දහම් කෙත යළි අස්වැද්දු
කිරම විමලජෝති හිමි
දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ස්වාභාවික සෞන්දර්යයෙන් හා පරිසරයෙන්
යුත් කිරම නම් ගම් පියස සාහිත්‍යධරයන් කීප නමකගේ නිජබිමයි. කිරම ධම්මානන්ද, කිරම
ධම්මාරාම හිමිවරුන්ගේ සාහිත්‍යකරණයෙන් කිරම ඈත අතීතයේ ප්‍රසිද්ධියට පත්ව තිබිණ.
වර්තමාන කිරම ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ 1947 මාර්තු 31 වන දින කිරම දී
උපන් ළදරුවකු 1960 ජුනි මස 26 වන දින සසුන්ගත වැ 2016 වන විට කරන ලද අතිමහත්
ශාසනෝපකාරය නිසාය.
මහණ වු දවසේ සිට මේ හාමුදුරුවෝ හැමදාම සිතුවේ ශාසනයට මෙහෙයක් සිදු වන වැඩක් ගැනය.
එක්දහස් නවසිය හැට හතේදී තමන් අතට පත් මාතර විහාරස්ථානයක අධිපති පදවිය ශාසනික
දයාවෙන්ම අත්හැර දැමු මේ හාමුදුරුවෝ ජනතාවට සේවය කිරීමේ නිදහස් මගක් සොයමින්
විදේශගත වූහ. උන්වහන්සේ එදා අත්හළ විහාරාධිපති පදවිය කෙදිනවත් යළි භාර
නොගත්තේය.අදත් උන්වහන්සේ විහාරාධිපතිවරයෙකු නොවේ. තායිලන්තයේ ටික කලක් වැඩ සිට
මැලේසියාවට වැඩම කිරීමෙන් ඉක්බිතිව කිරින්දේ ධම්මානන්ද නා හිමියන් බැහැදැකීමෙන්
පසුව මේ පොඩි හාමුදුරුවන් තුළ පැවති කඩිසර ගතිය පවිත්‍ර වූ සාරවත් වු ද අදහස් ගැන,
කටයුතුවල දක්ෂතාවය හා නිහතමානි බව පිළිබඳ පැහැදුණු කිරින්දේ නා හිමියෝ සිය ශාසනික
කාර්යයන්හි සහායක වශයෙන් මේ පොඩි හාමුදුරුවන් සම්බන්ධ කර ගත්තේය. කිරින්දේ නා
හිමියන්ගෙන් ලත් ආභාෂය කිරම පොඩි හාමුදුරුවන්ගේ ගමන් මග අලුත් කළේය. වෙනස් කළේය.
බුද්ධ ශාසනය වෙනුවෙන් කළ හැකි අලුත් වැඩ කොටසක් ගැන ඉදිරි මගත් පැහැපත් කළේය.
1979 නව වැනි මාසයේ දී මැලේසියාවේ සැදැහැවත් බෞද්ධ දායක පිරිසක් සමඟ දඹදිව වන්දනාවේ
යෙදුනු කිරම පොඩි හාමුදුරුවන්ගේ පැවැත්ම පරෝපකාරය සිය දිවි දෙවැනි කොට පිහිටා ඇති
බව හෙළිදරව් වන සිද්ධි කිහිපයකින් සමන්විත විය. හිතවත් දායක දායිකාවන්ගේ ජීවිත
රැකගැනීම වැනි පරාර්ථකාමි ගතිගුණ වලින් යුත් හිමියන් ගැන අතිශයින් පැහැදුණු දායක
දායිකාවන් අතර ලෝක් වෑන් යැටි නම් දායිකාවක්ද සිටියාය. මේ ලොක් වෑන් යැටි චීන
කාන්තාවකි. ඒ වන විට වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ ඇය මැලේසියාවේ ප්‍රධාන බැංකු
කීපයක කොටස්කාරියක් වූවාය.
දඹදිව වන්දනා ගමනෙන් පසු විහාරයට පැමිණ මේ කෝටිපතිනිය කිරින්දේ නා හිමියන්ගේ අවසරය
ඇතිව කිරම හාමුදුරුවන් බැංකුවට වැඩමවා ගෙන ගොස් විශාල මුදලක් කිරම හාමුදුරුවන්
නමින් බැංකුවේ තැන්පත් කර ඕනෑම වැඩක් පටන් ගන්න. අවශ්‍ය තරම් මුදල් මම දෙන්නම්, මේ
මහලු වයසේ මට මුදල් වලින් වැඩක් නැහැ. ජීවිතය ඊට වඩා වටිනවා. මා අද ජීවත් වන්නේ ඔබ
වහන්සේ නිසාය, යනුවෙන් කීවාය.
කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවන් ඇසුරේ දහතුන් වසරක් නේවාසිකව ජීවන කුසලතා සහ පොදු
ජන සේවා පිළිබඳ පාඨමාලාව හදාරා අත්දැකීම් සම්භාරයක් මෙන්ම මුදල් සම්භාරයක්ද ගෙන
තමන් උපන් දේශයට තමන් අදහන ආගමට සේවාවක් කිරීමේ අටියෙන් ලංකාවට වැඩම කළේ එක්දහස්
නවසිය ගණන්වලය.
කිරම හිමියන් සලකා බැලුවේ තමන් උපන් රටේ තමන් අදහන ආගමේ තම රට බෞද්ධයන්ගේ චිර
ජීවනයයි. පර්යාප්ත ශාසනයේ පැවැත්මයි. පර්යාප්ති ශාසනයේ උන්නතියෙන් සිය නිජ බිම සිය
ජනතාවගේ බුද්ධිය දියුණූු කිරීමයි. ඔපමට්ටම් කිරීමයි.
ඒ සඳහා උන්වහන්සේ එක්දහස් නවසිය අනුදෙකේ ජනවාරි මස දෙවැනි දින දෙහිවල නැදිමාලේ
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කළේය. එක්දහස් නවසිය අනූ ගණන් වන විටත් මෙරට
බෞද්ධ ඇතැම් පොතක් සොයා ගන්නට තිබුණේ නැත. පන්සල්වල ත්‍රිපිටකය පොත්ගුලේ තැන්පත් කර
තිබුණි. අටුවාටීකා තම පැරණි පන්සල්වල තිබුණේ වී නමුත් තියෙන්නේ මොන පොත් දැයි
කියන්නට ඇතැම් විට පන්සලේ හාමුදුරුවෝ දැන නොසිටියහ. කිරම හාමුදුරුවන් නැදිමාලේ
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භක කාර්යයන් දෙකකට පළමුව මුහුණ දුන්නේය. එකක්
බෞද්ධ පොත පත ලියවා මුද්‍රණය කිරීමය. දෙවැන්න බෞද්ධ පොත් කියවන්න පාඨක ජනතාවක්
නිර්මාණය කිරීමයි. ඒ කියන්නේ මිනිසුන් බෞද්ධ පොත් පත් කියවන්නට හුරු පුරුදු
කිරීමයි. මේ කාරණාද්වය ඉටු කර ගැනීම සඳහා පළමුව රටේ උගතුන් ලවා සූත්‍ර පිටකය සරල
සිංහලට පරිවර්තනය කර මුද්‍රණය කළේය. ඒ සඳහා ඉතා හොඳ අංග සම්පූර්ණ මුද්‍රණාලයක්
පිහිටු වීය. බෞද්ධ පොත් කියවීම ජනතාවට හුරු පුරුදු කිරීම පිණිස ජංගම රථයක් සේවයේ
යෙදවීය. ජංගම රථය මඟින් බෞද්ධ පොත්පත් ප්‍රධාන නගරවල වෙළෙඳ පොළවල අඩු මිලට අලෙවි
කිරීමට කටයුතු යෙදූහ.
කිරම හාමුදුරුවෝ තැන් තැන් වල තිබුණු පාලි අටුවා සොයා ඒවා සිංහලට පරිවර්තනය කළහ.
අනගාරික ධර්මපාලතුමාගේ සහෝදරයින් විසින් පාලි අට්ඨකථා සකස් කොට මුද්‍රණය කර තිබුණත්
ඒවා පාලියෙන් තිබුණ නිසා ඇතැම් විට ජනතාවට කියවිය නොහැකි විය. මෙසේ පැවති අට්ඨකතා
පනහක් සිංහලෙන් කියවීමට හැකි වූයේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය නිසාය. එක්දහස්
නවසිය පනස් පහේ දී පමණ ත්‍රිපිටක පොත්පෙළ පාලි, සිංහල බුද්ධ ජයන්ති පොත් පෙළ නිකුත්
වුවත් එයින් පොතක් සොයා ගැනීම අසීරු කරුණක් විය.
පැරණි පන්සල්වල ආරණ්‍යවල ටීකා ග්‍රන්ථ පුද පූජා ලබමින් වැඩ උන්හ. කිරම හිමියන් ඒ
පන්සල් ආරණ්‍ය වෙත වැඩමවා ඒ ටීකා පොත් ඉල්ලාගෙන විත් වියතුන් ලවා පරිවර්තනය කරවා
මුද්‍රණය කරවීය.
අද ඕනෑම බෞද්ධයකුට පාලි ත්‍රිපිටකයේ පාලි පෙළ අටුවා ටීකා පාලි සිංහල පරිවර්තන එකම
වහලක් යටින් ලබාගත හැකිය. මෙයට අමතරව සිංහල අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය,
ජාතක පොත, මිලින්ද ප්‍රශ්නය, විශුද්ධි මාර්ගය, ආදි පොත් ද ප්‍රාචීන විභාග සඳහා
අවශ්‍ය පොත් ද ලබා ගැනීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඇත. ඒ පර්යාප්තිය නගා
සිටුවීමට කිරම හිමියන් කළ සේවයෙන් බිඳකි. ඊටත් වඩා සේවයක් නම් අද බුදු දහම ගැන ලියන
ලේඛකයෝ රට පුරා සිටිති. අද මුද්‍රණය වන පොත්වලින් වැඩි ගණනක් බෞද්ධ පොත පතය. අද
වාර්ෂිකව පැවැත්වෙන මහා පොත් ප්‍රදර්ශනයේ මූල බීජය රෝපණය කළේ ද කිරම හාමුදුරුවෝය.
දෙවැනිව කිරම හිමියන් භාවනා මධ්‍යස්ථානය පිහිටු වූයේ දෙකඳුවලය.
නිදහස් විවේකී පරිසරයක්, කඳු බෑවුම් සහිත වනරොදකත්, සාමකාමී පරිසරයක් ,ජනශූන්‍ය
විවේකී ස්ථානයක් වශයෙන් භාවනා කරන්නට ධ්‍යාන වඩන්නට සුදුසු පරිසරයක පිහිටි දෙකඳුවල
භික්ෂුණි පිරිවෙන අංග සම්පූර්ණ තපෝ වනයකි. ඒ කිරම හිමියන්ගේ අනෙක් සේවාවයි. භික්ෂු,
භික්ෂුණි, උපාසක, උපාසිකා සිව්පිරිසගේම අධ්‍යාපනය, විමුක්තිය ලබා ගැනීමට මෙම ආයතනය
බලවත් පිටිවහලක් වේ. ලෝක වෑන් යැටි මැතිනියගෙන් ලත් කෝටි පනස් පහක මුදලක් යටකරමින්
බෞද්ධ සංස්කෘතික මධ්‍යඨස්ථානය,දෙකඳුවල භික්ෂුණි ආයතනය හා පිරිවෙන, කොළඹ තුන්මුල්ලේ
සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ආදි සියල්ල ඉදිකළේ කිරම විමලජෝති හිමියෝය. කිරම
විමලජෝති මාහිමියෝ රටට ජනතාවට බෞද්ධ සමාජයට භික්ෂු පරපුරටම මහත් අභිමානයක් වෙමින්
ප්‍රදීපයක් වෙමින් නිර්මල නිහතමානී ත්‍යාගශීලි දානපති චරිතයක්ව දිලිසෙමින් සිය
ජීවිතයේ 69 වන වසරට පා තබන උන්වහන්සේට දිගාසිරි පැතීම බෞද්ධයාගේ යුතුකමක් බව
දක්වන්නට කැමැත්තෙමි.
ශාස්ත්‍රවේදී – පණ්ඩිත
විජිතනන්ද සරත්චන්ද්‍ර
ගැටමාන්නේ ධම්මින්ද හිමි
වලස්මුල්ල දලුවක්ගොඩ ශ්‍රී ධර්මායතනාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති
පණ්ඩිත ගැටමාන්නේ ධම්මින්ද හිමිපාණෝ 79 වියට පා තබති. ශී‍්‍ර ධර්මායතන දායක සභාව සහ
සීල –භාවනා කුලඟන සමිතිය ඇතුළු සංවිධාන රාශියක් ධම්මින්ද හිමියන්ට දිගාසිරි
පැතිරීමේ බෝධිපූජා පින්කමක් සහ පිරිත් දේශනයක් මාර්තු 9 සහ 10 යන දෙදින පවත්වන ලදී.
සි.දො. සමරනායක හා සිරිමලී කොඩිතුවක්කු දම්පතීන්ගේ පුත්‍රයෙකු ලෙස ගැටමාන්නේදී උපත
ලැබු මෙතුමන් ගැටමාන්න මහ විදුහලින් හා ඉත්තදෙමලිය මහ විදුහලින් මූලික අධ්‍යාපනය
ලැබීය. තම ඥාතිවරයෙකු වූ වෛද්‍ය විශාරද ගලහිටිය වෙදරාලහාමිගේ ඇසුරෙන් වෛද්‍ය
විද්‍යාව ප්‍රායෝගිකව පුහුණුව ලබද්දී 1952 දී පනන්වෙල ගණේගොඩ පුරාණ මහා විහාරාධිපති
නෙරලම්පිටියේ චන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් ගැටමාන්නේ ධම්මින්ද
නමින් පැවිදි ජිවිතයට පත්විය.
සිය ගුරු හිමියන්ගේ ඇසුර ලබමින් ප්‍රගුණ කළ යුතු පැරණි සාරධර්ම, ගුණ දහම්, බණ
පිරිත් මනාව හදාරා උසස් අධ්‍යාපනය සඳහා මාතර මහ මන්තින්ද උපාධි පීඨයට ඇතුල් වු
ධම්මින්ද පොඩි හාමුදුරුවෝ පන්ති පිළිවෙළින් ප්‍රථම ස්ථාන හා ත්‍යාග සහතික ලබමින්
පැවිදි ආකල්ප හා කුසලතා වර්ධනය කරමින් පාලි, සංස්කෘත සිංහල ජන්දස් අලංකාර ඉතිහාසය
වැනි විෂයන් ඉතා දක්ෂ ලෙස ප්‍රගුණ කළහ.
2500 සම්බුද්ධ ජයන්තිය සිහිවටනයක් කරමින් මහනුවර මංගල උපෝසථාගාරයේදි උපසම්පදා
සීලයෙහි පිහිටියහ. 1962 දී ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව
පාඨමාලා හදාරා ගෞරව පන්තියේ ශාස්ත්‍රවේදි උපාධි ලබා ගත්හ. මාතර ශ්‍රී පුෂ්පාරාම
පිරිවෙනේ දස වසරක් උසස් සේවයක් කළහ.
බණ , පිරිතට මුල්තැන දෙමින් ධර්මදූත සේවයට භික්ෂූන් වහන්සේලා පුහුණුකොට ධර්මදූත
සේවය කළහ. මාතර මන්තින්ද උපාධි පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර
ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීමටද වාසනාව උදාවිය.
බොහෝ කාලයක් මාතර රාහුල විද්‍යාලය, සුජාතා මහා විද්‍යාලය ඇතුළු පළාතේ සෑම
විද්‍යාලයකම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ බෞද්ධ සාරධර්ම ජනිත කරවමින් ධර්ම දේශනා, ධර්ම
සාකච්ඡා පවත්වමින් අමරණීය ධර්මදූත සේවයක් ඉටු කළහ. මාතර හිරගෙදර ධර්ම දේශනා
පවත්වමින් නොමඟ ගිය අසරණ හදවත් සනසවමින් දැහැම් මඟ කියා දුන් අතර මාතර තරුණ බෞද්ධ
සමිතියේ බොහෝ කාලයක් ධර්මදේශනා, ධර්ම සාකච්ඡා පවත්වා වැඩිහිටි බොහෝ බුද්ධිමතුන්ගේ
ධර්මඤාණය දියුණු කළහ. 1960 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි ආගමික වැඩසටහන්වලට සහභාගි
වෙමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ධර්ම චින්තා, බෞද්ධ කථා ඉදිරිපත් කරන්නේ ජනතා
ප්‍රසාදය දිනාගනිමිනි. ප්‍රවෘත්ති පත්‍ර සඟරා ආදියට ලිපි සැපයීමත්, මන්තින්දය,
මැදුම් පිළිවෙත, සිංහල පරිනිබ්බාන සූත්‍රය, “ වැනි ග්‍රන්ථ සම්පාදනය කොට ශාස්ත්‍රීය
සේවයක් ඉටු කරති. ජපානය, ඉන්දියාව, නේපාලය දඹදිව ආදි රටවල ධර්ම ප්‍රචාරය සඳහා
වැඩමවා උදාර සේවයක් ඉටුකොට ඇත. පිරිත් දේශනාවට මෙන්ම ධර්ම දේශනාවට එක ලෙස ව්‍යක්ත
භාවයක් දක්වන අතර නිහතමානි ගුණය නිසා පළාතේ මහා සංඝයා වහන්සේ අතර මෙන් පොදු ජනයා
අතරද ගෞරවනීය හොඳ නමක් තබා ඇත. 1976 දී පිරිවෙන් ගුරු සේවයෙන් වෙන්වී රජයේ ගුරු
සේවයට සම්බන්ධ වු ධම්මින්ද හිමිපාණෝ හ/මුත්තෙට්ටුවගම විදුහල හ /ඉහළ, බෙලිගල්ල මහ
විදුහල යන විදුහල්වල සේවය කරමින් ගමත් පන්සලත් පාසලත් අතර සම්බන්ධතාවය දියුණු
කළහ.ප්‍රදේශවාසි භික්ෂූන් වහන්සේලාගේ සුව පහසුව සඳහා වලස්මුල්ල දිසා රෝහලේ
භික්ෂුවාට්ටුව සෑදවූයේ පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ලබා ගනිමිනි.
කථිකාචාර්ය
ඉත්තදෙමලියේ ඉන්දසර හිමි |