බුදුපිළිමයේ උපත - 3
අමරාවතී සම්ප්‍රදායට අයත් මූර්ති කැටයම්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
(Msc පුරාවිද්‍යා)
පුරාණ දඹදිව පමණක් නොව මෙකල වුවද, පෙරදිග රටවල තම භාර්යාවට දරුවා ලැබීමට ආසන්න
කාලසීමාව වන විට භාර්යාවගේ දෙමාපියන් ජීවත්වන නිවසට යෑම සම්ප්‍රදායයක් ද වූයේය.
ඒනිසා ඒ ලබන්නට සිටින දරුවාටත්, ගැබිනි මාතාවටත් නිසි රැකවරණය සැළසීම මූලික
පරමාර්ථය වූයේය.
සිදුහත් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීමත් සමඟ ඇය දුටු ඒ
සිහිනය ගැන සුද්ධෝදන රජතුමාට පැවසුවාය.
අමරාවතී සම්ප්‍රදායේ මූර්ති කැටයමකි |
පසුදින උදෑසනම මහාමායා දේවිය සුද්ධෝදන රජු වෙත ගොස් තමා දුටු ඒ සිහිනය පැවසූ පසුව
වේද, වේදාන්ත පිළිබඳව මහා බමුණු පඬිවරුන් සැටක් කැඳවා ආහාර පානාදියෙන් සංග්‍රහ කොට
ඉක්බිති බිසව දුටු සිහිනය දන්වා ඒ කුමක් නිසා පෙනුණේ දැයි විචාළේය. ඔව්හු ඒ ගැන
සාකච්ඡාකොට කියන්නාහු මහරජාණෙනි! ඔබගේ දේවිය කුස දරුවෙක් පිළිසිඳ ගෙන ඇත. හේ
පුතෙකි. හේ සක්විති රජෙක් වන්නා හෝ ලොව්තුරා බුදුවන්නට හැකි මහා පුණ්‍යවන්තයෙකි යි
පැවසූහ. මව්කුස පිළිසිඳගත් මහ බෝසතාණෝ සුවයෙන් වැඩුණාහ. මහාමායා දේවී කිසිදු රෝගාදී
පීඩාවකින් නොපෙළී කල්යැව්වාය.
පුරාණ දඹදිව පමණක් නොව මෙකල වුවද, පෙරදිග රටවල තම භාර්යාවට දරුවා ලැබීමට ආසන්න
කාලසීමාව වන විට භාර්යාවගේ දෙමාපියන් ජීවත්වන නිවසට යෑම සම්ප්‍රදායයක් ද වූයේය.
ඒනිසා ඒ ලබන්නට සිටින දරුවාටත්, ගැබිනි මාතාවටත් නිසි රැකවරණය සැළසීම මූලික
පරමාර්ථය වූයේය.
මව්කුස පිළිසිඳගත් මහ බෝසතාණෝ ඉතා සුවයෙන් යුතුව වැඩුණාහ. දරු ගැබට දසමස් සපිරෙන්නට
ආසන්න වූ කාලය වන විට මහාමායා දේවිය සිය මව්පියන් වෙත යෑමට කැමැති බව සුද්ධෝදන
රජතුමාට දන්වා සිටියාය. ඉන්පසුව සුද්ධෝදන රජතුමාගෙන් ලද අවසරය, අනුව රාජ පරිවාර
ජනයා සමඟ ගියේ රන් දෝළාවක නැඟී ගෙනය. ඒ සමඟම මහාමායා බිසවගේ නැගනිය වූ ප්‍රජාපති
දේවිය ද ගියාය.
“ඉතාමත් කලාත්මක ආකාරයෙන් මෙම කැටයම් ඵලකය කොටස් හතරකට බෙදා ඇති අතර උඩ කොටසේ දකුණු
පැත්තේ මහාමායා දේවියගේ සිහිනය දැක්වෙයි. වම් ඇලයෙන් සැතපී සිටින දේවිය තුළින්
බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම සංකේතවත් කරන අතර ඉහළින් සතර දිසාවට අධිපති දෙවිවරුන්ගේ
නමස්කාරය පෙන්නුම් කරයි. ඇයගේ දකුණු කකුල උඩට මතුවන ලෙස කැටයම් කර ඇති ආකාරය මායා
දේවියගේ සිහිනය දැක්වෙන වෙනත් කැටයම්වලට බෙහෙවින් සමාන වෙයි. ඊළඟ කොටසින් රාජ සභාව
මූර්තිමත් කරන අතර බ්‍රාහ්මණ පූජකවරයන් සිහිනය තෝරන ආකාරය සියලුදෙනා විතර්ක
මුද්‍රාවෙන් පෙන්නුම් කිරීමෙන් සිතාගත හැකිය.
අවසාන කොටසින් පෙන්වන්නේ සිදුහත් කුමරු මව්කුසින් බිහිවූ වගයි. මෙම කැටයමෙහි එම
අසිරිමත් අවස්ථාව සංකේතවත් කර ඇත්තේ සල්ගසක් සමීපයේ සිටින දේවියට දකුණු පසින් හැඩට
නැමූ වස්ත්‍රයක් දෑතින් ඔසවා සිටින දෙවිවරුන් කීපදෙනෙක් දැක්වීමෙනි.
මෙම සංකේතමය ඉදිරිපත් කිරීම නාගර්ජුන කොණ්ඩ ආදි වෙනත් කැටයම්වල කලාකරුවාද අනුගමනය
කර ඇත. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි –
පි. 33 (2010)
එකම මූර්ති ඵලකයක සිදුවීම් (එකට සම්බන්ධ) මූර්තිමත් කර දැක්වීම පුරාණ භාරතයේ මූර්ති
කලාවලින් නිතරම වාගේ ඉදිරිපත් වූ අවස්ථා මෙකල ඉන්දියාවට අයත් මධ්‍ය ප්‍රදේශ්හි
පිහිටි භාරුත් මූර්ති කැටයම්වලින්ද හෙළි වී ඇති කරුණකි.
මෙහි සඳහන්වන අවස්ථා හතරක් නිරූපණය කෙරෙන මූර්ති ඵලකය අයත්වන්නේ දක්ෂිණ භාරතයේ
ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි ඉතා ප්‍රකට බෞද්ධ සම්ප්‍රදායක් වූ අමරාවතී දාගැබ
ආශ්‍රයේ ඉදිකර තිබුණූ මූර්තිවලටය. ඉතා පැරැණිතම අල්ප උන්නත මූර්ති ඵලකයට ද අයත්
වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි භාරුත් මූර්ති කලා සම්ප්‍රදායටය. එහි ද
එකම සිද්ධිය ආශි‍්‍රත වූ සිදුවීම් කීපයක් එකම මූර්ති ඵලකයක නිර්මාණය කර ඇති අන්දම
අනේපිඬු සිටාණන් විසින් ජේතවනාරාමය පූජා කිරීමේ මූර්ති කැටයමෙන්ද පැහැදිලි වෙයි.
එවැනි මූර්ති කැටයම් රැසක් එකම මූර්ති ඵලක රාමුවක වේවා රවුම් මූර්ති ඵලකයන් දැකිය
හැකිය.
(භාරත – ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 11 -2006)
|