නව වසරක උදාවයි
නව සිතිවිලි උදාරයි
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ඇස, කන, නාසය, දිව කය, වචන සිත යන මෙම සෑම දොරටු තුළින්ම සංවර වීමේ
යහපත් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා. හැම ස්ථානයකදීම සංවර වූ
තැනැත්තා සියලු සසර දුකින් මිදෙන බවත්, සංවර වූ තැනැත්තා සියලු දුක්
කරදර ජයගන්නා බවත්, බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
නව වසරක් උදාවුණා. මේ වගේ නව වසර කීයක් නම්, ඔබ ඉපදුනාට පසුව උදාවෙලා
ඇතිද? සමහර විට එම උදාවුණ වසර ගණන සමහර පිරිසට අමතක ඇති. බුදු දහම
අනුගමනය කරන අයෙකු ලෙස නව වසරක් උදාවන විට නව සිතිවිලි ඇතිකර ගනු
ලබනවා. සිතෙන්, නැතහොත් කනෙන්,නැතහොත් කටෙන් ,නැතහොත් ශරීරයෙන්,
නැතහොත් කයෙන් ආදී වශයෙන් මේ ආකාරයට විවිධ ආයතන විසින් සමාජයට කුසල
සිදුකරනවා වගේම අකුසල සිදුකරනු ලබනවා.ඇතැම් අවස්ථාවල ඔබේ සිත තනිවම
අකුසල ධර්ම කරනු ලබනවා.
සමහර අවස්ථාවල තමන්ගේ සිත කටත් සමඟ මිත්‍රªවෙලා අකුසල ධර්ම පූරණය
කරනවා. සමහර අවස්ථාවල තමන්ගේ සිත කටත්, කයත් සමඟ ම්ත්‍රවෙලා අකුසල ධර්ම
කරනවා. ඇතැම් අවස්ථාවල දී කටටත් දැනුුම් දීිමකින් තොරව ප්‍රකාශ කළහොත්
අනෙක් පිරිසත් දැනගනීවි සිතල සිතයි,කයයි දෙක පමණක් එකතුවෙලා අකුසල ධර්ම
කරනවා. ඔබට තිබෙන්නෙත් ඔය වගේ සිතක්. කුසල පක්ෂය ගනු ලැබුවත් ඔවැනි
තත්වයක් පවතී.
බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයෙහි සැවැත්නුවර ජේතවනාරාමයේ ස්වාමීන්
වහන්සේලා පස්නමක් වැඩ වාසය කළා. ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් වැඩ
සිටියත් මෙම කතාවට සම්බන්ධ වූයේ ස්වාමීන් වහන්සේලා පස් නමක්
පමණයි.චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් සටහන්
කරනවා නම්,ඇස කන, නාසය, දිව කය යන ආයතන වේ. මෙම දොරටු පහෙන් එක් එක්
දොරටුව බැගින් මනාසේ ආරක්ෂා කරනු ලැබුවා. එක් ස්වාමීන් වහන්සේ නමක්
තමන්ගේ ඇස පමණක් මැනවින් ආරක්ෂා කරනු ලැබුවා. ඇස ආරක්ෂා කරනවා යනු,
ඇසෙන් දකින දේ ඇසෙන් ගත යුතු දේ ඇසෙන් නොගත යුතු දේ ඇසට හසුවිය යුතු දේ
ඇසට හසු නොවිය යුතු දේ ආදී වශයෙන් ඇස සමාජයට කරන හානිය සහ තමාගේ ඇසෙන්
සමාජයේ සිදුවන සිදූවීම් දෙස බලන විට තමාට ඇති වන හානිය පිළිබද
සැලකිලිමත් වුණා එක ස්වාමීන් වහන්සේ නමක් ඇස ආරක්ෂා කළා වගේම තව
ස්වාමීන් වහන්සේ නමක් කන පිළිබදව ආරක්ෂා කරනු ලැබුවා. කනෙන් ඇසිය
යුත්තේ මොනවාද? කනෙන් නෑසිය යුත්තේ මොනවාද? මෙම ස්වාමීන් වහන්සේලා ඇස,
කන, නාසය, දිව ශරීරය යන අංගයන් පිළිබඳව තමන් වහන්සේලා වෙන වෙනම
සැලකිලිමත් වුණා. මෙම දොරටු මනාකොට ආරක්ෂා කරගනිමින් එම ස්වාමීන්
වහන්සේලා බණ භාවනා කරනු ලැබුවා. ඇස යනුවෙන් සදහන් කරනු ලැබුවත් ඇස්
දෙකක් පවතී. කන යනුවෙන් සඳහන් කරනු ලැබුවත් කන් දෙකක් පවතී. නාසය තනි
වශයෙන් පැවතියද එය එක හා බැඳුණුු දෙකක් වශයෙන් පවතීයි. එසේ වුවද දිව
දෙකක් නොමැති බව හොඳට මතක තබාගත යුතුයි. මෙම භික්ෂුන් වහන්සේලා පස් නම
මේ ආකාරයට තමන්ගේ ඉන්ද්‍රියයන්වලට අනුගත වෙමින් ඉන්ද්‍රියයන් පහම
ආරක්ෂා කරගැනීම අපහසු නිසා ඉතාම මැනවින් එක ඉන්ද්‍රියයක් පමණක් ආරක්ෂා
කරනු ලැබුවා. එයින් එක ස්වාමීන් වහන්සේ නමක් ඇසට යහපත් රූපයක් මුණ
ගැසුන අවස්ථාවලදී ඒ සඳහා ලෝභයක් උපදවාගනු ලබන්නේ නැහැ. ඒ පිළිබඳව ලෝභය
හෙවත් ඇලීමක් උපදවා ගන්නේ නැහැ. අයහපත් රූපයක් මුණ ගැසුන අවස්ථාවලදී
කෝපයක් හෙවත් ද්වේෂයක් උපදවා ගන්නේ නැතිව ඇස පමණක් හොඳීන් ආරක්ෂා කළා.
ඇසට ප්‍රිය වූ දෙයක් මුණ ගැසුන විට ඒවා පිළිබඳ ඇලීමත්, ඇසට ඇකැමැති
යමක් ලැබුණ විට ඒ රූපය හා ගැටීමත් අප විසින් කරනු ලබයි. ඇලීම ලෝභය
ලෙසත්, ගැටීම ද්වේෂය ලෙසත් හඳුනාගත හැකියි. අනෙක් ස්වාමීන් වහන්සේ කනට
යහපත් මිහිරි හඬක් ඇසුන විට එම හඬ පිළිබඳව ලෝභ සිතිවිලි සිතන්නේ නැහැ.
ඇලීමක් ඇතිකරගනු ලබන්නේ නැහැ. කනට මිහිරි හඬක් ඇසුන විට ඇතැම් අය ඉතාම
කැමැත්තෙන් මතක තබාගැනීමක් කළත්, මේ භික්ෂූන් වහන්සේ එසේ ඇලීමක් ඇතිකර
ගනු ලබන්නේ නැහැ. අයහපත් අමිහිරි හඩක් ඇසුන විට ද්වේෂයත්, කෝපයත් උපදවා
නොගෙන කන මැනවින් ආරක්ෂා කරනු ලබනවා.
අනෙක් භික්ෂූන් වහන්සේ නාසයට මිහිරි සුවඳක් දැනුනට ලෝභ සිතිවිලි් උපදවා
නොගන්නවා සේම, දුඟදක් දැනුන විට කෝපයෙන් ද්වේෂ සහගත සිතිවිලි ඇතිකර
නොගෙන තමන්ගේ ආරක්ෂා කරගත යුතු ඉන්ද්‍රියයන් මැනවින් ආරක්ෂා කරගනු
ලබනවා. අනෙක් භික්ෂූන් වහන්සේ දිවට යහපත් මිහිරි රසයක් දැනුන විට රසයි
රසයි යනුවෙන් සිතමින් ලෝභ සිතිවිලි සහගතව ඇලීම් ඇතිකර නොගනී. දිවට
අයහපත් අමිහිරි රසයක් දැනුන විට ඒ පිළිබඳව ද්වේෂ සිතිවිලි පහළ කරගන්නේ
නැහැ. එක් ස්වාමීන් වහන්සේ නමක් තමන් වහන්සේ ගේ කයට යහපත් පහසක්
ලැබූවිට ලෝභ සිතිවිලි උපදවා නොගනී. කයට අයහපත් පහසක් ඇතිවුණ වෙලාවට
ද්වේෂ සිතිවිලි සහ කෝප සිතිවිලි ඇතිකර නොගනී.
මේ ආකාරයෙන් මෙම ස්වාමීන් වහන්සේලා පස්නම ඉන්ද්‍රියයන් පහ තෝරාගෙන
ආරක්ෂා කරනු ලැබුවා. සමාජයට හානියක් නොවන ආකාරයටත් තමාට හානියක් නොවන
ආකාරයටත් එම ස්වාමීන් වහන්සේලා කටයුතු ඉෂ්ට කරනු ලැබුවා. මෙම ස්වාමීන්
වහන්සේලා පස්නම එකම ස්ථානයකට වැඩම කර තම තමන් වහන්සේලා පිළිබඳව සාකච්ජා
කරමින් සුවදුක් විමසමින් දුක සැප විමසන්න පටන් ගත්තා. තම තමන්ගේ
ජීවිතයේ දියුණුව කුමක්ද? පරිහානිය කුමක්ද? වශයෙන් කතාබහ කරමින්
සතුටුසාමීච් පිළිසදරක යෙදුනා. ඇවැත්නි, මම ආරක්ෂා කළ නොහැකි අසවල් දොර
රකිමි. ඇවැත්නි, මම ආරක්ෂා කළ නොහැකිි අසවල් දොර රකිමි. ආදී වශයෙන්
ස්වාමීන් වහන්සේලා තම තමන් ආරක්ෂා කරන ඉන්ද්‍රියයන් පිළිබඳව සාකච්ජා
කරනු ලැබූවා. එම ප්‍රශ්න කිරීම් අතර විවාදයකුත් ආරම්භ වුණා. මෙම වාද
විවාද අවසානයේ එම භික්ෂූන් වහන්සේලා එකඟතාවයකට අනුව සියලු දෙනා
වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළ ස්වාමීන් වහන්සේලා පස් නම
බුදුරජාණන් වහන්ස, අප චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය යන දොරටු පහෙන් එක්
එක් දොරටුවක් ආරක්ෂා කරනවා. එම දොරටුවලින් රැකගැනීමට අමාරුම දොරටුවක්
තිබෙනවාද? එසේ රැකගැනීමට අපහසු දොරටුව කුමක්ද? බුදුහාමුදුරුවනේ,
යනුවෙන් එම ස්වාමීන් වහන්සේලා පස්නම තමා තුළ ඇතිවුණ වාද විවාද දුරුකර
ගැනීම සඳහාම විමසා සිටිනු ලැබුවා. එම අවස්ථාව තුළ එම භික්ෂුන් වහන්සේ
අමතන බුදුරජාණන් වහන්සේ එම කාරණාව භික්ෂුන් වහන්සේලා පස්නමට පැහැදිළි
කර වදාරනු ලැබූවා. මහණෙනි, එක් දොරටුවක් රැකීම පමණක් නොව, සියලුම දොරටු
රැකගත යුතුය යනුවෙනි. එක දොරටුවක් පමණක් වැදගත් වුවද එක දොරටුවක්
යනුවෙන් ප්‍රකාශ කළාට මෙම දොරටු පහම එක හා බැඳුනු ඉන්ද්‍රියයන් වන නිසා
මෙම දොරටු පහම රැකගැනීම අපහසු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා.
එම ස්වාමීන් වහන්සේලා පස් නමෙන් එක ස්වාමීන් වහන්සේ නමක් හෝ දිනුමට හෝ
පැරදුමට භාජනය නොකර එයම නිමිති කරගෙන ඇස, කන, නාසය, දිව කය, වචන සිත යන
මෙම සෑම දොරටු තුළින්ම සංවර විමේ යහපත් බව බුදුරජාණන් වහන්සේ දේශනා
කරනු ලැබුවා. හැම ස්ථානයකදීම සංවර වූ තැනැත්තා සියලු සසර දුකින් මිදෙන
බවත්, සංවර වූ තැනැත්තා සියලු දුක් කරදර ජයගන්නා බවත්, බුදුරජාණන්
වහන්සේ එම සිදුවීම අරමුණු කොට එම ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම සතුටු
වන ආකාරයෙන් මෙම ධර්මය පැහැදිළි කළා.
හේමමාලා රන්දුනු |