ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලද
පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි
මල්වතු මහා විහාරවාසී ,
පුරාවිද්‍යා විශේෂවේදී
ශාස්ත්‍රපති,
මැදමහනුවර ධම්මසිරි හිමි
ශ්‍රී දකුණූ දළදා වහන්සේ නිදහිත සෝමවතිය රාජමහා විහාරාධිපති ,පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ හිටපු කථිකාචාර්ය හා වැඩබැලු
අංශාධිපති, මල්වතු මහා විහාරයීය විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ වැඩබලන
ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේට ඉන්දියාවේ මොහාන්ලාල් සුඛාඩියා (උදඪමඥපඵඪබර ර්‍ණට උඤචඪනභප)
විශ්වවිද්‍යාලයෙන් “ගෞරව ආචාර්ය” උපාධියක් පිරිනමන ලදී. ඒ උන්වහන්සේ වෙතින් ඉටු වූ
ශාස්ත්‍රීය හා සමාජයීය සේවාවන් ඇගයීමක් වශයෙනි. මේ පිළිබඳව උපාධි සහතික පත්‍ර
ප්‍රදානය පසුගිය ජනවාරි මස 31 වැනි දින කොළඹ නෙළුම් පොකුණ ජාතික රංග ශාලා
පරිශ්‍රයේදි සිදු විය. එම අවස්ථාවට ඉන්දියාවේ මොහාන්ලාල් සුඛාඩියා (උදඪමඥපඵඪබර ධට
උඤචඪනභප) විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අයි.වී. ත්‍රිවේදි මැතිතුමා ප්‍රමුඛ
සම්භාවනීය විදෙස් ප්‍රබුද්ධයන් රැසක් සහභාගි වූ අතර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම
පෙරේරා මැතිතුමන් ප්‍රධාන රජයේ නිලධාරින් රැසක්ද තවත් ගිහි පැවිදි විශාල පිරිසක්ද
සහභාගි වූහ.
1954 අපේ‍්‍රල් මස 25 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහමුණේ ග්‍රාමයේ උපත ලද
මුන්වහන්සේ 1968 මැයි මස 08 වැනි දින පැවිදි දිවියට ඇතුළත් වූහ. එකි
ප්‍රවෘජ්‍යාවේදී සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවිය හෙබවූ
පහමුණේ ධර්මකීර්ති ශී‍්‍ර සරණංකර ගුණානන්ද නාහිමි, කුරුණැගල වෑඋඩ කැබිලිතිගොඩ පුරාණ
විහාරාධිපති සියඹලන්ගමුවේ ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි මල්වතු පාර්ශ්වයේ උපාධ්‍යායව වැඩ
සිටි උඩුගොඩ ශී‍්‍ර සරණංකර පේමානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේත් මුන්වහන්සේට ගුරු
වූහ. මේ වන විට ඒ සියලු ම ආචාර්ය ප්‍රාචාර්යන් වහන්සේලා අපවත් වී ඇත.
එතැන් පටන් සාමණේර භික්ෂුවක විසින් සම්පූර්ණ කළ යුතු උගතමනා බණ දහම්ද ඇතුලත් මුලික
පාරිවෙණික අධ්‍යාපනය විශිෂ්ට ලෙස සම්පූර්ණ කළහ. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට
ඇතුල් වු නාහිමිපාණන් වහන්සේ ථෙරවාදි බෞද්ධ භික්ෂුවකගේ ඉදිරි ශාස්ත්‍රීය හා ආගමික
කටයුතු කෙරේ බෙහෙවින් ඉවහල් වන අධ්‍යයන පිළිබඳව උත්සුක වූහ. එහි ඵලයක් ලෙස
විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසෙර් මූලික අධ්‍යයන කටයුතු සඳහා තෝරා ගනු ලැබුවේ පාලි,
සංස්කෘත හා වාග්විද්‍යාවයි. මෙම වසරේදීම සංස්කෘත භාෂා, අධ්‍යයන සඳහා ඉහළ දක්ෂතා
පෙන්නුම් කළ උන්වහන්සේට වර්ෂාවසානයේදී “තෙල්වත්තේ මේබා ශ්‍රී ආර්යවංශ මහානායක
මාහිමි” සිහිවටන ශිෂ්‍යත්වය දිනා ගැනීමටද හැකි විය. අනතුරුව සංස්කෘත භාෂාව
විශේෂවේදි උපාධිය සඳහා තෝරාගත් උන්වහන්සේ උප විෂය ලෙස පාලි භාෂාවද හැදෑරූහ. එවකට
ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ අතිසම්භාවිත භාෂා ශාස්ත්‍රඥයින් ලෙස පිළි
ගනු ලබන මහාචාර්ය එම්.එච්. එන්. ජයසූරිය, මහාචාර්ය මහින්ද පලිහවඩන , රාජකීය පණ්ඩිත
මාරඹ රතනසාර හිමි,ආචාර්ය නවගමුවේ රේවත හිමි. හා එස් වීරතුංග යනාදීහු ශී‍්‍ර සුමංගල
නාහිමියන්ට සංස්කෘත භාෂාව පිළිබඳව විශේෂ ඤාණය ඇති කර ගැනීමට උපකාරි වූහ. ජාතික හා
අන්තර්ජාතිකව සුවිශාල මෙහෙවරක් සිදු කරන මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි,ආචාර්ය
අකුරටියේ නන්ද නාහිමි, එංගලන්තයේ කිංස්ග්බරි බෞද්ධ විහාරාධිපති ගලයායේ පියදස්සි
නාහිමි, ආචාර්ය බද්දේගම සමිත හිමි වැනි කීර්තිධර භික්ෂුන් වහන්සේලා අප නාහිමිගේ
විශ්වවිද්‍යාල දිවියේ සමකාලීනයෝ වූහ.
1980 දී උන්වහන්සේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීයෙකු විසින් අත්පත් කරගත හැකි ඉහළම
ගෞරවය අත්පත් කර ගැනීමට තරම් කාර්යශුර වූහ. මෙතැන් සිට උන්වහන්සේ මෙහි
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයටත් විශේෂයෙන්ම සංස්කෘත සාහිත්‍යාම්බරය පෝෂණය කිරීමටත්
අත්‍යුදාර අමිල මෙහෙවරක් සිදු කළහ. ශාස්ත්‍රිය මෙහෙවර
කැලණිය විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව පිළිබඳව අති සම්මානිත ආකාරයෙන් උපාධිය
ලබාගැනීමත් සමඟම ඉන්දියාවේ සුප්‍රකට පූනි (නභදඥ) විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි
අධ්‍යයන සඳහාද ඇමරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පාලි භාෂා කථිකාචාර්ය තනතුරටද
ආරාධනා ලැබූහ. ශාස්ත්‍රීය දිවියේ ගිහි පැවිදි කාහට වුවද ඉතා කලාතුරකින් හිමිව න
මෙකී ගෞරවාන්විත අවස්ථා භාර නොගත් නාහිමියන්ගේ ඒකායන අභිලාෂය වූයේ මල්වතු මහා
විහාරයීය ශී‍්‍ර සංඝරාජ පිරිවෙන දියුණුූ කිරීමත් මල්වතු මහා විහාරය කේන්ද්‍ර කරගත්
ලෝක ශාසනික මෙහෙවර ශක්තිමත් කිරීමත්ය. වර්තමාන සම්බුද්ධ ශාසනයේ නිර්මාතෘ වැලිවිට
පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වැඩ සිටි භූමිය කෙරේ අතිශය පූජනීය
අදහසක් දැරූ මුන්වහන්සේ තම ශෘස්ත්‍රිය සේවාවද එයින්ම ඇරඹූහ. මේ අතරතුර එවකට මල්වතු
මහානාහිමිව වැඩ විසූ අතිගරු සිරිමල්වත්තේ ශී‍්‍ර ආනන්ද මහා නාහිමි වෙතින් කාරක සංඝ
සභා සාමාජිකත්වය ලබා ගැනීමටද හැකියාව ලැබුණි. විවිධ සමිති සමාගම්හි අනුශාසක හා
සභාපති පදවි රාශියක් ඉසිලු නාහිමිපාණන් වහන්සේ මධ්‍යම පළාත් සංස්කෘත පිරිවෙන් ගුරු
උපදේශක තනතුර හා දසසිල් මාතා ධර්ම පීඨාධිපති තනතුර දරමින් සුවිශාල ශාස්ත්‍රිය
මෙහෙවරක් සිදු කළහ.
පහමුණේ ශ්‍රී සුමංගල මාහිමිගේ විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍රීය සේවාව ආරම්භ වනුයේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කථිකාචාර්ය ධුරයකට පත්වීමත් සමඟය. ඒ එකී
විශ්වවිද්‍යාලයට අනුබද්ධව එවකට ක්‍රියාත්මක වු දුම්බර මණ්ඩපයේ සංස්කෘත භාෂාව
පිළිබඳව කථිකාචාර්ය ධූරයට පත් වීමෙනි. එතැන් සිට දුම්බර මණ්ඩපයද, පේරාදෙණිය
විශ්වවිද්‍යාලයට සම්බන්ධ කොට සංස්කෘත භාෂාව උපාධි පාඨමාලාවක් වශයෙන් (විශේෂවේදී)
ශිෂ්‍යයින්ට අධ්‍යයන කටයුතු කිරීමට අවකාශ සලසා දීම දක්වා වු අති දීර්ඝ කාල
පරිච්ඡේදය තුළ නාහිමිගෙන් සිදු වූ සේවාව සවිස්තරව දැක්වීමට මෙය අවස්ථාව නොවේ. ඒ
අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයෙකු වශයෙන්
උන්වහන්සේ වසර 30 කට ආසන්න කාලයක් සේවය කළහ. 1981 සිට 1991 දක්වා බාහිර කථිකාචාර්ය
ධූරය 1991- සිට 2001 දක්වා සහකාර කථිකාචාර්ය ධූරයද 2001 සිට 2009 දක්වා කථිකාචාර්ය
ධූරයද හෙබවූ උන්වහන්සේ තම ශාස්ත්‍රිය දැනුම විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ට ලබා
දුන්හ. මෙසේ උන්වහන්සේගෙන් ශාස්ත්‍ර ඥානය ලැබු ගිහි පැවිදි උගතුන් රාශියක් මෙරට
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉමහත් සේවාවන් රැසක් සිදු කරමින් සිටිති. ඒ අතර
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරුන් ලෙස කටයුතු
කරන ආචාර්ය ආර්.ඇම්. ඇම්. චන්ද්‍රරත්න , ආචාර් ඩී.කේ. ජයරත්න, වර්තමාන ශී‍්‍ර
ලංකාවේ අති දක්ෂ ශිලා ලේඛකයකු වන ආචාර්ය පියතිස්ස සේනානායක යනාදීන් මෙන්ම එම
විශ්වවිද්‍යාලයේම පාලි, සංස්කෘත, ඉතිහාස හා සිංහල යන අධ්‍යයන අංශවල කටයුතු කරන
මහාචාර්ය හඟුරන්කෙත ධීරනාන්ද හිමි, මහාචාර්ය මුවඇටගම ඤාණානන්ද හිමි, ආචාර්ය
කොටපිටියේ රාහුල හිමි හා ආචාර්ය මාකඩවර ආනන්ද හිමි යනාදී සුප්‍රකට ශිෂ්‍යවරයෝ ද
නාහිමිගෙන් ශාස්ත්‍ර හැදෑරුවෝය. ඉතිහාස හා සිංහල අධ්‍යයන අංශවල මහාචාර්ය එච්.එම්.
සෝමතිලක,ආචාර්ය ලක්ෂ්මන් නුගපිටිය යනාදීන්ට අමතර නාහිමිගේ ශාස්ත්‍රීය දැනුමෙන්
ශිල්ප හැදෑරූ විශ්විද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් 2000 කටත් අධිකය. මේ කටයුතු අතරම
අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ජාතික විශ්ව විද්‍යාලයේ සනාතන සභාවේද, ශී‍්‍ර ලංකා
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශක සභාවේද ක්‍රියාකාරිව අපමණ මෙහෙයක් සිදු කළහ.
ජනාධිපති බෞද්ධ උපදේශක මණ්ඩලයේද සාමාජික හිමිනමක් වන මුන් වහන්සේ ශී‍්‍ර ලංකා
ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභික ධූරයද 1996 සිට මේ දක්වාම දරමින් උක්ත
ආයතනාභිවෘද්ධිය පිණිස මහඟු කාර්යයක් සිදු කළහ.
ශාස්ත්‍රීය ග්‍රන්ථකරණය
සංස්කෘත සාහිත්‍යම්බරයේ අත්‍යුස්කෘෂ්ට සදූපදේශ ග්‍රන්ථ ගණයෙහිලා සලකනු ලබන
සුප්‍රසිද්ධ කෘතින් රාශියක් ව්‍යාඛ්‍යාන සහිතවම සංස්කරණය කරමින් තත් විෂයානුබද්ධව
භාෂා සාහිත්‍යෝද්ග්‍රහණය කරන ගිහි පැවිදි ශිෂ්‍යයින් රාශියක් වෙත ප්‍රදානය කරන්නට
තරම් නාහිමි ශාස්ත්‍ර දානයේම කාර්යශුර වූහ. විවිධ විෂය මුලික එකී ග්‍රන්ථ අතර
සඟරජවත සංස්කරණය (1970) වුත්තමාලා ව්‍යාඛාව (1973) සඳහම් කැඩපත (1984) බුදුරැස්
විහිදෙන සෝමාවතිය (2002) ආදි ග්‍රන්ථ ද වන අතර තවත් සංස්කෘත භාෂා අනුබද්ද කෘතිද
රැසකි. ඒ අතර හිතෝපදේශ අභිනව ව්‍යාඛ්‍යාව (මිත්‍රලාභ කථා සංග්‍රහය 1987 ) සංස්කෘත
ද්විතියාදර්ශ ශ්‍රී සුමංගල අභිනව ව්‍යාඛ්‍යාව (1987) සංස්කෘත තෘතියාදර්ශ ශී‍්‍ර
සුමංගල අභිනව ව්‍යාඛ්‍යාව (1988) භික්ෂූ ප්‍රාතිමෝක්ෂය හා අභිනව ව්‍යාඛ්‍යාව (1990)
හිතෝපදේශ ශී‍්‍ර සුමංගල අභිනව ව්‍යාඛ්‍යාව (සුහෘද්භේද) මහාභාරත පාඨාවලි ශී‍්‍ර
සුමංගල අභිනව ව්‍යාඛ්‍යාන යනාදි ග්‍රන්ථ මගින් සංස්කෘත භාෂාව පිළිබඳව ඤාණය ලැබුවෝ
මෙතෙකැයි කිව නොහැකිය. අදද සෑම පිරිවෙනකම, විශ්ව විද්‍යාලයකම මෙම අග්‍රගණ්‍ය
ශාස්ත්‍රිය කෘති භාවිතාවේ පවතියි. මීට අමතරව 1990 ජූලි මස ඉන්දීය පාර්ලිමේන්තු දේශන
ශාලාවේදී ඉදිරිපත් කළ “මූලසර්වාස්තිවාදී හා ථේරවාදී ත්‍රිපිටකය – ලංකා ඉන්දීය
සංස්කෘතිය” මැයෙන් කළ ලේඛනය අති විශිෂ්ට වූවකි. ඓතිහාසික, ආගමික තේමා යටතේ මෙරට
පුවත්පත් වලට සැපයු ලිපි සිය ගණනකි ඉන්දියාවේ උදායිපූර් ජාතික විශ්ව විද්‍යාලයෙන්
ගෞරවයක් ලැබීමට හේතුවක් වූයේ ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආගමික සංවර්ධනය උදෙසා
උන්වහන්සේගෙන් සිද්ධ වන අත්‍යුදාර මෙහෙවරද සැලකිල්ලට භාජනය වීමයි.
සාමාජීය හා ආගමික සේවාව
ශී‍්‍ර සෙංඛණ්ඩ ශෛලාභිධාන පුරාප්‍රවරාභ්‍යන්තරයෙහි සුප්‍රතිෂ්ඨිත වාම ශී‍්‍ර දංෂ්ටා
ධාතුන් වහන්සේගේ ආසිරි සලසා ගනිමින් අති උතුම් වම් දළදා වහන්සේට තම දෑතින්ම උපස්ථාන
කරමින් මල්වතු මහා විහායරීය ගරු කාරක සංඝ සභාවෙදී ජ්‍යෙෂ්ඨ සභික භික්ෂුවක ලෙස හා
තදීය සංඝ සභාවේම වැඩබලන ලේඛකාධිකාරි පදවියද උසුලමින් අපගේ නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේ සිදු කරන සේවාව රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පමණක් නොව ජාතික අන්තර්ජාතික
ගෘහස්ත, ප්‍රවෘජිතයින්ගේද අප්‍රමාණ ප්‍රශංසාවට ලක්වූහ. නාහිමියෝ සංඝ ශෝභන ගුණයෙන්
පරිපූර්ණය හා නිරහංකාරය හ. පරහිතකාමීයහ. ශාසනෝන්නතිකාමි වුවාහු එළඹ සිටි සිහියෙන්ද
අප්‍රතිහත ධෛර්යයෙන්ද යුක්තයහ.
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෑත කාලීන ශාසනික සේවාව උන්වහන්සේගේ ආධිපත්‍ය යටතේ
ඇති රාජ මහා විහාර ගණනාවක් ආශි‍්‍රත සංවර්ධන ක්‍රියාවලියෙන් වුව ප්‍රාමාණික අදහසකට
එළඹිය හැකිය. ඒ අතරින්ද අතිසම්භාවිත ජාතික සේවාව ලෙස සඳහන් කළ හැකිව පවතින්නේ
සෝමවතිය ශී‍්‍ර දක්ෂිණ දළදා වැඩ සිටින පුදබිම ආශි‍්‍රත කටයුතුයි. උන්වහන්සේ මෙකී
පුදබිම වර්තමාන තත්වයට පත් කිරීමට නොවිඳි දුකක් නැත. වර්තමාන බෞද්ධ, අබෞද්ධ කා
අතරත්, බුදුරැස් විහිදෙන’ සෝමාවතිය නමින් ප්‍රසිද්ධ මෙම මහානුභාවසම්පන්න පුදබිම
කෙරේ අපමණ බුද්ධ භක්තියකින් කටයුතු කරන නාහිමියෝ මනා කළමනාකාරිත්වයකින් හා දූරදර්ශි
වැඩ පිළිවෙළක් ඇතිව දහස් සංඛ්‍යාත බැතිමතුන්ට පහසුකම්ද සලසමින් ඉතා දුකසේ සුරක්ෂිත
කළහ. මුළු මහත් ජාතියේම ගෞරවය නාහිමියන්ට ලැබිය යුතු කාරණාවක් ලෙස එය සඳහන් කළ
හැකිය. හිසට සෙවනක් නොතිබූ, බීමට පැන් පොදක් නොතිබු මෙම පුදබිම සංවර්ධනයට කටයුතු
කළේ ජීවිතාරක්ෂාවද නොතකමිනි. මහා වර්ෂාවට තෙමෙමින් දුබල අනතුරු බහුල මාර්ගවල
ටැක්ටරවල වඩිමින් නැතහොත් සැතපුම් දහය පහළොව පයින්ම වඩිමින්, තම අසනීප තත්වයන්
ගැනවත් නොතකා මහා ගංවතුරේ මඩගොහොරුවල දූවිල්ලේ අව්වේ වින්ද පීඩා වසර දහයකටත් වඩා
කාලයක සිට මම දෑසින් දුටුවෙමි. ඒවා නූතන භික්ෂූන් නොවිඳිනා දුක්ය. රාත්‍රියට
සැතපුනේ අඳනයක් ගඩොලක ඔතා එය හිසට තබාගෙන මහබලැති මහා සෑය පාමුලය.මේ චෛත්‍යය ළඟදි
මලත් කමක් නැතැයි” පැවසූ වදන් අප හදවත්හි සදා තැන්පත්ව තිබේ.
|