බුදුපිළිමයේ උපත - 10 :
සිදුහත් උපත හා ශාක්‍ය වංශය
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසූමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
|
කපිලවස්තුපුර නටබුන් |
දඹදිව බුද්ධ වන්දනාවේ යෙදෙන අපි ඉන්දියාව මෙන්ම නේපාලය ගැනද දැනුම්වත් විය යුතු
වෙමු. පුරාණ දඹදිවට මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙක සම්බන්ධව පවතී. සිදුහත්
කුමරාගේ උපත ඇතුළත් බෝසත් සිරිතත්, අසිරිමත් බුදු සිරිතත් ගැන මෙනෙහි කරනවිට එම
රටවල් දෙක පිළිබඳව දැනුම්වත්ව සිටීම අපගේ චිත්ත ප්‍රසාදය වර්ධනයට හේතුවනු ඇත. බෝසත්
සිරිත සහ අසිරිමත් බුදු සිරිත පිළිබඳ පාසල් යන දරුවාගේ සිට වියපත් තැනැත්තා දක්වාම
කටපාඩමින් වෙනත් අයෙකුට වුවත් කියාදීමට තරම් බෞද්ධයාගේ මතකයේ පවතින බවද අපි දනිමු.
සිදුහත් බෝසත් සිරිත මෙන්ම ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු
සිරිත පිළිබඳ ඓතිහාසික පුරාවිද්‍යාත්මක තොරතුරුද ඔබගේ මනසේ තැන්පත් කර ගැනීමට මෙම
ලිපිමාලාව බොහෝ විට උදව් විය හැකිය. එමෙන්ම මේ පිළිබඳව උනන්දුවන විද්‍යාර්ථින්ටද
මෙය මහඟු අත්වැලක් සේ අදහස් කරමු.
සිදුහත් කුමරු උපන් ශාක්‍ය වංශයේ උපත
අසිරිමත් සම්බුදු තෙමඟුල හා බැඳුණු රටවල් මෙකල ඉන්දියාව හා නේපාලයයි. කපිල වස්තු
රාජ්‍යය පිහිටියේ මෙකල නේපාල දේශයේය. එය පුරාණ ශාක්‍යයන්ගේ සමූහාණ්ඩුවක් ලෙසින්
පැවතුණු බව බෞද්ධ සාහිත්‍යයෙහි ද සඳහන් වන කරුණකි. පළමුව අපි කපිලවස්තු රාජධානියේ
අතීතය හා එය ඉදිවූයේ කෙසේද ? යන කරුණු විමසා බලමු. ඉන් පසුව ලුම්බිනියේ මහා
මායාදේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම් සිදු කළ මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ
පුරාවිද්‍යාඥයින් ඊළඟට ආරම්භ කළ පුරාවිද්‍යා කැණීම ගැන (කපිල වස්තු රාජ්‍යයේ) විමසා
බලමු. නේපාලයේ පුරාණ කපිලවස්තු රාජධානිය මෙකල (Tilaurakot) තිලොරාකොට් ලෙසින්
හැඳින්වේ.
කපිලවස්තු රාජධානියේ සිදුහත් කුමරු වසර 29 සිය ගිහි ජීවිතය ගත කළ බව ඉතා ප්‍රකටය.
සුද්ධෝදන මහ රජතුමා සිය පුතුට ඍතු තුනට ඒ සඳහා යෝග්‍ය මාළිගා තුනක් ද ඉදිකර දුන් බව
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
“කපිලවත්ථු” “කපිලතීර්ථ” යන නම්වලින්ද හැඳින්වු ප්‍රදේශයට ඒ නාමය ව්‍යවහාර කිරීමට
හේතුවූ සම්මෝහ විනෝදනි නම් පාලි ග්‍රන්ථයේද සඳහන් වේ.
ප්‍රාග් ඓතිහාසික යුගයේදි එනම් ක්‍රිස්තු පූර්ව අටවැනි සියවසටත් එහා වූ යුගයකදී
කපිල නම් වු ඍෂිවරයෙක් වාසය කළේය. එම නාමය මුල්කරගෙන ඉහත සඳහන් ග්‍රන්ථයේද භාරත
දේශයේ විසූ ක්ෂේමේන්ද්‍ර කවියා විසින් ලියන ලද අවදාන කල්‍යලතා නම් ග්‍රන්ථයෙහිද
ශාක්‍යයන් පිළිබඳ හා කපිලවස්තු රාජ්‍යය බිහිවු අන්දම ගැන සඳහන්වී ඇත.
(Archaeological Remains of Kapilavastu Lumbini And
Devdaha-B.K.Rijal P.2)
සූර්ය වංශයෙහි උපන් ඉක්ෂ්වාකු වංශික රජෙකුගේ දෙවැනි විවාහයේ පුතෙකු සිටියේය. තම බාල
පුත්‍රයාට ඇති පේ‍්‍රමය නිසා වැඩිමහල් දරුවන් එම රාජ්‍යයෙන් පිටුවහල් කර ඇත. එම
පිටුවහල් කරන ලද දරුවන් හිමාලය අඩවියෙහි කපිල නම් වු ඍෂිවරයෙකුගේ අසපුව (නිවාසය)
අසල ජීවත්වූහ. එම ඍෂිවරයා ඔවුන්ට පුරයක් සාදා දුන්නේය. බෞද්ධ සාහිත්‍යයෙහි ඇති
ජනකතා (ජනශ්‍රැති) හා තොරතුරු රැසක්ම ශාක්‍යයන්ගේ පුරයේ නිර්මාණය ගැන සඳහන් වේ.
සුමංගල විලාසිනි සහ දිව්‍යාවදාන යන බෞද්ධ ග්‍රන්ථවලද මේ විස්තර සඳහන් වේ.
සුමංගල විලාසිනි නම් පාලි ග්‍රන්ථයෙහි ශාක්‍ය සහ කෝලිය වංශයන් දෙක පිළිබඳ මෙසේ
සඳහන් වේ. ‘කෝසල දේශයේ ඔක්කාක රජතුමා සිය ප්‍රථම බිසව මිය ගියාට පසුව දෙවන බිසවක
ආවාහ කරගත්තේය. පළමු බිසවගෙන් ලැබුණු දරුවන් නව දෙනෙකු වූහ. දෙවන බිසවගෙන් ලැබුණු
කුමාරයාට රජකම දීම සඳහා දෙවන බිසවට ඔක්කාක රජු පොරොන්දු වූ නිසා පළමු බිසවගේ
දරුවන්ට රාජ්‍යයෙන් පිට වනගතවී ජීවත්වීමට සිදුවිය. රජ විසින් මෙසේ පිටුවහල් කරනලද
දරුවන් අතරේ පුතුන් හතරදෙනෙක් (උල්මුඛ, කරණඩු , හස්තිනක හා සිනිසුර) හා දියණියන්
පස් දෙනෙක් (පි‍්‍රයා, සුපි‍්‍රයා, ආනන්දා, විජිතා සහ විජිතසේනා) වූහ. මේ දරුවන්
වෙනත් බිසවකගේ දරුවන් ලෙසින් සංස්කෘත සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ දරුවන් හිමාලය
ප්‍රදේශයේ විසු කපිල මුනිනම් ඍෂිවරයාගේ අසපුව අසල වාසය කරන බව කපිලමුනි නම්
සෘෂිවරයා වරයා දුටුවේය. මේ දරුවන් ගැන විපරම් කර බැලු කපිලමුනිසෘෂිවරයා ඒ දරුවන්ට
ජීවත්වීමට පුරයක් සාදා දුන්නේය. ඒ පුරය පසුව කපිල වස්තු නමින් ප්‍රකට විය. කපිල
මුණිවරයා ඔවුන්ට නිසි රැකවරණය ලබා දුන්හ. (Sumangal
Vilasin) (පළමුවන වෙළුම) Vol.I පිටු අංක
284-286) – සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායාදේවිය විහාරය – සිරිසමන් විජේතුංග
පි. 43 (2014) කෝසල දේශයේ ඔක්කාක රජතුමාට මේ තොරතුරු ආරංචි විය. මේ දරුවන් ඉතා දක්ෂ
වූද ශාක්‍යතාවයන් ඇති අය ලෙසින්ද සැලකු රජු තම දරුවන් මේ සිටීම ගැන පී‍්‍රතියට
පත්විය. එම පුරයේම ඔවුන්ට වාසය කිරීමට සියලුම පහසුකම් සලසාදුන්නේ කෝසල දේශයේ ඔක්කාක
රජුය. ඒ රාජධානිය කපිලවස්තු නමින් ප්‍රකට විය. ඔවුන් ශාක්‍ය වංශිකයින් ලෙසින්
ප්‍රකට විය. සුද්ධෝදන රජු අයත් වන්නේ එම ශාක්‍ය වංශයටය. සුද්ධෝදන රජතුමා ආවාහ වූයේ
මහාමායා නම් වූ කෝලිය වංශික කුමරිය සමඟය. (Archacolosical
Rimains of Kapilavastu Lumbin And Devdaha B.K. Rijal P’2 (1979)
|