ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන්
එතුමාට සහ රජයට ආශිර්වාදය පළ කරමින් සර්ව රාත්රික පිරිත් දේශනාවක් ඇතුළු පින්කම්
මාලාවක් ඉකුත්දා (08) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ජනාධිපති කාර්යාලයීය කාර්ය
මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම පිරිත් දේශනය ශ්රවණය කිරීම සඳහා ජනාධිපති
මෛත්රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ
මැති ඇමැතිවරුන් ද එක්ව සිටියහ. පසුදා උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය
පින්කමක්ද පැවැත්වුණු අතර ජනාධිපතිතුමා ඒ සඳහා ද සහභාගී විය. |