UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය-

දාන පාරමිතාව බෝසත් ගුණයකි. දාන වස්තුව – ප්‍රතිග්‍රාහක අරමුණ හා දීමෙහි මහත්ඵල මහානිශංස ලැබීම පිළිබඳවද පෙළ දහම් පොත්පත් වල විචිත්‍ර වූ පිළිවෙත් දක්නට ලැබෙයි. ප්‍රතිගාහක (ලබන්නා) පිළිබඳව බුදුදහමේ අවධාරිත දේශනයන් කිහිපයක් පැහැදිලි කරන්න.

පිළිතුර

1.නිවහනට පැමිණෙන්නාට (ආගන්තුක දාන)

2.ගම්වැසියන්ට (ගාමිකස්ස)

3.රෝගීනට (ගිලානස්ස)

4.දුර්භික්ෂ කාල (දුබ්භික දාන)

5.අග්‍රශස්‍ය දාන (නව සස්සානි නව ඵලානි – පඨමං සීලවන්තෙසු පතිට්ඨාපෙති)

ප්‍රශ්නය -

මෙලොව උපත ලද හැම සතෙක්ම “සුඛ ය හෙවත් “සුඛකාමානි භූතානි’ සුව කැමැත්තෝය. මිනිසා පිළිබඳවද එසේම බව අංනි:චක්ක සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. ලෞකික සම්පත් බහුල වීමට හේතු හතරක් ඇති බව එම දේශනාවල සඳහන් වෙයි. සනාථ කරන්න.

පිළිතුර -

1.සුදුසු පෙදෙසක විසීම (පතිරූපදේසවාසය)

2.සද්ගුණ බහුල මිනිස් ඇසුර (සදාශ්‍රය)

3.සිත්හි තැන්පත් බව (අත්ත සම්මාපණිධි)

4.පෙර පින් ඇති බව (පුබ්බේච කත පුඤ්ඤතා)

ප්‍රශ්නය -

සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

සියලු අකුසලය නොඉපදවීමද කුසලයාගේ ප්‍රතිලාභයද (අභිවෘද්ධියද) ස්වකීය සිත් සතන්හි පිවිතුරු බවද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. මෙහි ‘සබ්බ පාපස්ස අකරණං’ යන්න ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර -

සබ්බ පාපස්ස කාය දුශ්චරිතය – ‘වාග්දුශ්චරිතය’ මමෝ දුෂ්චරිතය– යන දුෂ්චරිතයෝය. මේවා දශ අකුශල කර්මපථ වශයෙන්ද ධර්මග්‍රන්ථවල සඳහන් වෙයි. එනම් පාණාතිපාතය අදින්නාදානය –කාමේසු මිච්ඡාචාරය මුසාවාදය,පිසුනාවාචාය, ඵරුසාවාචාය, සම්ඵප්පලාපය යැ. අභිජ්ඣා ය, ව්‍යාපාදය, මිච්ඡාදිට්ටි, යන්නයි. මේ දශ අකුසල කර්මපථ ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලයන් මගින් ප්‍රභවය වෙයි. සතර අගතියට මේ අකුසල මූලයෝ ප්‍රත්‍යය වෙයි. ඔවුන් අතරෙන් ලෝභ අකුසල මූලය අසුභ භාවනාවෙන් ප්‍රහීණවෙයි. ද්වේශය මෙත්තා භාවනාවෙන් ප්‍රහීණ වෙයි. මෝහය පඤ්ඤා භාවනාවෙන් ප්‍රහීණවෙයි. එසේම ලෝභය උපෙක්ෂාවෙන් ප්‍රහීණ වෙයි. ද්වේශය මෙත්තාවෙන්ද – කරුණාවෙන්ද ප්‍රහීණ වෙයි. මෝහය මුදිතාවෙන්ද ප්‍රහාණයට යයි.

ප්‍රශ්නය –

සමථ භාවනාව පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර -

චිත්තං සමෙතීති සමථො” සිත සන්සුන් කරන්නේ සමථයයි. සමථ භාවනාවට යොදා ගත හැකි (ආරම්මණ) අරමුණු සතළිහක් දක්වා තිබේ. ඒවාට කර්මස්ථාන යයි කියනු ලැබේ. සමථ භාවනා කරනවිට සිත්හි සමාහිත බවක් හෙවත් සමාධියක් උපදී. තැන්පත් සිත සමාධියයි. සත්‍ය දකින්නාවූ ප්‍රඥාවට ඉතා ළඟින්ම උපකාරි වන්නේ චිත්ත සමාධියයි. (සමාහිතො යථා භූතං පජා නාති) තැන්පත් සමාහිත සිත ඇත්තේ (යොනිසො මනසිකාර) ඇති සැටියෙන් දැනගනී.

ප්‍රශ්නය -

විදර්ශනා භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර  -

විදර්ශනා යන්නෙහි “පාලි” ස්වරූපය විපස්සනා යන්නයි. දකියි, බලයි. යන්න සිංහල අර්ථය වුවත් සංස්කෘත විදර්ශනා යන්න ‘සුවිශේෂ දැක්ම” යන්න ව්‍යවහාර වෙයි. “විවිධාකාරෙන පස්සතීති” විපස්සනා ,හෙවත් විපස්සතී විපස්සනා) යනුවෙන් ද එම අදහසම ගම්‍ය වෙයි. “සමාධිතෙන භික්ඛවෙ යථාභූතං පජානාති’ සමාධිමත් භික්ෂුව යථා තත්වය දැනගනී. යන්න විදර්ශනාවය.

ප්‍රශ්නය -

ඉරියාපථ භාවනාව කෙටියෙන් හඳුන්වන්න.

පිළිතුර -

ප්‍රධාන ඉරියව් හතරකි. එනම් ගමන් කිරීම. සිටගෙන සිටීම. හිඳීම සයනය මෙම සතර ඉරියව් සිහියෙන් යුක්තව කිරීම, මේ භාවනාවයි. ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය අනුව සිත මෙහෙයවා දියුණු කිරීම.

ප්‍රශ්නය -

උට්ඨානෙනප්පමාදෙන සඤ්ඤමෙන දමෙනච දිපං කයිරාථ මෙධාවි – යං ඔසොනාභි කීරති”

ධම්මපද ධර්ම ග්‍රන්ථාගත මේ ගාථා ධර්මයෙහි එන “සඤ්ඤමෙන – දමෙනච ” යන පාඨය ධර්මානුකූලව විවරණයක් කරන්න.

පිළිතුර -

බුදුදහමට අනුව පුද්ගල ජීවිත අභිවෘද්ධිය සඳහා “ආත්ම දමනය” බෙහෙවින් අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා තමා විසින් ගුණ දහම් පහක් සපුරා ගත යුතුය. ධර්ම ග්‍රන්ථවල සඳහන් වන එම කරුණු – සීලය, සතිය (සිහිය) ඉවසීම (ඛන්තී) විරිය (වීර්යය උත්සාහවන්ත බව) ප්‍රඥාව (නුවණ) සඳහන් වෙයි.

ප්‍රශ්නය -

සිත කෙලෙසා දුසිරිතයට පුද්ගලයා මෙහෙයවන චෛතසික (සිතිවිලි) කොටසක් වංචක ධර්ම නමින් බුදු දහමෙහි ඉගැන්වෙයි. “මිච්ඡා ආචාර” නමින් වැරැදි මිනිස් හැසිරීම් වශයෙන්ද මේවා හඳුන්වනු ලබයි. මෙම වංචක ධර්ම මොනවාද?

පිළිතුර -

පාලි නිකායාගත ධර්ම ග්‍රන්ථයන්හි වංචක ධර්ම දශයක් මෙසේ සඳහන් ව ඇත.

1.ලෝභය 2. රාගය 3. ද්වේෂය 4. ඊර්ෂ්‍යාව 5. මානය 6.ථීන මිද්ධිය 7.කුක්කුච්ච 8. අහිරික අනොත්තප්ප 9.දිට්ඨි 10. මෝහ

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]