සිත් සතන්වලින් මැකී නොයන සිරිපා වන්දනා
අප කුඩා කළ මහත් ආනන්දයෙන් අත් විඳි සුන්දර දසුනක් අදටත් අපේ සිත් සතන් වලින් මැකී
නොයේ. සිරිපා වන්දනා සමයේ පෙළ සැදී සිරිපා කරුණා කරන සමනලුන්ගේ දසුනක් එකා පසුපස
එකා බැගින් තාලයකට මෙන් ගමන් ගන්නා දහස් සංඛ්‍යාත සමනලුන්ගේ ගමනාන්තය සමනල අඩවියයි.
සිරිපා කන්ද සමනල කන්ද ලෙස නම් ලැබීමට මේ සමනල ගමනද හේතුවකි.
සමනලකන්දේ විචිත්‍රවත් හා අගනා සොබාවික උරුමය සමඟද මේ කාරණය සම්බන්ධය, ලොව එතෙක්
මෙතෙක් බිහිවූ මහා පරිසරිවේදියා ලෙසද සැලකිය හැකි බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම
කොට සිරිපා පද්මය සලකුණු කිරීමට තෝරාගන්නේද මේ මනරම් කඳු ශිඛරයයි.
ශ්‍රී ලංකාවේ පිහිටි අගනා ස්වභාවික රක්ෂිතයක් ද වන සමනල කන්ද අභය භූමියක්ද වේ. මෙරට
පිහිටි අභය භූමි 50 අතරින් තුන්වැනි විශාලතම අභයභූමිය ලෙසද එය සැලකේ. වර්ග ප්‍රමාණය
වර්ග කි.මී. 224 ක් පමණ වේ. එය අභයභූමියක් ලෙස වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
මගින් ප්‍රකාශයට පත් කළේ. 1940 ඔක්තෝබර් 25 වැනිදායි.2010 වසරේදී එය සුනෙස්කෝව
මගින් ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරිණි.
අතීතයේදී විශාල වනගහනයක් පැවැති නමුත් යටත් විජිත සමයේදි වැවිලි වගා සඳහා ඉන් විශාල
පෙදෙසක් එළි පෙහෙලි කෙරිණි. තේ වගාවට යට නොවු ඉතිරි භූමි ප්‍රමාණය අභය්‍යභූමියක්
ලෙස ප්‍රකාශයට පත්විය.
ශී‍්‍රපාද අභය භූමියේ සමෝච්චය මුහුදු මට්ටමේ සිට අඩි 1000 පටන් අඩි 7360 දක්වා
විචල්‍යව පවතී. මේ හේතු කොට ගෙන රටේ සෙසු ස්වාභාවික රක්ෂිත වලට වඩා වෙනස් භූගෝලීය
පිහිටීම් එහි දැකිය හැකිය. බෑන සමනල, දෝතළුගල, දෙතනගල කඳුද සිරිපා අභය භූමියේ
පිහිටා ඇත. කැලණි, කළු,වලවේ ,ගංඟා ඇරැඹෙන්නේද සිරිපා අභය භූමියෙනි. දෝතළු ඇල්ල,
ගැරඬිඇල්ල, ගලගම ඇල්ල සහ මාපනාන ඇල්ල එක්ව මහවැලි ගංඟාව නිර්මාණය වන අතර එම ඇලි
පිහිටා ඇත්තේද සිරිපා අභය භූමියේය.
නිවර්තන වැසි වනාන්තර වර්ගයට අයත් වන ශ්‍රීපාද අභයභූමියේ පුළුල් ශාක හා සත්ව
විවිධත්වයක්ද පවතී. මේ වන විට ලෝකයෙන් වඳවී ඇතියි විශ්වාස කළ ඒඤඥදධථභඵ ඬචදඤඪචදභඵ
නම් දුලබ ගෙඹි විශේෂය 2009 ඔක්තෝම්බර් යේදී වසර 133 කට පසු ශ්‍රීපාද අභයභූමියෙන්
හමුවිය. සත්ව විශේෂ 30-50 අතර සංඛ්‍යාවක් මෙහි ජීවත්වේ. සමනල කන්දේ ඉහළ සහ පහළ
කොටස්වලදී ඒ පරිසර තත්වයන් යටතේ හමුවන පක්ෂි විශේෂ ද රැසකි.
සමනල කඳු මුදුනේ සිට හිරු උදාවන මනරම් දසුන කදිමට දැකගත හැකිය. එය අතිශය මනස්කාන්ත
දර්ශනයකි. සොබාදහමේ චමත්කාරය තීව්‍ර කරන්නකි.
සමනල කන්ද බෞද්ධයන්ගේ පරම පුජනීය පුද බිමක් වන අතර සෙසු ආගමික කොටස්ද තම
විශ්වාසයන්ට එකඟව එය වන්දනා කරති. මේ මා හැඟි ලෝක උරුමය රැකගැනීම අප සතු පරම
යුතුකමක් වුවද ඇතැම් අවිචාරවත් ලෙස සිරිපා වන්දනාවේ යෙදෙන්නන් එය ස්වාභාවික පරිසරයට
සිදුකරන විනාශයද සුළුපටු නොවේ. ගහ කොලට හානි සිදු කිරීමට අමතරව ප්ලාස්ටික් පොලිතින්
ආදි අපද්‍රව්‍ය එහි තැන තැන දැමීමෙන්ද ඔවුහු මේ මනරම් භූමියට බලපෑමක් කරති. ඇතැම්
අයට විශ්වාසයක් මෙන්ම වගකීම් විරහිත මාධ්‍ය භාවිතාවන්ද එහි පරිසර හානියට රුකුල් දෙන
බව පෙනෙන්නට තිබේ.
පැරැන්නෝ සිරිපා වන්දනාවේ යෙදුණේ ඊට පේවී දැඩි භක්තියකින් යුතුවය. සිරිපා කරුණා
කිරීමේදී වචනය පවා සංවර විය. ශ්‍රීපාදය හා සබැඳි ආගමික සංස්කෘතික අගනා බව
රැකගැනීමෙන් මේ මාහැඟි දායාදයද රැකගත හැකි වනු ඇත.
ධම්මික සෙනෙවිරත්න |