අඩසිය වසරක දහම් ගුරු සේවය සැමරීමක්
ජේ.අතුකොරල -
විශ්‍රාම සහකාර සංස්කෘතික අධ්‍යක්ෂක
1966 ජනවාරි 06 වැනිදා අම්බලන්ගොඩ පුරාණ සුභද්‍රාරාමය හෙවත් රන්කොත් විහාරයේදී
“අම්බලන්ගොඩ චන්ද්‍රසිරි” දහම් පාසල ආරම්භ විය. එදින චන්ද්‍රසෝම ගිනිගේ මහතා එහි
ගුරු සේවයට එක්විය. 1974 වසරේදී දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වීමට
රජය තීරණය කළ අතර ගිනිගේ මහතා අම්/කළුවඩුමුල්ලේ ශී‍්‍ර විජයාරාම දහම් පාසලට
අනුයුක්ත විය.
එම දහම් පාසලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් 1992 වසර දක්වා සේවය කළේය. 1992 වසරේදී
මොරටුව ශී‍්‍ර සුබෝධාරාම දහම් පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවයට පත් වූ අතර,
2004 වසරේදී වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසලේද 2005 වර්ෂයේ සිට
මේ දක්වා දෙහිවල කළුබෝවිල හත්බෝධි රජමහා විහාරස්ථ ශී‍්‍ර බෝධිරාජ දහම් පාසලේද අවසාන
හා ධර්මාචාර්ය ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු ලෙස සේවය කරයි. පුරා පණස් වසරක් ගුරුවරයෙක්
ලෙසද, ඒ මහතා දහම් දැනුමෙන් පෝෂිතය. එතුමාට නිදුක් නිරෝගි චිර ජීවනය පතමි. |