අසිරිමත් ධාතු පුරාණය 14 කොටස :
ද්‍රෝණයක් ධාතූන්වහන්සේ තැම්පත්
ස්වර්ණමාලි
මහා සෑය
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
මංගල ශිලා ස්ථාපනයත්, පියදස්සී රහතන් වහන්සේ දහම් දෙසීමත්, ඒ දහම අසා දහස් ගණනක්
සිව්වනක් පිරිස මඟඵල ලැබීමත් යන සිදුවීම අප කථා කළා. අද එතැන් සිට. . .
ද්‍රෝණයක් ධාතූන්වහන්සේ තැම්පත් රුවන්මැලි මහා සෑය ඉදිකිරීමට රජතුමාට එතරම්
හදීසියක් නො තිබිණ. “ස්වර්ණමාලි” ලෙස සෑය නම් කළේ කිම ජනප්‍රවාදයේ සහ දුටුගැමුණු
රජුගේ විස්තර ඇති පොත්පත්වල මෙසේ සඳහන් වේ. මහාසෑය භූමියේ රන් තෙළඹු ගසක් විය.
ස්වර්ණමාලි නම් දිව්‍යංගනාවගේ වාසස්ථානය ඒ තෙළඹු ගසය. මළුව සුද්ධ පවිත්‍ර කරන විට
ගස කපා ඉවත් කරන්නට සිදුවූ අතර දි්‍යංගනාවගේ ඉල්ලීම පරිදි ඒ ගසට ස්වර්ණමාලි නම යෙදූ
බව සඳහන් වේ.
ඉන්පසු රජතුමා මහා සෑය ඉදිකිරීමට සූදානම්ව තම රටේ සිටින ප්‍රසිද්ධ නම් ඇති
පෙදරේරුවන් ගෙන්වා ඇත. පළමු ආ පුද්ගලයා “රජතුමනි, මම ඔබවහන්සේගේ අණ අනුව ඉක්මණින්
මිනිසුන් යොදවා සෑය කඩිනමින් ඉදි කරන්නෙමි”කීය. රජු එයට එරෙහි විය. ඒ ආකාරයට සෑයක්
ඉදිවුවහොත් ඉක්මනින් ගස්කොළං ඉදිවී ගරා වැටේ කියමින් ඔහු පිටත් කරවීය. ඒ ඒ ආකාරයට
බොහෝ දෙනාගේ දස්කම් වීමසීය. අවසානයේ රජුට පුද්ගලයෙක් මුණ ගැසිණි. ඔහු “රජතුමනි, මම
පස් කපා ඒවා කුඩුකර කුල්ලෙන් පොලා බොරළු ඉවත් කර මැටි පාගා තලා ගින්නෙන් රත් කර
නැවත මැටි කර දෙමියි” කීය. රජුට මොහුගේ ඒ ක්‍රමය සාර්ථක යැයි සිතුණි. මැටි රත් කළ
පසු ගස්වල බීජ හට නො ගනී. මා ඉදිකරන සෑය ගෞතම බුදුසසුන පවතින තුරා පැවතිය යුතු
හෙයින් මොහුට සෑයේ ඉදිකිරීම් භාරදෙමියි සිතා සතුටු වූ සිත් ඇතිව මහා සෑයේ ඉදිකිරීම්
ඔහුට භාර කළෝය. ඉන්පසු රජ ඒ පෙදරේරුවාගෙන් විමසා සිටියේ ඔබ මොනවගේ හැඩයකින්ද මේ
සෑය ගොඩනඟන්නේ යන්නයි.
එසේනම් රජතුමා මේ වනතුරු සෑයේ හැඩය නො දනී. “දාගැබක් ඉදි කරන්නෙමු” යන අදහස පමණයි
ඇත්තේ. නමුත් මහා සෑයට පෙර ථූපාරාම සෑය ඉදිවී තිබූ නිසා රජතුමා ථූපාරාම සෑය දැක
තිබුණි. ථූපාරාම සෑය ඉදි වී ඇත්තේ වී ගොඩක හැඩයට යි. (ධා්‍යනාකාර) පෙදරේරුවාගෙන්
රජතුමා අසන්නේ ඔබට කිනම් ආකාරයක සෑයක් ඉදිකළ හැකිද යන්නයි. බුබ්බුළුවාකාර හැඩයක්
ගැන රජු නොදනී. ඒ වෙලාවේදී ඒ සිදුවීම දකින විස්කම් දෙවිපුත් පෙදරේරුවාගේ ඇඟට
අරක්ගෙන පැන් භාජනයක් ගෙන ඒ පැන් භාජනයට ඇඟිලි දෙක එක්කොට ජලයට තට්ටුවක් දැමූ විට
වතුර බුබුලක් උඩට ඉස්සී බෝලයක් හැඩය ගත්තේය. රජතුමනි, මේ බුබ්බුළුවාකාර හැඩය යි. මේ
හැඩයට මහා සෑය ඉදිවේවි. එය දුටු රජතුමා මහත් සතුටට පත් වී බුබ්බුළුවාකාරව සෑය
ඉදිකිරීමට අවසර දුණි. එසේනම් ද්‍රෝණයක් ධාතුන් වැඩසිටින රුවන්මැලි මහා සෑයේ
වටප්‍රමාණය තීරණය කළේ රහතන් වහන්සේයි. සෑයේ හැඩය තීරණය කළේ දෙවිවරුන් විසිනි.
මහා සෑයට ගඩොල් කොහින් ද
මහා සෑය ඉදිකිරීමට දැන් ගඩොල් කොහින්ද කෙසේ තනම්දෝ රජු කල්පනා කළේය. එය දුටු
විස්කම් දෙව්පුත් අනුරාධපුරයට ගව් ගණනක් ඈතින් මහා සෑයට අවශ්‍ය ගඩොල් මවන ලදී.
නුවරට ගව්ගණනක් ඈතින් මහා ගඩොල් ගොඩක් මතුවී ඇති බව රජුට ආරංචි විණ. රජතුමා දැන්
සිතන්නේ මේ ගඩොල් සෑය ළඟට ගෙන එන්නේ කෙසේද යන්නයි. ඊට පසුවෙනිදා රජතුමා සෑ භූමියට
යනවිට එදා දවසට වැඩකළ හැකි ගඩොල් ප්‍රමාණය දොරටු හතරේ පාමුල තිබිණ. ඒ සියල්ල
දෙවියන් විසින් කරන ලද්දේය. මහා සෑයට ගඩොල් සෙවීමට මිනිසුන් වෙහෙසෙන්නේ කුමකට ද
සතුටට පත් රජතුමා දෙවියන්ට පින් දී ඒ ගඩොල් වලින් සෑය බැඳීමට තීරණය කෙරිණ.
ඒ වගේම රජතුමාගේ තීරණය වූයේ “මේ ඉදිකරන මහා සෑයේ කිසිවෙකුට නොමිලයේ වැඩ කිරීමට ඉඩ
නොදනිමි. වැඩ කරන සෑම කෙනෙකුම වැටුපක් ගත යුතුය” යන්නයි. උදේට සෑ භූමියට වැඩට එනවිට
පිරිසුදු වී පැමිණෙන ලෙසත්, මල් සුවඳ දුම් ආදිය දී ඔවුන් පිළිගෙන සෑයේ වැඩ ගෙන හවසට
යනවිට මල්, තෙල්, කෙසෙල්, වැල, වරකා හාල්, ඉඳුරු, දුරු ආදි සියලුම දේ මිනිසුන්ට ලබා
දුණි. මළුවට ඇතුල්වීමේදීත් පිටවීමේදීත් හතර වටේ ඇති දොරටු පමණක් පරිහරණය කළ යුතු
බවට අණක් ද කරවා ඒවා පරීක්ෂා කිරීමට ඇමැතිවරුන්ද පත් කළේය.
මහා සෑයට ගඩොලක් තැබූ තෙරණුවෝ
එක් ස්වාමින්වහන්සේ නමක් වෙත ඉදිවෙන මහා සෑයට ගඩොලක් තැබීමට ඉතා කැමැත්තක් ඉපදිනි.
ඒ සඳහා කිසිවක් (වැටුපක්) නො ගෙන ගඩොලක් තබන්නේ කෙසේද
උන්වහන්සේ දිනක් එක් අතකට ගඩොල් කැටයක්ද අනෙක් අතට මල් මිටක්ද ගෙන දාගැබට නැඟී
පෙදරේරුවාට සෑය බැඳීමට එන ගඩොල් අතරේ ඒ ගඩොලද ලබා දුන්නේය. මා මෙතෙක් ගත් ගඩොලට වඩා
වෙනස් ගඩොලක් නේදැයි දැක පෙදරේරුවා හිස ඔසවා බැලූ කල්හි තෙරුන් වහන්සේගේ දුක්මුසු
වූ මුහුණ දැක ගඩොල තබා සෑය බැන්දෝය. එය දුටුවූවන් කෑගොස ගැසීය. ඒ රාවය රජුටද ආරංචි
විය. රජු පෙදරේරුවා වෙත පැමිණ ඔබ තෙරුන් වහන්සේ නමක් දුන් ගඩොලක් තබා සෑය ඉදිකළේ
දැයි විචාල විට
"එසේය රජතුමනි, උන්වහන්සේ එක් අතකින් මල් මිටක් හා එක් අතකින් ගඩොලක් ගෙන දුන් විට
මම ගඩොල නො හඳුනාගෙන සෑයට තැබුවේයැයි" පිළිතුරු දුණි. ඔබට ඒ තෙරුන් හැඳිනිය
හැකිද
එසේය. පසුව තෙරුන් වහන්සේ මහත් සතුටට පත්ව සෑය වෙත ආවේය. පෙර පුද්ගලයා හිමියන්
හැඳින රජුට පෙන්විය. රජතුමා අණ කළේ උන්වහන්සේ වැඩ වෙසෙන විහාරයට ගොස් "හිමියනි, මේ
සුවඳ ද්‍රව්‍ය, දෑ සමන් මල් රජතුමා විසින් ඔබවහන්සේට බෝමළු පුදනු පිණිස දුන්සේක"
යැයි දන්වන ලෙසය. තෙරණුවෝ මහත් සතුටට පත්ව බෝ මළුව සිසාරා මල් පූජාකොට
පී‍්‍ර‍්‍රතිය උපදාවා ගත්තේය. මල් පූජාවෙන් අනතුරුව රාජපුරුෂයා තෙරුන් හමුවට පැමිණ
පවසා සිටියේ ස්වාමිනි, ඔබවහන්සේ කිසිවක් නො ගෙන මහා සෑයට ගලක් තබා ඇත. ඒ වෙනුවෙන්
මේ සුවඳ සහ දෑ සමන් මල් ඔබවහන්සේට එවු බව දැනගත මැනවයි කියා සිටියේය. එය ඇසූ
තෙරණුුවන්ගේ සිත නො සතුටට පත්විය. රාජපුරුෂයා ස්වාමිනි, රජතුමා රත්තරං මල් දැන්
ඔබවහන්සේට දුන්නත් ඒ රන් මල් ඔබවහන්සේ තැබූ ගඩොල තරම් නොවටී. ඒ නිසා සිත පහදවා ගනු
මැනයි කියා වැඳ පිටත්ව ගියේය.
පේසාවළලු ගිලා බැසීම
සෑය ක්‍රම ක්‍රමයෙන් දෙවියන්ගේ මිනිසුන්ගේ උදව් උපකාරයෙන් ඉදිවෙමින් පැවතිණි.
තුන්වැනි පේසා වළල්ල තෙක් රජතුමා සෑය ඉදිකළේය. එක් දිනක් ඒ පේසා වළලු පොළොවට ගිලී
තිබුණි. නැවත ඉදි කළේය. නැවත ගිලිණි. නැවත ඉදි කළේය. නැවත ගිලිණි. ඒ ආකාරයට නව
වතාවක් පේසා වළලු පොළොව යටට ගිලිණි. දැන් සෑයේ උස ප්‍රමාණයට පොළොවේ යටටද ගිලී තිබේ.
රජතුමා බියට පත්විය. සෑයේ වරදක් වේද රහතන් වහන්සේ මුණ ගැසී රජු අසා සිටින්නේ "අනේ
ස්වාමිනි සෑය පේසා වළලු මෙසේ පොළොවට ගිලෙන්නේ මන්ද යම් අන්තරාවක් වේද" රජතුමනි,
ඔබතුමා කලබල නොවන්න. අනාගතයේ මිසදුටුවන්ගෙන් සෑය බේරා ගන්නටත්, බුද්ධ ශාසනය පවතින
තාක්කල් සෑය නො නැසී පවතින්නටත් රහතන් වහන්සේලා විසින් මේ දේ සිදු කරති යන්නයි.
ගෞතම බුදුසසුන පවතින තුරු නොසැල්වී අකම්පිතව පවතින්නට ගොඩනඟන මහා සෑයේ තුන්වැනි
පේසා වළල්ල තෙක් දැන් ගොඩනැඟී අවසන්ය.
-
නයනා නිල්මිණි
පසුගිය සතියෙන් -
අසිරිමත් ධාතු
පුරාණය 13 කොටස : ස්වර්ණමාලි මහා සෑය ඉදිවීම විශ්මිත ප්රාතිහාර්යකි |