රුවන්වැලි මහා ස්තූපය කළ මහා රජු තුසිත දෙව්ලොව
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහත් වූ ප්‍රාතිහාර්ය පාමින් පිරිනිවන් වැඩි
මුනිඳුගේ ඉරියව්වෙන් ධාතු ගර්භයේ පිහිටියේ ය. මහා වස්තු රන්, රිදී, මුතු,
මැණික්වලින් සුසැඳී තුන් ලොව අසහාය දාගැබ තුළ පිහිටියහ. ධාතු ගර්භය වසන ලදී. අද
එතැන් සිට. . . .
හතරැස් කොටුව නිමවෙද්දී
මහරජ ගිලන් වීම
පළිඟු බුබුලක් සේ බුබ්බුලාකාරයෙන් ගඩොලින් ගඩොල එක් වූ මහා ස්තූපරාජයන් වහන්සේගේ
හතරැස් කොටුව නිමවන සමයේ ගාමිණි අභය රජු මහත් සේ ගිලන් විය. එවකට දිගාමඬුල්ල
ප්‍රදේශ පාලනයේ යෙදී සිටි තම සහෝදර සද්ධාතිස්ස කුමරුන් ගෙන්වා මෙසේ අවවාද කළේය. “මා
මිය යන්නට පෙර මහා ස්තූපයේ වැඩ අවසන් කිරීම ඔබට බාරයි”. ගැමුණු රජුගේ අවසන් සමයේ
සිතේ මහත් සේ දෝංකාර දුන්නේ මහා ස්තූපයේ වැඩ අවසන් විම පිළිබඳවයි. ලංකේශ්වර
නරපතියකුගේ උදාර සංකල්පයේ ප්‍රතිමූර්තිය ගැමුණු මහාරජු බව සැලකුවොත් එහි වරදක් නැත.
කොත් කැරැල්ලේ වැඩ අවසන් වූයේ
සුදු පිරුවටයෙන්
සද්ධාතිස්ස කුමරු රජු බොහෝ ගිලන් බව දුටු හෙයින් සහා සෑයේ වැඩ අවසන් කිරීමට කාලය
මදිබව දැන ගත්තේය. මහා භාණ්ඩාගාරයෙන් සුදු පිරුවට ගත් සද්ධාතිස්ස කුමරු සෑ රජුන්ගේ
කොත් කැරැල්ල අදාල ශිල්පීන් ලවා බඳවන ලද්දේය. මුළු මහා සෑයම සුදු පිරුවටයෙන් වටකොට
හුණු පිරියම් කළා සේ දක්නට සැලැස්වීය. එක්සිය විසි රියන් උස දාගැබ් වහන්සේ කොත්
පළඳා බැබලි බැබලි දිස්විය. රන්සිවි ගෙයි පිවිස ගැමුණු රජු මහා සෑය පැදකුණු කොට සෑයේ
දකුණු දොරටුවේ පැණවූ ආසනයක් මත සැතැප වීය. දකුණු පසින් මහා සෑයත්, වම් පසින් නවමහල්
ලෝවාමහාපායත් දකින ගැමුණු රජුතුමා පී‍්‍රතියෙන් පිනා ගියේය. අද රජුගේ අවසන් දිනය
යි.
ථේරපුත්තාභය මහ රහතන් වහන්සේ
මහියංගණයේ පටන් විසි අටක් මහා යුද්ධ කරන සමයේ, රජුට සහාය වු ථේරපුත්තාභය යෝධයා කලකට
පසු පැවිදි විය. කෙලෙස් යුද්ධය දිනා මහරහත් භාවයට පත් වූහ. අනුහය කෝටියක් මහරහතුන්
වහන්සේ ගැමුණු රජු වටකොට පිරිත් සජ්ඣායනා කළ සේක. ථේරපුත්තාභය මහා රහතුන් වහන්සේ
කොහිදැයි රජු හාත්පස බැලුවේය. ගුත්හලකිරිදි අසල අංජලි පර්වතයේ පන්සියයක් රහතුන් සමඟ
වාසය කළ ථේරපුත්තාභය මහා රහතන් වහන්සේ රජු ඉදිරියේ සැණකින් සෘර්ධියෙන් පහළ වූ සේක.
මරණය ඉදිරියේ සිටින මහ රජුට උපන් සත්ත්වයා මරණය ඉක්මවා නොමැති බව නොයෙක් අයුරින්
කරුණු ගෙන දහම් දෙසූ සේක. රජු මහත් සොම්නසට පත්විය.
ගැමුණු රජුගේ පින්පොත
පින්පොත් කියන ඇමැතියෝ අනුනවයක් විහාර කර වූ පුණ්‍ය කර්මාන්ත රජුට සිහි ගැන්විය.
මිරිසවැටිය, ලෝවාමහාපාය කර වූ අයුරු සිහි ගැන්විය. නොයෙක් දන් දුන් අවස්ථා නොයෙක්
පුද පූජාවන් සිහි ගැන්විය. වෙදහල්, දන්හල්, මංමාවත් කර වූ අයුරු ද, සත්ත්ව
සිවුපාවුන්ට පවා දන් දුන් අයුරුද සිහි ගැන්විය. ධර්ම දානය කිරීමට ආසාවෙන්
ලෝවාමහාපායේ මංගල සූත්‍රය දේශනා කළ අතර කියාගත නොහැකි සතුටකින් ධර්ම දේශනාවේ
ආනුභාවය සිහිකොට ධර්ම දේශකයාණන් වහන්සේට මහත් වූ සද්කාර කරවූ ආකාරය සිහි ගැන්විය.
අපූරු පින්කම් දෙකක්
කොලොම්හල, කුඩුකන සායෙහි කුණ්ඩලා ආභරණ දෙක විකුණා තණසාලේ බත් මුලක් ගෙන රහතුන් පස්
නමකට පුජාකළ පිනත්, යුධගණාවේ මලණුවන් සමඟ කළ යුද්ධයේදී පැරදී වනගත වූ ගැමුණු කුමරු
සාගින්නෙන් පෙළෙද්දීම කන්නට තිබූ බත් තැටිය රහතුන් පස් නමකට දන් දුන් විස්තරයත්
කියවද්දී එතැනින් එහාට පින්පොත කියවීම නතර කරන්නැයි රජු අණ කළේය. මක් නිසාද යත්
දුෂ්කරව කළ ඒ පින්කම් රජුගේ සිත මහත් සොම්නසට පත් කළේය. දැහැමින් ලැබූ දෙයින් තමා
ගැන නො සිතා රහතුන්ගේ සිත් පුරා පි‍්‍රතියෙන් ශ්‍රද්ධාවෙන් ඉතිරි නොකොට දුන් එම
දානයේ පින් මහත්ඵල බව විස්තර කරමින් ථේරපුත්තාභය මහරහතන් වහන්සේද රජු තව තවත් සතුටු
කළ සේක.
දිව්‍ය ලෝක හයෙන්ම රථ පැමිණිම
රහතන් වහන්සේ පිරිත් සජ්ඣායනා කළ අතර වෙව්ලන අත් ඇති ගැමුණු රජු සැදැහැ සිතින්
පිරිත් ඇසීය. ඒ අතර රජුට පෙනුනේ මනස්කාන්ත දිව්‍ය රථ හයක් ආකාසයේ සැරිසරන බවයි.
මහරජතුමනි, අපගේ දිව්‍ය රථයට පැමිණෙන්න, අපගේ රථයට පැමිණෙන්න ඔවුන් ආරාධනා කළහ.
ඝෝෂා කරන්න එපා. මදක් ඉන්න යැයි රජු දිව්‍ය රථවලට පැවසුවත් ඒ බව නොදත් සංඝයා පිරිත්
සජ්ඣායනය නවතා දැමූහ. එවිට රජු ස්වාමිනි, මා එසේ පැවසුවේ ඔබ වහන්සේට නොවේ යැයි
පැවසුවේය. ථේරපුත්තාභය මහරහතන් වහන්සේ වදාළා “රජතුමනි පිරිසකගේ සැකය දුරු කිරීම
සඳහා මල්මාලා අහසට විසිකරන්න. රජු එසේ කළ අතර ඒ මල්මාලා දිව්‍ය රථ හයේම එල්ලුණි.
මල්මාලා අහසේ එල්ලී තිබෙන මුත් දිව්‍ය රථ කිසිවෙකුට නොපෙනේ. රජතුªමා ඉතාමත්
සිහියෙන් රහතන් වහන්සේගෙන් අසනවා ස්වාමිනි, දිව්‍ය ලෝක හයෙන්ම දෙවිවරු පැමිණ සිටී.
මොන දිව්‍ය ලෝකයද වඩාත් සුදුසු? රහතන් වහන්සේ වදාළා රජතුමනි, තුසිත දිව්‍යලෝකය
වඩාත් සුදුසුයි. ඔබ ඒ ලෝකයේ සිත පිහිටුවා ගන්න. රජතුමා රුවන්වැලි සෑය දෙස බලමින්
වෙව්ලන දෑත් එක්කොට වැඳ සිහියෙන් තුසිත දෙව්ලොව සිත පිහිටුවාගෙන කළුරිය කළේය.
දුටුගැමුණු රජු මිය ගිය විගස තුසිත දිව්‍ය රථය පහළ විය. ඒ දිව්‍ය පුත්‍රයාගේ
ආනුභාවය කෙතරම්ද කියනවානම් ඔහු පළඳාගෙන සිටි ආභරණ ගලවා කරත්තවලට දැමුවොත් කරත්ත
60ක් තරම් රන් තිබුණි. එතරම් විශාල ආනුභාවසම්පන්න ආත්මභාවයක් ඔහුට ලැබුණි. විමානයට
පෙරයි දිව්‍ය රථය පහළ වුණේ. ඒ දිව්‍යපුත්‍රයා මිනිසුන්ට පෙනෙන්නටම දිව්‍ය රථයෙන්
බැස රුවන්වැලි මහාසෑය වටා දිව්‍ය ශරීරයෙන් තුන්වරක්ම පැදකුණු කැරිණ. ගැමුණු රජු
දිව්‍ය ලෝකයේ ඉපදී පළමු කෘත්‍ය ලෙස කළේ ධාතුන් වහන්සේ වැඳීමයි. ඉන්පසු ‘පින්වත්ති
පිනේ ආනුභාවය බලන්න, පින්වතුනි පිනේ ආනුභාවය බලන්න’ යැයි කියමින් පී‍්‍රති
ඝෝෂාකරමින් එතැනින් අතුරුදන් වී තමාගේ විමානයේ පහළ විය.
සෑයේ වැඩ නිමවීම
සද්ධාතිස්ස රජු මහා සෑයේ කොත් කැරැල්ල පළඳා සුදු පිරියම් කර මහා සෑයේ වැඩ කටයුතු
අවසන් කළේය. එකසිය විසි රියන් උස මහා සෑය අදටත් විරාජමානව බබලයි. දෙනෝදහක් දෙනා
වඳිමින් පුදමින් පින්කර ගනී. තුන් ලෝකයේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් එකම
ස්ථානය ඒ රුවන්වැලි මහා සෑය විනා වෙන කුමක්ද? දෙනෝ දහසක් දෙනා වඳින පුදන යම්
ස්තූපයක් තිබේනම් රුවන්වැලි මහ සෑය විනා වෙන කුමක්ද?
මෛත්‍රී බෝසතාණන්ගේ
දකුණත් අගසව්
ඒ වගේම සැඟවුන සිදුවීමක් රහතන් වහන්සේ ඉස්මතු කළේය. කාවන්තිස්ස රජු මෛත්‍රි
බෝසතාණන්ගේ පියාද, විහාරමහා දේවි උන්වහන්සේගේ මව් ලෙසද, දුටුගැමුණු මහාරජ මෛත්‍රී
බුදුරජාණන් වහන්සේගේ දකුණත් අගසව්ද, තිස්ස රජු වමත් අගසව් ලෙසද, දුටුගැමුණු රජුගේ
නැන්දා කෙනෙකු වූ අනුලා දේවිය මෛත්‍රී බෝසතාණන්ගේ බිසවද, සාලිය කුමාරයා මෛත්‍රී
බෝසතාණන්ගේ පුතා ලෙසද, දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ සිටි අංග කියන ඇමැතියා මෛත්‍රී
බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකද, ඒ වගේම භාණ්ඩාගාරිකගේ දුව අග්‍රඋපස්ථායිකාව
ලෙස ඉපදී මෛත්‍රී බුද්ධ ශාසනය බබළවන බවද හෙළි කළේය.
එසේනම් අපත් සතුටුවිය යුතුයි මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් පෙර
ජීවිතයේදී මේ ලංකා තලයේ ඉපදී බුද්ධ ශාසනය බැබැලවීමට නොයෙක් අයුරින් කටයුතු කිරීම
පිළිබඳව. ඒ වගේම මේ මහා ශ්‍රාවක පිරිසම ඇසුරුකළේ රුවන්වැලි මහා සෑයයි.
එනිසා ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රත්නමාලි මහා සෑයේ අනුහසින් මිනිසුන්ට පෙනි
පෙනී දෙව්ලොව ගිය දිව්‍ය පුත්‍රයාගේ අනුහසින් ඔබට සෙත් වේවා.
- නයනා නිල්මිණි
|