ආධ්‍යාත්මික සුවය ගෙන දෙන කුසල් සිතිවිලි
ශාස්ත්‍රපති
පොරවගම නාලක හිමි
යමෙක් යම් අකුසල් සිතිවිල්ලක් ඔස්සේ සිත මෙහෙයවන විට කාරණා තුනක් මුල් වේ. එනම්,
ආශාව, තරහව, මුලාව. මෙම ප්‍රබල අකුසල මූලයක් සිතිවිල්ල සමඟ වැඩේ. මෙම සිතිවිලි
දහරාවන් නිරතුරු සිතේ වැඩෙන විට සිත අපිරිසුදු වේ. ආර්ය ශ්‍රාවකයා මේ බව හඳුනා ගනී.
ඔහු තමන් මෙහෙයවන සිතිවිලි කුසල සිතිවිල්ලක් දෙසට වහා මෙහෙයවයි. එවිට ලෝභ, ද්වේශ,
මෝහ අකුසල් සිතිවිලි සිතින් දුරස් වේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අයං වුච්චති තික්ඛවේ භික්ඛු
වසී විතක්ක පරියායථෙසු
යං විතක්කං ආකංඛිස්සති
තං විතක්කං විතක්කෙස්සති.
යං විතක්කං නා කංඛිස්සති,
සැදැහැවත්නි,
සිත් කුසුම විකසිත කරනු වස් එය සදහම් පැණින් දෝවනය කළ යුතු ය. ඒ වූ කලී ආධ්‍යාත්මික
සුසුවඳ සඳහා ප්‍රධානය තවද ගුණ ධර්ම මකරන්දයෙන් සමාජය ප්‍රබෝධවත් කිරීමටද
ආධ්‍යාත්මික සුවය හේතු වන බව නොකිව මනාය. එවන් පිළිවෙත් පරිපූර්ණ කිරීමට මං කියා
දෙන සූත්‍ර ධම්ම රාශියකි. ඒ අතරින් අප අද දින අවධානය යොමු කරනුයේ මජ්ක්‍ධිම නිකායේ
විතක්ක ඝණ්ඨාන සූත්‍ර දේශනාව වෙතය. සූත්‍ර නාමය මඳක් විග්‍රහ කර බලමු. ‘විතක්ක’ යනු
කල්පනාවයි. ‘සං’ පූර්ව ඨා ධාතුව එක් වී සැකසෙන ඝණ්ඨාන යන්නෙහි අර්ථය වන්නේ ‘මෙනෙහි
කිරීමයි. ඒ අනුව අකුසල් සංකල්පනා බැහැර කරමින් කුසල් සංකල්පනාවන් ඇතිකර ගැනීමට මෙම
සූත්‍ර දේශනාව මඟින් මඟ පෙන්වයි. එම කරුණු මොනවාදැයි කෙටියෙන් විමසා බලමු.
බුදුරජාණන් වහන්සේ වරෙක භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ දේශනා කළ සේක. ‘අධිචිත්ත මනු
යුත්තෙන භික්ඛවේ භික්ඛුනා පඤ්ච නිමිත්තානි කාලෙන කාලං මනුසිකා තබ්බානි’ අධි
චිත්තයෙහි යෙදුණු (සමථ, විදර්ශනා භාවනාවන් වැඩුව) භික්ෂුව කලින් කල කරුණු පහක්
මෙනෙහි කළ යුතුය යනු එහි අර්ථයයි. ධර්මය මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා සිතෙහි
ආධ්‍යාත්මික සුවය සැලසේ. සමථ විදර්ශනා භාවනාවන් මඟින් චිත්ත සමාධිය ලබා අෂ්ට
සමාපත්තිලාභි උත්තමයන් වහන්සේලා කරුණු පහක් මෙනෙහි කළ යුතු බව සූත්‍රයේ සඳහන් වේ.
ඒවා මොනවාදැයි විමසමු.
තත් කාරණා පස මෙසේ ය.
1. අඤ්ඤ නිමිත්ත
2. ආදීනව නිමිත්ත
3. අසති අමනසිකාර නිමිත්ත
4. විතක්ක මුලභේද නිමිත්ත
5. අභිනිග්ගණ්හණ නිමිත්ත
මෙම කාරණාවන් එකින් එක විමසුමට ලක් කිරීම තුළින් අකුසල චෛතසිකයන් සිතට පිවිසීම
වළක්වා ගන්නේ කෙසේදැයි, අවබෝධයක් ලැබේ. අඤ්ඤ නිමිත්ත මගින් පැහැදිලි කරනු ලබන්නේ
සිතක පවතින අරමුණු වෙනත් අරමුණකට පිවිසවීමයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්,
යමෙක් යම් අකුසල් සිතිවිල්ලක් ඔස්සේ සිත මෙහෙයවන විට කාරණා තුනක් මුල් වේ. එනම්,
ආශාව, තරහව, මුලාව. මෙම ප්‍රබල අකුසල මූලයක් සිතිවිල්ල සමඟ වැඩේ. මෙම සිතිවිලි
දහරාවන් නිරතුරු සිතේ වැඩෙන විට සිත අපිරිසුදු වේ. ආර්ය ශ්‍රාවකයා මේ බව හඳුනා ගනී.
ඔහු තමන් මෙහෙයවන සිතිවිලි කුසල සිතිවිල්ලක් දෙසට වහා මෙහෙයවයි. එවිට ලෝභ, ද්වේශ,
මෝහ අකුසල් සිතිවිලි සිතින් දුරස් වේ. කුසල සිතිවිලි දහරාවන් සමඟම සිත තැන්පත්
භාවයට පත්වේ. ක්‍රමයෙන් සිත සමාධිගත වේ. ආධ්‍යාත්මීය සුවය සැලසේ.
සූත්‍ර දේශනාව තුළ දෙවනුව සඳහන් වන්නේ ‘ආදීනව නිමිත්ත’ පිළිබඳවයි. අකුසල සිතිවිල්ලක
තිබෙන භයානක බව පිළිබඳව නුවණින් විමසන්නට මේ කරුණින් මඟ කියාදේ. ආදීනව භයානකත්වය
කුමක්ද? තමාටවත් අනුන්ටවත් යහපතක් ගෙන නොදෙන බව, අකුසල සිතිවිල්ලකින් සිතිවිලි
දුෂ්‍යවන බව, ඒ තුළින් දුකක් පමණක් ඉතිරිවන බව නුවණින් මෙනෙහි කිරීමට ආදීනව නිමිත්ත
උපකාර කර ගත යුතු ය. එවිට සිත සමාධිය වෙත ළඟා වේ.
‘අසති අමනසිකාර’ යනුවෙන් දක්වන්නට වූයේ තෙවැනි කරුණයි. ලෝභ, ද්වේශ, මෝහ අකුසල
සිතිවිලිවල ආදීනව සිහිකර භයානක බව තේරුම් ගනී. එවිට ද තව දුරටත් අකුසල සිතිවිලි
සිතට පිවිසේ නම් වීර්යයෙන් යුතුව අකුසල සිතිවිලි දාමයක් කිසිසේත්ම සිහි නොකිරීම
තුළින් ද සිත සමාධිගත කළ හැකි බවයි.
එම කරුණ උපමාවකින්ද පැහැදිලි කර ඇත. දෑස හොඳින් පෙනෙන පුද්ගලයෙකු ඉදිරියට රූපයක්,
ඉදිරිපත් කළ විට ඔහු එය දකින්නට අකැමැති නම් දෑස පියා ගනී. වෙනස් පැත්තකට හැරේ. ඒ
අයුරින් අකුසල සිතිවිල්ල දිගින් දිගටම මඟහැරීම තුළින් චිත්ත සමාධිය ඇති වේ. එය
ආධ්‍යාත්මික සුවයකි.
සිව්වැනි කරුණ වූයේ ‘විතක්ක මූල භේදන නිමිත්තයි’ මේ තුළින් අෂ්ට සමාපත්තිලාභී
ශ්‍රාවකයාට මෙනෙහි කිරීමට උපදෙස් ලබා දෙනු ලබන්නේ අකුසල මූලයයි. මෙය බුදුසමයේ
සුවිශේෂම ඉගැන්වීමයි. මූලය හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම මෙහිදී සිදුවන්නේ ද සිතට
අකුසල සිතිවිලි පිවිසීමට හේතු කාරණා වන මූලස්ථානය සොයා ගොස් ආදීනව දැකීමයි. එහි
අසුභයන් දකින ආර්ය ශ්‍රාවකයාගේ සිත යළි ඒ කරා නොපිවිසීමට උත්සුක වේ. එවිට පුද්ගල
ආධ්‍යාත්මික සුවය සැලසෙන බව අමුතුවෙන් කිව යුතු නැත.
“අභිනිග්ගණ්හණ නිමිත්ත” අකුසල් සිතිවිලි මැඩ පවත්වා කුසල් සිතිවිලි උත්පාදනය කර
ගැනීමට ඉවහල් වන අවසාන කරුණයි. ලෝභාදී ළාමක සිතිවිලි හට ගැනීමේ මූලයන් දැක දැකත් තව
දුරටත් මෙවැනි ළාමක සිතිවිලි සිතට පිවිසේ නම් කළ යුත්තේ දැඩි වීර්යයේ මනා සිහි
බුද්ධියෙන් මෙවැනි සිතිවිලි සිතට පිවිසීම වළක්වා ගැනීමයි. ශක්ති සම්පන්න පුද්ගලයා
දුර්වලයා පසෙකට තල්ලුකර ජයග්‍රහණය ලබන්නාසේ කුසල සිතිවිලි මගින් අකුසල සිතිවිලි
වීර්යෙන් යුතුව මැඩ පැවැත්වීමට මෙම කරුණ මගින් මඟ පෙන්වීම සිදු කරනු ලබයි. එවිට
ලෝභාදී අකුසල් සිතිවිලි පසෙකට තල්ලුවී කුසල් සිතිවිලි ඉස්මතු වේ. මේ අයුරින් වීර්ය
වන්ත වීමෙන් තමා කෙරෙහි සිත යොමු වේ. සිත එකඟ වේ. සමාධිගතව ආධ්‍යාත්මික සුවය සැලසේ.
‘විතක්ක සණ්ඨාන’ සූත්‍ර දේශනාව තුළින් සමථ, විදර්ශනා භාවනා මඟින් සිත යම්
ප්‍රමාණයකට දමනය කළ පුද්ගලයාට උපදෙස් ලබා දේ. නමුත් සාමාන්‍ය පුහුදුන් තැනැත්තාට
වුවද සිත යම් ප්‍රමාණයකට දමනය කර ගැනීමට උපදෙස් ලද හැකිය. තමාගේ සිතිවිලි ලෝභය ආදී
අකුසල ධර්මයන්ගෙන් නිරතුරු අපවිත්‍රවේ නම් ඒවා දුරුකර හොඳ සිතිවිලි ගොඩනඟා ගැනීම
තුළින් පුද්ගලාභ්‍යන්තරය සුපිරිසුදු භාවයට පත්කර ගත හැකි බව මේ තුළින් පෙනී යයි.
අකුසල් සිතිවිලි සිතට පිවිසෙන විට සිත ඒවායින් වළක්වා කුසලයට යොමු කළ යුතු ය. තව
දුරටත් අයහපත් සිතිවිලි සිතට ඒ නම් අකුසලයේ භයානකකම මෙනෙහි කළ යුතු ය. එයින්ද
ප්‍රමාණවත් නොවන විට වීර්යෙන් අකුසල් පිළිබඳ නොසිතන්නට වග බලා ගත යුතු ය. ළාමක
සිතිවිලි තව තවත් මැඬලීමට හේතුව හෙවත් මූලය දැක භයානකකම තේරුම් ගත යුතු ය. අකුසල
චේතනාවන් සම්පූර්ණයෙන් සිතින් බැහැර කිරීමට කුසල් සිතිවිල්ල නමැති ශක්තිමත්
පුද්ගලයා ලවා අකුසලය නමැති දුර්වලයා පසෙකට තල්ලු කර දැමිය යුතු ය. මේ සියල්ල
අවසානයේ දී චිත්ත සමාධිය ඇතිවේ. කුසල් සිතිවිලි දහරාවන් ඔස්සේ ආධ්‍යාත්මික සුවය
විඳිය හැකි වන්නේ එවිටය. |