බුදුපිළිමයේ උපත - 12:
පුරාවිද්‍යා කැණීමෙන් සනාථවූ ලුම්බිනි පුදබිම
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසූමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
සිද්ධාර්ථ කුමරාගේ උපත සිදු වූ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කාල වකවානුවලට සමාන බව සනාථ
කළ පුරාවිද්‍යා කෘති පාලි බෞද්ධ සාහිත්‍යයෙහි මෙන්ම සංස්කෘත භාෂාවෙන් ලියන ලද
“දිව්‍යාවදාන” නම් ග්‍රන්ථයෙහි ද ලුම්බිනි පුදබිමෙහි පිහිටුවන ලද ශිලා ටැඹ ගැන
මෙන්ම අසෝක රජුගේ වන්දනා ගමන ගැනද සඳහන් වේ. මේ අනුව එම ග්‍රන්ථයේ තොරතුරුද චීන
ජාතික භික්ෂූන් වහන්සේ විසින් විස්තර කරන ලද වාර්තාද 2011 ඇරඹූ ලුම්බිනි මහා
මායාදේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලදී ප්‍රයෝජනවත් වන්නට ඇතුවාට සැක නැත. ඊට
හේතුව පුරාවිද්‍යා කැණීමක් සිදු කිරීමට පෙර එ ආශි‍්‍රත ප්‍රදේශයේ ඊට ඉහත දී කරන ලද
කැණීම් මෙන්ම ඒ පිළිබඳ ලියැවී ඇති ලේඛන ද ඒ සඳහා උපයෝගී කර ගන්නා හෙයිනි.
ඒ කැණීම් අනුව 2011 ආරම්භ කර 2013 නොවැම්බර් මස අවසානයේ දී අවසන් කරන ලද එම
පුරාවිද්‍යා පර්යේෂණාත්මක කැණීම සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ උපත ලැබුවේ
ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී යැයි මීට ඉහත දී කළ තීරණය පුරාවිද්‍යාත්මකවද ස්ථිර
වූයේ ය. මහාචාර්ය රොබින් කොනිං හැම් ප්‍රමුඛ එම විද්වතුන් විසින් පුරාවිද්‍යා
කැණීම්වලින් සොයා ගන්නා ලද තොරතුරු ඇතුළත් පර්යේෂණ කැණීම් වාර්තාවක්ද ප්‍රකාශයට පත්
කර ඇත. මේ අනුව මහාමායාදේවි විහාරයේ මෙම පුරාවිද්‍යාකැණීම් ප්‍රථමවරට සිදු කිරීමෙන්
සිදුහත් බෝසතාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී මෙහි උපත ලද බව සනාථ වී
ඇත්තේ එම පුරාවිද්‍යාත්මක දත්ත (ච්චබච ) කාල නිර්ණය (කාලය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ
කිරීම) අනුවය. විද්‍යාත්මක පර්යේෂණයන්ට එම කැණීම්වලින් ලබාගන්නා ලද පුරාවිද්‍යාත්මක
අවශේෂයන් ලක්කර ඒ අනුව කාලය තීරණය කර ඇත.
සිදුහත් කුමරු ලුම්බිනි සල් උයනේ උපත ලැබීමෙන් පසුව එම සල්ගස ද ආරක්ෂා කිරීමට එකල
කපිලවස්තු රාජධානියේ රජතුමා වූ සුද්ධෝදන රජතුමා විසින් කටයුතු කරන්නට ඇත. මේ නිසා
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයට පෙර (බුදුවීමට පෙර) සිද්ධාර්ථ කුමාරයා
උපත ලද මේ (වෘක්ෂ සෙවණ) වෘක්ෂයට වැඳුම් පිදුම් කිරීමට මෙන්ම එය සුරැකීමට ද කිසියම්
රාජ නියෝගයක්ද ලැබෙන්නට ඇත. ඒ නිසා මීට ඉහත දී විනෝද උයනක් ලෙසින් පැවැති මෙම
ලුම්බිනිය පුද බිමක් ලෙසට සුද්ධෝදන රාජ යුගයේ දී ප්‍රකාශ කරන්නට ඇත.
මේ සල් උයන විවිධ පුෂ්පයන්ගෙන් හා සියොතුන්ගෙන් මී මැසි බඹර නාදයෙන් ද යුක්ත වූ
නිසා ජනතා ආකර්ෂණයට ඒ වන විටත් භාජනය වී තිබුණු නිසාම ඒ පූජනීය වෘක්ෂය (සල්ගස)
මැදිකොට ආරක්ෂාව සඳහා දැවමය වැටක් ද සකස් කරන්නට ඇත. ඒ බව මහාචාර්ය රොබින්
කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් විසින් කරන ලද කැණීම්වලදී හමුවී ඇති අවශේෂවලින්
ද පැහැදිලි වී ඇත. එම දැව කොටස් විද්‍යාත්මක කාල නිර්ණය අනුව ක්‍රිස්තු පූර්ව හයවන
සියවසට අයත් බවට මේ වන විට මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින්
විසින් ජාත්‍යන්තර ශාස්ත්‍රීය සඟරාව වන ඇන්ටි ක්විටි (ඒදබඪඳභඪබර) සඟරාවේ 2013
දෙසැම්බර් මස කලාපයෙහි පර්යේෂණ වාර්තාවක් සපයා ඇත.
මහාමායාදේවි විහාරයට අයත් වූ භූමියේ එම කැණීමෙන් හමුවූ වෘක්ෂයට අයත් දැව කොටස් අනුව
මෙය ක්‍රිස්තු පූර්ව 550ට අයත් වන බව ප්‍රකාශයට පත්කර ඇත. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ
දකුණු ආසියානු පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා කථිකාචාර්ය ජුලියා ෂෝ මහතා
සඳහන් කරන පරිදි බුද්ධ කාලයට පෙර සිටම (සිදුහත් උපතට පසුව) මෙහි ජනතාව විසින්
පුදපූජා පවත්වන්නට ඇත. මේ පිළිබඳව තවත් පර්යේෂණ කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කරයි.
මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා පවසන තවත් ඉතා වැදගත් කරුණක් නම් මහාමායාදේවි
විහාරයේ පුරාවිද්‍යා කැණීම් අනුව මෙම ලුම්බිනි මහාමායාදේවි විහාරය ආශි‍්‍රත වූ
පුදබිමේ සත්ව ඝාතනය හෝ බිලි පූජා ආදියත් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැති
වීමය. ඒ අනුව මෙම පුදබිම බුද්ධකාලයට පෙර (සිදුහත් බෝසතාණන් වහන්සේ උපත ලැබීමට පසුව
ද ජනතාව වැඳුම් පිදුම් කළ ගෞරව කළ පුදබිමක් වූ බවට කිසිදු සැකයක් නැත. එපමණක් ද නොව
මෙම පුරාවිද්‍යා කැණීමෙන් බුදුරජාණන් වහන්සේ (සිද්ධාර්ථ කුමරු) ඓතිහාසිකව ජීවමානව
වැඩ සිටි බවට පුරාවිද්‍යාත්මකවද ලොවටම ඔප්පු වී හමාරය. (සිදුහත් කුමරු උපන්
ලුම්බිනියේ මහාමායාදේවි විහාරය, සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායා දේවි
විහාරයේ පුරාවිද්‍යා කැණීම් ආශි‍්‍රත ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණයකි.)
සිරිසමන් විජේතුංග පි. 76 – 77 (2014)
|