UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක 2016.02.22

නවම් පෙරහර
 

අසිරිමත් සම්බුදු සිරිතේ සහ සම්බුද්ධ ශාසනයේත් ඓතිහාසික සිද්ධි රැසක් අනුස්මරණය කැරෙන පූජනීය දිනයකි නවම් පුර පසළොස්වක පොහොය. සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනමට සම්බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක තනතුරු පුදන ලද්දේ නවම් පුන් පෝදාකය.සාරිපුත්ත, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ දෙනම ප්‍රධාන දෙසිය පනහක් පමණ මහ රහතන් වහන්සේලාද තුන්බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂු පිරිසද සමග මෙසේ එක් දහස් දෙසිය පනහක් වූ මහ රහත් සඟ පිරිස මධ්‍යයෙහිදී රජගහනුවර වේළුවනාරාමයේ දී අගසව් තනතුරු බුදුරජාණන් වහන්සේ විසින් පිරිනමන ලද සේක. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීමද, සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මහා සංඝරත්නය උදෙසා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කර වදාළේද නවම්පුර පෝදාකය. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ තෙමසකට පෙර ආයු සංස්කාරය අත්හළේද නවම් පුන් පෝදාකය.

සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම සම්බුදු සිරිතේ හෝ ශාසන වංශ කතාවේ අසිරිමත් සිද්ධීන් සිහි ගන්වන ඓතිහාසික පූජනීය දිනයන්ම වේ. එබඳු වන්දනීය, පූජනීය දිනයන්හිදී එහි අසිරිමත් බව සිහිගන්වන අතර ඒ නිමිත්තෙන් බෞද්ධ ජනතාව පොහොය දිනය ආගමික දිනය ලෙස කල්පනා කරමින් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ක්‍රියාවන්හි නිරතවීම පෙර සිට පැවත එන සිරිතකි.

අපේ රටේ වෙහෙර විහාරස්ථානවලදී ඒ ඒ පොහොය දින මුල්කරගෙන පෙරහර ආදී විවිධ අයුරෙන් පින්කම් උත්සව පත්වා අනුස්මරණීය දිනයන් ගෞරවයෙන් සිහිපත් කරනු ලැබේ. විහාරස්ථානය ගමට, පළාතට, රටට සෑම අංශයකින්ම අභිවෘද්ධියක්, යහපතක් සැලසීමට මූලිකත්වය ගනු ලැබේ.

මෙරට ප්‍රකට පෙරහරක් නොපැවති සමයක, මාසයක කොළඹ ගංගාරාම විහාරස්ථානය නවම් මහා පෙරහර පුණ්‍යෙීත්සවය ආරම්භ කරමින් මනා ආදර්ශයක් ලබා දී ඇත. අපේ රටේ කලා ශිල්පීන්ගේ කලා කුසලතාවයන් එළිදැක්වීමට සහාය ලබාදීමෙන් හා ඔවුන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමටද සහාය වෙමින් විවිධ වූ කලා සම්ප්‍රදායන් හි ආරක්ෂාවට හා පෝෂණයට ගංගාරාමාස්ථ නවම් මහා පෙරහර මහත් සේවයක් සලසා තිබේ.

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් උදෙසා පූජෝපහාර පිණිස පැවැත්වෙන නවම් මහා පෙරහර පටු වාද භේදාදියෙන් ඈත්ව සියළු ජාතීන් ඒකරාශී කරවන ආදර්ශවත් අයුරෙන් ම සිදු කෙරේ. ගංගාරාම විහාරස්ථානය කොළඹ නගරයට පමණක් නොව රටට ම ආලෝකයක් උදාකරවන විහාරස්ථානයකි. ආගමික, සාමාජික ආදී සෑම අංශයකින් ම උදාර මෙහෙවරක් සපයන එම විහාරස්ථානය දර්ශනීය කෞතුකාගාරයක් බඳුය. ගංගාරාම විහාරස්ථානයේ වත්මන් නවෝදයේ නිර්මාතෘවරයන් වහන්සේ වත්මන් විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ මෙරට බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ ගංගාරාමයේ ‘පොඩි හාමුදුරුවෝ’ යනුවෙනි.

තරුණ දරුවන්ට යහපත් අරමුණක් මෙන්ම යහපත් අනාගතයක් වෙනුවෙන් නිසි මඟ සලසා දෙන ගංගාරමස්ථ ජිනරතන කාර්මික විද්‍යාලය මෙරට තරුණ දරුවන්ගේ වාසනාවට බිහිවු ආයතනයක් ලෙස පෙනී යයි. සමාජ මෙහෙවරට කේන්ද්‍රස්ථානයක් වන ගංගාරාම විහාරස්ථානයේ මෙහෙවර යුග ගණනාවක් පුරා රටට ආශීර්වාදයක් වනු ඇත. ශාසනික මෙහෙවරද අත්‍යුදාරය. එවන් මෙහෙවර රැසක් ඉටු කැරෙන කේන්ද්‍රස්ථානයක් ලෙස ගංගාරාම විහාරස්ථානයේ සේවාව ආදර්ශවත්ය. රටේත් සමාජයේත් අභිවෘද්ධිය උදෙසා සිදු කැරෙන එම යුග මෙහෙවර කියා හෝ ලියා නිමා කළ නොහැකි තරම්ය.

මෙරට භාෂා සාහිත්‍යයේ පෝෂණයට ද අතීතයේ පටන් ගංගාරාම විහාරස්ථානයෙන් සිදුවූයේ අනගි මෙහෙවරකි. නවම් මහ උදාවෙත්ම ගංගාරාමස්ථ නවම් මහා පෙරහර සිහි කරවන අයුරෙන් දශක ගණනාවක් පුරා එම උදාර පෙරහර පවත්වා ඇත. වෙසෙසින් අපේ රටේ බෞද්ධ ජනතාව ගංගාරාම විහාරස්ථානයට පැමිණ එහි ඇති සිත් පහන් කරවන අසිරිය විඳගත යුතුමය. විවිධ ජාතීන් ගංගාරාම විහාරස්ථානයේ අභිවෘද්ධියේ කොටස්කරුවන් වෙමින් ඊට ශක්ති පමණින් දායකත්වය අනුග්‍රහය දක්වනුයේ සිදුවන සුවිසල් මෙහෙවර මුල්කරගෙනය. එබඳු ශාසනික, සාමාජික, ආගමික මෙහෙවරක නිරත විහාරස්ථානයකට ශක්ති පමණින් දායකත්වයෙන් අනුග්‍රහය දැක්වීම සියලු දෙනාගේ වගකීම හා යුතුකම වනු ඇත.

 

 නවම් පුර පසළොස්වක පෝය

   නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 21 වන දා ඉරිදා අපරභාග 10.34 ට ලබයි. 22 වනදා සඳුදා අපරභාග 11.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය මාර්තු 01 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]