බෞද්ධ මූලාශ්‍රවල දැක්වෙන රෝග හා ප්‍රතිකාර ක්‍රම
කැලණිය දළුගම්ගොඩ, ත්‍රිපිටක අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ,
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ඇස, කන, නාසය, තොල්, මුහුණ, උගුර ආදි ශාරීරික අවයව ආශි‍්‍රතව ඇතිවන විවිධ ආබාධ
සම්බන්ධ විනිශ්චයන් තවත් බොහෝ සංඛ්‍යාවක් මෙම අටුවාවන්හි දක්නා ලැබේ. මෙබඳු රෝග
විනිශ්චයන් දැක්වීම හා ප්‍රතිකාර නිර්දේශයන් විෂයෙහි බුදුන් වහන්සේ සහ අටුවාචාරින්
තුළ තිබු දැනුම කෙතරම් විස්මයජනක ද යන්න ආයුර්වේද ශාස්ත්‍රය හදාළ කෙනෙකුට වටහා
ගැනීම පහසුය.
වර්තමානයේ විවිධ රටවල විෂම චර්යාවන් නිසා ව්‍යාප්ත වන අපට නුහුරු රෝග ගැන අපි
දනිමු. මෙවැනි රෝග සම්බන්ධයෙන් බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වන්නේ ආගන්තුක රෝග (ආගන්තුක
රොගා) යන්නයි. ඒඩ්ස්, ඉබෝලා වැනි රෝග මෙසේ ආගන්තුක වශයෙන් ලෝකයට පැමිණි ඒවා වේ.
විෂම පැවැත්ම අධිකවීමත් සමඟ ලෝකයේ තවත් මෙබඳු ආගන්තුක රෝගයන්ගේ පැමිණීම බලාපොරොත්තු
විය යුතුය. කෘෂිකර්මාන්තය ඇසුරින් සෑදෙන රෝග කිහිපයක් මූසික සලභ සුක පාණක සෙතට්ඨිකා
මඤ්පිට්ඨිකා යනාදී නම්වලින් විනයෙහි දක්වා ඇත. ගණ්ඩ සල්ල ආදි රෝග සමුදායක් ද දක්වා
ඇති අතර ඒවා ශලශ්‍යකර්ම කිරීම මගින්ද සුවපත් කිරීමේ හැකියාව තිබේ. මේවා හැරුණුවිට
වෙන වෙනම දැක්වෙන රෝග රාශියක් ද පෙළ සාහිත්‍යයේ දැකගත හැකිය. කුච්ඡිරෝග යනු ඉන්
එකකි. ඉන් අදහස් වන්නේ විවිධාකාර වන බඩේ රුජාය. අභිවාතක යනු වසංගත රෝගයක් විය
හැකිය. පණ්ඩුරෝගය රුධිරය ආශි‍්‍රත ඇඟ සුදුමැලිවීමේ රෝගයකි. තිණපුප්ඵක යනු උණ
රෝගයකි. ඝරදින්කාබාධය යනුවෙන් තවත් රෝගයක් වේ. වශීකරණ බෙහෙත් බීමෙන් ඇතිවන රෝගයක්
ලෙස මෙය දැක්වේ. (සරදින්නකාබාධොති වශීකරණපානකසමුට්ඨිතරොගො) මෙයට අනුදැන වදාරා ඇත්තේ
සීතලොළි නම් කල්කයයි. එය සීසෑමේදී නගුලේ සීවැලෙහි ඇළෙන මැටි දියකර ගැනීමෙන් සාදාගනු
ලබයි. දැනට ආයුර්වේදයෙහි පිළිගැනෙන පක්ෂඝාත නම් කෙනෙකුගේ සිරුරේ අතක් පයක් හෝ
එක්පැත්තක් අක්‍රිය වීමෙන් හට ගැනෙන අප විසින් අංශභාගය නමින් දන්නා ආබාධයට සමාන
ආබාධයක් පක්ඛහත නමින් පෙළෙහි දැක්වේ. සරීසසන්ධි පුරුක් අතර දැඩි වාත වේදනාවක් උපදවන
රෝගය පක්ඛහත නමින් දක්වා ඇත. ආයුර්වේදයේ මෙම රෝගය වාතරක්ත නමින් සලකා ඇත. තවත්
දේශගුණික ආබාධයක් ලෙස සාරදික ආබාධය සැලකේ. සරත් ඍතුවේ දී සෑදෙන්නකි. මෙය
පිත්තාබාධයක් ලෙස ද සැලකේ. මෙම රෝගය වැළදුණු කළ අනුභව කළ සහ පානය කළ සියල්ල වමනය වන
බවත් එහෙයින් ශරීරය කෘෂ බවට පත් වන බවත් මහාවග්ගපාළියේ සඳහන් වේ. වැසි දිය හා මඩ
පෑගීම, තෙමීම ඒ අතර අව්වට වේලීම යනාදි හේතු නිසා මෙබඳු තත්ත්වයක් ඇති වන බව කියැවේ.
සීපද යනු තවත් ආබාධයකි. මෙය ඡ්තඥනඩචදබඪචඵඪඵ නම් රෝගයට සමාන වූ ආබාධයක් ලෙස සැලකේ.
බරවා රෝගය මෙය විය හැකිය. පාද මහත් වීම,කුෂ්ට ඇතිවීම, හම් රළුවීම රෝග ලක්ෂණ වේ.
ගලගණ්ඩ නම් රෝගය සම්බන්ධයෙන් අර්ථකරා ග්‍රන්ථයන්හි සඳහන් වේ. (ගලෙ ගණ්ඩො යස්සත්ථිති
ගලගණ්ඩො, බෙල්ලෙහි ගෙඩියක් තිබීම, මෙම රෝගයේ ලක්ෂණයයි. භගන්දරා යනු ගුදය ආශි‍්‍රතව
හටගැනෙන තුවාලයකි. භග යනු ස්ත්‍රී යෝනියට නමකි. එය ඉරන විදාරණය කෙරෙන හෙයින්ද
භගන්දරා නම් වේ. මෙය විනය ග්‍රන්ථයන්හි බොහෝ විට සඳහන් වන්නේ අරිසභගන්දලා
යනුවෙනි.ආයුර්වේදයේ මෙය අර්ශස් හා භගන්දරා යනුවෙන් රෝග දෙකක් ලෙස විග්‍රහ කොට ඇත.
මෙය බුදුසමයේ සලකා ඇත්තේ පාප රෝගයක් වශයෙනි. මෙම රෝගයෙන් පෙළෙනවුන් පැවිදි කිරීම
තහනම් කොට ඇත. බුදුරදුන් දවස මෙම රෝගයෙන් පීඩිතව සිටි භික්ෂුවකගේ ගුදය තලගොයි
මුඛයක් මෙනැයි අවශේෂ අය උපහාස කළ බවත් මේ සඳහා කරන ලද සැත්කමක් පිළිබඳව ද විනයෙහි
සඳහන් වේ.
බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වන ශල්‍යකර්ම සහ බුදුරදුන් ඒ සඳහා කරන ලද විවිධ
නිර්දේශයන් විනය පිටකයෙහි අපට හමුවේ. සෞඛ්‍යමය සහ ආචාරවිද්‍යාත්මක ගැටලු හමුවේ
බුදුරදුන්ගේ දැක්ම කෙබඳු වේ දැයි තේරුම් ගැනීමට මෙබඳු රෝග පිළිබද වාර්තා ඉතා උපකාරි
වේ. කෙසේ වෙතත් භගන්දරා රෝගයට වර්තමානයේ ක්ෂාර සූත්‍ර ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක්
ලෙස සැලකේ. මෙබඳු රෝග රාශියක නම් විනය විනිශ්චය ටීකාවෙන් ද දැකගත හැකිය. ඒ අනුව
භාරපාද (බරවා) වාතණ්ඩ ( අණ්ඩවාතය) ගණ්ඩංගුලි (ගල්තැලුම්) විසගණ්ඩක (විසප්පු)
පිට්ඨිකපාද විලුඹ බිම තැබීමට නොහැකි වීම) මමීමන (ගොත ගැසීම) සෙතකුට්ඨ ( සුදුකබර)
යනාදි රෝග රාශියක් වේ. මේවා සංඛ්‍යාත්මක වශයෙන් සියගණනක් (රොගසතානි) වන බවද සඳහන්
වේ.
බුදුන් වහන්සේ එවකට පැවති ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමය ගැන මැනවින් දැන සිටි බව තේරුම්
ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි රාශියක් අපට බුදුරදුන්ගේ විවිධ ධර්ම විවරණ හා විනය
ප්‍රඥප්ති ආශ්‍රයෙන් ප්‍රකට වේ. නිදසුනක් දක්වතහොත් ආයුර්වේද ශාස්ත්‍රයේ ශාලාක්‍ය
තන්ත්‍රය ගත හැකිය. සුශ්‍රැත සංහිතාවේ එය විස්තර කොට ඇත්තේ ඌර්ධ්ව අංග චිකිත්සා
යනුවෙනි. භෝජ, නිම, කංකායන, ගාර්ග්‍ය හා ගාලව යන ශිෂ්‍යයන් පස්දෙනාට මෙම ශාස්ත්‍රය
ඉගැන්වූ බවත් එහි සඳහන් වේ. ශාලාක්‍ය යනුවෙන් කියැවෙන්නේ කන්,ඇස්, නාස, මුහුණ ආදි
උඩ කොටසේ ඇති වන රෝග නිවාරණයයි. වෛද්‍ය නොවන යම් ග්‍රන්ථයක මෙම වචනය ගැන සඳහනක් වේ
නම් ඒ දීඝනිකායේය. එහි මෙය දැක්වෙන්නේ සාලාකිය යනුවෙනි. ශබ්ද විද්‍යාත්මක යුක්තීන්
අනුවද සාලාකීය යන්න ශාලාක්‍ය යනුවෙන් පැමිණීමේ හැකියාවක් ඇත. බෞද්ධ ග්‍රන්ථවල
දැක්වෙන චක්ෂු රෝග, ශ්‍රෝත රෝග, ඝ්‍රාණ රෝග , ජිව්හා රෝගා, මුඛරෝග, දන්ත රෝග, ඕෂ්ට
රෝග, පීනස යනාදිය සඳහා නිර්දිෂ්ට ප්‍රතිකාර ක්‍රම අයත් වන්නේ මෙම ශාලාක්‍ය හෙවත්
සාලාකිය ගණයට ය. මේවා පිළිබඳ සිතා ගත නොහැකි තරමේ පුළුල් විග්‍රහයක් බෞද්ධ
සාහිත්‍යයේ දක්නට ලැබේ.
මෙම රෝග ලැයිස්තුවේ මුලින්ම දැක්වෙන අක්ඛිරෝග හෙවත් ඇස් රෝග සම්බන්ධයෙන් දැක්වෙන
නේත්‍ර විකාර පිළිබඳව පමණක් ගෙනහැර දැක්වේ. ඒ අනුව අතිමහන්තක්ඛි නම් ඇස ප්‍රමාණයෙන්
විශාලවීමේ රෝගය අතිඛුද්දකක්ඛි නම් ඇස ඉතා කුඩා වීමේ රෝගය විසමක්ඛි නම් එක ඇසක් කුඩා
වී එක ඇසක් විශාල වීම හෝ ඇස්ගුලි අසමතුලිත වීමේ රෝගය කෙකරො අක්ඛී හෙවත් ඇස් වපරවීමේ
රෝගය ගම්භීරක්ඛී හෙවත් ගිලුනු ඇස් ඇතිවීම නික්ඛන්තක්ඛි හෙවත් ඇස් පිටතට නෙරා තිබීමේ
රෝගය පිංගලක්ඛි නමින් බළල් ඇස් මෙන් ඇස් දුර්වර්ණ වීමේ රෝගය මධුපිංගලක්ඛි නම් මී
පැහැති ඇස් ඇති වීමේ රෝගය නිප්පඛුමක්ඛිනම් ඇහි බැම හෝ ඇහිපිය ලොම් නැතිවීමේ රෝගය
අක්ඛිපාක නම් ඇස් කොන් පුපුරා තුවාලවීමේ රෝගය අස්සුපග්ඝරණක්ඛි ඇසින් නිතර කදුළු
පිටවීමේ රෝගය පුප්ථිතක්ඛි නම් ඇස තුළ නිය මල් පිපීම මෙන් කිසියම් පිපීමක් තිබීමේ
රෝග යනාදී වශයෙන් රෝග සෑහෙන සංඛ්‍යාවක් බෞද්ධ අර්ථකථන ග්‍රන්ථවල දක්වා ඇත.
ස්ත්‍රී රෝග පිළිබඳව ඉගැන්වෙන ශාස්ත්‍රය ආයුර්වේදයේ දැක්වෙන්නේ නාරිවේදය යනුවෙනි.
එතරම් පුළුල්ව නොවුනත් ස්ත්‍රී රෝග සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු කිහිපයක් බෞද්ධ
ග්‍රන්ථවල සාකච්ඡා වනුයේ භික්ෂුණී පැවිද්ද පසුබිම කොට ගෙනය. ඒ කරුණු සම්බන්ධයෙන්
කරුණු වැඩි වශයෙන්ම සඳහන් වන්නේ චුල්ලවග්ගපාළියේ භික්ඛුනික්ඛන්ධකයේය.
විවිධ හේතුවෙන් ඇතිවන අපහසුතාවන්ට භික්ෂුණින් මුහුණ පෑ අයුරුත් ඒවාට දක්වන ලද
විසඳුම් පිළිබඳව ද දීර්ඝ සාකච්ඡාවන් භික්ඛූනීඛන්ධකයෙහි දක්නා ලැබේ.
ඉතිරි කොටස මැදින් පුර අටවක මාර්තු 15 වනදා පත්‍රයේ |