දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය
ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය
අභ්‍යාස අංක – 04
දහම් පාසල් ගුරු උපදේශක
ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
1. බුදුපිළිම නිර්මාණයේ ආරම්භය හා ව්‍යාප්තිය ගැන හැඳින්වීමක් කරන්න.
බුදුපිළිම වන්දනාව ආරම්භ වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 5 ක් පමණ ගිය පසුව යැයි
සැලකේ. බුදුපිළිම නෙළීම මෙසේ පමා වීමට හේතු වන්නට ඇත්තේ උන්වහන්සේගේ අසමසම රූපකාය
නිරූපණය කිරීම දුෂ්කර යැයි සැලකුණු නිසා විය හැකිය. බුදුපිළිම නිර්මාණයේ ආරම්භයට
පෙර ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් සාංචි, භාර්හුත් කැටයම්වල සිරිපතුල, ධර්මචක්‍රය,
බෝධි වෘක්ෂය, වජ්‍රාසනය වැනි සංකේත මඟින් බුදුරදුන් නිරූපණය කොට ඇත. මුල් යුගයේ දී
බුදුපිළිම නෙළීමට අකැමැති වූයේ ඔවුන්ගේ අදක්ෂතාව නිසා නොව බුදුරදුන් පිළිබඳව පැවැති
අපරිමිත භක්තිය නිසාවෙන් ය.
ප්‍රථම වරට බුදුපිළිම නෙළන ලද්දේ කවර කලක කවරෙකු විසින්ද යන්න විවාදයට තුඩු දුන්
කරුණකි. ඒ පිළිබඳව විවිධ මත පවතී. එබඳු මත අතර පාහියන්ගේ වාර්තා අනුව කොසොල් රජු
බුදුරදුන්ගේ ශරීර ප්‍රමාණයට රාජකීය කලා කරුවෙකු ලවා සඳුන් ලීයෙන් පිළිරුවක් කරවන ලද
බව සඳහන් වේ. කෝසල බිම්බ වර්ණනා නම් පාලි පොතෙහිද ඒ ගැන සඳහන් වේ. ඊට අතිරේක වශයෙන්
ජනප්‍රවාදයක සඳහන් වන්නේ බුදුරදුන් විසින්ම සියතින්ම රත්‍රන් වලින් සුදු රෙදි කඩක
බුදුරුවක් ඇඳ පෙන්වූ බවයි.
කෙසේ වුවද ගන්ධාර, මථුරා යන දෙපළාතෙන්ම එකම යුගයක පිළිම නෙළීම සිදුවූ බව සිතිය
හැකිය. ගී‍්‍රක ප්‍රතිමා කලාව ඉන්දියාවට පැමිණීමෙන් පසු ගන්ධාර ශිල්පය අනුව මුල්ම
බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්නට ඇතැයි සැලකේ. කණිෂ්ක රජුගේ කාලයේ (ක්‍රි.ව. 78 –
144 ) කාලයේ කාසියක දක්නට ලැබෙන බුදු රූ සටහන පළමු වරට බුදුන් වහන්සේ රූපකායෙන්
දක්වනු ලබන අවස්ථාවක් ලෙස සැලකේ. ගී‍්‍රකයන්ගේ පුද පූජාවන්ට බෙහෙවින්ම ලක්වූ ඇපලෝ
දෙවියන්ගේ ස්වරූපයට අනුව බුදුපිළිම නෙළීම මුලින්ම ආරම්භ කොට ඇත. ක්‍රමයෙන් අමරාවතී
සම්ප්‍රදාය, මථුරා සම්ප්‍රදාය ආදී වශයෙන් සම්ප්‍රදායන් කීපයක් ඔස්සේ බුදුපිළිම
නිර්මාණය වන්නට ඇතැයි සලකනු ලැබේ.
පසු කාලයේ දී මෙම ගන්ධාර, මථුරා සම්ප්‍රදාය දෙකෙහි එකතුවෙන් ආන්ද්‍රා සම්ප්‍රදාය
නමින් නවතම සම්ප්‍රදායක් බිහිවිය. මෙසේ බුදුපිළිම නිර්මාණය ආරම්භය හා ව්‍යාප්තිය
සිදු වී ඇති බව දැක්විය හැකිය.
2. ගන්ධාර බුද්ධ ප්‍රතිමාවේ සහ මථුරා බුද්ධ ප්‍රතිමාවෙහි ලක්ෂණ වෙන වෙනම ගෙනහැර
දක්වන්න.
ගන්ධාර ලක්ෂණ - මථුරා ලක්ෂණ
1. මහා කාරුණික බව විදහා දැක්වීම 1. දෙනෙත් පුළුල් වීම 2. දෙනෙත් අඩවන් වීම 2. පළල්
වූ දෙතොලින් යුක්ත වීම. 3. සිහින් වූ තොල්ය 3. උත්තුංග දේහධාරී බව 4. ශරීරයට ලංව
ඇති දෙඅත්ය 4. කම්මුල් පිම්බී තිබීම 5. පිරුණු දෙකම්මුල් 5. ශාක්‍යසිංහ ලීලාව 6.
ස්වභාවික හිසකෙස්ය 6. සෘජු දේහධාරී වීම 7. ගී‍්‍රකයන්ගේ ටෝශාවට සමාන වූ සිවුර 7.
හිසකෙස් කැරලි ගැසී ශෛලිගත කොට තිබීම.8. සිවුර ඇඟ ඇලී ඇති ස්වරූපය 8. විනිවිද පෙනෙන
සිවුර 9. ස්වාභාවික ස්වරූපයේ රැලි යෙදීම 9. සිවුරේ රැලි අඩු වීම 10. එම රැලි ඝන
ලෙසින් යෙදීම 10. දෙඅත් සිරුරෙන් ඈත්ව පිහිටීම 11. පද්මාසනයේ වැඩ සිටීම 11. ඇහි බැම
ප්‍රකට වීම 12. දේහ ලක්ෂණ ඉස්මතු කොට දැක්වීම 12. උස්නීසියකින් යුක්ත වීම 13. පටු
වූ නළල් තලය 13. අධ්‍යාත්මික ගුණ ප්‍රකට වීම 14. දිගු නෙත් යුගල 14. තනි උරයක් වසා
සිටීම 15. උස්නීසියකින් යුක්ත වීම 15. රැස් වලල්ලකින් යුක්ත වීම 16. ධර්ම චක්‍ර,
විතර්ක ආදී මුද්‍රා භාවිතය 16. ධර්ම චක්‍ර අභය මුද්‍රා, පද්මාසන ආදිය යුක්ත වීම.
3. ස්ථුපයේ ආරම්භය හා විකාශනය ගෙන හැර දක්වන්න.
ප්‍රාග් බෞද්ධ යුගයේ අධිපතින්ගේ මෘත දේහ තැන්පත් කොට ස්මාරක ඉදිකරන ලදී. එම
ගොඩනැගිලි සොහොන් කොත් යනුවෙන් හඳුන්වා ඇත. බෞද්ධ ලෝකයා ස්තූපය යැයි පවසනුයේ
බුදුරදුන්ගේ ශ්‍රී ශාරීරික ධාතූන් තැන්පත් කොට ඉදිකරන ලද ඒවාට ය. පැරැණි ඊජිප්තුව
(මිසරය) බුරුමය වැනි රටවල මිනිසුන් මිහිදන් කළ සොහොන් කොත් අදත් දක්නට ලැබේ.
පැගෝඩා, පිරමීඩ යනුවෙන් ඒවා හඳුන්වා ඇත.
බුද්ධ කාලීනව පෙර බුදුවරුන්ගේ ශාරීරික ධාතූන් තැන්පත් චෛත්‍ය දක්නට ලැබෙනුයේ යැයි
බුදුරදුන්ගේ මුවින් මිහිපිට වී ඇති ඇතැම් දේශනාවලින් පැහැදිලි වේ.
‘සාරං දද චේතියං රමණීයං
චාපාල චේතියං රමණීයං
ගෝතමක චේතියං රමණීයං
බහු පුත්තක චේතියං රමණීයං’ ආදී
මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වන පැරණි චෛත්‍යස්ථාන ඉතා රමණීය බව පැහැදිලි කරන
විස්තරයෙන් බුද්ධ කාලයට පෙර සිටම ස්තූප නිර්මාණය තිබුණ බවත් ක්‍රමානුකූලව කලාත්මකව
ඒවා විකාශනය වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බවත් පැහැදිලි වේ.
4. බුදුරදුන් පෙන්වා දුන් ස්ථූපාර්හ පුද්ගලයින් සතර දෙනා නම් කරන්න.
මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරදුන් ආනන්ද තෙරුන් අමතා ස්ථූපර්හ පුද්ගලයන් සතර
දෙනෙක් ඇතැයි වදාළහ.
“චත්තාරෝමේ ආනන්ද ථූපාරහෝ කතමේ චත්තාරෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ ථූපාරහෝ”
පචිචේක සම්මා සම්බුද්ධෝ ථූපාරහෝ, තථාගතස්ස සාවකෝ ථූපාරහෝ, රාජා චක්ක වත්ති ථූපාරහෝ
(මහා පරිනිබ්බාන සූත්‍රය)
1. සම්මා සම්බුදුවරුන් සඳහා
2. පසේ බුදුවරු සඳහා
3. මහරහතන් වහන්සේලා සඳහා
4. සක්විති රජු සඳහා ස්ථූප ඉදිකිරීමට හැකි යැයි බුදුරදුන් උපදෙස් දී ඇත.
5. ස්තූප ආකෘති ගෙනහැර දක්වන්න.
පුරා විද්‍යාඥයින් දැනට ස්තූප ආකෘති පහත සඳහන් පරිදි දක්වා තිබේ. එනම්,
1. ඝන්ටාකාර - ඝන්ටාරයක ස්වරූපය
2. ඝටාකාර – කලගෙඩියක ස්වරූපය
3. ධාන්‍යාකාර – ධාන්‍ය ගොඩක ස්වරූපය
4. බුබ්බුලාකාර – දිය බුබුලක ස්වරූපය
5. පද්මාකාර – පියුමක ස්වරූපය
6. ආමලකාකාර - නෙල්ලි ගෙඩියක ස්වරූපය යනුවෙනි මීට අමතරව
7. මන්දිරාකාර – මන්දිරයක ස්වරූපය
8. ස්තම්භාකාර – කුලුනක ස්වරූපයගත් ස්තූප ඇතැම් රටවල දක්නට ලැබේ.
|