දන්ගම්පල බෝධිමළු විහාරය
කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දන්ගම්පල
ග්රාමය දුෂ්කර ප්රදේශයක් වුවද, දෙපැත්තකින් විහිදී යන කඳු පන්තිවලිනුත්, එක්
පැත්තකින් ගලා යන සීතාවක ගඟෙනුත්, අනෙක් පැත්ත තේ, රබර් වතු යාය වලිනුත් මායිම්වීම
නිසා මෙම ගම රමණීය ප්රදේශයකි. දන්ගම්පල, දිගල, අල්ගොඩ යන ගම්වලට පන්සලක අඩුව
පිරිමැහෙන්නේ මේ විහාරස්ථානයෙනි.
ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව ස්වාමීන් වහන්සේ නොමැති මේ පන්සල වසර විසි තුනකට
පෙර බාර ගැනීමට සිදුවිය. මේ පන්සල පිහිටා තිබෙන්නේ අබලන් වූ පියස්ස සිදුරු වී
බිත්ති පුපුරා ගිය පැරණි ප්රජා ශාලාවකයි. සංඝාවාසයක් නොමැතිව එදා පටන්ම මෙහි වැඩ
වාසය කරමි. අසරණ සැදැහැති ගම්වාසීන් වෙනුවෙන් පන්සල ටිකෙන් ටික ගොඩ නැඟීය. ඒ අතර
දහම් පාසලක් ආරම්භ කළේ ය. ශීල සමාදාන බෞද්ධ සමිති පටන් ගන්නා ලදී. අභය දාන, වාර්ෂික
කඨින පින්කම් මැනවින් සිදු කෙරේ. ඒ අතර කරත්ත පාරක්ව තිබූ ගමට එන පාරට තාර දමා
බසයක් ධාවනය කරවීමට ද පන්සල මුල් විය.
දහම් පාසලත්, සිල් ඇත්තෝ සිටිය යුත්තේත් පන්සලේ සමිති සමාගම් පවත්වන්නේත් එකම
ශාලාවේය. නව සංඝාවාසයක් ඉදි කරනවා නම් දරුවන් කිහිප දෙනෙකු ශාසනයට දායාද කළ හැකි ය.
ඒ නිසාම දායක පිරිසකගේ ඉල්ලීම මත ඊට මුල පිරීය. ඒ වෙනුවෙන් දායකයිනට ආර්ථික
ශක්තියක් නැති බව පෙනේ. මේ පින්කමට දායකත්වය දිය හැකි නම් මහත් උපකාරයකි. ශ්රී
බෝධි මළු විහාරය දන්ගම්පල - දෙහිඕවිට
-
දන්නොරුවේ පාලිත හිමි |