පිළිගනු ලැබුවද , රූපය නිත්‍ය එකක් නොවන බවට බුදු දහම සෑම විටම පැහැදිළි
කරනු ලබයි. රූපය නිතරම වෙනස් වනු ලබයි. රූපය පෙණ පිඬක් බව පැහැදිළි කර ඇත. වේදනාව
දිය බුබුළු සේ වන බවට උපමා කර ඇත. වේදනාව නිත්‍ය ෙ නාවන නිසා වේදනාව තුළ ආත්මය
පැවතිය නොහැකි අතර එය වෙනස් වන බව බුදු සමය පැහැදිළි කරනු ලබයි.
සංඥාව මිරිඟුවකට උපමා කර ඇත. මිරිඟුව යනු සත්‍ය කාරණාවක් නොවේ. අපගේ පංච
උපාදානස්කන්ධය සම්බන්ධව ගොඩනගා ගෙන පවතිනුයේ වැරැදි අදහසක් බව බුදුහිමියන් වදාරා
ඇත. ශරීරය වේගයෙන් වෙනස් වෙයි. ශරීරය කෙතරම් වේගයෙන් වෙනස් වෙනවාය යනු කයෙහි එක
රූපයක් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යාමට ගත වන කාලය ච්ත්තක්ෂණ 17 ක් වේ. ච්ත්තක්ෂණ
යනු ලෝකයේ තිබෙන අඩුව ආයුෂයි . අප දන්නා අඩුම කාලය තත්පර වුවද, තත්පර වලට වඩා අඩු
ආයුෂයක් ලෙස ක්ෂණය පිළිබ ඳව බුදු හිමියන් වදාරා ඇත. ක්ෂණයක් යනු තත්පරයෙන් කෝටියෙන්
පංගුවක්ද යන්න කිව නොහැකි තරම් සුළු වේලාවක් වෙයි. මේ ලෝකයේ අඩුම ආයුෂ ක්ෂණයක් බවට
බුදු හිමියන් වදාරා ඇත. රූපයටකට පවතින උපරිම ආයු කාලය ක්ෂණ 17 ක් බව බුදු හිමියන්
වදාරා ඇත. එක ක්ෂණයක් ඇතිවෙයි. රූපයක් ඇතිවීම ට ගතවන කාලය ක්ෂණ එකක් වෙයි. ක්ෂණ 15
ක් පවතීයි. ඊළඟට ක්ෂණයකදී නැතිවී යයි. යනුවෙන් එය පැහැදිළි කර ඇත.
එවැනි ආකාරයෙන් හටගන්නාවු රූපයක් 16 වන ක්ෂණයට එනතෙක් නැතිවන්නේත් නැති අතර එම රූපය
17 වන ක්ෂණයෙන් පසුව පවතින්නේත් නැති නිසා එම රූපය අනාත්මය ලෙස පැහැදිළි වෙයි.
බ්‍රහ්මයාගේ ශරීරයත්, ප්‍රේතයාගේ ශරීරයත්, මිනිසාගේ ශරීරයත් පවතින උපරිම කාලය ක්ෂණ
17 බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. එය ඝන සිරුරේ වුවද, සියුම් සිරුරේ වුවද, එය
රූපයක් නම්, ඕනෑම රූපයක් පවතිනු ලබන්නේ ක්ෂණ 17ක් පමණයි. 17 කට එහා පවතින්නේ නැති
ස්ථිරවම අනිත්‍යයි. 17 වන ක්ෂණයකින් පසුව වෙනස් වී අලුත් එකක් හටගනු ලබයි. එපමණ
වේගයෙන් ලෝකය වෙනස් වෙයි.
ඉතිරි කොටස බක් පුර අටවක පෝදා (14) පත්‍රයේ පළවේ.
හේමමාලා රන්දුනු |