සංරක්ෂණය කරන ලද තිස්සමහාරාම
ඓතිහාසික සඳගිරි සෑය ජනතාවගේ වන්දනාමාන සඳහා යළි විවෘත
කිරීමේ පුණ්‍යෙීත්සවය ඉකුත්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකැරිණි.
සංරක්ෂණය කරන ලද සඳගිරි සෑය ස්තූපයෙහි සමරු ඵලකය නිරාවරණය
කළ ජනාධිපතිතුමා ඊට ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කළ අවස්ථාව.
තිස්සමහාරාම සඳගිරි උභය රජමහා විහාරාධිපති මාතර ,හම්බන්තර
දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන
නාහිමියන් බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක්
විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.
අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නිවාස හා
ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අධ්‍යාපන අමාත්‍ය
නීතිඥ අකිල විරාජ් කාරියවසම්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ
අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන, හිටපු
පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රෝලන්ඩ් ද සිල්වා මහත්වරුන්
ඇතුළු පිරිසක් හා ප්‍රදේශවාසී විශාල පිරිසක්ද එම අවස්ථාවට
සහභාගි වූහ. සේයරූ සුදත් සිල්වා |