Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

බුදුදහමට අනුව එක් එක් පුද්ගල යහපත් වීමේ එකතුව සමස්ත ජන සමාජයේම යහපත්වීමේ එකතුවයි. එසේම එක් පුද්ගලයෙකුගේ පරාභවය බොහෝ දෙනාගේ පරාහවයට ද හේතුවන්නට පුඵවන. සූත්‍රාගත දේශනා ඇසුරුකොට ගෙන ඉහත සඳහන් නිගමනයන් සනාථ කරන්න.

පිළිතුර -  අං:නි: මහාසාල සූත්‍රාගත දේශනයට අනුව බුදුරජාණන් වහන්සේ වරෙක (සද්ධං කුළ පුත්තං නිස්සාය. අන්තො ජනා) එක් පුද්ගල යහපත වටා සිටින්නවුන් (ආශ්‍රිතයන්) සද්ගුණ (පංචහි වඩ්ඩහි) අභිවෘද්ධියට පැමිණේ.

1.සැදැහැයෙන් දියුණුවේ (සද්ධා)

2.සිල්වත් බවින් පෝෂණය වෙයි. (සීලවා)

3.පරිත්‍යාගශීලි වෙයි (චාග)

4. ප්‍රඥාවෙන් අභිවෘද්ධියට පත්වේ (පඤ්ඤා)

5.(බාහුසච්ච බව) බොහෝ ඇසූ පිරූ ගති ඇත්තෙකු වීම (සුතවත්)

ප්‍රශ්නය :-

දෙමව්පියන් (මාතාපිතරො පුත්තං ඉච්ඡන්ති කුලෙ ජායමානං) යහපත් පුතෙකුගේ උපත වඩාත් කැමැති වන බව (ඨානානි සම්පන්න) බුදු දහම අවධාරණය කරයි. අං.නි:සුමනා –වග්ග පුත්‍ර සූත්‍රයෙහි එන දේශනාවලින් එම දේශනාව සනාථ වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර :– 1.තමා සුවපත්ව අපවද සුවපත් කරයි. යන විශ්වාසය මව්පියන් තුළ ස්ථාන ගත වීම (භතොවා නො හරිස්සාමි)

2.අපගේ කුදු මහත් කටයුතු නොපිරිහෙළා ඉටුකරන්නේය. (කිච්චං වා නොකරිස්සාමී)

3.අපගේ කුලපරපුර ආරක්ෂා කරයි.

කුල වංසො චීරං ඨස්සති)

4.සන්තකය කැමැත්ත පරිදි කටයුතු කරයි. යන විශ්වාසය (දායජ්ජං පටිපජ්ජති)

5. මිය ගිය පසු සිහිපත් කොට දන් පින්කම් කොට සිහිපත් කරයි. (අථච පන පේතානං කාලකතානං (දක්ඛිණං අනුප දස්සතීති)

ප්‍රශ්නය :-

බුදුදහම සමාජගත පුද්ගලයන් හඳුනා ගැනීම ජීවිතය සැපවත් කරගැනීමට එක් හේතුවක් බව පැහැදිලි කරයි. ජීවිත සැපවත් කරන යහගුණැති කල්‍යාණ මිත්‍රයෙකු සතු ගුණදහම් හතක් හඳුන්වා දෙයි. ඒ මොනවාද?

පිළිතුර :-

1.මනා හැසිරීම් රටාවකින් යුත් පි‍්‍රය මනාප හික්මුණු පුද්ගලයෙකු වීම

2. ගරු කටයුතු ආදර්ශවත් පෞරුෂයකින් යුක්තවීම

3. වරද නිවරද මනාව වටහාදීමේ හා නිසි අවවාද දීමේ ශක්තිය

4.ඇසුරු කරන මිතුරු මිතුරියන්ට හොඳින් සවන් යොමු කරන්නෙකු වීම

5.මිතුරා අයහපත් දේ කිරීමෙන් වළක්වා සුමගට යොමු කිරීම

6.දුෂ්කර වූ ගැටලු සහගත කරුණු වටහාදීම

7. ඉවසීම

ප්‍රශ්නය :-

අනුරාධපුර යුගයේ චෙතිය, ගිරිය, මිස්සක, පබ්බත, සෑගිරිය, යන නම් වලින් හැඳින්වූ ස්ථානය කුමක්ද?

පිළිතුර :-

මිහින්තලය