Print this Article


පූජාච පූජනීයානං

වේවැල්වල අනුරුද්ධ නා හිමි

ඇඹ්ලිපිටිය ගඟේයාය අනුනවය ශ්‍රී ඤණසීහ පරිවේනාධිපති් හා ආනන්දබෝධි විහාරාධිපති වේවැල්වල අනුරුද්ධ නා හිමියන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය 2016 ජනවාරි 09 වැනි දිනට යෙදී තිබුණි.කුරුණෑගල දිස්ත්‍රික්කයේ වේවැල්වල ගම්මානයේ සමරතුංග අප්පුහාමිලාගේ සියාතු බණ්ඩාර හා මූණමල්දෙණිය පෙරුම්මුලි මුදියන්සේලාගේ උක්කුමැණිකේ දම්ුපතීන්ට 1931 ජනවාරි 09 වැනි දිනට පුණ්‍යවන්ත පුත් රුවනක් ලැබිණි. කු/බෝපිටිය විදුහලින් මූලික අධ්‍යාපනය හැදෑරූ පින්වන්ත කුමරා මහණදම් පිරීමට බලවත් කැමැත්තක් දැක්වූ බැවින් දෙමාපියන්ගේද කැමැත්ත ඇතිව 1949 ජනවාරි 06 වැනි දින ගස්පේ ශ්‍රී ශෛලතලාරාමයේ ගාල්ලේ සුගතෝරස නා හිමියන් වෙතින් වේවැල්වල අනුරුද්ධ නම්න් සසුන් ගතවිය.

පැවිදි ජීව්තයට අදාළ මූීුලික අධ්‍යාපන කටයුතු බලගල්ල සරස්වතී මහ පිරිවෙනින් ආරම්භ කළ .උන්වහන්සේට රත්නපුර ශ්‍රී සුමන පිරිවෙනට ඇතුළත් වීමට අවස්ථාව උදා විය.

එහිදී හේනේපිටගෙදර ඤාණසීහ නා හිමියන්ගේ අවවාද අනුශාසනා මත අධ්‍යාපන වැඩ කටයුතු වඩාත් දියුණු කර ගැනීමට හැකි විය.හිස්සැල්ලේ ඤාණෝදය නා හිමියන් වෙතින් 1951 ජූලි මස 21 දින කැලණිි නදී සීමා මාලකයේදී පැවිදි උපසම්පදා භූමියට පත්විය. 1961 කැලණීය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී පාලි භාෂාව පිළිබඳ ගෞරව උපාධිය ලබා ගැනීමට ද සමත් විය. පැල්මඩුල්ල පාතකඩ භික්ෂු පුහුණු ආයතනයේ ආචාර්යවරයෙකු වශයෙන් මුූලින්ම කටයුතු කළ අතර රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනේද කලක් සේවය කළේය. ඇඹ්/තුංකම රජයේ විදුහලින් රජයේ ගුරු සේවයට එක් වූ අතර ඉතා දුෂ්කර ප්‍රදේශ වූ ගඟේ යාය නින්දගම,රංචාමඩම යන විදුහල්වල දූ දරුවන් විශාල පිරිසකට අධ්‍යාපනය ලබාදීමට හැකිවිය.

දුෂ්කර ප්‍රදේශයක් වූ ගඟේයාය අනූනවය ගම් ප්‍රදේශයේ කුඩා ආවාස කුටියක වැඩ වෙසෙමින් නොයෙක් දුක් ගැහැට මැද ප්‍රදේශයේ ආගමික හා සමාජ සේවාවන් ඉටුකරමින් අංග සම්පුර්ණ විහාරස්ථානයක් හා හේන්පිටගෙදර ඤාාණසීහ නා හිමි නමින් පිරිවෙනක් ආරම්භ කිරීමට හැකි විය. ඉන්දියාව හා පකිස්ථානය යන දෙරෙටි අනුග්‍රහයෙන් හිටපු අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙත ලැබූණු දඹදිව ජේතවනාරාමයේ ආනන්ද බෝධියේ අංකුරයක් හේන්පිටගෙදර ඤානසීහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා ලවා තම විහාරස්ථානයේ රෝපණය කරවීය.


රෑකඩහේනේ කුසලඥාන නා හිමි

ගාල්ල මාපලගම පරණතානායම්ගොඩ ගංගාතිලක පුරාණ විහාරාධිපති සියම් මහා නිකායේ සරහඤ්ඤ විශාරද ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක කලා විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද විචිත්‍ර භාණක රෑකඩහේනේ කුසලඥාන නා හිමියන් අපවත් වූහ. ඒ පිළිබඳ ආදාහන පූජෝත්සවය 05 වැනිදා සවස 3.30 ට මාපලගම ශ්‍රී විපුලසාර හිමි අනුස්මරණ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මෙම නාහිමි ගුණ සමරු ලිපිය ඒ නිමිත්තෙනි.

යමෙකුට චතුරාර්ය සත්‍යයත් නව ලෝකෝත්තර ධර්මයත් අවිහිංසාවත් ඉන්ද්‍රිය තැන්පත් බවත් වේද එබඳු බුද්ධිමතා ස්ථවිරයකු යැයි ධම්මපදයේ සඳහන් තථාගත දේශනාව සදාතනික අනුශාසනාවක් බව අපවත් වී වදාළ අපේ රෑඩහේනේ කුසලඥාන නාහිමියන්ගේ පැවිදි ජීවිතයෙන් මනාව පිළිබිඹු වේ.

“සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤක්කෙත්තං අනුත්තරං” යන ගාථා පාඨය කට පුරා කියා අපේ දායක කාරකාදීන්ට වඳින්නට පුළුවන් ආකාරයට ස්වකීය පැවිදි ජීවිතය ගත කළ කුසලඥාන හාමුදුරුවෝ වඩාත් ප්‍රකට වූයේ පිරිත් දේශනාවෙහි අති දක්ෂ දේශකයාණන් වහන්සේ නමක් ලෙසට ය. පිරිත් පිරීම, විහාර අස්න අනුශාසනාවන් හා යුගාසන දේශනාවන්හි උන්වහන්සේ සහජ දස්කම් පෑහ.මේ නිසාම කෝට්ටේ කල්‍යාණි ශ්‍රී ධර්ම සංඝ සභාව විසින් විචිත්‍ර භාණක සරහඤ්ඤ විශාරද ගෞරව නාමයෙන් පුදනු ලැබූහ.

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ සාහිත්‍ය, කලා සම්ප්‍රදාය ගොඩනැගීමට බුදුදහමෙන් ලැබුණු ආභාසය අප්‍රමාණය. ඒ මාහැඟි සාහිත්‍ය කලා සම්ප්‍රදාය අරක්ෂා කර වර්ධනය කරමින් වර්තමානයට දායාද කරන්නට ශ්‍රී ලාංකීය භික්ෂු පරපුර කළ මෙහෙවර ද අපමණය. එහිලා රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනෙහි වැඩ විසූ කලාශූරී මාපලගම විපුලසාර නාහිමියෝ කළ කලා මෙහෙවර සදා අනුස්මරණය වන්නාහ. මාපලගම විපුලසාර නාහිමියන් හා සෙවණට පැමිණි කුසලඥාන හිමියෝ කැටයම් කලාවත්, මූර්ති ශිල්පයත්, චිත්‍ර ශිල්පයත් ප්‍රගුණ කළහ.

තෙලිතුඩින්, මූර්තියෙන් අවිහිංසාව, කරුණාව, දයාව මූර්තිමත් කළ, රෑකඩහේනේ කුසලඥාන හාමුදුරුවෝ කලාශුරී විශාරද පදවිය ද ලැබූහ. කොළඹ කොටුවේ වරාය සෑරදුන්ගේ චිත්‍ර නිර්මාණය අප නාහිමියන් කළ එක් නිහඬ සේවාවකි. ගාලු ගඟබඩපත්තුවේ අතිශය සුන්දර වාඩුවැලිවිටිය උතුර රෑකඩහේන නම් ග්‍රාමයේ දී එච්.කේ.බී.නානායක්කාර සහ වික්‍රම සෙනෙවිරත්න කර්ලිනා යන පින්වත් යුවළට දාව 1926 දී උපන් එච්.කේ. පී. නානායක්කාර කුමරුවා 1941 දී මාපලගම ගංගාතිලක විහාරයේ දී රෑකඩහේන කුසලඥාන නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. අතිශයෙන් දුර්ලභ වූ පැවිදි සම්පත්තියට සපැමිණ පුරා වසර 90 ක් ස්වකීය ආදර්ශමත් ජීවිතය පුරාම අප නාහිමියෝ පරාර්ථ සාධනයෙහි ම නිරත වූහ.

ඉන්දියාව, නේපාලය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ජපානය, තායිවානය, බුරුමය, පිනැංගුව හා චීනය යන රටවල සංචාරය කරමින් පිරිත් දේශනාවන්හි නිරත වූහ. ලෝක ධර්මතාව පසක් කරමින් දැයෙන් සමුගත් රෑකඩහේන කුසලඥාන නාහිමියන්ට පැතූ පරිදීම අජරාමර නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.


කටුවස්ගොඩ සෝමින්ද හිමි

දඩගමුව බදුල්ල ගහලන්ද ග්‍රාමයේ විසූ දඩයක්කාර මුදියන්සේලාගේ ධර්මසේන සහ නුවර පක්ෂ හේවායාලයාගේ සීලවතී දම්පතීන්ට දාව 1973. 01 . 12 දින සුජන්ත ධර්මසේන යන නාමයෙන් පින්වත් කුමරෙකු ජන්ම ලාභය ලැබීය. වේයන්ගොඩ දඩගමුව කණිෂ්ඨ විද්‍යාලයේදී හල්ගම්පොල ධම්මසිරි සහ මාවනැල්ලේ ධම්මාරාම යන ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබමින් මූලික අධ්‍යාපනය ලබා වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රරාම විහාරාධිපති මණ්ඩවල පඤ්ඤාරතන හිමි, දෙබරවැව පේමානන්ද හිමි යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් සහ උපාධ්‍යායත්වයෙන් වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රරාමයේදී 1983. 01. 31 දින කටුවස්ගොඩ සෝමින්ද යන නාමයෙන් සසුන්ගත වූහ. උඩහමුල්ල ශ්‍රී බෝධිරාම පිරිවෙනහි ශාස්ත්‍රීය දැනුම ලබා කොළඹ මරදාන සුගතවංශාරාමාධිපති හොරම්පැල්ලේ විනීත හිමියන්ගේ අනුශාසනා පරිදි 1989 දී යකහටුව ශ්‍රී විෙවිකාරාමයට වැඩම කරන ලදී. එහිදී එවකට එහි වැඩ සිටි විහාරාධිපති පොල්ගහවෙල අරියවංශ හිමිපාණන් හා එක්ව විහාරස්ථානය විහාරඅංගයන්ගෙන් පරිපූර්ණ වූ පින්කෙතක් බවට පත්කරලීමට පියවර ගත්හ. සිරිනිවාස දහමි පාසල ආරම්භ කළහ.එම ස්ථානයේ 2000 වසර වන තෙක් වැඩ විසිමෙන් අනතුරුව නැවත මෙම පින් කෙත උඩුපුස්සැල්ලෑවේ විජිත හිමියන් වෙත භාරකර කොරසේ ශ්‍රී සුධර්මාතින්ද විහාරයට වැඩම කලහ. මූලික බණ දහමි ඉගෙන ශාසනික හා නිකායික ප්‍රතිපත්ති පිළිබඳ මනා අවබෝධයක් ලබාගත් උන්වහන්සේ කළුතර උදකුක්ඛේප සිමා මාලකයේදී1991 ජූලි 18 වන දින උපසම්පදාව ලබාගන්නේ දොඹහැර පේමානන්ද හිමි පොල්ගහවෙල අරියවංශ හිමි යන ස්වාමීන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් හා උපාධ්‍යායත්වයෙනි.2001 දල්හකර්මය මඟින්ද රාජකීය පණ්ඩිත මඩිත්තගම රතනවංශ හිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලබාගත්හ. 2005. 08. 06 දින රතනවංශ හිමියන් අපවත් වූහ. එතැන් පටන් පැවිදි දිවියේ තම වගකීම් යුතුකම් මනාව ඉටුකරමින් තම ගුරු දේවයන් වහන්සේ නවතා ලූ විහාර සංවර්ධන කාර්ය හිසේ දරමින් ඉතිරි සංවර්ධන ක්‍රියාවලිය කරගෙන යාමට පියවර ගත්හ.උන්වහන්සේගේ ජන්ම දිනය ජනවාරි 12 දින වන දිනට යෙදීම නිමිත්තෙන් ජනවාරි 12 වන දින දහවල් මහා සංඝ රත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පවත්වා දිඝාසිරි පැතීය .


උග්ගොඩ ධම්මින්ද හිමි

පිළියන්දල පුරවරයට කිලෝමීටර් කීපයක් එහා කැස්බෑව හන්දියෙන් හැරී දුරට යන විට මාකන්දන ග්‍රාමය, ගමේ ඇතුළට වෙන්න වැලිතොටුව වත්ත වේ. 1986 එවකට කැස්බෑව මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා වැලිතොටුවවත්ත කැබැලි කරල අවට ජනතාවට සින්නක්කරව බෙදලා දෙන්න තීන්දුවක් අරන්, ඒ අනුව ළඳු කැළෑවෙන් රූස්ස රබර්වතු යායකින්, අතරින් පතර වෙල්යායෙන් වටවෙලා තිබුණ භූමිය එදාවේල සවිකරගත් ගම්මානයේ පිරිසට බෙදා දෙන්න කාරුණික වුණා. මෙහි පසුකලක ගම්මානයක් ඉදිවුණොත් ගෙවල් දොරවල් හැදුණොත් ඒ හැමෝටම ආගමික වතාවත්වල යෙදෙන්නට පුංචි පන්සලක් හෝ හදන්න පුංචි ඉඩක් වෙන්කරන්න මන්ත්‍රීවරයාගේ යටි හිත කිව්වා.

ඔය අතරවාරේ එදා අවුරුදු 20 ක් පමණ වියැති පුංචි හාමුදුරුවෝ ආවාසයක් තනාගන්න ඒ පළාතට වැඩම කළා. නමින් උගගොඩ ධම්මින්ද හාමුදුරුවො.

1988 අවුරුද්දෙ පුංචි ආවාසෙට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කළේ උන්වහන්සේගේ උපන්දිනය දවසෙ, පුංචි හාමුරුවෝ “සංකල්ප” විහාරය නම් වූ පුංචිපන්සලේ වාසභූමියට වැඩම කළා.

ගතවුණේ මාස කීපයයි. ගෙවල්දොරවල් ඉදිවුණා. ළඳු කැලෑ එළිපෙහෙළි වුණා.අඩිපාරවල් යන්න එන්න පුළුවන් විදියට ඉදිවුණා. කුප්පිලාම්පු එළිය වෙනුවට විදුලි එළිය ලැබුණා. හාමුදුරුවන්ට මේ හැමදේම සඵල කරගන්නට පිටිපස්සෙන් සෙවණැලි වගේ ඉඳන් ගමේ ගම්වැසියන් මෙන්ම අවට ප්‍රභූවරුන් උදවුපදවු වුණා. උන්වහන්සේ දේශපාලන පක්ෂ, පාට ඇඟේ තවරාගත්තේ නැහැ. පක්ෂ පාට පැත්තකින් තියල ලොකු පුංචි හැමෝම සමීප කරගත්ත.

මාතර උග්ගොඩ ග්‍රාමයේ ඩේවිඩ් මානගේ, ඒ.එම්. සෝමවතී යුවළට දාව 1965 ජනවාරි 09 වැනි දා ජන්ම ලාභය ලබා 1980 ජනවාරි 19 වැනි දා ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වුණා. උග්ගොඩ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුකලෙක මිරිස්ස සුනන්ද පිරිවෙන, වැලිගම අග්‍රබෝධි පිරිවෙන, මාතර මහා මන්තින්ද පිරිවෙන, කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වැඩිදුර අධ්‍යාපනය ලැබූහ.

සංකල්ප විහාරස්ථානයට ඇවැසි බුදුමැදුර, දෙමහල් ධර්මශාලාව හා දාන ශාලාව, චෛත්‍ය රාජයා, අටවිසි බෝධි ප්‍රාකාරය වගේම අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමාව, සීමාමාලකය, ධාතු මන්දිරය සියලු අංගෝපාංගයක්ම සම්පූර්ණ වුණා.

සතර මහාදේවාලය ඉදිකිරීමත් සමඟම දේව භක්තිකයන් නිතර නිතර විහාරයට යන්න එන්න වුණා. සසුනට සමාජයට යෝධ බල යෝධ ශක්තියක් වූ ධම්මින්ද හිමියන් තුළ ජනිත වු පැහැදිලි ඉලක්කය සවිමත් වුණා.

ධම්මින්ද හාමුදුරුවෝ වෙසෙසින්ම තරුණ හදවත් නව ආරකින් විකසිත කරන්නට සමත් වුණා. ඒ හින්දම තාරුණ්‍ය රොත්ත පිටින් උන්වහන්සේගේ ඉදිරිගමන්මගට අතහිත දුන්නා. ආගමික පැත්තෙන් තරමක් එහාට ගිය හාමුදුරුවෝ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය නගාසිටුවන්න පෙරමුණ ගත්ත. වොලිබෝල් ක්‍රිකට් ක්‍රීඩාවන්ට අතහිත දුන්නා. ක්‍රීඩා තරග, අවුරුදු උත්සව පවත්වා තෑගි, සහතිකපත්‍ර , පිරිනැමුව, ප්‍රදේශයේ ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩා කට්ටල මෙන්ම ක්‍රීඩා පිටි ඒ අතර සංකල්ප ක්‍රීඩාංගණය, සුහද ක්‍රීඩාංගණය එහි ප්‍රතිඵලයකි. මේ වගේ වැඩවලට දොස් පරොස් අපවාද ගලාගෙන ආවත් සංකල්ප හාමුදුරුවෝ සැලුණේ නැහැ. හැමදාම අවුුරුද්දේ දවස් තුන්සිය හැටපහේම හොඳ වැඩවලට අතපෙව්ව.

උන්වහන්සේ ප්‍රධානාචාර්ය පදවිය උසුලන සංකල්ප දහම් පාසලේ නැණ නුවණ වඩවන සිසුන් දහසක් පමණ ඉන්නව සංකල්ප යෞවන සමාජය, ක්‍රීඩා සමාජය, අන්‍යෝන්‍යාධාර සමිතිය, ග්‍රාමසංවර්ධන සමිතිය, සණස උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් නෙළාගත්ත අස්වැන්නය.

විහාරස්ථානයට පමණක් කොටු නොවී සැබෑ සමාජ මෙහෙවරක යෙදෙන සංකල්ප හාමුදුරුවන් සාමදාන විනිශ්චයකාර ධුරය, කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලයේ නි. ලේඛකාධිකාරි ධුරය සහ කැස්බෑව විහාරාධිපති සංගමයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත්, සමෘද්ධි අමාත්‍යංශයේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෙක් ලෙසත්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ලෙසත්, කොළඹ දිස්ත්‍රික් මානව හිමිකම් උපදේශක තනතුර මෙන්ම සද්ධර්ම ශාසන කීර්ති නාමයෙන්ද පිදුම් ලැබුව. මල්වතු මහානාහිමිපාණන් වහන්සේ සංකල්ප පින්බිමට වැඩම කරවීම, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපතිතුමන්ලා, අග්‍රාමාත්‍යවරුන් ඇතුළු මැතිඇමැතිවරු හැමෝගේම සැපත්වීම, උන්වහන්සේගේ ක්‍රියාශීලිත්වයත් ලොකු පුංචි හැමෝගෙම සමීපයකු වීමත් පැහැදිලි වේ.